මානසික වෛද්‍යවරයෙක්

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
මානසික වෛද්‍යවරයෙක්

මචන්ලා උබලා දන්න හොද මානසික වෛද්‍යවරයෙක් ඉන්නවද බන්
අය්යාගේ අව්ලක් බන් මුළු පව්ලටම බලපාලා බන්
අම්මා suiside කරගන්න තරම් කලකිරිලා ඉන්නේ ප්‍රශ්න නිසා :(:(
 
මචන්ලා උබලා දන්න හොද මානසික වෛද්‍යවරයෙක් ඉන්නවද බන්
අය්යාගේ අව්ලක් බන් මුළු පව්ලටම බලපාලා බන්
අම්මා suiside කරගන්න තරම් කලකිරිලා ඉන්නේ ප්‍රශ්න නිසා :(:(

බටහිර මානසික දොස්තර ලඟට ගියොත්, ඔයාගේ අම්මට බොහෝ කාලයක් ගන්න බේත් දෙයි. ඒ දෙන බේත් වල අතුරු ආබාධ එමටයි. (ECT , Electro Convulsive Therapy) කියල ප්‍රතිකාරයක් තියෙනවා ඔය suicidal depression එක නවත්තන්න. හැබැයි මතකය අඩුවීම් වගේ අතුරු ආබාධ තියෙනවා.

හොඳ සිංහල වෙද මහත්තයෙක් අල්ලගත්තොත් එක නස්නෙන් ඔක්කොම හරිගස්ස ගන්න පුළුවන්. මෙන්න එහෙම කෙනෙක්.


මේ නීලම්මහරෙ ප්‍රසිද්ධ කෙනා නම් නෙවෙයි. මෙතුමා අප්‍රකටයි.


අපේ වෙදැදුරු
උමතුවට නීලම්මහර වෙද රිසි


weda2.jpg

උමතුව උත්සන්න වූ රෝගියකුට නස්‌නයක්‌ කරමින්.
weda1.jpg
මධ්‍යන්ති ගතා දෝෂා
යස්‌මා දුන්මාර්ග මාසිතා
මානසෝ යමතෝ ව්‍යාධී
රුන්මාද ඉති කීර්ති තඃ

"උඩු ළයට පැමිණෙන්නා වූ තුන් දොස්‌ යම් හෙයකින් නොමඟ යැමෙන් ඇතිවන සිත මත් වීමක්‌, වෙනස්‌ වීමක්‌ හෝ විකාර කරවීමක්‌ ඇති කරයි ද එයට උන්මාදයයි කියනු ලැබේ."

මිනිසාට වැළඳෙන දෙවිසි වැදැරුම් උමතු රෝග යළි මතු නොවන්නට සුව කිරීමට දස්‌කම් පාන හෙළ වෙද පරපුරේ නීලම්මහරට හිමි වන්නේ සුවිශේෂි තාවයකි.

වසර ගණනාවක්‌ තිස්‌සේ පැවිදි පරපුරෙන් පරපුරට ගලා ගිය නීලම්මහර උමතු රෝග පිළිබඳ වෙද පරපුර දෙහිවල බුද්ධරක්‌ඛිත හිමියන්ගෙන් පසු ගිහියන් අතට පත් වූයේ වැළැක්‌විය නොහැකි කරුණු කිහිපයක්‌ මුල් වීමෙන් ය.

දැනට නීලම්මහර අංක 11 නිවසේ හා වෙදගම අංක 9 නිවසේ දී උමතු රෝගීන්ට ප්‍රතිකාර කරන දයානන්ද උග්ගල්ල වෙදැදුරාණන් දෙහිවල ධම්මාලෝක වෙද හාමුදුරුවන්ගේ අවසාන ගිහි ගෝලයා ය. ඔහුගේ සීයාවූ ආරොන් උග්ගල්ල වෙදැදුරු ද පියා ඩී. එස්‌. උග්ගල්ල වෙදැදුරා ද නීලම්මහර වෙද පරපුරට නෑකම් කියන්නෝය.

