මනස තියෙන්නෙ කොහෙද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මනස තියෙන්නෙ කොහෙද ?

    විද්‍යඥයො නම් කියන්නෙ මනස හට ගන්නෙ මොළය ආශ්‍රිතව කියල.
    බුද්ධාගමේ කියන්නෙ මීට වෙනස් කතාවක්. මනස මුළු (මුලු නෙමේ) ඇඟ පුරාම තියෙනව කියල.
    චක්කු විඥානය කියයි, කනේ විඥානය කියයි, දිවේ විඥානය කියයි, ඇඟ පුරාම ඇති සමේ විඥානය කියයි.. සමාවෙන්ඩ මට, බුද්ධාගමේ මේවට පාවිච්චි කරන පාලි වචන ටික මතක නෑ.. දන්න කෙනෙක් බලන්ඩ දාන්ඩකො
    දැං මේ මත දෙකින් කවුද හරි ?
    අපි පොඩ්ඩක් මෙහෙම හිතමු. අංශභාග රෝගියෙකුට හරි, හිදිසි අනතුරකින් ශුෂුම්නාවට හානි වෙච්ච කෙනෙක්ට හරි, අපි දන්නව ඇඟෙන් කොටසක් පණ නැතුව යනව. කොන්දෙන් පහළ වගේ වෙන්ඩ පුලුවං.. ඉතිං මේ වගේ කෙනෙක්ගෙ කකුලට, අපි කටුවක් ඇන්නොත් එයාට ඒක තේරෙන්නෙ නෑනෙ.. මොකද, කකුලේ සංවේදන දැනෙන්නෙ, කකුලේ ඉඳං මොලයට එන ස්නායු නිසා. දැං මේ ස්නායුව කොන්ද ගාවින් වෙන්වෙලා තියෙන්නෙ. ඒ හින්ද මෙයාට කකුලට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..
    බුද්ධාගමේ කියන හැටියටනං මේ වගේ කෙනෙක්ට වුණත් කකුලට සංවේදීතාවයන් දැනෙන්ඩ ඕන. මොකද විඥානය හට ගන්නෙ කකුලෙ..
    මට මේක ටිකක් පරස්පරයි.. අපි මේගැන ටිකක් කතා කරමු
    Elakiri Talk ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    manasa connecte wela thiyenne nuulakin manasa kiyanne sarungalayak wage ekak connection bidunama maruna wage thama

    :) දැං කොල්ලට කොහොමද ?
    ඔය අනං මනං කල්පනා කරන්නෙ නැතුව හිටපං
    කාලයත් එක්ක හැම දෙයක්ම හරි යනව
    ඔය බලු වටින කෙල්ලො ගැන හිතන්ඩ එපා
    ඊට වඩා පවුලෙ අම්ම තාත්ත සහෝදර සහෝදරියො රත්තරං වටිනව
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මනස එක තැනක නෑ බන්, හිතෙන හිතෙන තැනට යනවා... :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මෙතන කියන්නේ සිත ගැන. මනසයි හිතයි දෙකක්.
    හරිම උත්තරේ තමා බුද්ධාගමෙන් දෙනෙන් :yes:. හැබැයි ඔයා හරියට අභිධර්මය කියවල නෑ. :confused:
    බුද්ධාගමේ කොහෙවත් කියන්නේ නෑ හිතට හැමවෙලාවෙම ඇගේ හැම තැනම තියෙනවා කියල.:no:
    බුද්ධාගමේ කියල තියෙන්නේ හිත උපදින්ද පුළුවන් ප්‍රසාද රුප අපේ ඇගේ හැම තැනම තියෙනවා කියල.:yes: මෙතැනදී උපදිනවා කියල කියන්නේ අපේ හිත හැම වෙලාවේම නැති වෙනවා. අය උපදිනවා.

