මයි තායිලන්ඩ් ටුවර්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මයි තායිලන්ඩ් ටුවර්

    ඔන්න ඉතින් මාත් හදිස්සියේම තායිලන්තේ පැත්තේ රවුමක් දාලා අවා. ගිය මාසේ තමා ගිහින් ආවේ. ඉස්සෙල්ලම කියන්න ඕන මේ තමයි මගේ පලවෙනි ටුවර් එක සහ තනියම තමා ගියේ. ඒ වගේම එළකිරි එකේ එළම එළ කොල්ලෙක් මට බොක්කෙන්ම සපෝර්ට් එක දුන්නා. cdi තමා මට මුල ඉදන්ම සප් එක දුන්නේ. මේ තියෙන්නේ cdi ගේ ත්‍රෙඩ් එක ලෙසටම කියලා තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1706811
    තව Ayeshlive එහෙමත් උදවු කරා. නම් කිවුවේ නෑ කියලා අවුලක් ගන්න එපා උබලා ඔක්කෝටම තෑන්ක්ස් කිවුවා ඔන්න.

    හරි එහෙනම් දැන් වැඩේට බහිමුකෝ. වීසා එකට නම් 4600 යි. ටිකට් වලට Srilankan එකේ 40000 ක් වගේ ගියා. මන් හදිස්සියේ ගත්තේ. ටිකක් කළින් ගත්තා නම් ඊට වඩා අඩුවට ගන්නත් තිබ්බා. දවස් 7 කට තමා ගියේ. දවස් 3 ක් Pattaya වල දවස් 3 ක් Bangkok වල හිටියේ. හොටෙල් බුක් කරේ නම් booking.com එකෙන්. හොටෙල් වලට 16000 - 17000 ක් වගේ තමා ගියේ. කොල්ලො සෙට් එකක් එක්ක යනවා නම් ඕයිට වඩා අඩුවට ඉන්න පුලුවන්. ඩොලර්ස් අරන් යද්දි එයාපෝර්ට් එකෙන් ටිකක් මාරු කරගන්න. සිටි එකෙන් මාරු කර ගන්න ඉතිරි ඒවා. රේට් එක හොදයි. ටැක්සි වල යද්දි පුලුවන් තරම් බයික් ටැක්සි වගේ යන එක ලාබයි. ගනන් අහලම නගින එක හොදයි. පුලුවන් හැම වේලාවකම BTS, MRT යූස් කරපන්. ෆොටෝ නම් වැඩිය ගන්න උනේ නෑ ගත්ත ටිකක් දාන්නම් ඔන්න ;)

    231581341d6c5708acb72d348209224f72ecffda1c52ce832cbeb8c41bc74a396add3be1.jpg


    93705006cb65d8592f193fe7069fa0836356c7e361a43e27b3899a9b749b176acb6eb578.jpg


    ෆොටෝ ටික හෙට දාන්නම් දැන් නිදිමතයි :P
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    අහ්හ් කොල්ලා ත්‍රෙඩ් එක පටන් අරන් නේ.. මගේ ත්‍රෙඩ් එකත් දාලා තියෙනේ.. දාපන් දාපන් පික්ස් ටිකක් දැන් :D:yes::yes: