මේ කතාව අහලා තියෙනවද ?

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මේ කතාව අහලා තියෙනවද ?

    මේ කතාව අහලා තියෙනවද ? කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි. දෙන්නා අවුරුදු ගානක ඉදන් ආදරේ කරනවා.දෙන්නම කලේ කලා විෂයන්. සිංහල ට්යුශන් clz යන්න ඕන නිසා දෙන්නම ගියා නුවර clz එකකට.කොල්ලා හදවතින්ම කෙල්ලට ආදරේ කලා.clz ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක. දවසක් සිංහල සර් දැක්කා interval එක වෙලාවෙ මේ දෙන්...නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ. දවස් ගනන් ගෙවිලා ගියා.විභාගෙ තියෙන දවසත් ලං වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා. කොහොම කොහොම හරි Results එන දවසත් ලං උනා. කෙල්ලට A3.ඒ උනාට කොල්ලගෙ result ටිකක් අවුල්. කාලය හෙමින් ගෙවිලා ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ දවසභා සිංහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් "සර්" කියල කතා කලා. ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව " කෝ අර ඔහෙත් එක්ක බත් කවපු ගෑනු ලමය ? " කියල. කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා. ”සර් මං ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්වා. සර් ඈහුව " ඈයි පුතේ එහෙම උනේ" කියලා. කොල්ල කිව්වේ මෙහෙම. ”එයා A/L හොදට පාස් වෙලා පේරාදෙනිය campus ගියා සර්.මට යන්න බැරි උනා. එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මං ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනවා.එහෙ ගොඩක් ලස්සනයි.මං ආයිත් එයගෙ ජීවිතේට ඇවිල්ල එහේ සතුට නැති කරන්න මට හිත දෙන්නෙ නෑ.දැන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”. මේ සිද්ධියෙන් පස්සෙ සර්ට මේක හිතට වැදුනා.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා. “හන්තානට පායන හද. ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හද. ඔබට හෑකිය දකින්න”. “ඇදුරු ලලා වහිනා කල. සරසවි බිම තෙමෙන්න. කුඩේ යටින් ඔබ යනකල. එපා තනිය දෑනෙන්න”. “ලතා මඩලු අත වනාවි. එපා අහක බලන්න. මා ගෑන මතකය ගුලි කර. මහවැලියට දමන්න” ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ.. ඒත් ඒ ගැහැණු ළමයා ඇයි ඒ ආදරය අහිමි කරන්න ඉඩ දුන්නේ කියන එක මටත් ප්‍රශ්ණයක්.. " හන්තානට පායන සඳ " ගීතය අහලා නැත්තන් මේ link එකෙන් Download කරගන්න

    http://www.ananmanan.lk/free_sinhala_mp3/download.php?id=595

    ෆේස්බුක් එකෙන් උපුටාගැනීමකි...
    රීපොස්ට් නම් සොරි..