මැත්ස් කළ මට මිස් උන මා .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Mona labba karath godak un anthime excel ekka ottu wena eka thamai karanne.
    ඒ ඇයි බන් එහෙම වෙන්නෙ ?
    ගොඩක් එවුන් ඉහලට ගියහම කොමර්ස් දෙවල්ද සෙට් වෙන්නෙ මෙ හැන්කොකා කිව්වා වගෙ.
     
    • Like
    Reactions: planner123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    T.O la excel magul karala denawa mama udin pallen balala athsana gahala deela innawa :rofl: thawa tika dawasak balala A/L certificate ekak online apply karala gennagana othala puke obagannawa
    තොට කරන්න වැඩක් ඇත්තෙම නැද්ද දැන් ?
    හොඳම දෙ ප්‍රොග්‍රැමින් ඉගෙන ගනින් අළුත් එව්වා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,679
    14,879
    113
    j05pkd1tf2a41.jpg

    ඒ ඇයි බන් එහෙම වෙන්නෙ ?
    ගොඩක් එවුන් ඉහලට ගියහම කොමර්ස් දෙවල්ද සෙට් වෙන්නෙ මෙ හැන්කොකා කිව්වා වගෙ.
    Higher management ekata giyama set wenne decision making part eka neh.
    Hema magulama anthime set wenne proft and loss walata nisa ganna decisions wala cost eka balanna ona aniwa.
    A nisa udata yanna yanna owa apitama therena eka apita hodai. Kaatawath apiwa gona karanna baha neh ethakota.
    ------ Post added on Sep 22, 2021 at 10:35 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඒකත් හැම එකාටම බෑනේ බන් ආර්ථික අපහසුතා තියන ළමයි කොහොමද යන්නේ .ප්‍රයිවට් කැම්පස් දානවටත් කුලල් කනවා නේ බන්..මන් නිදහස් අධ්‍යාපනයේ ⁣ෙඩෆිනිෂන් එක කිව්වේ..
    ඕවා ලෝකෙ කොහෙත් එහෙම තමයි බන්. ලෝන් එකක් දාලා කරන්න පුලුවන් මට්ටමක් තියේනන් ඇති හැබැයි.
    US, UK වලත් සල්ලි දීලා තමා බන් කරන්නෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒ ඇයි බන් එහෙම වෙන්නෙ ?
    ගොඩක් එවුන් ඉහලට ගියහම කොමර්ස් දෙවල්ද සෙට් වෙන්නෙ මෙ හැන්කොකා කිව්වා වගෙ.
    job field ekt giyhm ooka kotas dekakata bedenv... ekak technical side.. anika management side.. ithm enjec gaththath lankwawe R&D wagee ewa vast projects ehem nthi nisa technical side eken udata yna amarui... ee nisaama padi adui.... so godk aya ynne management side eken..
     
    • Like
    Reactions: BruceWayne92

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම ඉපදුනේ අබ්බගාතයෙක් විදියට.උපතින් පුප්පුසීය දමනිය හීනියි ප්‍රමාණයෙන් බාගෙකට වඩා.අදටත් මගේ නාඩි වැඩකරන්නේ 35-45 අතර.ඔයහෙතු හින්ද අපේ අම්මල මට ඉගෙන ගන්න කරදර කරේ නෑ.(මෙහෙ ඉන්නවා ගොඩක් අකුරු බැරි )මම අකුරු ඉගෙන ගත්තේ සිත්තර,සතුට වගේ චිත්‍ර කතා පත්තර බලන්න.මාව දැක්කහම මිනිස්සු අමුතු වෙනවා.මම අවලස්සනයි.හැබැයි එක පාර ඕනදෙයක් මතක හිටිනවා.ගොවිතැන් වැඩ හොඳට ඉගෙන ගත්ත.මෙච්චර ගැටළුවක් සරීර අභාන්තරයේ තියෙන මට පුදුමේ කියන්නේ මහන්සි දැනෙන්නේ අඩුවෙන්.
    බොහොම නිදහසේ මම 5හෙ විභාගෙට ලිවුවා.මට අනුරාධපුර මද්‍ය විද්‍යාලයට ඇතුළුවෙන්න ලැබුන.එකට අම්ම එච්චර කැමති උනේ නෑ.මට ලොකු ගැටළු තිබ්බ.නියර දාන්න කුබුර බෙදන විදිය ඉඳන් හීවල් දැත්ත ගහන තැනට වෙනකං ඔක්කොම අවුල් බව දැනුනත් නිවැරදි කරගන්න විදිය තේරුනේ නෑ.ඒ කාලේ ෆෝන් තියා අපිට කරන්ට් එක වත් තිබුනේ නෑ.
    WIN_20210630_170548.JPG

