මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    vintage-national-panasonic-rx-5030f-radio-cassette-player-383932690-410t5.jpg

    We had this. Hmm good old days

    maxresdefault.jpg

    Still having a fully working one of these and a complete circuit board of a these thing.
    ------ Post added on Nov 23, 2023 at 3:42 PM
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙහෙමයි පුතාල මිඩියම් වේව් MW දැන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. හැබැයි ෂෝර්ට් වේව් නොහොත් කෙටි තරංග කියන කතාවම හරිම ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක්. තවම ලෝකේ විවිද රටවල කෙටි තරංග පාව්ච්චි කරනවා. හැබැයි හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවම sw පාවිච්චි කරන රේඩියෝ චැනල් තියනවා. ඒවා එයාල සලකන්නේ අතීත කාමය විදිහට. ඒවා එයාලට වගේම සමහරවිට අපටත් ඉතාම සුන්දර සමීප මතකයන්. ඇමරිකාවේ sw සමාජයක් පවා තියනවා. ඒවායේ සේවය කරන්නේ බහුතරය 60 පැනපු අය.

    sw ට්‍රාන්ස්මීටර් හරිම වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. අපේ පෘතුවියේ තිබෙනවා අයන ගෝලය කියලා එකක්. අපි හිතමුකෝ අපි SW භාවිතා කරලා යමක් ට්‍රාන්ස්මිට් කරනවා කියල. එතකොට එම Wave එක කෙලින්ම ඉහල අහසේ තියන අයන ගෝලයේ ගිහින් වැදිලා පෘතුවිය පුරාම විහිදෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයෙදී sw ඇහෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන් ඇහෙන්නේ. නමුත් ඒ දවස් වල රාත්‍රියට විවද භාෂාවලින් තියන රේඩියෝ චැනල් සිය ගණනක් හසු වෙනවා . එකට හේතුව තමයි රාත්‍රියට අයනීකරණය වායුගෝලයේ වැඩි වීම. ඒ දවස්වලත් ලංකාවේ ආණ්ඩුවේ රේඩියෝ චැනල් වල අමු බොරු කියන්නේ. ඒ දවස්වල 80 - 90 දශකයේ අපි CNN , BBC වගේ ඒවා අහනවා. අපිට කලින්ම ඇත්ත නිවුස් එක දැනගන්න පුළුවන් නිසා. තව තිබ්බ ඒ දවස්වල වෙරිටාස් කියල පිලිපීන සිංහල සේවයක්.

    මම ඉස්කෝලේ යන කාලේ SW Transmitter එකක් හැදුව. හරිම ලේසියෙන් අයන ගෝලය හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ලෝකය වටා. අපේ ගෙවල් ළඟ හිටපු නැන්ද කෙනෙක් හිටියා. ඒ දවස්වල එයා වැඩකරේ ෆින්ලන්ඩ් වල තිබ්බ company එකක. එයා ලංකාවට අපු වෙලාවක ට්‍රාන්ස්මීටර් දෙකක් හදල එකක් එයට දුන්න අනෙක නැන්දගේ මහත්තයට ( මාම ) ට දුන්න . දෙකම ෆ්රිකන්සි රේන්ජ් දෙකක SW වැඩ කරන්න හදල දුන්නේ. එයාල ඒ ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා ෆින්ලන්ඩ් සහ ලංකාව අතර කතා කළා. ඒකාලේ බහුතරයක් මිනිස්සු සන්නිවේදනය කලේ ලියුම් හරහා විතරයි නේ. ඒකාලේ ගමේ ගෙවල්වල ටැලිෆෝන් නැහැ. රට ටැලිෆෝන් කෝල් එකක් ගන්න ඕනෙනම් ටවුමේ තැපැල් කන්තෝරුවටම යන්න ඕනේ. ඒ ගියත් අනුව දශකයේ එක විනාඩියකට රුපියල් 400 වගේ ගෙවන්න ඕනේ.

    ඉතින් මාමයි නැන්දයි ඒ දවස් වල මේ SW ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා මාස 7- 8 වගේ කාලයක් කතා කළා. පස්ස ඒ මාම නැන්ද ඉන්න ෆින්ලන්ඩ් වලටම ගියා. මම හදල දීපු ට්‍රාන්ස්මීටර් එක මටම අපහු දීලා ගියා. දැන්නම් ඒවා කොහෙද දන්නෙත් නැහැ. මේ ලගක් වෙනකන් තිබ්බ ගෙදර.දැන් එයාල යුරෝපේ ෆින්ලන්ඩ් වල පදිංචිවෙලා හොදින් ජිවත් වෙනවා. එයාල දෙන්න 2020 අවුරුද්දේ ළමයි දෙන්නයි නැන්දයි මාමයි ඇවිත් ගියා. අපි මේක ගැන ගොඩක් අසාවෙන් කතා කලා.

