මෙහෙම වෙන්නෙ මට විතරද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මෙහෙම වෙන්නෙ මට විතරද??

    මේකයි මචං කේස් එක මම මලාට ලද දෙයින් සෑහීමකට පත්වෙන එකෙක් නෙවෙයි...ඒ කියන්නෙ මෙහෙම හිතමුකො ඔන්න මට වාහනයක් නෑ මම බස් එකේ යන්නෙ කියලා එතකොට මට පට්ටම ආසයි ඇල්ටෝ එකක් හරි ගන්න තමන්ගෙම වාහනේක ආතල් එකේ යන්න එතකොට පාරෙ ඇල්ටෝ වල යන උන්දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ ඔන්න ඔහොම ඉදලා මම ඇල්ටෝ එකක් ගත්තා කියමුකො ඔන්න අරං මම උපරිම මාසයක් දෙකක් සතුටෙන් ඇල්ටෝ එක පදී ඊටපස්සෙ හිතෙනවා මේකෙනං ඔප්ෂන් මදි නේ?? සැප පහසුවත් අඩුයි AC එහෙමත් මෙලෝ රහක් නෑ අනික ඉන්දියන්නෙ...etc.....ඊටපස්සෙ හිතෙනවා wagonR එකක්වත් ගත්තනං පට්ට ඔප්ෂන් ඔක්කොමත් තියනවා ට්‍රැෆික් එකේ යන්නත් පට්ට අනික ජපන් වාහනේනේ....etc...ඊටපස්සෙ ඇල්ටො එක ඇතුලෙ ඉදන් පාරෙ යන wagonR දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...ඔන්න ඔහොම කාලයක් ගිහිං මම ඇල්ටෝ එක දීලා වැගන්R එකකුත් ගත්තා කියමුකො ඒත් මම ඒකෙනුත් සැටිස් වෙයිද ඒත් නෑ බං උපරිම මාස දෙක තුනක් සතුටෙන් ඒක පදී ඊටපස්සෙ හිතෙනවා වැගන්R එක මෙලෝ රහක් නෑනෙ පිකප් එකත් මදි 650CCනෙ අනික හැටි!! පාන් බාගෙ වගේ....etc ඊටපස්සෙ හිතෙනවා ඇක්වා එකක්වත් ගත්තානං පට්ට 1500CC නෙ ඕන ගමනක් අවුලක් නැතුව ගිහෑකි අනික ලුක් එකත් පට්ටනෙ ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි...etc ඔන්න ඊටපස්සෙ wagonR එක ඇතුලෙ ඉදන් පාරෙ යන ඇක්වා දිහා කෙල හල හල බලන් ඉන්නවා ඇක්වා එකක් ගත්තත් මේක ඉවර වෙයිද පිංවතුනි නෑ ඒත් දිගටම මේ ලූප් එක කැරකෙනවා...............දැන් තොපි බලනවා ඇති මොන බයිලාවක්ද මූ මේ කියවන්නෙ කියලා " ඕක තමා යකෝ මනුෂ්‍ය ස්වභාවය / කෙලෙස් තියනකං ඔහොම තමයි බං / දැන් තෝ ඕක කිය කිය මේකෙ අඩෝවැඩියා දාන්නැතුව ගිහිං රහත් වෙයන්කො" වගේ කමෙන්ට් උබලගෙ ඇගිලි අගටම ඇවිල්ලා ඇති...හෝව් !! හෝව්!! මම එහෙම බයිලාවක් අහන්න නෙවෙයි මේක දැම්මෙ වෙන කේස් එකකට මෙහෙමනෙ බං අර උඩ කිව්ව කාර් උදාහරණෙනං මනුෂ්‍ය ස්වභාවය වගේ සීන් එකක් කියලා ශේප් කරලා දැම්ම කියමුකො කොහෙන් හරි සල්ලි හොයාගෙන වාහනත් අවුරුද්දෙන් අවුරුද්දට මරු කරා කියමුකො ඒත් මචං ඒ තියරිය දාල ශේප් කරන්න බැරි සීනුත් තියනවනෙ දැන් තමා මේන් සිනාරියෝ එකට එන්ටර් වෙන්න හදන්නෙ ඒ තමා "කෙල්ලො!!"

