මිනිස් මසට ප්‍රිය කරන ලොව දරුණුතම ගෝත්‍ර&#3538

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
මිනිස් මසට ප්‍රිය කරන ලොව දරුණුතම ගෝත්‍ර&#3538

මනුෂ්‍ය වාසයෙන් ඈත්ව වාසය කරන සමහරක් ගෝත්‍රික කණ්ඩායම් මිනීමසට දැඩි ලෙස කෑදරකමක් දක්වනවා.ඔවුන් කොතරම් දරුණුද කියා පවසනවානම් මිනිසෙකු දුටුවොත් මරාගෙන කන තරමටම ඔවුන් ඉතාමත් දරුණුයි. එවැනි ගෝත්‍රික කණ්ඩායම් පාදක කරගෙන නිපදවනු ලැබූ චිත්‍රපටි ඔබ කොතෙකුත් දැක ඇති. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ලොව වාසය කරන මිනීමස් ආහාරයට ගනු ලබන දරුණුම ගෝත්‍රිකයන් ගැනයි.
The Carib
ds.jpg
මිනිස් මාංශ ආහාරයට අරගනු ලබන නිසා තමයි මෙම මිනිසුන් (කැරිබ්) යන නාමයෙන් හඳුන්වන්නේ. වාර්තා වෙන ආකාරයට තම වර්ගයාගේම මස් මාන්ශ අනුභව කරන චරියාව පුරුදු පුහුණු කරනු ලැබූ ප්‍රථම ගෝත්‍රිකයින් කණ්ඩායම වෙන්නේ මොවුන්. කැරිබියානු සාගරයෙන් වට වූ (ඇන්ටිලස්) කියන දුපත් සමුහයේ තමයි මොවුන් ජීවත් වී තිඛෙන්නේ. මෙම කැරිබියානු මුහුදේ යාත්‍රා කරන නාවිකයින් මොවුන් හඳුන්වන්නේ ඇන්ටිලස් දුපතේ ජීවත් වෙන කැරිබ් ගෝත්‍රිකයින් යන නාමයෙන්.

කොලොම්බස් ගේ වාර්තාවලද මොවුන් පිළිබඳව සඳහන් වෙනවා. ඔහුගේ වාර්තාවල සඳහන් වෙන්නේ (කැනිබා) යන නමයි. එය නම් මිනීමස් කන මින්සුන් හඳුන්වන්න භාවිතා කරන තවත් නාමයක්. මෙම කැරිබියානු ගෝත්‍රිකයින් සාමන්‍යයෙන් ආහාරයට ගන්නේ ඔවුන්ගේ සතුරන්ගේ මස්. ක්‍රිස්තියානි ආගම පැතිරීමත් සමග එම සංස්කෘතිය සෙමෙන් අත්රුදහන් වී තිඛෙනවා.

The Aztec
safw.jpg
කොලොම්බස්ගේ වාර්තා වලට අනුව වඩාත්ම සහාසික සහ අමානුෂිකම ගෝත්‍රිකයින් වෙන්නේ මෙම ඇස්ටෙක් කියන ගෝත්‍රිකයින්. ඔවුන් සෑම අවුරුද්දකම මිනිසුන් දහස් ගණනක් බිලිදෙනවා. ඔවුන් බිලිදීම සඳහා යොදා ගනු ලබන පුද්ගලයාගේ හදවත පනපිටින්ම ගලවා ගෙන එය සැවොම සමග අනුභව කරනවා. ඒ විතරක් නෙවෙයි එම ශරීරයේ අනෙකුත් කොටස්ද ආහාරය පිණිස භාවිත කරනවා. මොවුන් ජීවත් වී තිඛෙන්නේ මධ්‍යම මෙක්සිකෝවේ.
The Africans
u.jpg
මෙම මහද්වීපය තවමත් මිනිස් මාංශ අනුභවය කරන මිනිසුන් ජීවත් වෙන මහාද්වීපයක්. එසේ වුනත් මෙහි මින්සුන්ගේ මාංශ විකුණන බවක් නම් ඇසින් දුටු කෙනෙකු නැහැ. නමුත් වාර්තාවී තිඛෙනවා අප්‍රිකාවේ සංචාරය සඳහා ගිය පුද්ගලයින් බොහොමයක් අතුරුදහන් වී තිඛෙන බව. කොන්ගෝ වනාන්තරය ආසන්නයේ සිටින මිනිසුන් පැහැරගෙන යන කණ්ඩායම් දෙකක් පිළිබඳව පැහැදිලි සාක්ෂි පවතිනවා. දෙවන ලෝක යුද්ධය වගේම ලිබියාවේ සහ සීරා ලියොන් හී පැවති සිවිල් යුද්ධ සමයේදී වැඩි වශයෙන්ම මිනිස් මාංශ අනුභව කරන පුද්ගලයින් අප්‍රිකාවේ සිට තිඛෙනවා.