    අනේ මන්ද ඉතින් දැන් රේඩියෝ FM කවුරුත් අහන්නේ නැති තරම් . මම නම් රේඩියෝ එක අහන්නේ කාර් එකේ වැඩට යනකොට එනකොට විතරයි.
    sorry to say, this is is hardly believable

    මගේ ලඟ කමර්ශලි හදපු ට්‍රාන්ස්මීටර් තියනවා මගේ ලඟ තියන power fullම ට්‍රාන්ස්මීටර් එක Yeasu FT920 මේක 100W Output power එකක් තියනවා
    මෙකෙනුත් දඟලලා දඟලලා ඉන්දියාවට මැලේසියාවට වගේ තමයි කන්ටැක් කරගෙන තියෙන්නෙ
    AU වල එවුන් කන්ටැක් කරලා තියනවා ඒ අර solar flairs එහෙම තියන කාල වලට හරියටම ටාගට් කරලා, ionosphere එක optimum තියන වෙලාවල් බලලා උදේ පාන්දර නැගිටගෙන වගේ කරලා, ඒත් හරිම අමාරුවෙන් ඇහෙන තරමට සිග්නල් එකක් යවා ගන්නෙ. ඇන්ටෙනා එහෙම ඇජස්ට් කරලා කරලා හරි අමාරුවෙන්

    බීකන් ප්‍රොජෙක්ට් කියලා එකක් තියනවා ඒකෙන් ලෝකෙ වටේ ට්‍රාන්ස්මීටර් හයි කරලා පොඩි සිග්නල් එකක් දිගටම ට්‍රාන්ස්මිට් කර කර තියනවා
    මොනවා හරි රේඩියෝ හරි SDR හරි තියේ නං නිකමට මේ ලඟ තියන රටක සිග්නල් එකක් අහන්න පුලුවන්ද කියලා බලන්න. මේවට යූස් කරලා තියෙන්නෙ කමර්ශලි හදපු පට්ටම සිරා ට්‍රාන්ස්මීටර් සහ දසමෙට ටියුන් කරපු ඇන්ටෙනා. ලඟම තියන රටක සිග්නල් එකක් හරි අහන්න පට්ටම සිරා ඇන්ටෙනාවක් එක්ක ගොඩක්ම හොඳ රීසීවර් එකක් ඕන
    https://www.ncdxf.org/beacon/

    ඔය විදියට finland වලට සිග්නල් එකක් යවන්න පට්ටම විදියට ටාගට් කරලා ඇන්ටනා වල Angle එහෙම දසමෙට කරලා කරන්න ඕන. අයන ගෝලෙ වැදිලා ලෝකෙ පුරාම යන්නෙ නැහැ දිගින් දිගට බවුන්ස් වෙවී සිග්නල් එක යන්නෙ එතකොට සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එක පට්ටම විදියට අඩු වෙනවා. වොයිස් එකක් modulate කරලා යැවුවට demod කරන්න තරං පැහැදිලි සිග්නල් එකක් රිසීවු කරගන්න පට්ටම අමාරුයි

    ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දේ තමයි, Continous wave/Morse code වලින් සිග්නල් යවන එක. ගොඩක් දුරට යවනවා නං ඒක තමයි ක්‍රමේ. එතකොට මොනවත මොඩියුලේට් වෙලා නැහැ සිග්නල් එක තියනවද නැද්ද කියන දෙකෙන් මෝස් කෝඩ් යවන්න පුලුවන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    41263044_MTUwMC0xMTI1LTAyZGNiNDdhZTk.jpg


    ඉස්සර "මුවංපැලැස්ස" ඇහුවා මතකයි... ගෙදර කට්ටියම....
    පෝය දවසට අළුත් බැටරි කෑලි පහක් දාලා සෙට් වෙන්න අපේ ආච්චි ටිකක් සද්දෙට බණ අහන්න...
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ඉස්සර "මුවංපැලැස්ස" ඇහුවා මතකයි... ගෙදර කට්ටියම....
    පෝය දවසට අළුත් බැටරි කෑලි පහක් දාලා සෙට් වෙන්න අපේ ආච්චි ටිකක් සද්දෙට මණ අහන්න
    මන?
     