    නමුත් විදුසර පත්තරෙයි,සතර පත්තරෙයි තිබුනා.මේ අතරේ සෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් පොතත් අහම්බෙන් ලැබුනා.මෙහෙ ඕව ඉගෙන ගන්න ගුරුවරු අදටත් නෑ.එත් කුරුණෑගල ගිහින් බඩු ගෙනල්ල සකිට් හදන්න පටන්ගත්ත.කරන්ට් එක කියන්නේ මොකක්ද?ඒක මේ තබ කම්බි දිගේ යන්නේ කොහොමද ?කියන එක කාලයක් ලොකු ගැටළුවක් වෙලා තිබ්බ.මම මුලින්ම පාවිච්චි කරපු කෙමිකල් එක ෆෙරික් ක්ලෝරයිඩ්.(ඒ ලෙවල් කරද්දී කොටුවේ කාපිරි මුදුක්කුවෙන් කෙමිකල් ගන්න ගිහිල්ල,කොටුව පොලිසියෙන් මාව එලියට ගත්තේ මගේ ගුරු මවු වල්ලිපුරම් ගුරුතුමී)ඔය අතරේ ගැනු ළමයි මට තිබුනේ අමුතු එකක්.මගේ බයනැති ගතියත්,කිසිකෙනෙකුගේ හිතක් නොරිදවීමත් නිසා කෙල්ලෝ මට අනුකම්පා කළා.
    10 පන්තියේ දී මම සාමානය පෙළ විභාගේ බාහිර අපේක්ෂකයෙක් විදියට ලිවුවා.D4 ,C3, S1, S1 ඉංග්‍රීසි වලට.බලාපොරොත්තු සුන්.හේතුව මම හිතුවේ කාලය අපතේ යන නිසා උසස්පෙළ බාහිරින් කලින් කරන්න.මේ දේවල් අම්මලට තේරුනේ නෑ.හැබැයි කිසි දෙකට එපා කිවුවේ නෑ.උසස්පෙළ ගණිත අංශය තොර ගත්ත.සිලබස් එක ගත්ත දවසේ ඉඳන් මට තිබ්බේ ප්‍රශ්නම තමා.මට තිබ්බ ප්‍රශ්න නිසා ගුරුවරු මාව දැක්කහම මගාරින්න පටන් ගත්ත. ගමේ ඉස්කෝලේ විදුහල්පති තුමා මේ කාලේ හෝමාගම මහවිද්යාලේ හිටියේ.එතුමා මට කිවුව එහෙ ඕව ගැන දන්නා හොඳ ගුරුවරු ඉන්නවා.එයා උදවු කරන්නම් කියල.එතුමා මට වැල්ලවත්තේ,වල්ලිපුරම් ගුරුමැනියන්ව හදුන්වල දුන්න.පන්තිය පටන්ගන්න කලින් ගෙදර ගියහම එතුමිය මගේ විෂය ගැටළු ගොඩක් ලෙහල දුන්න.නමුත් මට තිබ්බ සමහර ගැටළු එතුමියටත් තිබ්බ.(ඕගනික් වල ඩයින් කාණ්ඩ ගැන) මෙකාලෙදිම මට ආනන්ද කළුආරච්චි ගුරුතුමා අහම්බෙන් බස් එකේදී අදුන ගත්ත.එතුමා කොලබ පන්ති පටන් ගත්තු ගමන්.මගේ විස්තර අහල පන්ති එන්න සල්ලි එපා කිවුව.මම ගියා.එක කරුණක් නිරවුල් කරගන්න ප්‍රශ්න අහද්දී එතුමා කිවුව"හැම නියායක් ම එකිනෙකට බද්ද වෙලා තියෙන නිසා කාලය/අවකාශය හා ආලෝකය අතර තියෙන බැදීම තේරුම් ගන්න ලේසියි "කියල,මට භාහිර ගැටළු අඩුයි.කවුරුවත් මාත් එක්ක එකපාරට පැටලෙන්නේ නෑ.පන්ති ආවහම ගොඩක් ඉන්නේ බඩගින්නේ.එත් පස්සේ කාලෙක ගුරුවරු කීපදෙනෙක්ම මට කන්න දුන්න,(සාමාන්යෙන් මම හාල් සේරුවක බත් කනවා)
    මේක දික් වෙනවා .කෙටියෙන් කියන්නම්.
    මට විශ්වවිද්‍යාලෙ යන්න අද ළමයින්ට වගේ තරගයක් තිබුනේ නෑ.හේතුව මට ඕන උනේ නොදන්නා දේ දන ගන්න.ඉතින් විශ්වවිද්‍යලෙත් ගියා.මහාචාර්ය එච් ශ්‍රියානන්ද ගුරුතුමා මෑතක් වෙනකම්ම මට කතා කළා.කවුරු වෙන්න හිතාගෙන ඉගෙන ගත්තද කියල අද්වෙනකන් දන්නේ නෑ.මට දැන් අවබෝදයි විද්‍යාව කියල අතපත ගාන්නේ බවුතික ලෝකේ මතුපිට,බාහිර පෙනුම විතරයි කියල.බාස්ල හදන පද්දතියක ලොක්කෙක් වෙනවට වඩා,මට මා කියන සංකල්පය තුල ශක්තිය නැවත ජනනය වීම වැලක්වීම තමා කලයුත්තේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    මැත කරන්න අධෝ අමාරුව තිබ්බ නිසා කරන්න ආවාට මා ඕ ලෙවල් වල ආසාවෙන්ම කරපු සබ්ජෙක්ට් එක කොමර්ස් විය .