    ඒ කියන්නෙ මචං මගෙ අර ලද දෙයින් සෑහීමකට පත්වෙන්නැති සීන් එක කාර්/බයික් වලට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් බලපෑවා
    මේකෙදී අර "මනුස්ස ස්වභාවය"තියරිය දාල ශේප් කරනවත් අවුරුද්දෙන් අවුරුද්දට කෙල්ලො මාරු කරන්නවත් බෑනෙ බං අන්න ඒකට තමා මට උබලගෙන් උපදෙසක් ඕන

    ඒකියන්නෙ මෙහෙමයි කොච්චර ලස්සන කොච්චර හොද කෙල්ලෙක් දාගත්තත් දාගෙන මාස දෙක තුනක් ආතල් එකේ ඉදී ඊටපස්සෙ මට හිතෙන්නෙ මීට වඩා ලස්සන & හොද කෙල්ලෙක් මට දාගන්න පුලුවන් කියලා දැන් මේක තුන් පාරක් මට උනා ඒ කෙල්ලො තුන් දෙනාම ලස්සන හොද දාගන්න කොල්ලො මැරෙන්න හදන මට්ටමේ කෙල්ලො මම උන් එක්ක යාලු උනේ බොරුවට වත් ආතල් අරං මගදි නවත්තන්න හිතාගෙනවත් නෙවෙයි ඒත් ඒ තුන් පාරම අර උඩකී "මට මීට වඩා හොද ලස්සන කෙල්ලෙක් දාගන්න පුලුවන්"/"ලෝකෙ මීට වඩා ලස්සන හොද කෙල්ලො ඉන්නවා" තියරි ඔටෝ ඇප්ලයි වෙලා මට ඒවා එපාවෙනවා

    වෙන එකක් තියා මචං ශර්ට් එකක් ගන්න ගියත් ටවුන් එකේ ප්‍රසිද්ධම ශොප් තුන හතරටම ගිහිල්ලා ඒ ඔක්කොගෙම තියන ශර්ට් බලලා තමා මම ගන්න ශර්ට් එක තීරණය කරන්නෙත්..ඒකියන්නෙ සමහරවිට මම යන පලවෙනි ශොප් එකෙන්ම ලස්සන පට්ට හිතට අල්ලන ශර්ට් එකක් සාදාරණ ගානකට මට හම්බුනා කියමුකො ඒත් අර ශොප් ඔක්කොගෙම නොබලා ඒක ගත්තොත් හිතට සැටිස් නෑ ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් ඊට වඩා අඩුවට වෙන ශොප් එකක තිබ්බොත් කියලා හිතෙනවා...ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් නෑ කියලා පෙනුනොත් ආය පලවෙනි ශොප් එකට ගිහිල්ලා තමා සැටිස් පිට ඒ ශර්ට් එක ගන්නෙ

    ඒත් මචං කෙල්ලොන්ට ඒ තියරිය ඇප්ලයි කරන්නත් බෑනෙ ඒකියන්නෙ පැය 6,7ක් හරි කට්ට කාල ටවුන් එකේ ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා පට්ට ශර්ට් එකක් නෑ කියලා සැටිස් පිට ඒ ශර්ට් එක ගත්තට මට මේ මුලු ලංකාවේම ඉන්න කෙල්ලො බලන්න බෑනෙ බං ඒක ලොවෙත් ප්‍රැක්ටිකල් නෑනෙ ඒත් කරුමෙ කියන්නෙ එහෙම නොකරොත් හිතට සැටිස් නෑ