    AnuradhaRa

    Well-known member
  • SW or HF transmission coverage will change according to atmospheric conditions. Check out this link; it will give you a list of broadcast frequencies which you can listen.
    https://m.short-wave.info/index.php
    හේතුව amplitude modulation
    බාහිර පරිසරේ බලපෑම්වලින් සිග්නල් එක විකෘති වෙනව
     
    • Like
    Reactions: sarika406

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ලඟම තියන රටක සිග්නල් එකක් හරි අහන්න පට්ටම සිරා ඇන්ටෙනාවක් එක්ක ගොඩක්ම හොඳ රීසීවර් එකක් ඕන
    ඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
    Echchara one na issara indian TV channel lankawe penuna. Den nam penawada danne na Peo tv use karana nisa
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    හේතුව amplitude modulation
    බාහිර පරිසරේ බලපෑම්වලින් සිග්නල් එක විකෘති වෙනව
    පිස්සු කියවන්න එපා බන්. ටීවී යන්නෙත් AM ම තමා modulation එකයි signal wave length එකයි අතර සම්බන්ධයක් නැහැ.
    ඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
    Radio cylon අදටත් short wave ගහනවා බන්. අදටත් අහන්න පුළුවන් දන්න විදිහට. ලඟදි නැවැත්තුවේ නැත්නම්. ලංකාව short wave මධ්‍යස්ථානයක් කලින්. Voice of America, Deutsche Welle වගේ එව්වා ගේ relay station තිබ්බේ ලංකාවේ. දැන් එව්වා ඔක්කොම නවත්තලා internet හින්දා. අදටත් යාපනයේ ගහන FM ඉන්දියාවට අහුවෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • පිස්සු කියවන්න එපා බන්. ටීවී යන්නෙත් AM ම තමා modulation එකයි signal wave length එකයි අතර සම්බන්ධයක් නැහැ.
    Amplitude modulation systems are susceptible to noise generation. This deteriorates the quality of the original signal at the receiving end and causes problems in the quality of the signal. This limits the applications of Amplitude Modulation to Radios, VHF, and systems used for one to one communications only.

    modulation එකයි signal wave length එකයි අතර සම්බන්ධයක් :rolleyes: මං එහෙම එකක් කිව්වද බං 😅
    short wave medium wave කියන නම් හැදිල තියෙන හැටි මම කිව්වෙ

    උඹ දෙයක් දන්නව වෙන්න පලුවන්. හැබැයි අනිත් අයව හෑල්ලු කරල කතා කරන්න එපා

    f-d%3A7cb2ae679e5a5fce96037f99436e9278a919ed19729a0dc5a0561cc7%2BIMAGE_THUMB_POSTCARD%2BIMAGE_THUMB_POSTCARD.1
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර අපේ ගෙදර තිබුණ කලුසුදු අගල් 14 ටිවි එකේ
    කෝල් කරන ඒව ඇහෙනව
    uhf වල ඉහලම frequency වලට ටියුන් කලාම ඇහෙන්නෙ
    හැබැයි තත්පරයයි දෙකයි ඇහෙන්නෙ. සිග්නල් එක කැඩෙනව
    මාර සීන් එක :baffled:

     
    Last edited:
    • Like
    Reactions: Kolama and eksudda

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    ඔව් මමත් බලල තියනව.
    Duradharashan එක හිටපු ගමන් VHF 3-4 පේනවා

    doordarshan_to_launch_DD_international.jpg

    මම හිතන්නේ දකුණු ඉන්දියාවේ Broadcast කරන ටවර් වලින් ලංකාවට වදිනවා ඇති. උබ ගෙවල් කොහෙද. උතුරු පළාතේද ?
     
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මම හිතන්නේ දකුණු ඉන්දියාවේ Broadcast කරන ටවර් වලින් ලංකාවට වදිනවා ඇති. උබ ගෙවල් කොහෙද. උතුරු පළාතේද ?
    මාතරදී තමයි පොඩි දවස් වල දැක්කේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
    ඇත්තටම මම රිප්ලයි එක දැම්මෙ මේ අපි හදන ට්‍රාන්ස්මීටරයක් හරි හැම් රේඩියෝ ට්‍රාන්ස්මීටරේකින් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එකක් ගැන හිතේ තියාගෙන

    රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් කරද්දි කිලෝ වොට් ගනන් වලින් ට්‍රාන්ස්මිට් කරනවා ඒව ලඟ රටවලට ඇහෙනවා.

    TV/FM වගේ ඒව VHF හරි UHF හරි නේ, ඒවට බාධක අඩුවෙන් තියෙන්න ඕන සහ ගොඩක් වෙලාවට line of sight හරි ඩිරෙක්ට්ලිම පරාවර්තනය වෙලා එන්න ඕන
    ඉන්දියාවයි ලංකාවයි ගත්තම බොහොම ලඟින් තියන නිසා රටවල් දෙකේ FM සහ ටීවී අනෙක් රටට අහුවෙන්න පුලුවන්.
    හැබැයි ඒව අයන ගෝලෙ යූස් කරලා ලෝකෙ වටේම යවන්න බැහැ

    ලෝකෙ රවුම් නිසා තමයි මේ සේරම ප්‍රශ්න, එහෙම නැත්තං කෙලින්ම තිබුනා නං හරි පොඩි ට්‍රාන්ස්මීටර් හදලා ලෝකෙ වටේම සිග්නල් යවන්නත් පුලුවන්. ඔය වොයේජර් වගේ යාන වල තියෙන්නෙ 30-40W වගේ ට්‍රාන්ස්මීටර්.

    තව ත්‍රෙඩ් එකේ දාල තියන රිප්ලයි වලින් කට්ටිය වරද්ද ගනිපු එකක් තමයි ෆ්‍රීකුවෙන්සි එකයි මොඩියුලේශන් එකයි අතර සම්භන්දයක් තියනවා කියන එක. එහෙම එකක් නැහැ
    ඕන නං අඩු ෆ්‍රීකුවෙන්සි වලත් FM යවන්න පුලුවන් සහ VHF වගේ වලත් AM යවන්න පුලුවන්
    අපි ගොඩක් වෙලාවට හැම් රේඩියෝ වලදි SSB(Type of AM) කියලා මොඩියුලේශන් එකක් යූස් කරනවා මේක ඕන ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් එකක යවන්න පුලුවන් ඉතිං
    FM වගේ ගත්තම ගොඩක්ම අඩු ෆ්‍රීකුවෙන්සි වල යවන එකේ ප්‍රැක්ටිල් ප්‍රශ්න තියනවා මොකද මියුසික් එහෙම යවන්න 200KHz බෑන්ඩ්විත් එකක් ඕන. ඒ කියන්නෙ අපි 88MHz වල මොනවා හරි අහනවා නං (88MHz - 100KHz) ඉඳලා (88MHz + 100KHz) වෙනකල් සම්පූර්ණ රේන්ජ් එකම 88MHz වලින් ට්‍රාන්ස්මිට් කරන කෙනා යූස් කරනවා
    එතකොට ප්‍රශ්නයක් නැතිව ට්‍රාන්ස්මිට් කරන්න අනෙක් රේඩියෝ ස්ටේශන් එක 88.2 MHz වල වත් ඉන්න ඕන. පොඩි ෆ්‍රීකුවෙන්සි වල එහෙම ලොකු බෑන්ඩ්විත් එකක් දුන්නොතින් චැනල් දෙකතුනකට වඩා තියෙන්න බැහැ.

    තව එකක් ගොඩක් ඩේටා යවනවා නං ලොකු ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් වල ඉන්න ඕන නමුත් රේන්ජ් එක අඩු වෙනවා
    ඒක නිසා තමයි 2G > 3G > 4G > 5G වගේ ඉස්සරහට යද්දි ෆ්‍රීකුවෙන්සි එකත් වැඩි කරනවා නමුත් රේන්ජ් එක අඩුයි ඒක නිසා ලඟ ලඟ ටවර් ගහන්න වෙනවා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    vintage-national-panasonic-rx-5030f-radio-cassette-player-383932690-410t5.jpg

    We had this. Hmm good old days

    අඩේ! අපේ ගෙදරත් මම පොඩි කාලේ මේ කැසට් එක තිබුනා. ඕකෙ එක පාරක් රේඩියො එක වැඩ නොකරන නිසා, ඒක කොහොමත් වැඩ කරන්නෙ නැනේ කියලා හිතලා, මම හොරෙන් සෙට් එක ගලවලා, රේඩියෝ එක පැත්තෙන් කෑලි ටිකක් ගලෝ ගත්තා. මෙන්න බලද්දි දෙකම වැඩ නෑ. :eek:

    තාත්තාගෙන් මට අම්බානක බැනුම්. කොහොම හරි එයා ඒක හදා ගත්තා. එතකොට මට අවුරුදු දහයක් විතර. :cool:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    SLBC එකෙන් MW transmit කරනවා ඉන්දියාවට. Trinco සහ Puttalam stations වලින්.