"සිත කණපිට පෙරළිල, මිනිසාගේ උතුම් ගතිගුණ විනාශකරල පහත් ගතිගුණ පෙන්නුම් කරන උමතු බව සිත මුල්කරගෙනයි විශේෂයෙන්ම හැදෙන්නෙ. මේකෙදි වයස, තරාතිරම, ජාතිය,කුලය කිසිම දෙයක්‌ බලපාන්නෙ නැහැ. කොටින්ම කියනව නම් ස්‌නායු පද්ධතියට වන ප්‍රබල බලපෑමක්‌ උමතුව වැළඳෙන්නට හේතු වෙනවා."

දයානන්ද උග්ගල්ල වෙදැදුරු උමතු රෝගය පිළිබඳව කෙටි හැඳින්වීමක්‌ කරමින් අප හා කතාවට අවතීර්ණ විය.

"මීට අවරුදු කිහිපයකට පෙර උමතු රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ අපේ ප්‍රතිකාර පතාගෙන ආවා. ඒත් දැන් එච්චර ප්‍රමාණයක්‌ නාවත් දිනකට සැලකිය යුතු ප්‍රමාණයක්‌ එනවා. ඒ අතර නින්ද නොයන අය, නිතර අමතකවීම් වන අය, වැඩිපුර කෙන්ති ගන්න අය වැඩියි. මේ අයට ඇත්තෙන්ම බලපාල තියෙන්නෙ ගෙදර දොරේ ප්‍රශ්න. සාමාන්‍යයෙන් හිතට දැඩිව බලපාන ප්‍රශ්නයක්‌ විසඳගන්න බැරි වුණාම ස්‌නායු පද්ධතිය අවුල් වුණාම මිනිහා නොමිනිහා වෙලා කරන්නෙ අස්‌වාභාවික වැඩ."

"දවසක්‌ මගෙන් ප්‍රතිකාර ගන්න ආපු ගැහැනු ළමයකුගේ මනස අවුල් වෙලා තිබුණෙ ආදර ප්‍රශ්නයක්‌ මුල් කර ගෙන. තමාගෙ පෙම්වතාට මුළු හදවතින්ම ආදරය කරපු මේ ගෑනු ළමයගෙ සහෝදරයො ඒකට තදිsන්ම විරෝධය පාල තියෙනව.

"මේ ගෑනු ළමයා මගේ ළඟට අරගෙන එනකොට හොඳටම මොලේ අවුල් වෙලා. සමහර වෙලාවට තමන්ගෙම ඇඳුම ගලවල විසිකරන්න හදනව. ඒ විතරක්‌ නෙවෙයි. මගේ කොල්ල මට ගෙනත් දියෝ කියල කෑ ගහනව. හැබැයි මෙල්ල කරගන්නම බැරි වෙලාවට අපට පාරක්‌ දෙකක්‌ ගහන්නත් සිද්ධ වෙනවා."

"ප්‍රතිකාර ගන්න ආපු රෝගියකුට ප්‍රහාරයක්‌ එල්ල කරන කොට එයාගෙ භාරකාරයො ඊට කැමැති වෙනවද?"

දයානන්ද වෙදදුරුගේ කතාවෙන් විමතියට පත් මා නැවත ප්‍රශ්න කළේ සිතට දැනෙන කුතුහලය විස¹ ගැනීමටය.

"නෑ.... නෑ. ඔය මානසික රෝගීන් ගහනවට හරි බයයි. දැන් බලන්න අංගොඩ රෝහලෙත් දරුණු මානසික රෝගීන් මෙල්ල කරන්න පොලුකෑල්ලක්‌ පෙන්නල. පාලනය කරගන්න බැරිම වුණොත් පහර කිහිපයක්‌ ගහනවා."