    දැන් නං මට මං ගැනම කලකිරිලා ඉන්නෙ බං මොකද කෙල්ලො කියන්නෙත් මිනිස්සුනෙ උන්ටත් හැගීම් දැනීම් තියනවා මට හිතෙනවා මම අර කෙල්ලොන්ට බලාපොරොත්තු දීලා උන්ව රැවැට්ටුවා කියලා සමහර විට මට තව කෙල්ලො 10ක් විතර එක්ක යාලු උනාට පස්සෙ හිතුනොත් දෙවනි කෙල්ල තමා හොදම කියලා බඩුම තමා ඇයි ආය දාගන්න කියලා ඈ .........මට තව ලස්සන හොද කෙල්ලෙක් හොයා ගන්න එකත් අවුලක් නෑ ඒකිව දාගන්න එක අවුලකුත් නෑ ඒත් ඒ කෙල්ලගෙන් සෑහීමකට පත් වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ හැබැයි මට තවත් කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්නත් බෑ දැන් ඇති කරගත්ත පව්....දැන් මට මේකෙ ඉන්න බැදපු අයියලාගෙන් දැනගන්න ඕන මෙන්න මේ ටික

    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    ඕක තමයි ප්‍රෙන්ඩ් මනුස්ස ස්වබාවය මටත් ඉස්සර ඔහොමයි ගොඩක් නැති ඒව ඩිහා බලල හූල්ලනව.. ලෝකේ අනික් මිනිස්සු කරන කියන ඒව බලල ඒව කරන්න යනව රටේ ලෝකෙ කියන ඒව අහන එකයි මේකට හෙතුව

    ටිකක් ආගම දහමට බර වෙන්න මොනව කලත් කවද හරි මේ ඔක්කොම දාල මැරිල යනව නේද කියල හිතන්න

    කෙල්ලොන්ගේ සීන් එක නම් කොහොමත් එහෙමයි බන් කොච්චර ලස්ස්සන කෙල්ලෙක් හිටියත් පාරේ වෙන කෙල්ලෙක් දැක්කොත් ඒකි ලස්සනයි කියල හිතෙනව

    ඕව කාලෙත් එක්ක වය්සින් මුහුකුරා යනකොට හරි යයි
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕක තමයි ප්‍රෙන්ඩ් මනුස්ස ස්වබාවය මටත් ඉස්සර ඔහොමයි ගොඩක් නැති ඒව ඩිහා බලල හූල්ලනව.. ලෝකේ අනික් මිනිස්සු කරන කියන ඒව බලල ඒව කරන්න යනව රටේ ලෝකෙ කියන ඒව අහන එකයි මේකට හෙතුව

    ටිකක් ආගම දහමට බර වෙන්න මොනව කලත් කවද හරි මේ ඔක්කොම දාල මැරිල යනව නේද කියල හිතන්න

    කෙල්ලොන්ගේ සීන් එක නම් කොහොමත් එහෙමයි බන් කොච්චර ලස්ස්සන කෙල්ලෙක් හිටියත් පාරේ වෙන කෙල්ලෙක් දැක්කොත් ඒකි ලස්සනයි කියල හිතෙනව

    ඕව කාලෙත් එක්ක වය්සින් මුහුකුරා යනකොට හරි යයි

    මුහුකුරා යනකොට හරි යයි :yes::yes::yes::yes::yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    හෆ්ෆා උබට වාහන වලට ඔහොම නම් උබට ගෑණු එහෙම කීදෙනෙක් බඳින්න වෙයිද.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මටත් තිබ්බා ඕක ෆෝන් වලට.ඒ කාලේ මම ෆෝන් ඵකක් use කරේ මාස 5ක් වගේ.ඵන ඵන ෆෝන් ඵක ගන්නවා.දැන් තමා හිතෙන්නේ අපරාදේ ඒ වියදම් කරපු සල්ලි කියලා..උඹටත් ඵහෙම හිතෙයි දවසක..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕක තමයි ප්‍රෙන්ඩ් මනුස්ස ස්වබාවය මටත් ඉස්සර ඔහොමයි ගොඩක් නැති ඒව ඩිහා බලල හූල්ලනව.. ලෝකේ අනික් මිනිස්සු කරන කියන ඒව බලල ඒව කරන්න යනව රටේ ලෝකෙ කියන ඒව අහන එකයි මේකට හෙතුව

    ටිකක් ආගම දහමට බර වෙන්න මොනව කලත් කවද හරි මේ ඔක්කොම දාල මැරිල යනව නේද කියල හිතන්න

