මෙහෙම වෙන්නෙ මට විතරද??
මේකයි මචං කේස් එක මම මලාට ලද දෙයින් සෑහීමකට පත්වෙන එකෙක් නෙවෙයි...ඒ කියන්නෙ මෙහෙම හිතමුකො ඔන්න මට වාහනයක් නෑ මම බස් එකේ යන්නෙ කියලා එතකොට මට පට්ටම ආසයි ඇල්ටෝ එකක් හරි ගන්න තමන්ගෙම වාහනේක ආතල් එකේ යන්න එතකොට පාරෙ ඇල්ටෝ වල යන උන්දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ ඔන්න ඔහොම ඉදලා මම ඇල්ටෝ එකක් ගත්තා කියමුකො ඔන්න අරං මම උපරිම මාසයක් දෙකක් සතුටෙන් ඇල්ටෝ එක පදී ඊටපස්සෙ හිතෙනවා මේකෙනං ඔප්ෂන් මදි නේ?? සැප පහසුවත් අඩුයි AC එහෙමත් මෙලෝ රහක් නෑ අනික ඉන්දියන්නෙ...etc.....ඊටපස්සෙ හිතෙනවා wagonR එකක්වත් ගත්තනං පට්ට ඔප්ෂන් ඔක්කොමත් තියනවා ට්‍රැෆික් එකේ යන්නත් පට්ට අනික ජපන් වාහනේනේ....etc...ඊටපස්සෙ ඇල්ටො එක ඇතුලෙ ඉදන් පාරෙ යන wagonR දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...ඔන්න ඔහොම කාලයක් ගිහිං මම ඇල්ටෝ එක දීලා වැගන්R එකකුත් ගත්තා කියමුකො ඒත් මම ඒකෙනුත් සැටිස් වෙයිද ඒත් නෑ බං උපරිම මාස දෙක තුනක් සතුටෙන් ඒක පදී ඊටපස්සෙ හිතෙනවා වැගන්R එක මෙලෝ රහක් නෑනෙ පිකප් එකත් මදි 650CCනෙ අනික හැටි!! පාන් බාගෙ වගේ....etc ඊටපස්සෙ හිතෙනවා ඇක්වා එකක්වත් ගත්තානං පට්ට 1500CC නෙ ඕන ගමනක් අවුලක් නැතුව ගිහෑකි අනික ලුක් එකත් පට්ටනෙ ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි...etc ඔන්න ඊටපස්සෙ wagonR එක ඇතුලෙ ඉදන් පාරෙ යන ඇක්වා දිහා කෙල හල හල බලන් ඉන්නවා ඇක්වා එකක් ගත්තත් මේක ඉවර වෙයිද පිංවතුනි නෑ ඒත් දිගටම මේ ලූප් එක කැරකෙනවා...............දැන් තොපි බලනවා ඇති මොන බයිලාවක්ද මූ මේ කියවන්නෙ කියලා " ඕක තමා යකෝ මනුෂ්‍ය ස්වභාවය / කෙලෙස් තියනකං ඔහොම තමයි බං / දැන් තෝ ඕක කිය කිය මේකෙ අඩෝවැඩියා දාන්නැතුව ගිහිං රහත් වෙයන්කො" වගේ කමෙන්ට් උබලගෙ ඇගිලි අගටම ඇවිල්ලා ඇති...හෝව් !! හෝව්!! මම එහෙම බයිලාවක් අහන්න නෙවෙයි මේක දැම්මෙ වෙන කේස් එකකට මෙහෙමනෙ බං අර උඩ කිව්ව කාර් උදාහරණෙනං මනුෂ්‍ය ස්වභාවය වගේ සීන් එකක් කියලා ශේප් කරලා දැම්ම කියමුකො කොහෙන් හරි සල්ලි හොයාගෙන වාහනත් අවුරුද්දෙන් අවුරුද්දට මරු කරා කියමුකො ඒත් මචං ඒ තියරිය දාල ශේප් කරන්න බැරි සීනුත් තියනවනෙ දැන් තමා මේන් සිනාරියෝ එකට එන්ටර් වෙන්න හදන්නෙ ඒ තමා "කෙල්ලො!!"