"නමුත් අපි කරන්නෙ ඇඹුල් පොල්පිති කෑල්ලකින් තට්‌ටම් ප්‍රදේශයට පහරක්‌ ගහන එකයි. ඒකත් ඥාතීන් ඉස්‌සරහ. ඉතිං අර මෙල්ල කරන්න බැරි ලෙඩා හෙණ්‌ඩුවට බිය වෙන අලිය වගේ අගේට කීකරු වෙනවා."

"ඉතිං මේ ලෙඩ්ඩුන් අපි පහරක්‌ දෙකක්‌ ගහල මෙල්ල වුණාම අවශ්‍ය නස්‌නයක්‌ කරල හිස ගැල්වීමක්‌ කරල කාමරයකට දාල බැඳ දමනවා."

මෙවැනි දෙවිසි උමතුවට ප්‍රතිකාර ක්‍රම කිහිපයක්‌ නීලම්මහර වෙද පරම්පරාව භාවිත කරන අතර කාෂාය දීමෙන් හිස ගැල්ලුම් දැමීමෙන් නස්‌න කිරීමෙන්, අංජනම් ලෑමෙන්, විරේක කිරීමෙන්, දුම් ඇල්ලීමෙන්, හිසට තෙල් දැමීමෙන් හා හිස පලා බෙහෙත් යෙදීමෙන් උමතුව මුලිනුපුටා දමති.

දයානන්ද උග්ගල්ල වෙදැදුරුට මෙම ප්‍රතිකාර ක්‍රම අටම යොදා ගන්නට අවස්‌ථාව උදාවන්නේ නැත. එක ක්‍රමයකින් හෝ දෙකකින් රෝගියාට උපරිම ගුණ ලබා දෙන්නට තරම් ඔහුගේ ප්‍රතිකාරය බලවත් වීම නිසා අන් ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීමට තරම් අවස්‌ථාවක්‌ එළඹෙන්නේ කලාතුරකිනි.

"නස්‌න කිරීම විරේක කිරීම හිස තෙල් ගැල්වීම උමතුවේදී යෙදෙන අත්දුටු චිකිත්සක ක්‍රමයක්‌. මේ ක්‍රමයෙන් බොහෝ දුරට රෝගියා මෙල්ල කර ගැනීමට අපට හැකි වෙනවා." දයානන්ද වෙදැදුරු සිය අත්දැකීම් තුළින් පැහැදිලි කළේය.

මේ වෙදැදුරු කුඩා අවධියේ සිට නීලම්මහර පන්සල ඇසුරු කළේය. නිතර තම පියා සමඟ පන්සලට පිවිසෙන ඔහුට උමතු රෝගීන්ට කෙරෙන ප්‍රතිකාර සියෑසින් දැක ගැනීමට හැකි වූවා පමණක්‌ නොව ඊට අවශ්‍ය සහාය ද සැපයීමට අවස්‌ථාව උදා විණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔහුට මානසික රෝග පිළිබඳව හැදැරීමට අවස්‌ථාව උදා වූයේ දෙහිවල ධම්මාලෝක වෙද හාමුදුරුවන් යටතේ ය.

දෙහිවල ධම්මාලෝක වෙද හාමුදුරුවෝ මෙරට පමණක්‌ නොව දේශ දේශාන්තරවල පවා උමතු රෝගීන්ට ප්‍රතිකාර කර ඇත. දිනක්‌ උන්වහන්සේ සොයා ආවේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජාවරයකුගේ නියෝජිතයෙකි. ඒ මහාරාජාට වැළඳුන හිසේ අමාරුවක්‌ සුවපත් කර ගන්නටය.

ධම්මාලෝක හිමියෝ දෙසැරයක්‌ සිතුවේ නැත. මහාරාජවරයාට ප්‍රතිකාර කිරිමට වහා ඉන්දියාවට වැඩම කළ උන්වහන්සේ වස්‌තුව, මිල මුදල් අපේක්‍ෂා නොකළහ.