The Korawai
er.jpg
මෙම (කොරොවයි) කියන ගෝත්‍රිකයින් ඉන්දුනීසියාවේ පැපුවා වල තමයි ජීවත් වාසය කරන්නේ . ඒවගේම ඔවුන් මේ වනවිටත් මිනිස් මාංශ ආහාරයට ගනු ලබනවා. ඔවුන් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ ඔවුන්ගේම කණ්ඩායමේ ඉන්න සැකසහිත සාමාජිකයින්. පන පිටින්ම එම පුද්ගලයාගේ මොලය ආහාරයට ගැනීමට තමයි ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ. ඒවගේම මොවුන්ගේ වාසස්ථාන උස් ගස් වල මුදුන්වල සෑදීමට කටයුතු කරන්නේ සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහායි.

The Maori
sadw.jpg
නවසීලන්තයේ ජීවත් වෙන මෙම (මාඕරි) කියන ගෝත්‍රිකයින් මිනීමසට ප්‍රිය කරන තවත් පිරිසක්. මොවුන් පිළිබඳව සෑහෙන තොරතුරු වාර්තා වෙනවා. ඒවගේම මිනීමස් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතික අංගයක් බවද සොයාගෙන තිඛෙනවා. ඔවුන්ට හසු වූ සතුරන්ට සිදු වෙන්නේ ඔවුන්ගේ ආහාරයක් වීමටයි. එසේ හසු වෙන සෑම සතුරෙකුගේම මාන්ෂයන් ඔවුන් අනුභව කරනවා. බ්‍රිතාන්‍ය නැවක පැමිණි පිරිසක් මෙම ගෝත්‍රයේ ප්‍රධානියාගේ පුත්‍රයා මරා තිඛෙනවා මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ වෙනුවෙන් පලිගැනීම සඳහා එම ගෝත්‍රිකයින් නැවේ සිටි සියලුම දෙනා මරා අමු අමුවේම ආහාරයට ගෙන තිඛෙනවා. එම පිරිස 66ක් බව වාර්තා වෙනවා.

මෙම ලිපියෙන් සඳහන් කරන ලද ගෝත්‍රිකයින්ගෙන් පැවත එන මිනිසුන් අදත් අපි අතර ජීවත් වෙනවා. ඔවුන් ප්‍රසිද්ධියේම මස් මාංශ අනුභව කරේ නොමැති වුනත් රහසේ මිනිස් මාංශ අනුභව කරන බව යම් යම් තැන වලින් වාර්තා වෙනවා.[/COLOR]
 
Last edited:

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඔය පිංතූර ගත්ත එකාවත් මරං කන්න ඇති නේද බං....??
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol:
    පුස්සා මාර ටැලන්ට් පොරක් බං..
    :love:

    සිරාවටම බන් සුපිරිම ඩයල් එකක් පොරනම් :yes:
    මට තියන ප්‍රශ්නේ මිනිහ එකපාරටම සුදු උනේ කොහොමද කියල බන්
    මම පොරගේ fb page එකට ගිහිල්ල බැලුව..මිනිහ එකා පාරටම සුදු වෙලානේ බන් ..බ්ලීච් එකක් වත් කොලාද දන්නේ නෑ :baffled::baffled: