පරණ ත්‍රේඩ් එකක්නෙ. සමහරවිට පළමු හේතුව තේරුම් ගැනීමට උත්සහ නොකිරීම වෙන්න පුළුවන්. අනේ මට ඕව තේරුම් ගන්න කම්මැලියි කියල හිතල එක්කො උඩින් වචන ටික විතරක් කියෝගෙන යයි. එහෙම නැත්තම් මුල් පේලියක් දෙකක් කියවල නිකන් ඉඳියි. මිනිස් සිත ක්‍රියාත්මක වෙන්නෙ ඒ වගේ තමයි සමහර වෙලාවට.
එහෙමත් නැත්තම් ඉතින් තමන් සතු වචන ගබඩාවෙ හිඟකම වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පොත් පත් කියවන්න කම්මැලි අයට ඒ වගේ හිඟතාවයක් ඇතිවෙන්න පුළුවන්.
සමහර නිර්මාපකයො ව්‍යංගාර්ථයෙන් හෝ බහුආර්ථයෙන් ලියනව. එතකොට ඉතින් ඒ වගේ ඒව තේරුම් ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. රචකයාගෙ අදහස ම නොවෙන්න පුළුවන් කියවන්නාට තේරුම් යන්නෙ. කියවන්නාගෙ රුචිකත්වය අනුව එයා ඒ දේ දකින විදිය අනුව තේරුම් ගන්නව වෙන්න පුළුවන් ඒ නිර්මාණය.
තව සමහරු ඉන්නව නිර්මාණයක් කරද්දි තමන් දන්න ගැඹුරු ම භාෂාවෙ වදන් පාවිච්චි කරන්නෙ. සමහරු කියයි ඒකට නිර්මාණයේ පෝෂණය හා භාෂාවේ විකාෂණය වෙනුවෙන් එහෙම කරනව කියල. ඒත් මගේ පෞද්ගලික අදහස අනුව නිර්මාණයක් කරද්දි ඒක අනිත් අයට තේරුම් ගන්න හැකිවෙන්න ඕන. සරල වචන පාවිච්චි කළා කියල නිර්මාණය වැදගැංම්මකට නැතිවෙන්නෙ නෑ. කියවන්නාගේ රසය දියුණු කිරීම සඳහා ඒ වගේ නිර්මාණයක් ඉවහල් වෙනව සියලුම වචන ගැඹුරු සාහිත්‍යය රසය පමණක් ඉස්මතු කරනවට වැඩිය. සේරම වචන ගැඹුරුනම් හා තේරුම් ගැනීමට අපහසුනම් ඒ නිර්මාණය කියවන්නෙ නෑ බහුතරයක් අය. සාහිත්‍යය දියුණුවට කටයුතු කරනවනම් ඉතින් ඒ අය කරන්න ඕන සරල වචන එක්ක අර වගේ ගැඹුරු වචනයක් දෙකක් එකතු කිරීම. එතකොට නිර්මාණයත් ඕන කෙනෙකුට තේරුම් යනව විතරක් නෙවෙයි අර වගේ අලුත් වචනත් නිරායාසයෙන් කියවන්නාගේ වචන ගබඩාවට එකතු වෙනව.
(මේ කිවුව කිසි දේකින් අදහස් වෙන්නෙ නෑ මං නිර්මාණ තේරුම් ගන්නට සමතෙකු බව. ඒ වගේ ම මේ කිවුව කිසි දෙයකින් මං සාහිත්‍යය හෝ භාෂාව ගැන පෘතුල අවබෝධයක් ඇත්තෙක් ලෙස කියවෙන්නෙත් නෑ. මෙතන ඉන්න අයගෙ දැනුමට වඩා මගේ දැනුම අඩු බව පමණක් සඳහන් කරන්න කැමතියි.)