    කෙල්ලොන්ගේ සීන් එක නම් කොහොමත් එහෙමයි බන් කොච්චර ලස්ස්සන කෙල්ලෙක් හිටියත් පාරේ වෙන කෙල්ලෙක් දැක්කොත් ඒකි ලස්සනයි කියල හිතෙනව

    ඕව කාලෙත් එක්ක වය්සින් මුහුකුරා යනකොට හරි යයි

    :yes:වයසෙ වැරැද්ද.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් තිබ්බා ඕක ෆෝන් වලට.ඒ කාලේ මම ෆෝන් ඵකක් use කරේ මාස 5ක් වගේ.ඵන ඵන ෆෝන් ඵක ගන්නවා.දැන් තමා හිතෙන්නේ අපරාදේ ඒ වියදම් කරපු සල්ලි කියලා..උඹටත් ඵහෙම හිතෙයි දවසක..



    උබේ කතාවනම් ඇත්ත මචන්..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒක තමයි බං මිනිස් හිතේ ඇත්ත තත්වය පුතේ කවදාවත් සෑහිමට පත්වෙන්නේ නෑ ඒත් මචං ඔක එහෙම නොවන අවස්ථාවක් තියනවා ඒ තමයි මචං ඇත්ත ආදරයෙදී ඒක ආකර්ෂණයට එහා ගිය එකක් ඒතන තියෙන්නේ අල්ලා ගැනීම වෙනුවට අත හැරීම මගේ අම්මගේ /පුතාගේ /තාත්තගේ /වයිෆ්ගේ ජිවතය බේර ගන්න මගේ සේසතම /මගේ ජීවිතයම/කැපකරන්න පුළුවන් බව අපි ඇත්තටම එහෙම ආදරය කරන කෙනෙක් අපෙන් ඈත් උනත් අපි ඒ අය සතුටින් ඉන්න කියලා යටි සිතින් ප්‍රාර්තනා කරනවා අපිට ඒ අය බොරු කරලා රැවුට්ටුවත් අපිට එයාලට වෛර කරන්න බෑ පුතී:no:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    ඕව කාලෙත් එක්ක වය්සින් මුහුකුරා යනකොට හරි යයි
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මෙහෙම හිතපන්, ඔන්න උඹ පට්ට සුපිරි කෑල්ලක් බැදලා හනිමුන් යනව.

    හනිමුන් එකේදී කෙල්ලගේ රෙද්ද ලිහනකොට දැනගන්නෙ එයා Shemale කෙනෙක් කියල.

    එතකොට කෝ උඹේ ආදරේ?
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ ලස්සන කෙල්ලො 3ක්.එක්කම.ඉදියද බන්....
    අපිට කැත කෙල්ලෙක්වත් නෑ... :(
    උබ සන්සරගයක් දැම්මද කෙල්ලො එක්ක... හැඩ රුව කියපන්කෝ...
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඕක තමයි බං මනුෂ්‍යා ඇතුලු සත්ත්වයින්ගේ ගතිය. ඕක මට උඹට අපිට පොදු ධර්මතාවයක්. අපි කිසිම දේකින් සෑහීමකට පත් නොවන නිසා තමයි මේ වගේ තරගකාරීත්වයක් ලෝකය පුරා නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම ඔය තත්ත්වය දාහයක්. ඒකේ බර දැනෙන්නේ අපි ඒවා අල්ලා ගන්නා ප්‍රමාණය මතයි. අපිට අල්ලාගැනීම වෙනුවට අතහැරීම ප්‍රගුණ කරන්න පුලුවන්නම් ඔවැනි දාහයක් සිත්වල හට ගන්නේ නැහැ. මේ මටත් ඔහොම තමයි. අපි මුලින්ම අල්ලා ගැනීම හා අතහැරීම කියන්නේ මොකක්ද කියලා අවංකව නිවරදිව තේරැම් ගන්න ඕන. ඒවා මේ දවසින් දෙකින් කරන්න පුලුවන් සරල දේවල් නෙමෙයි. ප්‍රඥාවෙන් ප්‍රගුණ කල යුතු දේවල්. අල්ලා ගැනීම, අත හැරීම හා ඒවායේ ආදීනව මොනවාද යන්න පිළිබදව සොයා බලන්න උත්සාහ ගන්න. ඔබ බෞද්ධයෙක්නම් සද්ධර්මය ශ්‍රවණය වගේ දේවල් කරන්න. ධර්ම සාකච්ඡාවලට සහභාගී වන්න. ප්‍රශ්න අහන්න. සහනයක් ලැබෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
    නෝමල් මල්ලි. ඕක මනුශ්‍ය ස්වාභාවය. එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් ඕක තියනවා.
    කෙල්ලෝ සම්බන්ධයෙන් නම් මට ඔහොම හිතිලා නෑ. මොකද මම ගොඩක් ඉස්සර ඉදලා IT සහ වාහන සම්බන්ධව පිස්සෙක්. ඒ නිසා ඉස්සල්ලම හිත ගිය කෙල්ල අව්රුදු ගානක් ලව් කරලා බැදගත්තා. ඒ ගැන සතුටක් මිස පසුතැවීමක් නෑ. ඇදුම් වලටත් ඔහොම හිතෙන්නෙ නෑ. මොක මට ඇදුම් නම් විශේෂම නෑ. එකම උනත් අදින්න පුලුවන් පිරිසිදුව තියනව නම්‍. හැබැයි PC, Phones සහ වාහන සම්බන්ධව නම් ඔහොම හිතෙන අව්ල තිබිලා තියනවා. හැබැයි වයසත් එක්ක ඒක පාළනය උනා. (දැන් 35 යි)

