මම හිගන්නෙක්මි Please Read!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩගත්ම දේ තමා තමුන් තමුන්ටම නින්දා කර නොගැනීම සහ රටේ ලෝකේ එවුන් මොක කිව්වත් තමුන්ට නින්දා කලත් නිහඩව තමුන්ගේ ගමන ධනාත්මකව යන එක. ඔය රස්සාව ගැන ලැජ්ජ වෙන්න එපා. අනික් මිනිස්සුන්ට ගිණිගෙඩි දීලා, රවට්ටලා ඇඳුම්, යන්ත්‍ර, වාහන වගේ විකුණලා ජල්තර වැඩ වලින් සල්ලි හම්බු කරන මිනිස්සු ඉන්න මේ රටේ අවංකව හොයන 15 ක් වටිනවා බං. අරම හම්බු කරන මිනිස්සුන්ට ඒවා යාදින්නේ නෑ සහ කොහොම හරි එව්වා ඩබල් ත්‍රිපල් වෙලා ලොස් වෙද්දි ලොස් වෙන්නේ.

    දැන් වයස 25 නම් සහ පඩිය 15 ක් නම් දැන්ම කසාදයක් ගැන හිතන්න එපා. කසාදේ ටාර්ගට් එක වයස 32 -35 අතර හදා ගනින්. 32 ගත්තොත් තව අවුරුදු 7 ක් තියෙනවා. ඔය ලොන්ඩරි ජොබ් එක කරන අතර තුරේ හෙමීට ඕලෙවල් ගණිතය ආයේ ඉල්ලලා ලියපන්. එහෙමම කීය කීය හරි ඉතිරි කර ගනින්. පෙරේත කමට කන්නේ නැතිව බඩ ගින්න නිවෙනකන් විතරක් කාලා, අනික් මිනිස්සු යමක් පාවිච්චි කරන පලියට උඹත් ගන්න හදන්නේ නැතිව තමුන්ට තියෙන දෙයින් සෑහීමකට පත් වෙලා හැම සතේම ඉතිරි කරපන්. තනියම නම් ඉන්නේ කඩෙන් නම් කන්නේ ගෙදර බතක් හදා ගනින්. පරිපුවක්, සම්බෝලයක් වගේ පොඩි දෙයක් හරි හදා ගනින්. හැම සතේම ඉතිරි කරපන්. ඒ ඉතිරි කරලා යම් කිසි මුදලක් ලැබුනම උඹට යම් කිසි ඩිප්ලෝමා එකක් හෝ වෙනත් අධ්‍යයාපන සුදුසු කමක් හදා ගන්න රස්සාව කරන ගමන්ම යන්න පුලුවන්.
    එහෙමත් නැතිනම් O/L කරන්නේනැතිව අරම ඉතිරි කරලා මොකක් හරි තමුන්ගේම ව්‍යයාපාරයක් පටන් ගනින්. උඹට හොඳම දේ උඹ උඹේම ලොන්ඩ්‍රි එකක් පටන් ගන්න එක. ඔතන වැඩ කරන ගමන් හොඳට පළපුරුද්ද ගනින්, ලොන්ඩ්‍රියා බේසික් සැලැස්මකට අවශ්‍යය කළමනා, බඩු ටික බලලා ගණන් හදලා ඒ ටාගට් එක හදා ගනින්. පස්සේ වෙලාව ආවම යම් ගාණක් ඉතිරි කරගත්තම තමුන්ගේම වැඩේට බැහැපන් කඩ කාමරයක් කුලියට අරගෙන හොඳ තැනක් බලලා.

    වැදගත්ම දේ ගොඩක් මිනිස්සු ජීවිතේ එක පාරින් පෝසත් වෙන්නේ නෑ බං. නමුත් ගොඩක් මිනිස්සු එහෙම යන ගමනේ මැදක් යද්දි අත ඇරලා දාලා අනික් මිනිස්සුන්ට බැන බැන, කුහක කම් කර කර, ඉරිසියා කර කර පුපුර පුපුර ඉන්නවා. කට්ට කාගෙන යන උන් අන්තිමට දිනනවා.