ධන කුවේරයකු වූ මෙම මහාරාජාවරයාගේ උමතුව සුව කිරීමට ධම්මාලෝක හිමියන්ට එතරම් කාලයක්‌ ගත වී නොතිබිණි. ඉන් සතුටට පත් ඔහු උන්වහන්සේට ඇත් පැටව් දෙදෙනකු තෑගි කළේ කළ මෙහෙය කෙසේ අගයන්නදැයි සිතමිනි.

නැදුන්ගමුවේ රාජා හස්‌තිරාජයා සහ හුණුපිටිය ගංගාරාම විහාරයෙහි ඇතිදැඩි වූ නවම් රාජා එම ඇත් පැටව් දෙදෙනා වූහ.

දෙහිවල ධම්මාලෝක හිමියෝ එවකට දයානන්ද උග්ගල්ල දරුවාට විශේෂ ආදරයක්‌ දැක්‌වූහ. එනිසාම තමන්ට ලැබුණු අලි තෑග්ගට උවටැන් කිරීමට ඔහුට භාර කළේය.

"තවත් දවසක්‌ මගෙන් ප්‍රතිකාර ගන්න ආවෙ පිටකොටුව පැත්තෙ වයස කාන්තාවක්‌. මේ සිදුවීම මට අමතක නොවන දෙයක්‌ වගේම මම මුහුණ දීපු ත්‍රාසජනක අවස්‌ථාවක්‌. ඉතිං මේ කාන්තාව තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්‌ නිසා පිස්‌සුව හොඳටම වැඩිවෙලා. මේ රෝගිය ආපු හැටියෙ කළේ මගේ බෙල්ල මිරිකපු එක."

මේ මානසික රෝගීන්ට තියෙන්නෙ පුදුම හයියක්‌. මනස පාලනයකින් තොරව තිබෙන නිසා කරන කියන දේවල්වල සීමා මායිම් නෑ. ඒක නිසයි මේ ශක්‌තිය. කොහොම වුණත් මේ මනුස්‌සයගෙන් මට බේරිල්ලක්‌ නැතිවම ගියා.

අන්තිමේදී එයින් මට ගැලවෙන්න ලැබුණෙ තුන් හතර දෙනෙකුගෙ සහායක්‌ ඇතිව."

දයානන්ද උග්ගල්ල වෙදැදුරු නිහතමානී ගතිගුණ වලින් පරිපූර්ණය. කුඩා අවධියේ සිට තුණුරුවන් කෙරේ තිබූ දැඩි බැඳීමත් පන්සල සහ භික්‍ෂුන්ගේ ඇසුරත් ඔහුගේ යහපත්කමට වෙසෙසින් බලපා තිබෙන බවක්‌ පෙනෙන්නට ඇත.

"වෙදකම වගේම හෙදකමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වටිනවා. කරුණාව දයාව නැත්නම් වෙදකමෙන් ලැබෙන ගුණාත්මක භාවය අල්පයි. විශේෂයෙන් අනෙක්‌ රෝගීන්ට වඩා මානසික රෝගීන් වෙනස්‌. වෛද්‍යවරයාගේ ජීවිතවලට මේ රෝගීන්ගෙන් වන අවදානම වැඩියි. ඉතිං විශේෂයෙන් ඉවසීමේ ගුණය හොඳට පුරුදු පුහුණු කළ අයෙකුට හැරෙන්න අනෙක්‌ අයට උමතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ටිකක්‌ අපහසුයි."