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    සැබෑ ආදරය නම් අදුර ගන්න ඕනේ තමයි කොල්ලෝ. මොකද කාර්, ඇදුම් වගේ ගන්න පුලුවන් දෙයක් නෙවෙයි ආදරය. අවංකවම ඇතිවිය යුත්තක්. ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. හොදට තමන්ව තේරෙන තමන්ට ආදරය කරන කෙල්ලව අදුර ගන්න. පුහු සෝබන වැඩක් නෑ පොලවේ පය ගහලා උඹත් එක්ක ඉන්න පුළුවන් කෙල්ලෙක්ව හොයාගන්න. හිතට එහෙ මෙහෙ දුවන්න දෙන්න එපා. ඒ කෙල්ලගේ හොද ගතිගුන අදුරගන ඒවා මෙනෙහි කරන්න.

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
    මට නම් මුලින්ම දැක්කම කැමැත්තක් ඇති උනා. ඊට පස්සේ කතා බහ කරා, අදහස් ගැලපෙන බව දැනුනා. කෙල්ල කරුණාවන්ත හොද කෙනෙක් බව දැනුනා. ඒ වගේම මගෙත් එක්ක කට්ටක් උනත් කන්න පුලුවන් කියන හැගීම ආශ්‍රය කරන මුල් කාලෙයේම මට දැනුනා. ඉතින් මම තීරණය කරා මෙයාව තමයි බදින්නේ කියලා. සමහර විට මම හොයපු ඒ ගැලපීම් නැත්තන් තාමත් මම නොබැද ඉන්නත් ඉඩ තිබුනා.

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??
    නෑ. මොකද මම අරයගේ අදුරගත්ත ගතිගුණ ටික මට තවත් කෙනෙකුගෙන් අදුරගන්න බෑ. අනිත් කාරණය බැදපු කෙනා මේ වෙනකල් මම වෙනුවෙන් කරලා තියන දේවල් තවත් කෙනෙකුට කරන්න බෑ. කොටින්ම මෙයා අම්මා වගේ මා ගැන බලනවා. උඹ යාලුවෙක් වගේ හැම ප්‍රශ්නෙකදිම ලගින් ඉන්නවා. හැබැයි ඉතිං මේ ජාතියේ බිරිදක් නොලැබුනානම් මිනිහෙකුට අර වගේ හිතෙන්න පුළුවන්.

