ඕකම අපි හිඟන්නෙක් සල්ලි ඉල්ලුවත් කරනවා නෙ. සමහර උන් බොරු කියලා ගන්නවා සමහර උන් ඇත්තට ගන්නවා. මම තිබ්බොත් දෙන්න පුළුවන් ගාණ දීලා ඒක අමතක කරනවා. ඕකෙන් ඊට පස්සේ ඌ මොකක් කරනවද කියලා හොයන්න යන්නේ නෑ. ඒක දීලා ඉවරයි නෙ. මම හොයනවා කියන්නේ මම දීලා නෑ.
දන්නේ නෑ කියන්නේ බොරුවක් නේ බන් .
මස් කඩේ එකාගේ බිස්නස් එක මස් විකුණන එක නම් ඌ හම්බෙන සල්ලි වියදම් කරන්නේ තව හරක් ගන්න තමයි .
අභය දානෙන් එකතු කරල දෙන සල්ලි අරන් ගිහින් ඌ බෝධි පුජා තියනව කියලා ද උබ හිතන්නේ ?
මම කොහොමද දන්නේ ඒක. අනික මට එකෙන් ඌ මොකක් කරනවද කියන එක අදාලම නෑ නේ බං. ඌ එකෙන් තව හරකෙක් මරනවාද, නැත්තං උගේ පවුලේ කාට හරි බෙහෙත් අරන් දෙනවද නැත්තං ඌ එකෙන් පිස්තෝලයක් අරගෙන මොකක් කරනවද කියන එක වගේ possibilities ගාණකින් නෑ ඌ මේකෙන් අනිවා හරකෙක්ම තමා ගන්නේ කියල විශ්වාස කරගෙන යන්න බෑනේ.
දැන් උබ ඔය හරක් example එකට හිර වෙලා නිසානේ ඔහොම හිතන්නේ.
අපි මල් කඩේකින් මල් ගන්නවා දැන් ඌ එ සල්ලි එකතු කරගෙන ඕකෙන් තුවක්කුවක් අරගෙන කාව හරි මරනවා වෙන්නත් පුළුවන් නැත්තං මල් ගන්නවා වෙන්නත් පුළුවන්.
මට තේරෙන්නේ නෑ ඇයි අපි එහෙම හිත හිතා වද වෙන්න ඕනි කියල.
Butterfly effect එක වගේ දෙයක් නෙ ඔය අහන්නේ.