"සමහර රෝගීන් කියන්නෙ අපිටයි පිස්‌සු තියෙන්නෙ කියල. එයාලට දෙන බෙහෙත් අපිට බොන්න දීල දැන් පිස්‌සු හොඳ ද කියල අහන අයත් ඉන්නවා. දවසක්‌ අපි ළඟට අරගෙන ආවෙ ඒ වගේ මානසික රෝගියෙක්‌. එයාට හොඳටම රෝගය උත්සන්න වෙලා. අපි කිහිපදෙනෙක්‌ එකතු වෙලා තමයි මෙල්ල කර ගත්තේ. පස්‌සෙ එයාට දීපු බෙහෙත් "මෙන්න මේ ගෑනිට දීපං බං" කියල මට කිව්වෙ එයාගෙම අම්ම පෙන්නල. ඊට පස්‌සෙ කිව්වෙ "මට උඹ ගැන විශ්වාස නැහැ. උඹත් බීල දීපං" කියල." වසර ගණනාවක්‌ තිස්‌සේ සිය දහස්‌ ගණනකට ප්‍රතිකාර කළ දයානන්ද උග්ගල්ල මහතා සිය අත්දැකීම් මෙනෙහි කළේ කිසියම් ආත්ම තෘප්තියක්‌ ද ලබමින්ය.

1944 වර්ෂයේ උපන් දයානන්ද උග්ගල්ල වෙදැදුරු නීලම්මහර වෙද පරම්පරාව ගැන සිය ගෞරවය හැම විටම පුදකරන්නේය. එමෙන්ම ගිහියන්ගෙන් භික්‍ෂුන් අතට පත් වී නැවත ගිහියන් අතට පත් වූ මෙම මානසික රෝග ප්‍රතිකාරය ඇතුළත් පැරැණි පුස්‌කොළ පොත් රැසක්‌ තවමත් ඔහු සතු ය.

රාජගිරියේ ආයුර්වේද විද්‍යා පීඨයේ මානසික රෝග පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ දයානන්ද උග්ගල්ල වෙදැදුරු ගම්පහ සිද්ධායුර්වේදයේ ද වසරක පමණ කාලයක්‌ සේවය කර ඇත. දැනට බොරැල්ල ආයුර්වේද මහ රෝහලේ උමතු රෝග ගැන විශේෂ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේය.
 
Last edited:

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
ඉදිරියේ රාළ;20082777 said:
බටහිර මානසික දොස්තර ලඟට ගියොත්, ඔයාගේ අම්මට බොහෝ කාලයක් ගන්න බේත් දෙයි. ඒ දෙන බේත් වල අතුරු ආබාධ එමටයි. (ECT , Electro Convulsive Therapy) කියල ප්‍රතිකාරයක් තියෙනවා ඔය suicidal depression එක නවත්තන්න. හැබැයි මතකය අඩුවීම් වගේ අතුරු ආබාධ තියෙනවා.

හොඳ සිංහල වෙද මහත්තයෙක් අල්ලගත්තොත් එක නස්නෙන් ඔක්කොම හරිගස්ස ගන්න පුළුවන්. මෙන්න එහෙම කෙනෙක්.


මේ නීලම්මහරෙ ප්‍රසිද්ධ කෙනා නම් නෙවෙයි. මෙතුමා අප්‍රකටයි.

machn awla thiyenne ayyata bn
amma echara awlk naa
 
machn awla thiyenne ayyata bn
amma echara awlk naa

ඒත් අම්මටත් suicidal වගේ නම් ලොකු අවුලක්. මොකද ඔය suicidal depression සුළු දෙයක් නිසා හරිම ඉක්මනින් මතු වෙන්න පුළුවනි. එහෙම තමයි ඒකෙ හැටි. එනිසා අම්මවයි අයියවයි දෙන්නවම පෙන්නන්න.
 
seramalawa pansalakata ekkan palayan bn
hoda hoya hoya inne nathuwa kenkekta pennahan bn

ඒකත් හරි. හාමුදුරුවන්ට කියල පිරිත් නූලක් ගැටගහල, පිරිත් පැන් ටිකක් පෙව්වත් පොඩි සීන් නැති වෙලා යනවා.