මම මචන් Delivery Slip(බිලක් වගේ) එකක් MS Word වලින් හදන් ගියා බං. මට එක A4 කොලේට දෙකක් ගන්න ඕනේ වෙලා තිබ්බ. මන් වැඩිය Word ගැන දන්නේ නැති නිසා කියල එක කොලේට දෙකක් ගන්නවා කියල හිතාගෙන ගියා. ඉතින් මුන් පල්ලෙහා room එකට එක්කන් ගිහින් Photoshop වලින් open කරලා මන් හදපු එකේ Duplicate එකක් දැම්ම A4 කොලේ පහලට..එයින් කොළ දෙකක් ගත්ත.. උඩට ගිහින් ගාන ඇහුවම රුපියල් 260ක් කිව්වා
යකෝ හොඳ වෙලාවට මන් ළඟ 300ක් තිබ්බ. මුන් කියනවා service fee එකත් එක්කලු 260. මමයි බිල පන දාගෙන හදාගෙන ගියේ. මුන් එකේ duplicate එක ගන්න ගත්තු ගාන බලපන්?
අනික ඒ බිල 2colour
මන් ඊට පස්සේ බොරුවට වෙන කඩේකට ගිහින් ඇහුව බිල A4 එකකට 2ක් අරගෙන කොළ 2ක් Print කලොත් කීයක් යනවද කියලා.
ඌ කිව්වා "මල්ලි 50ක් දෙන්න" කියල
මේ වගේම සීන් එකක් මට වුනා
ආරාධනා පත්ර වගයක් පොටෝ ෂොප් වලින් හදාගෙන
මං ගෙනිච්චා පින්ට් කරගන්න ස්ටූඩියෝ එකකට
පෝස්කාඩ් සයිස් රුපියල් 8යි නේ බන්
එලියේ හිටිය කෙල්ල කිව්වා ඒක එඩිටින් එකට දෙන්න කියලා
මං ඒකට ගිහින් කිව්වා අයියේ මට මේ පෙන් එකේ තියන එක පින්ට් කරලා ඕනි කොපීස් විස්සක් එක්ක කියලා
මූ මේක පොටෝ ෂොප් වලින් ලෝඩ් කරලා
කලර් කරෙක්ෂන් කරන්න දගලනවා
තව වැඩ කෝටියයි
මාත් එක්ක ගියා අනිකා ඇද්දා ලෙඩේ
අපි හදන් ආපු එකේ තව මොනවද අයියේ හදන්න තියෙන්නේ කියලා
කොහොම හරි එතන හිටපු ලොකු එකෙක් ඇවිත්
වැඩේ ෂේප් කරලා
අපිට පැය භාගෙන් එන්න කීවා
අපි පැයකින් විතර ගිහින් බලනකොට
මුන් ඒ ටික පින්ට් කරලා
අතට අරන් බලනකොට හැම මගුලම blur වෙලා
අර කාකපාලුවා මේකට පොඩි blur ගතියක් දීලා
විනාශයිනේ බන්
ආයේ ගියා උන්ගේ එඩිටින් එකට
උන් කියනවා කලර් හදන්න ඕනිලු ඒකලු මේක බ්ලර් වෙලා පෙන්නේ කියලා
මගේ යාලුවා පොටෝෂොප් කාපු එකෙක්
ඌ ටෝක් කලා
අන්තිමට අපේ පෙන් එකේ තිබ්බ කොපි එකයි
උන්ගේ මැෂින් එකේ තිබ්බ කොපි එකයි කමපයාර් කරලා පෙන්නුවා අරූ කරපු බලු වැඩේ
ලෙඩේ ඇද්දා අරූට
උන්ගේ මැනේජර් කෙනෙකුත් ආවා
මං හිතව විදිහට අරුගේ ජොබ් එකට හුටස් වෙන්න ඇති