ඩොක්ටර් ගංගා සිරිමාන්න කියන විදියට නම් ඕක ලේ වල ඇතිවන ප්‍රශ්නයක් නිසා සිදුවන දෙයක්. ඉබේම හැදිලා ඉබේම හොඳ වෙනවා. සෙල්ෆ් ඉමියුනිටි.
එයා ඒකට ලේ වලින් කරන ටෙස්ට් එකක් කරගෙන එන්න කියනවා. ඒකේ ලොකු ප්‍රශ්නයක් නැත්නම් ඔයාට කියන්නේ උඩින් දාලා තියෙන කතාවමයි.නමුත් ඔයා කිවොත් බලන් ඉඳලා බෑ බෙහෙතක් ඕනෙමයි කියල ක්‍රීම් එකක් දෙනවා ගාන්න , ටිකක් ගනන්. ඒ බෙහෙත සාමාන්යෙන් දෙන්නේ අර ලේ රිපොර්ට් බලලා.
මගේ යලුවෙකුට වෙච්ච අත් දැකීමක් තමයි ඔය කිව්වේ. නමුත් එයාටත් බෙහෙත් වලින් හරිගියේ නෑ. ඊට පස්සේ අයිත් ගියාම ඊට වඩා ගනන් ක්‍රීම් එකක් දුන්නා. එයා ඒක ගත්තේ නෑ . නිකන් සල්ලි යනවා විතරයි කියලා. ඩොක්ටර් හොඳයි. කිසිම හදිස්සියක් නෑ.හොඳට විස්තර කරනවා.
පස්සේ මගේ යාලුවා රතු ලූනු කොටලා ඉස්ම ගාපු කතාවක් කිව්වා. පොරට හරි ගිහින් තිබ්බා. ටික කාලෙකට පස්සේ තවත් තැනක යන්තම් අයිත් ඇවිත් තිබ්බා, නමුතේකත් ඉබේම හරි ගියා. එයාගේ නම් ප්රශ්නය ආවේ කොන්ඩේ නෙමෙයි, රැවුලේ.
මේකට ප්‍රධානම වෙනව කියන්නේ ලේවල ප්‍රශ්නයක්. දවසට අවශ්‍ය පිරිසිදු වතුර ප්‍රමාණය බොන්න. අරක්කු ඇතුලු මත් පැන් නවත්තන්න. වැඩිපුර කේන්ති ගන්නවා නම් ලේ අපිරිසිදු වීම වැඩියි. ඒක නිසා ඒක ගැනත් සැලකිළිමත් වෙන්න.