ඕයි මන් ටයිටල් එක කියවද්දිත් හිතුවේ මේ ත්‍රෙඩ් එකේ ඔයවගේ එකක් දාලා එහෙම එකක් හදමු කියන්න.
මන් යන්න ආසාවෙන් ඉන්න තැන් (මතක් උන සැරේට අප්ඩේට් කරන්නම් )
මෙතන යාළුවො කියන්නේ සෝලෝ කිවා වගේ
තම්න් වගෙම හිතන පාට්නර් කෙනෙක්
1. පානම - තනියම හෝ යාලුවෙක් එක්ක (බස් එකේ 98 පාර වෙන්න ඕනේ උදේ 545ට යන බස් එකේ )
2. කිරින්ද - යාලුවෝ සෙට් එකක්
3. මාතලේ - තනියම හැබැයි සතියක් විතර ( එහෙ මහා රෑට සද්ද නැති උනාම පාරට කන තිබ්බම වතුර ගලන යනවා අහෙනවලු එහෙම ඇහෙන තැන ටිකක් හොයාගන්න ඕනේ )
4. බණ්ඩාරවෙල - තනියම හෝ යාලුවෙක් එක්ක (ගයිගර් කවුන්ටරයක් සමග ) - මට කාලෙකට කලින් සර් කෙනෙක් කිවා එහෙ තියෙනවා කියලා සැර අඩු හැබැයි විකිරණශීලී ද්‍රව්‍ය තියෙන ස්වාභාවික ගල් වගයක්. ඒවා එකක් හොයාගන්න යන්න ඕනේ
5. පැට්නා - සෙට් එකක් - ඒ පැට්නා වල ගග වගේ එක පටන් ගන්න තැන හොයාගෙන ඊ වතුර පාර දිගේ උඩහට යන්න ආසයි