    උඹට සුභ අනාගතයක්....
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    hoda hotel ekaka helper kenek widihata giyanam awurudu keepayak thula yam thanakata enna puluwan..
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    උඹ දැනගනින් උඹ ඔය කරන ජොබ් එක නිසා තමයි ගොඩක් මිනිස්සු පිරිසිදුවට ඉන්නෙ කියල. ඒ නිසා උඹ කරන්නේ උතුම් රැකියාවක් කියල හිතපන්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹගේ වයස කීයද?
    මට හිතෙන හැටියට උඹට එච්චර වයසක් නැතුව ඇති.
    ඔක්කොටම ඉස්සෙල්ල උඹගේ ඔය ආකල්ප වෙනස් කරගනින්,
    ඔය ආකල්ප වලින් වෙන්නේ උඹ තවත් පහලටම වැටෙන එක විතරයි.

    උඹගේ අධ්‍යාපන සුදුසුකම් එහෙම කොහොමද?
    තව ඉගෙනගන්න ට්‍රයි කරපන්,
    උඹට පුළුවන්, උඹ කැමති ක්ෂේස්ත්‍රයක් ගැන හොඳට කල්පනා කරලා බලපන්,
    ඒ ක්ෂේස්ත්‍රයේ ඉහලට යන්න පුළුවන් පුංචිම තැනින් පටන් අරගනින්.

    රෙදි හෝදන එක ලංකාවෙනම් පිළිගන්නේ පහත් මට්ටමේ රැකියාවක් විදිහට, මේකෙත් ඉන්නවා අනුන්ගේ රෙදි හෝදන උන් ඕන තරම්, හැබැයි උන්ට උඹට වගේ 15,000ක පඩියක්වත් හම්බ වෙන්නේ නැහැ. උන් දවස තිස්සෙම මේකේ ලැගගෙන හෝදන්නේ රනිල්ලාගේ, මහින්දලගේ රෙදි.... අන්න එවුන් වගේ දේශපාලකයෝ පස්සේ ගිහින් උන්ගේ පස්සවල් ලෙවකනවට වඩා පඩියට රෙදි හෝදන එක නම්බුයි.

    එත් උඹට හිතෙනවා නම් උඹ කරන්නේ පහත මට්ටමේ රස්සාවක් කියල, ඒක උඹට බලපාන්නේ උඹ ජීවිත කාලෙම ඔය රස්සාව කලොත් තමා, උඹට පවුල් බරක් එහෙම නැත්නම් ඔය පඩියෙන් කොටසක් ඉතිරි කරපන්, ඊට පස්සේ ඒ ඉතුරු කරගත්ත සල්ලි වලින් මොකක් උඹට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගනින්. youth එකේ ATI එකේ එහෙම තියෙනවා එක එක කෝස් පොඩ්ඩක් හොයල බලපන්.

    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
    (මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
    හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
    රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
    ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ? :nerd:
    මට ජීවිතේම එපාවෙලා.
    මොකද්ද මේ කරුමෙ ? :(
    වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !

    ජොබ් එකක් කියන්නේ ජොබ් එකක්, පාර අතු ගාවත් එකයි කොම්පැනි එකක ලොකු තනතුරක් දරුවත් එකයි. පොඩි රස්සා කරන අයව පහත කරලා සලකන එක ඉතින් සිංහල අපේ ලොකු පුරුද්දක්නේ :sorry: ඔය විදියට හිතන හින්ද තමා මේ තත්වෙටම අපේ අය්යල කෙල්වගෙන ඉන්නේ. කුඩු විකුණලා සැපට ඉන උන්ට වඩා තෝ ඔය අමාරුවෙන් හොයන 15k මිලියන ගානක් වටිනවා. අඩන්නේ නැතුව කොහොම හරි දියුණු වෙයන්.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    එහෙම හිතන්න එපා. උඹ හොරකම් කරලා බොරු කරලා සල්ලි හොයනවනම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. උඹ ඔහොම මහන්සි වෙලා වැඩ කරන එක ගැන ආඩම්බර වෙයන්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
    (මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
    හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
    රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
    ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ? :nerd:
    මට ජීවිතේම එපාවෙලා.
    මොකද්ද මේ කරුමෙ ? :(
    වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !

    වඩා වැදගත් දේ...
    උඹ හම්බ කරනේ උඹේ මහන්සියෙන්
    උඹ කරන්නෙ නීති විරොධී කර්මන්තයක් නෙමි
    උඹ කරන රස්සාවෙන් කාටවත් පාඩුවක්/හානියක්/දුකක් නෑ..
    උඹ තනියම උඹෙම ආදායමක් හොයාගන්නවා ගෙදරින් පිනට නොකා..

    අපි කරන ලොකුම වැරැද්දක් තම්යි අනිත් අයත් එක්ක අපේ ජීවිත සංසන්දනය කරන්න හදන එක... අපේ රක්ෂාව, ගෙවල් දොරවල්, යාන වාහන, යාලුවො, නෑදෑයෝ.. අපේ සහෝදර සහොදරියෝ... සමහර වෙලාවට අපේම මවුපියෝ... එහෙම සංසන්දනයේ දී එක්කො අපිට අපි ගැන හීනමානය එක්ක ලැජ්ජාව, එහෙම නැත්නම් අධිමානය එක්ක ආඩම්බරකම ඇතිවෙනවා.... අන්තිමේ ඔය දෙකෙන් මොකක් උනත් එක තමයි අපේ විනාශයට මුල වෙන්නෙ...
    ඒ නිසා මුලින්ම අනිත් අයත් එක්ක තමුන්ව සංසන්දනය කරන එක නවත්තපං... උඹ වැඩ කරන ප්රමාණයට ගෙවනවා මදි නම් වෙන රස්සාවක් හොයාගනින්

    වඩා වැදගත් දේ...
    උඹ හම්බ කරනේ උඹේ මහන්සියෙන්
    - සමහර උන් ඉන්නව රජයේ ආයතනවල නිකන් ඉදන් පුටු රත්කරන් අපේ බදු සල්ලි වලින් පිනට ජීවත් වෙන උන්... උඹ උන්වගේ නිකමුන්ට වඩා 1000 වාරයක් උසස්..
    උඹ කරන්නෙ නීති විරොධී කර්මන්තයක් නෙමි
    -උඹ කුඩු විකුනලා, හොරකන් කරලා, මිනී මරලා නෙමිනේ සල්ලි හොයන්නෙ.. එහෙනම් බය නැතුව හිටපං.. වැරදෙන්නෙ නෑ..
    උඹ කරන රස්සාවෙන් කාටවත් පාඩුවක්/හානියක්/දුකක් නෑ..
    -උඹ කාටවත් බොරු කියලා, රවට්ටලා අනුන්ගෙ සල්ලි වංචා කරන්නේ නැනේ
    උඹ තනියම උඹෙම ආදායමක් හොයාගන්නවා ගෙදරින් පිනට නොකා..
    -සමහර පුත්න්ඩියො ඉන්නවා වයස 32ත් පැනලා... තවම ගෙදරින් කන්න බොන්න දෙන්නෙ.. එකෙක් ඉන්නව මම දන්න ..ඌ අවලමෙ ගිහින් අවලං ගෑනියෙක් එක්ක ළමයෙක් හදා ගත්තා... වයස 33ක් අර ගෑනිටයි ළමයටයි, ඌටයි කන්න දෙන්නෙ උගේ තාත්තා... ඒ අතින් උඹ...?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    වැඩගත්ම දේ තමා තමුන් තමුන්ටම නින්දා කර නොගැනීම සහ රටේ ලෝකේ එවුන් මොක කිව්වත් තමුන්ට නින්දා කලත් නිහඩව තමුන්ගේ ගමන ධනාත්මකව යන එක. ඔය රස්සාව ගැන ලැජ්ජ වෙන්න එපා. අනික් මිනිස්සුන්ට ගිණිගෙඩි දීලා, රවට්ටලා ඇඳුම්, යන්ත්‍ර, වාහන වගේ විකුණලා ජල්තර වැඩ වලින් සල්ලි හම්බු කරන මිනිස්සු ඉන්න මේ රටේ අවංකව හොයන 15 ක් වටිනවා බං. අරම හම්බු කරන මිනිස්සුන්ට ඒවා යාදින්නේ නෑ සහ කොහොම හරි එව්වා ඩබල් ත්‍රිපල් වෙලා ලොස් වෙද්දි ලොස් වෙන්නේ.