ඒ කියන්නෙ මචං මගෙ අර ලද දෙයින් සෑහීමකට පත්වෙන්නැති සීන් එක කාර්/බයික් වලට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් බලපෑවා
මේකෙදී අර "මනුස්ස ස්වභාවය"තියරිය දාල ශේප් කරනවත් අවුරුද්දෙන් අවුරුද්දට කෙල්ලො මාරු කරන්නවත් බෑනෙ බං අන්න ඒකට තමා මට උබලගෙන් උපදෙසක් ඕන
ඒකියන්නෙ මෙහෙමයි කොච්චර ලස්සන කොච්චර හොද කෙල්ලෙක් දාගත්තත් දාගෙන මාස දෙක තුනක් ආතල් එකේ ඉදී ඊටපස්සෙ මට හිතෙන්නෙ මීට වඩා ලස්සන & හොද කෙල්ලෙක් මට දාගන්න පුලුවන් කියලා දැන් මේක තුන් පාරක් මට උනා ඒ කෙල්ලො තුන් දෙනාම ලස්සන හොද දාගන්න කොල්ලො මැරෙන්න හදන මට්ටමේ කෙල්ලො මම උන් එක්ක යාලු උනේ බොරුවට වත් ආතල් අරං මගදි නවත්තන්න හිතාගෙනවත් නෙවෙයි ඒත් ඒ තුන් පාරම අර උඩකී "මට මීට වඩා හොද ලස්සන කෙල්ලෙක් දාගන්න පුලුවන්"/"ලෝකෙ මීට වඩා ලස්සන හොද කෙල්ලො ඉන්නවා" තියරි ඔටෝ ඇප්ලයි වෙලා මට ඒවා එපාවෙනවා
වෙන එකක් තියා මචං ශර්ට් එකක් ගන්න ගියත් ටවුන් එකේ ප්‍රසිද්ධම ශොප් තුන හතරටම ගිහිල්ලා ඒ ඔක්කොගෙම තියන ශර්ට් බලලා තමා මම ගන්න ශර්ට් එක තීරණය කරන්නෙත්..ඒකියන්නෙ සමහරවිට මම යන පලවෙනි ශොප් එකෙන්ම ලස්සන පට්ට හිතට අල්ලන ශර්ට් එකක් සාදාරණ ගානකට මට හම්බුනා කියමුකො ඒත් අර ශොප් ඔක්කොගෙම නොබලා ඒක ගත්තොත් හිතට සැටිස් නෑ ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් ඊට වඩා අඩුවට වෙන ශොප් එකක තිබ්බොත් කියලා හිතෙනවා...ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් නෑ කියලා පෙනුනොත් ආය පලවෙනි ශොප් එකට ගිහිල්ලා තමා සැටිස් පිට ඒ ශර්ට් එක ගන්නෙ
ඒත් මචං කෙල්ලොන්ට ඒ තියරිය ඇප්ලයි කරන්නත් බෑනෙ ඒකියන්නෙ පැය 6,7ක් හරි කට්ට කාල ටවුන් එකේ ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා පට්ට ශර්ට් එකක් නෑ කියලා සැටිස් පිට ඒ ශර්ට් එක ගත්තට මට මේ මුලු ලංකාවේම ඉන්න කෙල්ලො බලන්න බෑනෙ බං ඒක ලොවෙත් ප්‍රැක්ටිකල් නෑනෙ ඒත් කරුමෙ කියන්නෙ එහෙම නොකරොත් හිතට සැටිස් නෑ
දැන් නං මට මං ගැනම කලකිරිලා ඉන්නෙ බං මොකද කෙල්ලො කියන්නෙත් මිනිස්සුනෙ උන්ටත් හැගීම් දැනීම් තියනවා මට හිතෙනවා මම අර කෙල්ලොන්ට බලාපොරොත්තු දීලා උන්ව රැවැට්ටුවා කියලා සමහර විට මට තව කෙල්ලො 10ක් විතර එක්ක යාලු උනාට පස්සෙ හිතුනොත් දෙවනි කෙල්ල තමා හොදම කියලා බඩුම තමා ඇයි ආය දාගන්න කියලා ඈ .........මට තව ලස්සන හොද කෙල්ලෙක් හොයා ගන්න එකත් අවුලක් නෑ ඒකිව දාගන්න එක අවුලකුත් නෑ ඒත් ඒ කෙල්ලගෙන් සෑහීමකට පත් වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ හැබැයි මට තවත් කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්නත් බෑ දැන් ඇති කරගත්ත පව්....දැන් මට මේකෙ ඉන්න බැදපු අයියලාගෙන් දැනගන්න ඕන මෙන්න මේ ටික
1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?
3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??
5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්