හොර සිම් ජාවාරම් කාරයෝ (I should have used this title
)
සම්පූර්ණ සිද්දිය...
"
සර්, free සිම් දෙනවා, හැඳුනුම්පත ඔනේ නැහැ," ඉතින් මමත් ගිහින් බැලුවා මොකක්ද මේ කියලා, ඉට පස්සේ මේකා කියපි රූ 600-800 ක පැකෙජ් දාන්න ඔනෙලු, ඉතින් යකෝ මට මොකටද ඔවා ගෙදරම slt fiber තියෙද්දී data පැකෙජ්, මම කිව්වා ආ.... කමක් නැහැ මම පස්සේ වෙලාවක බලන් නම් කියලා උන්ගේ හට් එක පසු කරලා ඉස්හරාට යන්න ගියා, මේ කැරියා මාගේ පස්සෙන් ඇවිත් සර් එන්න එන්න තව බලමු කියලා වාතයක් උනා ,මේකා පාරේ මැද මාත් එක්ක අමුතු විදිහට චන්ඩ් පාට් එක දාගෙන එන්න ගත්තා (එම මොහොතේදී: මම එකාගෙන් ඇත්ව යන කොට එකා මාගේ අතෙනුත් අල්ල ගත්තා, මම ඉතින් එකාගේ අත තද කරලා අයින් කරා), මම එකාට ඉට පස්සේ කිව්වා " තමුසේ වැඩිය එන්න එපා පොලිසියට කියනවා කියලා" මේකා ඉට පස්සේ තමයි මල පැනලා කුණු හරුප කිය කියා එකාගේ හට් එක පැත්තට යන්න ගියා, මම එදා බැන්කු වැඩකට ගියේ, මාර පිස්සු වැඩක්නේ උනේ කියලා හිත හිත මාගේ වැඩේ කරගන්න ගියා..

ඕක තමා සම්පූර්ණ සින් එක...
වාහන drive කරන කොට වෙනදේවල් ඉතින් උබලට මම කියන්න ඔනේ නැහැනේ

, ඒ ක්රිමය දැන් පාරවල් වලත් කරන්න මිනිස්සු පුරුදු වේලා, ආයේ මේ හිගන නුවරට යද්දී body cam එකක් හයි කරගෙන තමා යන්නේ, මුන්ට සමාජප්රශ්ණ කියලා අපිව කන්න යනවා.