    දැන් වයස 25 නම් සහ පඩිය 15 ක් නම් දැන්ම කසාදයක් ගැන හිතන්න එපා. කසාදේ ටාර්ගට් එක වයස 32 -35 අතර හදා ගනින්. 32 ගත්තොත් තව අවුරුදු 7 ක් තියෙනවා. ඔය ලොන්ඩරි ජොබ් එක කරන අතර තුරේ හෙමීට ඕලෙවල් ගණිතය ආයේ ඉල්ලලා ලියපන්. එහෙමම කීය කීය හරි ඉතිරි කර ගනින්. පෙරේත කමට කන්නේ නැතිව බඩ ගින්න නිවෙනකන් විතරක් කාලා, අනික් මිනිස්සු යමක් පාවිච්චි කරන පලියට උඹත් ගන්න හදන්නේ නැතිව තමුන්ට තියෙන දෙයින් සෑහීමකට පත් වෙලා හැම සතේම ඉතිරි කරපන්. තනියම නම් ඉන්නේ කඩෙන් නම් කන්නේ ගෙදර බතක් හදා ගනින්. පරිපුවක්, සම්බෝලයක් වගේ පොඩි දෙයක් හරි හදා ගනින්. හැම සතේම ඉතිරි කරපන්. ඒ ඉතිරි කරලා යම් කිසි මුදලක් ලැබුනම උඹට යම් කිසි ඩිප්ලෝමා එකක් හෝ වෙනත් අධ්‍යයාපන සුදුසු කමක් හදා ගන්න රස්සාව කරන ගමන්ම යන්න පුලුවන්.
    එහෙමත් නැතිනම් O/L කරන්නේනැතිව අරම ඉතිරි කරලා මොකක් හරි තමුන්ගේම ව්‍යයාපාරයක් පටන් ගනින්. උඹට හොඳම දේ උඹ උඹේම ලොන්ඩ්‍රි එකක් පටන් ගන්න එක. ඔතන වැඩ කරන ගමන් හොඳට පළපුරුද්ද ගනින්, ලොන්ඩ්‍රියා බේසික් සැලැස්මකට අවශ්‍යය කළමනා, බඩු ටික බලලා ගණන් හදලා ඒ ටාගට් එක හදා ගනින්. පස්සේ වෙලාව ආවම යම් ගාණක් ඉතිරි කරගත්තම තමුන්ගේම වැඩේට බැහැපන් කඩ කාමරයක් කුලියට අරගෙන හොඳ තැනක් බලලා.

    වැදගත්ම දේ ගොඩක් මිනිස්සු ජීවිතේ එක පාරින් පෝසත් වෙන්නේ නෑ බං. නමුත් ගොඩක් මිනිස්සු එහෙම යන ගමනේ මැදක් යද්දි අත ඇරලා දාලා අනික් මිනිස්සුන්ට බැන බැන, කුහක කම් කර කර, ඉරිසියා කර කර පුපුර පුපුර ඉන්නවා. කට්ට කාගෙන යන උන් අන්තිමට දිනනවා.

    උඹට සුභ අනාගතයක්....

    උඹගේ වයස කීයද?
    මට හිතෙන හැටියට උඹට එච්චර වයසක් නැතුව ඇති.
    ඔක්කොටම ඉස්සෙල්ල උඹගේ ඔය ආකල්ප වෙනස් කරගනින්,
    ඔය ආකල්ප වලින් වෙන්නේ උඹ තවත් පහලටම වැටෙන එක විතරයි.

    උඹගේ අධ්‍යාපන සුදුසුකම් එහෙම කොහොමද?
    තව ඉගෙනගන්න ට්‍රයි කරපන්,
    උඹට පුළුවන්, උඹ කැමති ක්ෂේස්ත්‍රයක් ගැන හොඳට කල්පනා කරලා බලපන්,
    ඒ ක්ෂේස්ත්‍රයේ ඉහලට යන්න පුළුවන් පුංචිම තැනින් පටන් අරගනින්.