    වස්තු ප්‍රසාදය
    චක්කු ප්‍රසාදය
    සොත ප්‍රසාදය
    ඝාන ප්‍රසාදය
    ජිව්හා ප්‍රසාදය
    කාය ප්‍රසාදය
    ඔය ටිකෙන් එක්ක තමා හිත උපදින්නේ
    වැඩි හරියක් සිත ඉපදෙන්නේ වස්තු ප්‍රසාදය (heart එක) තුල. වැඩිහරියක් ඉපදෙන්නේ වස්තු ප්‍රසාදය තුල භවාංග සිත්. භවාංග සිත් = නිදාගෙන ඉන්නවා වගේ
    මෙහෙම භවාංග සිත් ඉපදී ඉපදී නැති වේවි තිබිල ප්‍රසාදයක අරමුණක් ගැටිච්ච ගමන් භවාංග සිත් පරම්පරාව කැඩිලා අදාල ප්‍රසාදයේ සිත උපදිනවා. එතනින් අරමුණ අරන් අය වස්තු ප්‍රසාදයට එනවා.

    ඔයාට උවමනාවක් තියෙනවනම් මෙන්න මේ video ටික බලන්ඩ. මේවා සියුම්ව විස්තර කරලා තියෙනවා.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මෙහමයි මම දන්න විදියට ඇස කන නාසය දිව ශරිරය මේ හැමතැනම විඥානය හට ගන්නවා නමුත් මේවාට අරමුණු වෙන්නෙ ඒක ඒක ඒවා ඇසට වර්ණ කනට ශබ්ද දිවට රස ශරිරයට ස්පර්ශ නමුත් මේක ගෙය මේක ඇඔුල් රසයි මේක කසුන් කල්හාරගේ කට හඩ මේක පට්ට සිනිදුයි මේ කියන ඒවා හදුනා ගන්නෙ මනෝ විඥානයෙන් අර පහ මෙයාට ෆිඩ් කරනවා ඩේටා සිත පොසෙස් කරනවා මේක මෙහමයි මෙහමයි කියලා මේ මනෝ විඥානය හදවත ඇසුරැ කරගෙන ලේ ධාතුවක් තියෙන්නෙ

    ඔබ කියන දේ අනුව ඔහුගේ කකුලේ විඥාන පිහිට වෙන්න අවශ්‍ය ජිවිත ඉන්ද්‍රිය(කකුල පණ නැහැ) එතන නැහැ ඒ නිසා විඥානය පිහිටන්නෙ නැහැ

    ඒ වගේම අපේ මිය ගියාම හදවතේ ලේ ගමනා ගමන නතර වෙලා ක්‍රියාකාරිත්වය හැන හිටිනවා එතකොට මේ මනෝ විඥාන පවත්වාගෙන යන්න පරිසරයක් නැහැ එතකොට එතතින් ඉවත් වෙනවා ඒකට කියනවා මැරැණා කියලා:)

    මම හරිද දන්නෙ වැරදි නම් නිවැරදි කරන්න රේප් කපන්න එපෝ:P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දුරං ගමන්-එක චරං
    අසරීරං-ගුහාසයන්
    යෙචිත්තන් සංයමෙස්සන්
    තිමොක්කන්ති මාර බන්දනා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔබ කියන දේ අනුව ඔහුගේ කකුලේ විඥාන පිහිට වෙන්න අවශ්‍ය ජිවිත ඉන්ද්‍රිය(කකුල පණ නැහැ) එතන නැහැ ඒ නිසා විඥානය පිහිටන්නෙ නැහැ

    මම හරිද දන්නෙ වැරදි නම් නිවැරදි කරන්න රේප් කපන්න එපෝ:P

    එහෙම රෙප් කපන පිස්සො නෙමේ බං අපි :)
    මේකනෙ කකුලට පණ නෑ කියන්ඩ බෑනෙ. පණ තියෙනව. මොකද ලේ ගමං කරන නහර වල අවුලක් නෑනෙ.. ස්නායු විතරයි වෙන් වෙලා තියෙන්නෙ.. අනිත් හැම කරුණකින්ම කකුල හොඳ සජීවීයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දුරං ගමන්-එක චරං
    අසරීරං-ගුහාසයන්
    යෙචිත්තන් සංයමෙස්සන්
    තිමොක්කන්ති මාර බන්දනා

