මා ගැබ්ගෙන සිටින්නෙමි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    "මා ගැබ්ගෙන සිටින්නෙමි"
    ඇය ඇගේ ස්වාමියාට කීවා ය.
    සිනා සී ඇය සිපගත් ඔහු,
    "සොඳුර,
    ඔබ වැරදි-
    එය අප ගැබ්ගෙන සිටින්නෙමු
    විය යුතුයි.
    ඔබේ ගැබ,
    අඩකින් මාගේ ය-
    ගැබ් බර නො දැරුවද,
    ඒ බර ඔබ දරන්නේ තනියෙන් ද නොවේ-
    ඒ බර මටද දැනෙන්නේ ය.
    ඔබ තනිව නොවේ-
    ඔබ දරුවා දරා සිටි-
    මා දරුවාද ද සමඟ,
    ඔබ දරා සිටින්නෙමි.
    හදවතින් ම සහ දෑතින් ම.
    එ නිසා අපි ගැබ්බර වන්නෙමු - ය.
    නිරවද්‍ය එය ය."
    ඇය සිනාසුණා ය.
    ඇගේ දෑසේ කඳුළු විය,
    "මේ ශෝකය නොවේ
    සතුට ය."
    ඇය කිවා ය.
    "ඔබ වැනි හිමියෙකු- මා හිමියා ය."
    ඔහු කීය ය වැඩි දුරටත්,
    "කිරි බරෙන් කළු තලා ව ගිය,
    ඔබ පියවුරු -
    මාද දරන්නෙමි-
    මගේ ලය ඒ ඔබ වෙනුවෙන් බර ව ඇත-
    නො ගැලුවද කිරි බවට හැරවී,
    ලේ උණුසුම් ය.
    ඔබේ දරු බර දැරීමට,
    දරු බර දරන ඔබ දැරීමට-
    එනිසා
    ඔබ නොවේ,
    අප ගැබ්බර ය."
    ඇය සිනාසුණා ය.
    ඇගේ දෑසේ කඳුළු විය,
    "මේ සතුට නොවේ,
    ශෝකය ය.
    ලොව සියලු ලඳුනට,
    ඔබ වැනි හිමියෙකු නො සිටීම ගැන."