    රෙදි හෝදන එක ලංකාවෙනම් පිළිගන්නේ පහත් මට්ටමේ රැකියාවක් විදිහට, මේකෙත් ඉන්නවා අනුන්ගේ රෙදි හෝදන උන් ඕන තරම්, හැබැයි උන්ට උඹට වගේ 15,000ක පඩියක්වත් හම්බ වෙන්නේ නැහැ. උන් දවස තිස්සෙම මේකේ ලැගගෙන හෝදන්නේ රනිල්ලාගේ, මහින්දලගේ රෙදි.... අන්න එවුන් වගේ දේශපාලකයෝ පස්සේ ගිහින් උන්ගේ පස්සවල් ලෙවකනවට වඩා පඩියට රෙදි හෝදන එක නම්බුයි.

    එත් උඹට හිතෙනවා නම් උඹ කරන්නේ පහත මට්ටමේ රස්සාවක් කියල, ඒක උඹට බලපාන්නේ උඹ ජීවිත කාලෙම ඔය රස්සාව කලොත් තමා, උඹට පවුල් බරක් එහෙම නැත්නම් ඔය පඩියෙන් කොටසක් ඉතිරි කරපන්, ඊට පස්සේ ඒ ඉතුරු කරගත්ත සල්ලි වලින් මොකක් උඹට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගනින්. youth එකේ ATI එකේ එහෙම තියෙනවා එක එක කෝස් පොඩ්ඩක් හොයල බලපන්.

    ජොබ් එකක් කියන්නේ ජොබ් එකක්, පාර අතු ගාවත් එකයි කොම්පැනි එකක ලොකු තනතුරක් දරුවත් එකයි. පොඩි රස්සා කරන අයව පහත කරලා සලකන එක ඉතින් සිංහල අපේ ලොකු පුරුද්දක්නේ :sorry: ඔය විදියට හිතන හින්ද තමා මේ තත්වෙටම අපේ අය්යල කෙල්වගෙන ඉන්නේ. කුඩු විකුණලා සැපට ඉන උන්ට වඩා තෝ ඔය අමාරුවෙන් හොයන 15k මිලියන ගානක් වටිනවා. අඩන්නේ නැතුව කොහොම හරි දියුණු වෙයන්.

    Math jobak kara ban piligeneema anan manan okkoma ihalin thiyena ekak.assaraya karanna wenne loku lokko.tie dagena jel gagena pakaya wage thama wedakaranna thiyenneth.
    eth machan apita padiya 13,250.
    itinn hitapan.ada kale salli walin godak dewal theeranaya wenawa.
    salli tikak hambu karaganin.
    e salli ayojanaya karahan pryojanawath dekata.

    ithama watinawa adyapanayata ayojanaya karanam.

    awurudu 25 wenakota duka ,cutta kagena nam awilla inne oya heena mana gathi okkoma magerenna ona.

    hema salli thiyena minihama anik minissunta ballata dala kathakaranne ne.

    minissu ekka hodata katha karapan.
    kondaya rewula kapala manussayek wage hitapan.
    hemathissema an aya idiriye hinawela hondata hitahan.

    thamanta udawwak ganna puluwan kiyala hithena hoda wedagath manussayinwa hoyaganin.

    mudukkuwe hityath e thenakin apu kollek bawata penna hasirenna epa.

    Target ekak ho keepayak thiyaganin.
    ewayen yanna lesima target eka ilakka karala wedakarapan.

    mewa mage jeewana athdakeem asuren kiwwe.
    man rupiyal 650 daws padiyata mutta karagahalath thiyenawa.
    salli nethi hinda e dewal kare ne.
    jeevithaye weradichcha then walin goda ena heti hoyanna thama ehema kare.

    amma thaththa wenuwen danayak denna wathkamak nethnan le tikak hari
    e dennata niwan suwa aramunu karala dan diyan.
    (le bankuwa,narahenpita ubta lagayine.)
    nopenena dewiyanta wada ape amma ththage ashirwadaya prabalayi machan.e gollo wala pallata giyata ubawa atherala ne kiyala hithaganin.

    uba inna hariyen meeta awuruddakta kalin mama machine (PC) karathiyagena customerslata gihin deela thiyenawa.
    dukata asa karapan.
    uba duk widinawa kiyala ubatama theren nethiweyi.

    Sorry machan mehema kiyanawata.eth ubata thiyenne heena manaya.matath ekale hodatama oka thibba.eka hithen atheraganin.

    me arumosam samajaye thiyena hype walata rewatenna epa.

    Ube Dahadiya=Umbe Diyunuwa.

    mahansi wela dahadiya helapan.