    :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මොකක්ද බන් මේ උදේ පාන්දර අහපු ප්‍රශ්නේ :shocked:
    නිකක් කැරකිලා ගියා වගේ පාන්දරම :angry:
    හැබැයි හිතන්න සැහෙන දෙයක් තියනවා උබ කියන දේත් :yes:
    අපි බෞධයෝ උනාට මොනාද දන්නේ කියලා හිතෙනවා බන් මේ වගේ ඒවාට උත්තර හොයන්න ගියාම :(
    දාන්න කෙනෙක් පැහැදිලි කලොත් ගොඩක් වටිනවා :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මෙතන කියන්නේ සිත ගැන. මනසයි හිතයි දෙකක්.
    හරිම උත්තරේ තමා බුද්ධාගමෙන් දෙනෙන් :yes:. හැබැයි ඔයා හරියට අභිධර්මය කියවල නෑ. :confused:
    බුද්ධාගමේ කොහෙවත් කියන්නේ නෑ හිතට හැමවෙලාවෙම ඇගේ හැම තැනම තියෙනවා කියල.:no:
    බුද්ධාගමේ කියල තියෙන්නේ හිත උපදින්ද පුළුවන් ප්‍රසාද රුප අපේ ඇගේ හැම තැනම තියෙනවා කියල.:yes: මෙතැනදී උපදිනවා කියල කියන්නේ අපේ හිත හැම වෙලාවේම නැති වෙනවා. අය උපදිනවා.

    වස්තු ප්‍රසාදය
    චක්කු ප්‍රසාදය
    සොත ප්‍රසාදය
    ඝාන ප්‍රසාදය
    ජිව්හා ප්‍රසාදය
    කාය ප්‍රසාදය
    ඔය ටිකෙන් එක්ක තමා හිත උපදින්නේ
    වැඩි හරියක් සිත ඉපදෙන්නේ වස්තු ප්‍රසාදය (heart එක) තුල. වැඩිහරියක් ඉපදෙන්නේ වස්තු ප්‍රසාදය තුල භවාංග සිත්. භවාංග සිත් = නිදාගෙන ඉන්නවා වගේ
    මෙහෙම භවාංග සිත් ඉපදී ඉපදී නැති වේවි තිබිල ප්‍රසාදයක අරමුණක් ගැටිච්ච ගමන් භවාංග සිත් පරම්පරාව කැඩිලා අදාල ප්‍රසාදයේ සිත උපදිනවා. එතනින් අරමුණ අරන් අය වස්තු ප්‍රසාදයට එනවා.

    ඔයාට උවමනාවක් තියෙනවනම් මෙන්න මේ video ටික බලන්ඩ. මේවා සියුම්ව විස්තර කරලා තියෙනවා.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    එහෙම රෙප් කපන පිස්සො නෙමේ බං අපි :)
    මේකනෙ කකුලට පණ නෑ කියන්ඩ බෑනෙ. පණ තියෙනව. මොකද ලේ ගමං කරන නහර වල අවුලක් නෑනෙ.. ස්නායු විතරයි වෙන් වෙලා තියෙන්නෙ.. අනිත් හැම කරුණකින්ම කකුල හොඳ සජීවීයි.

    අන්න එකනේ සහෝ කකුල සම්පුර්ණ ප්‍රකෘති තත්වයෙන් නැහැ පහනක් දැල්වෙන්න තෙල් තිරයක් ගින්දර තුනම ඕනේ එකක් හෝ අඩු නම් පහනක් දැල්වෙන්නෙ නැහැ නේද?