    ප්‍රැක්ටිකල් ජීවිතෙට මහ වැඩක් නොවන කරුණු පුරවාපු සිලබස් එකක් සහිත හර සුන් හර විෂයන් අතර ටියුෂන් මරමින් පාස් වීමට හිත් කුකුසෙන් පසු වන විට
    අතිරේක විෂයන් තුන වශයෙන් මා කල කොමර්ස් ,නිර්මාණ හා තාක්ෂණවේදය සහ චිත්‍ර කියන විෂයන් වලින් ආසාවෙන්ම මා කල විෂය කොමර්ස් විය.

    කොමර්ස් වලට පසු මන් ආසාවෙන් හිටියෙ නිර්මාණ හා තාක්ෂණ වේදය කියන විෂයට.
    එහෙත් එම විෂයට ටියුෂන් නැති නිසාත් ,ඉනා ගුරුවරයා ඔනිවාට එපාවට කළ නිසත් එම විෂයෙ නිසි ප්‍රයොජනය ලැබීමට මා මෙන් එම විෂය කල අනෙකුත් මිතුරන් අපොහොසත් විය .

    එත් කොමර්ස් විෂයට මා දැක්වූයෙ පුදුම ඇල්මක් සහ ආසාවකි .
    බැංකු කටයුතු,ව්‍යාපර කටයුතු ලෙජර් ගිණුම් අතර මා අනිකුත් කිසි විෂයකට නොදැක්වූ උද්යොගයකින් අධ්‍යනය කටයුතු යෙදුන සැටි අද මෙන් මතකයි.

    මුඩුක්කු වල උන් බහුතරය සහිත මාගෙ පාසලෙ මුඩුක්කු වල උන්ගෙම ක්‍රියාවන් නිසා පාසල අමිහිරි තැනක් වෙන කල
    ඕ ලෙවල් ටියුෂන් ක්ලාස් මා හට දේවලයක් විය.
    එයිනුත් ම ආසවෙන්ම ගිය ටියුශන් ක්ලාස් එක කොමර්ස් විය.

    අප පාසලෙ හොඳට ඉගැන් වූ ඒ ලෙවල් විෂය වූ කොමර්ස් තොරා ගැනීමට හිතෙ කොනක ආසාව තිබුණත්
    පරිඝනක අධෝ අමාරුව ඉහ වහ ගොස් සිටි මා හට කුඩා කල සිට කිරීමට සිතා සිටි විෂය වූ ගණිත විෂය තොරා ගැනීමට මා දෙවරක් සිතුවෙ නැත.

    අප පාසලෙ ගණිත විෂයට තිබු ප්‍රතිඵල එතරම් සුභදායි නොවීය.
    එම නිසා ගණිත විද්‍යා විෂයන් කරන උන් බොහො අයෙකු රෝයල් ආනන්ද වැනි පාසල් කෙරෙ යොමු වෙ.
    එවැන්නකට යාමට ලකුණු නැති එහෙත් විෂය කිරීමට කැමති උන් ටික පාසලෙ ගණන් කිරීමට ඉතිරි වෙ.