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්
    එච්චරම ආසාවල් පස්සෙම යන්න එපා මල්ලි. කෙල්ලෙක් තෝරගනිද්දි ඒකිගේ මනුස්ස ගුණදර්ම වලට විශේෂ තැනක් දෙන්න. රූපෙ විතරක් තිබුනට මදි. මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ ඒ රූපෙ තමන්ට ලස්සන නිසානේ. ඊට පස්සේ ඒ කෙල්ලගේ මනුස්ස ගුණදර්ම හොදින් තියනවද කියලා ටිකක් ආශ්‍රය කරලා බලන්න. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි. තමන්ට ලස්සන, ලගින් ඉන්න කෙල්ලෙක්ව තෝරගන්න.

    තමන් කාර් එක ඇතුලේ යතුර දාලා වැරදිලා දොරවල් ලොක් කරොත් ඒ ගැන කිය කිය අඩ අඩ ඉන්න කෙල්ලෙක් නෙවෙයි ඕනේ. අපි මේ දොර කොහොමහරි අරිමු කියලා කොල්ලත් එක්ක එකතු වෙලා යම්දේකට ඉදිරිපත් වෙන කෙල්ලෙකුයි ඕනේ.

    පස්ස වන වන ඇවිදින, හැමදේටම තොදොල් වෙන, අඩන වැලපෙන කෙල්ලෙක් කෙටිකාලීනව හොදයි වගේ හිතුනට දිගු කාලීනව එකට ඉන්න අමාරු වෙයි. ඒ නිසා ජීවිතේ ගන්න වැදගත්ම තීරණය බදින කෙල්ල තෝරා ගැනීම. ඒක ඍජුව එක හිතින් ගන්න. තමන්ට හරි යන මූලික ලක්ෂණ තියනව නම් අනිත් දේවල් කතා කරලා දෙන්නටම ගැලපෙන ආකාරයට බැලන්ස් කරගන්න පුළුවන්.

    ජීවිතේ කිසිම දෙයක් සර්ව සම්පූරණ ආකාරයෙන් අපට ලැබෙන්නෙ නෑ. අනිත් අයටත් එහෙමයි. දුර ඉදන් බැලුවම පේන්නේ නැති ඕනැම දෙයක් පෙන්නේ ලගට ගියාම තමයි. ඒ නිසා තමන් ලග තියන දේවල් හෑල්ලු කරලා දුර තියන දේවල් ගැන හීන මවන එක පාළනය කරන්න. මොකද ඒ දුර තියන දේවල් ලගට ගියාම ඒවගෙත් විවිධ දෝශ, නොගැලපීම් තියනවා.

    අර වාහන, ෆෝන්, ඇදුම් සම්බන්ධ දේවල් වලට තියන ආසාවල් නම් වයසත් එක්ක අඩු වෙලා යයි. එහෙම නොයන්නත් පුළුවන්. ඒවා ඉතිං පොදු දේවල් කියලා ඒ ආසාවල්වලම තව දුරටත් ඇලෙන්නේ නැතුව ටිකක් හිත පාළනය කර ගැනීමේ කලාවත් පුරුදු වෙන්න ඕනේ.


     
    • Like
    Reactions: cgrcanz and EvilEye

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ඕක තමයි ප්‍රෙන්ඩ් මනුස්ස ස්වබාවය මටත් ඉස්සර ඔහොමයි ගොඩක් නැති ඒව ඩිහා බලල හූල්ලනව.. ලෝකේ අනික් මිනිස්සු කරන කියන ඒව බලල ඒව කරන්න යනව රටේ ලෝකෙ කියන ඒව අහන එකයි මේකට හෙතුව

    ටිකක් ආගම දහමට බර වෙන්න මොනව කලත් කවද හරි මේ ඔක්කොම දාල මැරිල යනව නේද කියල හිතන්න

    කෙල්ලොන්ගේ සීන් එක නම් කොහොමත් එහෙමයි බන් කොච්චර ලස්ස්සන කෙල්ලෙක් හිටියත් පාරේ වෙන කෙල්ලෙක් දැක්කොත් ඒකි ලස්සනයි කියල හිතෙනව

    ඕව කාලෙත් එක්ක වය්සින් මුහුකුරා යනකොට හරි යයි

    වයස ගියත් හරියන පාටක් නෑ වගේ