මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    2,069
    1,460
    113
    The real Null Island
    මේ කියන කෙල්ලට මොන රටක ගිහින් මොනවගේ ජීවිතයක් ගතකරත් මේක ඒ කෙල්ලත් මැරෙනතුරුම හිතින් අයින් කරන්න ටිකක් අමාරු වේවි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    14,065
    11,280
    113
    සමහරු ආදරේ මනින්නේ ටොන් ගානෙන් උනාට තවත් සමහරු ආදරේ මනින්නේ මිලිග්‍රෑම් වලින් ඒ නිසා ලැබුනොත් බලාගන්නවා නැතිවුනොත් දරාගන්නවා කියලා හිතාගෙන ලව් කරපල්ලා. ඇත්ත දැන් ඒ කොල්ලා මැරිලා ඉවරයි ඒත් මේකේ ඉන්න අනිත් උන්ටයි මේ කියන්නේ. උබලා කාට රිද්දන්න හිතාගෙන මළත් ඇත්තටම රිදෙන්නේ උබලගේ අම්මට තාත්තට විතරයි අනිත් උන් සේරටම උබව වළදාපු දවසට පස්සෙන්දා ඉදන් උන්ගේ වැඩ තියෙනවා.
    අපි ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕනෙ බන්. බැඳීමක් ඇති උනොත් ඒක කවද හරි නැති වෙනවමයි. එක්කො මරණයෙන් එහෙම නැත්තන් මිනිස්සු වෙනස් වෙලා. මනුස්සයෙක් ආදරේ කරන කාලෙ අවංකව ආදරේ කරානන් එච්චරයි මමනන් බලාපොරොත්තු වෙන්නෙ. වෙනස් උනා කියල හු*ති කියල බනින්න අවශ්‍ය නෑ. ලෝකෙ කාගෙ උනත් interests කාලෙත් එක්ක වෙනස් වෙන්න පුලුවන්. ඒක අපි තේරුම් ගන්න ඕනෙ.

    මෙහෙම තේරුම් ගත්තම එන්නෙ කලකිරීමක් නෙමේ. ඒක හරිම නිදහසක් වගේම ඒකෙන් අපිට ජීවිතේ හොඳටම enjoy කරන්න පුලුවන් වෙනව.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    9,424
    8,288
    113
    මට මතක හැටියට ඕකා මලේ කෙල්ලෙක් නිසා.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    674
    746
    93
    කොලේජ් එකේ..
    ඒලෙවල් මැදදි විද්‍යාලෙට ආවා..
    යාලුවෙක්ට sick leave එකක් ලිව්වා කියලා අස්කරන්න තරං ගොබ්බයිද college එක.අපෝ,ඕක කොහොමත් පල්ලිකාරයෝනේ කරන්නේ.විදුර කියන්නේ එයාගේ cousin කෙනෙක් ද?
     
    • Like
    Reactions: Ryan08

    33000v

    Well-known member
  • Aug 10, 2013
    1,851
    2,461
    113
    යාලුවෙක්ට sick leave එකක් ලිව්වා කියලා අස්කරන්න තරං ගොබ්බයිද college එක.අපෝ,ඕක කොහොමත් පල්ලිකාරයෝනේ කරන්නේ.විදුර කියන්නේ එයාගේ cousin කෙනෙක් ද?
    ekane bn. api e kaala karapuwata yanna iskola anthi wenwa ehenan :baffled:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,138
    1,800
    113
    යාලුවෙක්ට sick leave එකක් ලිව්වා කියලා අස්කරන්න තරං ගොබ්බයිද college එක.අපෝ,ඕක කොහොමත් පල්ලිකාරයෝනේ කරන්නේ.විදුර කියන්නේ එයාගේ cousin කෙනෙක් ද?
    අක්කගෙ පුතා. අක්කටයි මලිත්ටයි 13yrs gap.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,775
    1
    73,206
    113
    31
    Kalutara
    යාලුවෙක්ට sick leave එකක් ලිව්වා කියලා අස්කරන්න තරං ගොබ්බයිද college එක.අපෝ,ඕක කොහොමත් පල්ලිකාරයෝනේ කරන්නේ.විදුර කියන්නේ එයාගේ cousin කෙනෙක් ද?
    හිනා යනව අස් කරපු හේතුව ඇහුවම. 🥴
     
    • Like
    Reactions: Ryan08 and Kevin kj

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,006
    3
    113,653
    113
    Gampaha
    View attachment 205443
    Top left inne Malith
    Api Deyata Kirula gihin

    View attachment 205444
    හයියෝ...
    නිවන්සුව...😥

    මට හිතෙන විදිහට මලිත් ජීවිතේ නැතිකරගන්න දුක වගේම වඩා සමාජෙට මූණදෙන්න බැරි කමත් ලොකු හේතුවක්.

    මලිත් හරි කෙට්ටුයි. ඒක ඌගෙ ආරෙ.. මාමලත් එහෙම්මයි. ගමේ කොල්ලො(කළුතර ටවුන් යූසී වත්තෙ) මිනිහට පිටිපස්සෙන් කියන්නෙ මිස්ටර්බ්න් කියලා. මට ඇහිලා තියෙනවා.. මෙයාලගෙ සම්බන්දෙ මලිත් අඳුනන හැමෝම වගේ දන්නවා. කෙල්ලගෙ පැත්තෙන් කැමැත්තක් තිබුනෙ නෑ.. ඒත් අවුරුදු 7,8ක් උන් යාළුවෙලා හිටියා..


    කෙල්ල කළුතර සෞඛ්‍ය ආයතනයේ නර්සිං ඉගෙනගන්න ගියා.. එහෙදි PHI කරන්න ආපු කොල්ලෙක් ලයින් එක දාද්දි කවුරුහරි කියලා තියෙනවා මේකිට කොල්ලෙක් ඉන්නවා ගොඩක් පරණ සම්බන්දයක් කියලා. ඌ ඒක චැලේන්ජ් එකට වගේ අරන් කොහොම හරි මේකිවා යාළුකරගෙන. අපි ඒවා දැනන් හිටියෙ නෑ.. හැබයි මලිත් කිව්වා කෙල්ල වෙනස්වෙලා අමුත්තක් තියෙනවා කියලා. මට වැඩි විස්තර මතක නෑ අපි ඉස්සර කෙල්ලගෙ ට්‍රේනිං ඉවර උනාම එතෙන්ට යනවා මතකයි. කෙල්ල සම්බන්ද නවත්තන්න වගේ ලයින් එකකට ආවම මලිත් කෙල්ලගෙ ඊමේල් එකක පාස්වර්ඩ් එකක් කොහොමහරි රිකවර් කරගෙන බැලුවමයි දැනගෙන තියෙන්නෙ තව කොල්ලෙක් ඉන්නවා කියලා. මට රෑ 12ට වගේ ඒ චැට් ස්කීර්ශොට් එව්වා මතකයි. පහුවදා හවස 4ට මාව ගන්න බයික් එකේ එනවා කියපු එකා පරක්කු හින්දා කෝල් කරාම දන්නෙ නැති වෙලා කියලා.


    වටින් ගොඩින් ආරන්චියක් ආවා කෙල්ලට ස්කයිප් වීඩියෝ කෝල් එකක් ඉන්නගමන් ඒකිට පේන්න තමයි සුසයිඩ් කරගෙන තියෙන්නෙ කියලා. ලැප් එකේ ෆින්ගර්ප්‍රින්ට එකට අමතරව පාස්වර්ඩ් එකක් දාලා තිබ්බෙම මට කියලා. මම ලැප් එක අන්ලොක් කරලා බැලුවම ස්කයිප් කෝල් එකක හිස්ට්‍රි තිබුනා වගේ මතමයි. සුසයිඩ් නෝට් එක නෝට් එක නෝට්පෑඩ් එකක ටයිප් කරලා තිබුනා.


    ආයෙත් කියන්නෙ මලිත්ගෙ මරණෙට විහිලු කරන ගමේ උනුත් කෙල්ලට සමානවම වගකියන්න ඕනා.


    මට අද වෙනතුරුත් මලිත්ගෙ අඩුව පුරවන්න යාළුවෙක් නෑ. අපිට එකවගේ ඇචිව්මන්ට් ඩ්‍රීම්ස් තිබුනෙ.. අද මට ජීවිතේ ලැබිලා තියෙන ඒවා පෙන්නලා සතුටුවෙන්න කෙනෙක් නෑ මලිත් තරම්. ඒක කියන්න තේරෙන්නෙ නෑ.. කලින් ඉස්කෝලෙ යාළුවෙක්ට හොර සික්ලීව් එකක් ලියලා අත්සන් කරාට අස් කරපු හින්දා අපේ ඉස්කෝලෙට ඇවිත් ලඟින් වාඩිවෙලා මගේ හොඳම යාළුවා උනා. අදත් හිතේ හොඳම යාළුවා මලිත්. 😞
    මේ ටික කියෙවුවම, හරිම කණගාටුයි මචං...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,775
    1
    73,206
    113
    31
    Kalutara
    අඩෝ මං මේ කොල්ලව දන්නවා .. කෙල්ලවත් දන්නවා .. එල්ලිලා ද කොහෙද නේ මැරුණේ ? පවුලේ හිටපු එකම දරුවා ..
    කෙල්ල කෝ දැන්?

    @pavithra_uk දන්නේ නැද්ද මේ කොල්ලව?
    ------ Post added on May 19, 2023 at 12:03 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,689
    2,719
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ මලිත් සංක කියල ඉසුරු උයනේ කොල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත කියල මතකයක් නෑනේ 2011දි. විද්‍යාලේ කොල්ලෙක්ද? 🤔

    89 පොරක් නිසා ගොඩක්ම දන්නෙත් නෑනේ. :(
    උඹලා පොඩි එවුන් ඒ කාලේ .. එහෙම නේද ? :lol:

    කෙල්ල කෝ දැන්?

    @pavithra_uk දන්නේ නැද්ද මේ කොල්ලව?
    ------ Post added on May 19, 2023 at 12:03 PM
    කෙල්ල මොනවා කරනවද කොහේ ඉන්නවද දන්නේ නෑ .. මට මතක විදියට කෙල්ලගේ තාත්තා police training එකේද මන්ද වැඩ කරේ ..
    ------ Post added on May 19, 2023 at 12:06 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,775
    1
    73,206
    113
    31
    Kalutara
    උඹලා පොඩි එවුන් ඒ කාලේ .. එහෙම නේද ? :lol:


    කෙල්ල මොනවා කරනවද කොහේ ඉන්නවද දන්නේ නෑ .. මට මතක විදියට කෙල්ලගේ තාත්තා police training එකේද මන්ද වැඩ කරේ ..
    ------ Post added on May 19, 2023 at 12:06 PM
    කෙල්ලගේ නම දන්නේ නැද්ද.

    අපි ඒ කාලේ ඒ ලෙවල් නේ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    1,473
    4,259
    113
    අඩෝ මං මේ කොල්ලව දන්නවා .. කෙල්ලවත් දන්නවා .. එල්ලිලා ද කොහෙද නේ මැරුණේ ? පවුලේ හිටපු එකම දරුවා ..

    AL class waladi set wela tiyenawa. love case ekak
    @BarakOsama Jifa ge yaaluwa.
    එළකිරි එකේ ගොඩක් අය අදුරන කොල්ලෙක් වගේ.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,536
    391
    83
    මේක දකිද්දිම හිතුන යකෝ කෙල්ලෙක් නිසා මැරෙන්න ඕනිද කියලා...

    ඒ එක්කම මතක් උනා හිටපු ගමන් මටත් මැරෙන්න හිතෙනවා නේද කියලා..

    දැන් සති 2ක් විතර නම් ශේප් එකේ හිටියා... එහෙම හිතෙන්නෙ නැතුව...

    මං ටික දවසකට කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා ඕක කියලා...

    කොල්ලා තමන්ගෙ හීන, බලාපොරොත්තු වල ලොකු කොටසක් කෙල්ලටත් වෙන් කරලා තියන්න ඇති... කෙල්ල වෙන එකෙක්ට සෙට් උනාම ඒ එක්කම තමන්ගෙ තිබ්බ බලාපොරොත්තු සේරම කඩාගෙන වැටෙනවා... ඒකෙ තමන්ට හිටපු ප්‍රධානම චරිතෙ තව දුරටත් තමන් එක්ක නෑ කියලා හිතුනම උට ඌ ගැනම හිස් කමක් දැනෙන්න ඇති...

    මිනිහෙක්ව ජීවත් කරවන්නෙ බලාපොරොත්තු බංං... අපි කවුරුත් සෝවාන් වෙලා නෑනෙ...

    කෙල්ලගෙ පැත්තෙන් වැරැද්දක් කියන්නත් කැමති නෑ මමනම්... කෙනෙක් තමන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරාට තමනුත් ඒ විදිහටම කරන්න ඕන කියලා දෙයක් නෑ... තමන්ට ඇති කියලා දැනුන තැන රැදෙනවට වඩා අයින් වෙන එක තමා හොඳ...
    ඒක තේරුම් ගන්න මිනිස්සු flexible වෙන්න ඕනි...

    මට ආය කවද මැරෙන්න හිතෙයිද දන්නෑ.. 🙃
    මටත් ජීවිතේ තියෙන්නෙ එකම එක හීනයයි... බඳින්න, ලමයි හදන්න උවමනාවක් දැනෙන්නෙ නෑ... කෑල්ලකුත් නෑ... කතාකරන්න යාලුවොත් නෑ... ගෙදර අයටත් ලොකුවට කිට්ටු නෑ මම... අම්මගෙන් කෝල් එකක් එන්නෙ සතියට සැරයයි... ඒ ආවත් කතාකරන්න දේකුත් නෑ... තාත්තා එක්ක විනාඩි පහක් කතා කරොත් මට නහුතෙට මල පනිනවා... තාත්තා නරක මිනිහෙක් නිසා නෙවෙයි.. අහින්සක මනුස්සයා... අනේ මන්දා බං... මාර තනිකමක් හිස්කමක් තියෙන්නෙ... හිතුනොත් ගිහින් බඩුවක් ගහනවා... බියර් එකක් බොනවා... ඔහේ ඉන්නවා...
    කතා කරන්න කවුරු හරි හිටියනම්, කෑල්ලක් හිටියනම් හොඳයි කියලා හිතෙනවා... එහෙමයි කියලා ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙ නෑ... හිත ගිය උන්ට කොල්ලො හිටියා...😐 අවුරුදු 26 ක් වෙන්න කිට්ටුයි දැන්...

    මට තියෙන එකම උවමනාව රට යන එක... හේතුවකුත් නෑ... ටිකක් ඇවිදින්න ආසයි... එච්චරයි... ඒ උවමනාව නිසා වෙන්න ඇති මෙහෙම හරි ඉන්නෙ මම... යුරෝප් යන්න ඕන... තියන එකම බලාපොරොත්තුව ඒක...

    අනේ මන්ද බං... ජීවිතේ හෙන උගුලක් වගේ 😑😑😑

    කොහොම හරි මට කියන්න ඕන උනේ මෙච්චරයි....මැරෙන්න තරම් හිතෙන වෙලාවල් මටත් ඇවිල්ල තියෙනවා.. ඒ ෆීලින් එක මම දන්නවා... උබලට එහෙම වෙලා නැතුව ඇති... මේ කොල්ලා පව්... ඒ පීඩනය ආපු උන් දන්නවා ඒකෙ තරම... ගොඩක් උන් මූ ගැන දුක් වෙලා... මටත් දුකයි... කවුරු හරි බනිනවා නම් මම කියන්නෙ බනින්න එපා... අපිට නොතේරෙන කන්දක් තරම් දේවල් මිනිස්සුන්ගෙ හිත් වල තියෙනවා... මැරෙන එක එකම විසදුම නෙවෙයි... හැබැයි ජීවත් වෙලත් මොකටද හිතෙන වෙලාවල් තියෙනවා... තවත් ඉඳලා ඉඳලා මොනවා කරන්නද හිතෙනවා... මේ ජීවත් වෙනවා කියන එකම හෙන උගුලක් බං... 😑 උගෙ තීරනේ මොක උනත් ඒක එහෙම තමයි කියලා පිලි ගනින්...

    නිවන් සුව කොල්ලා... ❤️

    ( කෙල්ලට බනින එකත් නවත්තපල්ලා... මිනිහෙක් ජීවත් වෙලා ඉන්නෙ ටික කාලයයි... ඒ කාලෙ අපි කැමතිම විදිහට ගෙවන්න තමා අපි හැමෝටම ඕනි... ටිකක් කැමති විදිහට නෙවෙයි.. කැමතිම විදිහට )