    Uda thiyena quote karapuweyinuth deyak ganin.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    me inne Pentium 3 machine akakin yaluve. 2008 di gatte. :(
    dongle 1 nam salli deela gatta.
    higaakana minissuntath laptop tiyenava
    me job akata giye lagadi. vena karannama deyak nathikamata.

    මචං උඹ කියන්නේ ඇත්ත කියලා හිතලා මම මේ දේ කියන්නම් .මගේ පෞද්ගලික දර්ශනයට අනුව කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නේ නැහැ රැකියාව නිසා .ඒත් සමාජයේ එහෙම නොහිතන බොහෝ දෙනෙක් ඉන්න බව මතක රඳවාගන්න .ඒක තමා තිත්ත ඇත්ත .ඒ වගේම තමා උඹ අත පය වෙහෙසවලා රැකියාවක් කරන අතරේ කිසිම දෙයක් නොකර පිනට කකා බිබි ෆේස්බුක් එකේ සාර්ථක ලෙස ජීවත් වෙන්නේ සොම්බි ජන කොට්ඨාශයක් අද සමාජයේ වෙසෙන බවත් උඹ එවුන්ට වඩා සිය දහස් ගුණයකින් උසස් බවත් හොඳින් මතකේ තබා ගන්න .ඒ වගේම බිල් ගේට්ස් මෙහෙම කියමනක් කියලා තියෙනවා ඒ "ඔබ උපතින් දුප්පත් නම් ඒක ඔබේ වරදක් නෙමේ .ඒත් උඹ මැරෙන්නේ දුප්පතෙක් වෙලානම් අන්න ඒ දේ ඔබේ වරදක් නිසා සිදුවන්නක් " .මේ කියමනේ ලොකු තේරුමක් තියෙනවා .අනික මේක මතක තියාගනින් .ඔය පාරම්පරික සල්ලි කාරයොන්ගේ පරම්පරාවේ මුල් පුරුක බොහෝ විට සෙරෙප්පු දාගෙන බැනියම සරම ඇඳගෙන ,පොඩි තැනින් පටන්ගෙන සමාජ තලයේ ඉහළට ගිය මිනිස්සු .ඒ මිනිස්සුත් උඹ දැන් ඉන්න ආකල්පේ හිටියානම් කවදාවත් දියුණුවක් නැහැ .අඩුම ගානේ උඹට අතපය හතර හොඳින් වැඩ කරනවානේ ?? අන්න ඒ දේ පාවිච්චි කරලා උඹ අද මේ විඳින දුක උඹේ ළමයින්ට මුනුපුරන්ට උරුම වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරලා ඉහළටම පලයන් .
    උඹ එක තැනක කියලා තියෙනවා ඕ ලෙවල් ගණන් ෆේල් කියලා .ෆේල් නම් ආයෙත් කරපන් .ඒ වගේම නෙට් එක තියෙන එකේ ඔය ග්‍රැෆික් ඩිසයිනින් ,ප්‍රොග්‍රැමින් වගෙ එව්වා ඉගෙන ගනින් .
    උඹට මන් ගැන දෙයක් කියන්නම් .මම අද කරන රස්සාවට ඉවහල් වෙච්ච දේවල් දෙකක් තියෙනවා .ඒ තමා ඉංග්‍රීසි සහ කම්පියුටර් .අන්න ඒ දෙකම මම ඉගෙන ගත්තේ තනියම මිසක් ක්ලාස් ගිහින් කොර්ස් කරලා නෙමේ .එකෙන් කියන්නේ නැහැ මම හෙන පොරක් කියලා .මම උඹට හිත හැදෙන්න උදාහරණයක් දුන්නේ .

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    malli okata kiyanne hiina manaya kiyala.
    uba hithawa wage ubata wada thiyana un ubawa pahalata daala hithanne na.
    naayo kiyana jaathiya nm ehema na un kohama hari balanne apiwa balu karanna
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    uba modayek wela oka atharinna epa.
    meke un ubata udawa karala tiyenawa,wachanen hari,oita wediya salli hamba karanna puluwan jobak set wenakan idahan,eeta passe mona job eka unath kamak ne,hora weda,wanchawa nathi ona ekak karahan ban.mama oita wada jara job karala tiyenawa