මේක තමන්ගේ වාසියට හදාගත්තු කතාවක් සහෝදරයා.එතකොට කනකොට තමුන් දන්නේ නැහැ මේ කන්නේ සතෙකුගේ මස් නේද කියල. මේ සතා මැරෙද්දි කොයි තරම් වේදනාවක් විඳින්න ඇතිද ? මිනිස්සු කන හින්ද තමයි කඩවල්වල ශීතකරණයට මස් එන්නේ. මාළු මාකට් එකේ මාළු විකිනෙන්නේ. තම තමුන්ට පුළුවන් ප්‍රමාණෙන් මස් මාළු නොකා හිටියොත් මැරෙන සත්තුන්ගෙන් එක සතෙක් හරි අඩුවෙන් ඝාතනය වෙයි.
හලාල් එපා කියල වර්ජනය කරාම හලාල් සහතිකේ ගන්න එක අඩු වෙනවා වගේ තමයි සහෝදරයා මස් මාළු කන එක නවත්තන එකෙනුත් වෙන්නේ. අපේ රටේ තියෙන සත්ව ඝාතනාඝාර වැහිලා යනවා.
අධික රස තෘෂ්ණාව හින්ද මේ කන්නේ සතෙකුගේ මස් කියන එක අමතක කරලා දාල රස විඳින එකයි අපේ මිනිස්සු කරන්නේ? මිනිස්සු ඒ ගැන හිතන්නවත් කැමති නැහැ.
මමත් ඒකට එකඟයි සහෝ.ඔයා කියන දේම තමයි මමත් මම දාපු පෝස්ට් එකේ ම මැද හරියෙ ඒ ගැන දාලා ඇති.අධික තෘෂ්ණාව නිසා මේ ගැන වැඩි සෙවීමක් බැලීමක් නෑ.මිනිස්සුන්ට දැන් හැඩගැහිලා තියෙන්නෙ ආහාරයක රස කොහොම ද කියන දේ සළකන්න මිසක් සතා මැරුනෙ කොහොම ද කියන දේ ගැන නෙමෙයි.

මේක තමයි ලොකුම ගැටලුව.මනුෂ්‍යයා තෘෂ්ණාවෙන් වැහිලා ඉන්නෙ
මෙතනදි චේතනාව ත් පවත් අතරෙ ගැටලුවක් ආපු නිසයි මම එහෙම ආරම්භයක් ගත්තෙ.නැතුව මම මස් මාංශ අනුභවය සාධාරණීකරණය කරන්න හදනවා නෙමෙයි.


සහෝගෙ සමහරක් පෝස්ට් මම බලලා තියෙනවා ඒ වගේම සහෝ හුඟක් හොඳ කෙනෙක් කියලත් ඒවගෙන් තේරෙනවා.


ඔබ කියන දේත් එක්ක එකඟයි.නමුත් ඕනෑම දේකට චේතනාව පදනම් වෙනවා