    ගණිතය විෂය කිරිමට ආවත් බලාපොරොත්තු වූ ලෝකය එතන නොමැති බව මා හට ටික කලක් යන විට වැටහෙන්නට විය.
    එනම් මා සිතා සිටියෙ ප්‍රායොගික ලොකයට වැඩක් වෙන අන්දමෙ කරුණු එකී විෂයන් තුලින් ලැබෙවි යන්නය.
    එහෙත් එය එසෙ නොවීය.

    මැක්ස් ප්ලාන්ක් ගෙ කොන්ටම් වාදය ,අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය ,
    නිව්ටන්ගෙ ගණිත සංකල්ප වැනි දෑ ඇතැයි සිතා
    එවැන්නෙකු හෝ විය හැකිය යන සිතිවිල්ලෙන් ගණිතය කිරීමට පැමිණෛ මාහට බලාපොරොත්තු සුන් කරගැනීමට ගතවූයෙ කෙටි කලක්ය .
    ඉඳ හිට අමතර වෂයෙන් ටියුට් වල කොනක ප්‍රායොගික සම්බන්ධයක් පෙන්වා දී තිබුණද විභාගයක් වෙනුවෙන් පටන් ගත් වෙලෙ සිට යන්ත්‍ර මෙන් ගණන ටොන් ගණන් සැදීම කාරිය කරගත් ගණිත ඉගැන්වීම මා හට සැබවින්ම එපා වී තිබුණි.

    ටියුෂන් සර්ලාගෙ වලි ,ටියුශන් සර්ලා පදින වාහනය සහ වත්කම් සහ ලොකුකම් පම්පොරි මිතුරන් අතර නිතරම විය.
    අහවල් ටියුෂන් සර් ගාවට යන්නවුන් ඉහල තත්වෙ උනුත් එසෙ නොවන උන් අඩු කුලෙ උනුත් වෂයෙන් බෙදීම් ඇති වී තිබිණි.

    මව් දෙමාපියන්ට වඩා ටියුශන් ගුරා දෙවියෙකු වීරයෙකු බවට මාගෙ මිතුරන්ගෙ ලෝකවල අරක් ගන්නට විය .
    මා එසෙ නොවූවත් එසෙ වීමට සිදුවන්නටද විය .

    අනෙක් පසට මැත්ස් සහ බයො කර කෙල්ලන්ද එතරම් පෙනුමැති එවුන් නොවීය.
    පෙනුම තියෙන පට්ට කෑලි ටයිප් එකෙ උන් සිටියෙ කොමර්ස් පන්ති වලය.

    එමෙන්ම මැත්ස් කළ බහුතරය කොල්ලන් ද පට්ට කුහකයන් විය.
    කිසි කතා බහක් නැති තමන් ගැන පමණක්ම සිතන ආත්මාර්ථකාමීත්වයෙන් යුතු සිනහහවක් හෝ විහිළුවක් වත් නොදන්නා උන් මෙන් හැසිරුණ එවුන්ය.
    ගණනක් සදා එය කියාදීමට තරම් කාරුණික ඌ බුවාලා හරි අල්පය .

    කොමර්ස් ආර්ට් කරන කොල්ලන් අතර තිබු ආතල් සිනහ මුසු මුහුණු මැත්ස් බයො උන් අතර දැකිය හැක්කෙ කලාතුරකින් විය .
    කොමර්ස් කරන කෙල්ලන් සතුව පැවති රූපශ්‍රීය සහ සොශල් බව බයො මැත්ස් කෙල්ලන් අතර අවාරයෙ පොල් එන්නාක් මෙන් දුලබ දෙයක් විය .

    මෙවන් කෙලි අතරෙ බැඳගත් බෙරය ගැසීම විනා කල හැකි අන් කිසිවක් නොවූ හෙයින් කොමර්ස් කරා නම් හොඳයි යැයි සිතමින් මා ගණිත විෂයෙ නියැලෙන්නට විය.

    ඕ ලෙවල් කල ජැන්ඩියට ඇඳ පැලඳ හැන්ඩියා ඌ මා හට ඒ ලෙවල් කල එම තත්වය සම්පූර්ණයෙන්ම පහව ගිය අයෙකු වන්නට විය.
    ඇඳුම ගැන කිසිත් නොසිතන විද්‍යාත්මක ටොක්ස් වලින් කට පුරවා ගත්ත දාර්ශනික අදහස් වලින් හිත පුරවා ගත්ත අයෙකු වීමට සිදු විය .

    මා පෙම් බැඳි හා මට පෙම්බැඳි ලස්සන කෙල්ලන් ,පට්ට කෑලි සියල්ලක්ම පාහෙ කොමර්ස් විෂය කරන්නට විය.
    ඔවුන් දකින වරක් පාසා මට හිතුණෙ අනෙ මාත් කොමර්ස් කරානම් හොඳයි නේද යන්නය .

    ගණිත විෂය තොරාගත් මුල් අවධියෙදීම බොහො මිතුරන් මා සමඟ උරණ විය.
    මාගෙ එකී බොහො මිතුරන් පෙලක් ඕ ලෙවල් ෆෙල් උන්ය, අනෙකුන් ආර්ට්ස් සහ කොමර්ස් සහ බයො කල උන්ය.
    ඕ ලෙවල් කල එක බත්පත කාගෙන සිටි විහිළුවෙන් තහළුවෙන් සිටි
    සිනා මුසු මුහුණින් මා ඇමතු සියලු බොක්කෙ මිතුරන් මා සමඟ මෙතැන් සිට ගණු දෙනු කරෙ නන්නාදුනන අයෙකු ලෙසය.
    සමහරු මාගෙ මුහුණවත් බැලුවෙ නැත.

    එහෙත් ගණිත විෂයෙන් ලැබුණු පන්නරය අදටත් වැදගත්ය.
    එමෙන්ම එම විෂය කරනවා හෝ කලාය කියන දේට ඇති රෙස්පෙක්ට් එක අන් කිසි විශයකට නොලැබෙ.
    පාසලෙදි උවද දඬුවම් දීමෙදි කොමර්ස් ,ආර්ට්ස් එවුන් තරම් මැත්ස් බයො කළ උන් ගුටි කෑවෙ නැත.
    මක් නිසාදයත් එම විෂයන් වලට ගුරුවරුන් අතරද තිබුනෙ ලොකු ගෞරවයකී .

    ගණිතය නිසා දැනගත් දෑ බොහොය .
    අදටත් මා අළුත් දෙයක් ඉගෙනීමට උනන්දුවක් දක්වනවිට මැත්ස් කිරිමෙ පන්නරය වක්‍රාකාරව හෝ සෘජුව ඉවහල් වෙ.
    එහෙත් කොමර්ස් කරානම් නම්බුව ගෞරවය තැන කෙසෙ වෙතත් මීට වඩා සතුටක් හිතෙ තියෙවී නේදො කියන සිත්තැවුල මා හට ඉඳ හිට වද දෙන්නෙ උක්ත කී කාරණා නිසාය .

    P.S : හිතෙ ඇති වෙච්ච පොඩි සංවෙගයකට ලිව්ව දෙයක් බන් ගණන් ගනන් එපා .
    Huththa, Sinhalen kiyapan. What happened at last? What are you doing now?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Huththa, Sinhalen kiyapan. What happened at last? What are you doing now?
    අවසානයක් නැහැ තවම .
    දැනට වර්ක් ෆ්‍රොම් හෝම්.
    අවෙටින්ග් ටු මිග්‍රෙට්.

    ෆයිනැන්ෂියල් පැත්තෙන් ලොකුවට අවුලක් නැහැ .කොරොනා නිසා පොඩ්ඩක් කෙලවෙලා තියෙනවා.
    එක ඉතිං කාටත් වෙලා තියෙන දෙයක් නෙ .
    එත් මට හිතුණ දෙයක් මන් මෙ කෙටුවෙ.
    එත් මෙකෙ තිබ්බ සමහරක් රිප්ලයි නිසා මෙ දෙ ලියද්දි හිතෙ තිබ්බ සංවෙගය දුක ඇත්තම කිව්වොත් අඩු වෙලා ගියා.
    ඒ ගැන මට සතුටුයි .