    රේප් සින් විහිළුට කිව්වේ:P
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    දුරං ගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සන්ති
    මොක්ඛන්ති මාරබන්ධනා

    දුර අරමුණු කරා නිතර ගමන් කරන, නිතර තනිවම හැසිරෙන ශරීර ගුහාවෙහි නිදන සිත යම් කෙනෙක් තැන්පත් කර ගනීද? ඔහු මාර බන්ධනයෙන් හෙවත් සංසාර බැම්මෙන් මිදෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මම මෙතන කියන්නේ සිත ගැන. මනසයි හිතයි දෙකක්.
    හරිම උත්තරේ තමා බුද්ධාගමෙන් දෙනෙන් :yes:. හැබැයි ඔයා හරියට අභිධර්මය කියවල නෑ. :confused:
    බුද්ධාගමේ කොහෙවත් කියන්නේ නෑ හිතට හැමවෙලාවෙම ඇගේ හැම තැනම තියෙනවා කියල.:no:
    බුද්ධාගමේ කියල තියෙන්නේ හිත උපදින්ද පුළුවන් ප්‍රසාද රුප අපේ ඇගේ හැම තැනම තියෙනවා කියල.:yes: මෙතැනදී උපදිනවා කියල කියන්නේ අපේ හිත හැම වෙලාවේම නැති වෙනවා. අය උපදිනවා.

    වස්තු ප්‍රසාදය
    චක්කු ප්‍රසාදය
    සොත ප්‍රසාදය
    ඝාන ප්‍රසාදය
    ජිව්හා ප්‍රසාදය
    කාය ප්‍රසාදය
    ඔය ටිකෙන් එක්ක තමා හිත උපදින්නේ
    වැඩි හරියක් සිත ඉපදෙන්නේ වස්තු ප්‍රසාදය (heart එක) තුල. වැඩිහරියක් ඉපදෙන්නේ වස්තු ප්‍රසාදය තුල භවාංග සිත්. භවාංග සිත් = නිදාගෙන ඉන්නවා වගේ
    මෙහෙම භවාංග සිත් ඉපදී ඉපදී නැති වේවි තිබිල ප්‍රසාදයක අරමුණක් ගැටිච්ච ගමන් භවාංග සිත් පරම්පරාව කැඩිලා අදාල ප්‍රසාදයේ සිත උපදිනවා. එතනින් අරමුණ අරන් අය වස්තු ප්‍රසාදයට එනවා.

    ඔයාට උවමනාවක් තියෙනවනම් මෙන්න මේ video ටික බලන්ඩ. මේවා සියුම්ව විස්තර කරලා තියෙනවා.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA

    හ්ම් මාත් ඔය වීඩියෝ ටික දිගටම බලාගෙන යන ගමං..
    ඇහැට රූපයක් අරමුණු කරගත්ත ගමං, විඥානය අහැ තුළ පහල වෙනව. මේක චිතක්ෂණ එකකින් ඉවර වෙනව. ඊට පස්සෙ විඥානය තව තැනක පහල වෙන්ඩත් පුලුවං
    කාය ප්‍රසාදය කියන්නෙ අපේ මුළු ශරීරය පුරා ඇති සමේ ඇතිවන විඥානය
    සෝත ප්‍රසාදය කියන්නෙ කණේ අදාල තැන ඇතිවන විඥානය
    ඝාන ප්‍රසාදය කියන්නෙ නහයෙන් ගන්න සංවේදන වලින් උපදින විඥානය
    ජිව්හා ප්‍රසාදය කියන්නෙ දිවෙන් ගන්න සංවේදන වලින් දිවේ උපදින විඥානය

    වස්තු ප්‍රදාය කියන්නෙ අපේ මනනේද්‍රියට. ඒ කියන්නෙ අපිට සිතිං නිකං කල්පනා කරන්ඩ පුලුවං. රූප මවාගන්ඩ පුලුවං

    ඇත්තටම ප්‍රසාදය කියන්නෙ විඥානයම නෙමේ.. ඒත් විඥානය ඔය ප්‍රසාද ටික ඇසුරු කරගෙන තමා උපදින්නෙ
    ඇහේ හට ගත්ත විඥානය මොහොතකිං එතනින් නැති වෙලා, කන තුළ (තුල නෙමේ) විඥානයක් ඊළඟට හට ගන්ඩ පුලුවං. ඔය විදියට තැනින් තැන චිත්තක්ෂණෙන් චිත්තක්ෂණේ ඇති වෙවී නැති වෙවී, විවිධ විඥාන හට ගන්නව කියල තමා බුද්ධාගමේ කියන්නෙ
     
    Last edited: