ඉවරයි කිව්වට මේක තමයි අවසාන එක. 
මෙහෙමයි මචං ලොකු ඉඩමක් තියෙනව. ඒක 3න් දෙනෙක්ට අයිතියි පත්තිරු වල නම් තියෙනව. නමුත් වෙන වෙනම ඔප්පු නෑ මොකද මැනල වෙන් කරල නෑ තනි කෑල්ල තියෙන්නෙ. ඒ මුලු ඉඩමටම එන්න තියෙන්නේ එක පාරයි. ඒක ඔය රතුපාටින් පෙන්නල තියෙන්නේ. නමුත් ඔය ඉඩමේ ඉහල මායිම දිගටම තියෙන්නේ ප්‍රධාන පාර. දැනට ඔය ඉඩමේ 3න් ගොල්ලන් කරන්නේ එළවලු ගොවිතැන. ඉතින් හැමෝම යන්නෙ එන්නේ අර පාරින් ඉඩම් 3න වෙන් කරල නැති නිසා.
අපි බෙදාගන්න හදන්නේ මෙන්න මේ ආකාරයට.
දැන් ඔය කොලපාටින් ඩොට් තියල තියෙන්නේ මගේ වෙන්න යන කෑල්ල. නිල්පාට ඊතලයෙන් පෙන්වන්නේ ප්‍රධාන පාර. රතුපාට ඊතලයෙන් පෙන්වන්නේ කලින් මුලු ඉඩමටම තිබ්බ පාර.
මගේ ගැටලුව ඔය රතුපාටින් තියෙන පාර කලින් මුලු ඉඩමටම තිබ්බ පළියට. ඔය ඉඩම ඉහත දක්වා ඇති පරදි බෙදා වෙන්කරොත්. මම ඔය පාර දෙන්න ඕනෙද අනිත් කෑලි වලට යන අයටත්? මොකද මේක බෙදා වෙන්කරාට පස්සේ අනිත් කෑලි වලට එයාල ප්‍රධාන පාරෙන් පාරවල් හදාගන්න ඕන නේද?
මම දැකල තියෙන දෙයක් තමයි ලොකු ඉඩමක් කොටස් කරල විකුනද්දි ඒ ඒ කොටසට යන්න පුලුවන් විදියට පාරවල් දාල තමයි විකුනන්නේ. කුවුරුවත් තව කෙනෙක්ගේ ඉඩම මැදින් යන්නෑනේ?
මම මොකක්ද මෙතන ගන්න ඕන තීරනේ? මොකද මචං මේ ගන්න තීරනේ හරියට ගන්න එක මටයි මගෙන් පස්සෙ මගේ දරුවොන්ටයි බලපාන දෙයක් නිසා.
මමත් ආස නෑ ඉඩම මැදින් යනවට. මොකද ඔය ඉඩම්වල අයිතිකාරයො නෙමේ ඕව වල එළවලු දාල තියෙන්නේ බද්දට කරන අය. මෙයාලගෙන් කරදර තියෙනව. ඉවසන් ඉන්නව මම රන්ඩුසරුවල් වලට නැති කෙනෙක් නිසා.
සරලවම අහන්නේ අර කොලපාටින් පෙන්වල තියෙන විදියට මගේ කෑල්ල වෙන් කරාට පස්සේ මට පුලුවන්ද අනිත් කෑලි වලට ඒ පාරෙන් අනිත් අයට යෑම අවහිර කරන්න?
අවුලක් ගන්න එපා බන් මම සෙටල් ඩවුන් වෙන්න හදන්නේ මේව නිරුවලක් කරගෙන මොකද ගෑනියෙක් ගෙනාවම ඒ ගෑනිටත් එපා වෙනවනේ ඔය ප්‍රශ්න තියෙනකොට.