    මම ඉපදුනේ අබ්බගාතයෙක් විදියට.උපතින් පුප්පුසීය දමනිය හීනියි ප්‍රමාණයෙන් බාගෙකට වඩා.අදටත් මගේ නාඩි වැඩකරන්නේ 35-45 අතර.ඔයහෙතු හින්ද අපේ අම්මල මට ඉගෙන ගන්න කරදර කරේ නෑ.(මෙහෙ ඉන්නවා ගොඩක් අකුරු බැරි )මම අකුරු ඉගෙන ගත්තේ සිත්තර,සතුට වගේ චිත්‍ර කතා පත්තර බලන්න.මාව දැක්කහම මිනිස්සු අමුතු වෙනවා.මම අවලස්සනයි.හැබැයි එක පාර ඕනදෙයක් මතක හිටිනවා.ගොවිතැන් වැඩ හොඳට ඉගෙන ගත්ත.මෙච්චර ගැටළුවක් සරීර අභාන්තරයේ තියෙන මට පුදුමේ කියන්නේ මහන්සි දැනෙන්නේ අඩුවෙන්.
    බොහොම නිදහසේ මම 5හෙ විභාගෙට ලිවුවා.මට අනුරාධපුර මද්‍ය විද්‍යාලයට ඇතුළුවෙන්න ලැබුන.එකට අම්ම එච්චර කැමති උනේ නෑ.මට ලොකු ගැටළු තිබ්බ.නියර දාන්න කුබුර බෙදන විදිය ඉඳන් හීවල් දැත්ත ගහන තැනට වෙනකං ඔක්කොම අවුල් බව දැනුනත් නිවැරදි කරගන්න විදිය තේරුනේ නෑ.ඒ කාලේ ෆෝන් තියා අපිට කරන්ට් එක වත් තිබුනේ නෑ.
    View attachment 144941
    නමුත් විදුසර පත්තරෙයි,සතර පත්තරෙයි තිබුනා.මේ අතරේ සෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් පොතත් අහම්බෙන් ලැබුනා.මෙහෙ ඕව ඉගෙන ගන්න ගුරුවරු අදටත් නෑ.එත් කුරුණෑගල ගිහින් බඩු ගෙනල්ල සකිට් හදන්න පටන්ගත්ත.කරන්ට් එක කියන්නේ මොකක්ද?ඒක මේ තබ කම්බි දිගේ යන්නේ කොහොමද ?කියන එක කාලයක් ලොකු ගැටළුවක් වෙලා තිබ්බ.මම මුලින්ම පාවිච්චි කරපු කෙමිකල් එක ෆෙරික් ක්ලෝරයිඩ්.(ඒ ලෙවල් කරද්දී කොටුවේ කාපිරි මුදුක්කුවෙන් කෙමිකල් ගන්න ගිහිල්ල,කොටුව පොලිසියෙන් මාව එලියට ගත්තේ මගේ ගුරු මවු වල්ලිපුරම් ගුරුතුමී)ඔය අතරේ ගැනු ළමයි මට තිබුනේ අමුතු එකක්.මගේ බයනැති ගතියත්,කිසිකෙනෙකුගේ හිතක් නොරිදවීමත් නිසා කෙල්ලෝ මට අනුකම්පා කළා.
    10 පන්තියේ දී මම සාමානය පෙළ විභාගේ බාහිර අපේක්ෂකයෙක් විදියට ලිවුවා.D4 ,C3, S1, S1 ඉංග්‍රීසි වලට.බලාපොරොත්තු සුන්.හේතුව මම හිතුවේ කාලය අපතේ යන නිසා උසස්පෙළ බාහිරින් කලින් කරන්න.මේ දේවල් අම්මලට තේරුනේ නෑ.හැබැයි කිසි දෙකට එපා කිවුවේ නෑ.උසස්පෙළ ගණිත අංශය තොර ගත්ත.සිලබස් එක ගත්ත දවසේ ඉඳන් මට තිබ්බේ ප්‍රශ්නම තමා.මට තිබ්බ ප්‍රශ්න නිසා ගුරුවරු මාව දැක්කහම මගාරින්න පටන් ගත්ත. ගමේ ඉස්කෝලේ විදුහල්පති තුමා මේ කාලේ හෝමාගම මහවිද්යාලේ හිටියේ.එතුමා මට කිවුව එහෙ ඕව ගැන දන්නා හොඳ ගුරුවරු ඉන්නවා.එයා උදවු කරන්නම් කියල.එතුමා මට වැල්ලවත්තේ,වල්ලිපුරම් ගුරුමැනියන්ව හදුන්වල දුන්න.පන්තිය පටන්ගන්න කලින් ගෙදර ගියහම එතුමිය මගේ විෂය ගැටළු ගොඩක් ලෙහල දුන්න.නමුත් මට තිබ්බ සමහර ගැටළු එතුමියටත් තිබ්බ.(ඕගනික් වල ඩයින් කාණ්ඩ ගැන) මෙකාලෙදිම මට ආනන්ද කළුආරච්චි ගුරුතුමා අහම්බෙන් බස් එකේදී අදුන ගත්ත.එතුමා කොලබ පන්ති පටන් ගත්තු ගමන්.මගේ විස්තර අහල පන්ති එන්න සල්ලි එපා කිවුව.මම ගියා.එක කරුණක් නිරවුල් කරගන්න ප්‍රශ්න අහද්දී එතුමා කිවුව"හැම නියායක් ම එකිනෙකට බද්ද වෙලා තියෙන නිසා කාලය/අවකාශය හා ආලෝකය අතර තියෙන බැදීම තේරුම් ගන්න ලේසියි "කියල,මට භාහිර ගැටළු අඩුයි.කවුරුවත් මාත් එක්ක එකපාරට පැටලෙන්නේ නෑ.පන්ති ආවහම ගොඩක් ඉන්නේ බඩගින්නේ.එත් පස්සේ කාලෙක ගුරුවරු කීපදෙනෙක්ම මට කන්න දුන්න,(සාමාන්යෙන් මම හාල් සේරුවක බත් කනවා)
    මේක දික් වෙනවා .කෙටියෙන් කියන්නම්.
    මට විශ්වවිද්‍යාලෙ යන්න අද ළමයින්ට වගේ තරගයක් තිබුනේ නෑ.හේතුව මට ඕන උනේ නොදන්නා දේ දන ගන්න.ඉතින් විශ්වවිද්‍යලෙත් ගියා.මහාචාර්ය එච් ශ්‍රියානන්ද ගුරුතුමා මෑතක් වෙනකම්ම මට කතා කළා.කවුරු වෙන්න හිතාගෙන ඉගෙන ගත්තද කියල අද්වෙනකන් දන්නේ නෑ.මට දැන් අවබෝදයි විද්‍යාව කියල අතපත ගාන්නේ බවුතික ලෝකේ මතුපිට,බාහිර පෙනුම විතරයි කියල.බාස්ල හදන පද්දතියක ලොක්කෙක් වෙනවට වඩා,මට මා කියන සංකල්පය තුල ශක්තිය නැවත ජනනය වීම වැලක්වීම තමා කලයුත්තේ.
    බාස්ලා හදන පද්ධතියක ලොක්කෙක් ?
    උඹ සිවිල් ඉංජෙක්ද ? අපෙ හැන්කොකා වගෙ ?
    මහණ වෙන සීන් එකට වැටිලාද ඉන්නෙ ?
    ------ Post added on Sep 23, 2021 at 12:36 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට නම් OL එපාම කරපු විෂය කොම්ස් ය.
    ක්ලාස් එකකටවත් ගියේ නැත්තේ ඉස්කෝලේ උගන්නපු සුපිරි ගුරුවරයා (බර්ටි) නිසාය.
    ජිවිතේ පළමු වතාවට ලාබ ලාබ ගිණුමක් තනියම එක්වර සාදා බැලන්ස් වීමේ සතුටට මට OL විභාග ශාලාපතිගෙන් වැඩිපුර කොලයක් ලැබුනේය.
    සතුටට ඩෙස්කෙට තට්ටුවක් දමා ඇති බව මට වැටහුනේ පසුවය. 🥱
    මටත් නම් OL එපාම කරපු විෂය කොමර්ස්. පට්ටම කුප්පි ටිකක් දාගෙන ගොඩ දාගත්තේ. දැනුත් ඔය ගිණුම් හිමියෝ ණයවර පත් වගේ අමුතු වචන ඇහෙනකොට කැරකිල්ල හැදෙනවා :lol:
    මැත නම් ඇගේම තිබුනදෙයක්ද කොහෙද පට්ටම විදිහට මීටරේට වැදුනා ...
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    අවසානයක් නැහැ තවම .
    දැනට වර්ක් ෆ්‍රොම් හෝම්.
    අවෙටින්ග් ටු මිග්‍රෙට්.

    ෆයිනැන්ෂියල් පැත්තෙන් ලොකුවට අවුලක් නැහැ .කොරොනා නිසා පොඩ්ඩක් කෙලවෙලා තියෙනවා.
    එක ඉතිං කාටත් වෙලා තියෙන දෙයක් නෙ .
    එත් මට හිතුණ දෙයක් මන් මෙ කෙටුවෙ.
    එත් මෙකෙ තිබ්බ සමහරක් රිප්ලයි නිසා මෙ දෙ ලියද්දි හිතෙ තිබ්බ සංවෙගය දුක ඇත්තම කිව්වොත් අඩු වෙලා ගියා.
    ඒ ගැන මට සතුටුයි .

    බාස්ලා හදන පද්ධතියක ලොක්කෙක් ?
    උඹ සිවිල් ඉංජෙක්ද ? අපෙ හැන්කොකා වගෙ ?
    මහණ වෙන සීන් එකට වැටිලාද ඉන්නෙ ?
    ------ Post added on Sep 23, 2021 at 12:36 AM
    You doing a job now? Past is the past putha, Keep this in mind

    Do what you like or like what you do.
     
    • Like
    Reactions: BruceWayne92

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Habai ithin Maths hondata puluwan nam Commerce karana eka gemak na. Mata Commerce walata asa nisa man giya e paththen. Iskole kale digatama 90+ thibba mata O/L Maths walata. 11 wasaredi anthima term test ekata (government eken dena) mata 100% marks thibba. O/L paper eketh kisima waradak une na man danna tharamin.

    O/L walata 8A & 1B awa. Eth man Commerce karanna giye. Podi kale indan Business Minded seen ekak thibba. Iskole Teachers la pawa kiwwe ai Science hari Maths hari karanne naththe kiyala. Gedarin nam ona ekak karanna nidahasa dunna.

    Commerce angema thibba da manda kisi awulak une na. Econ/Accounts wala ehema logical side eka lesiyenma oluwata giye nam Matha nisa thamai. AL wala wadi mahansiyakuth nathuwa Rank ekakuth damma. Class walin karagaththa dekuth na. Maha patta apathayo tikak hitiyeth ewage. Bata karayoi, Ciga gahana unui, wadihariyak kare Bamba Flats asse Cricket gahilla & Class eke un ekka MC eke ringilla thamai. Accounting witharai supirima sir kenek gawata giye.

    Campus eke unath Stat, Macro Econ, Finance, DCS wage logical seen okkoma lectures wadiya noyath A damma.

    Oya hama ekatama hethuwa widihata man dakinne Maths wala thiyena logical thinking thamai.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    මැත්ස් කරපු එක උඹට ජීවිතේ සෑහෙන්න ප්‍රයෝජනයක් වෙනවා තීරණ ගනිද්දි. උඹ නොදන්නවා උණාට. ඒක උඹට කියල වෙන්නෙ නෑ මැත්ස් කරපු නිසා මේක තේරුණා මේ සමීකරනෙන් මේක ආවා වගේ මොළේ උඹට කොදුරල කියන්නෙ නෑ. මැත්ස් කරපු උන්ගෙ විශේෂයක් තේරුණෙ උන් සාමාන්යයෙන් අනිත් විෂයවලත් හොද සාමාන්‍ය දැනුමක් තියෙන අය. වෙන සබ්ජෙක්ට් කරපු උන්ගෙන් සෑහෙන්න අඩු ප්‍රමාණයකට තමයි ඕක තියෙන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ මම මැත්ස් බයෝ දෙකෙන් ම හොද රිසල්ට් දැම්මා. අන්තිමට මෙඩිසින් ආවා. ඕන තරම් දැකල තියනව බයෝ උනුත් නොහිතන නොදකින නොදන්න බයොලොජිවල යම් යම් දේවල් වල හොද දැනුමක් තියෙන මැත්ස් එවුන්. උන්ගෙ සාමාන්‍ය දැනුම ඇවරේජ් එකක් විදියට හොද තැනක තිබුණා. ඒත් බයො උන්ගෙවත් නැහැ ඒකෙ අනිත් පැත්ත. එහෙම එක ම එකෙක් දැකල තියේ ගණිතය හොද දැනුමක් තියෙන කොන්සෙක්
    ado uba pera medicine neda..tv eketh ubwa pennuwa neda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අවසානයක් නැහැ තවම .
    දැනට වර්ක් ෆ්‍රොම් හෝම්.
    අවෙටින්ග් ටු මිග්‍රෙට්.

    ෆයිනැන්ෂියල් පැත්තෙන් ලොකුවට අවුලක් නැහැ .කොරොනා නිසා පොඩ්ඩක් කෙලවෙලා තියෙනවා.
    එක ඉතිං කාටත් වෙලා තියෙන දෙයක් නෙ .
    එත් මට හිතුණ දෙයක් මන් මෙ කෙටුවෙ.
    එත් මෙකෙ තිබ්බ සමහරක් රිප්ලයි නිසා මෙ දෙ ලියද්දි හිතෙ තිබ්බ සංවෙගය දුක ඇත්තම කිව්වොත් අඩු වෙලා ගියා.
    ඒ ගැන මට සතුටුයි .

    බාස්ලා හදන පද්ධතියක ලොක්කෙක් ?
    උඹ සිවිල් ඉංජෙක්ද ? අපෙ හැන්කොකා වගෙ ?
    මහණ වෙන සීන් එකට වැටිලාද ඉන්නෙ ?
    ------ Post added on Sep 23, 2021 at 12:36 AM
    tho kohetada migrate wenna hadanne
     
    • Like
    Reactions: BruceWayne92