FM Aawe passe kaaledi.... isara AM, MW, SW thamai ahuwe.. AM walata issara Celltell (Gadol Bage) phones walin katha karana awa ahenawa.. Police radio ehemath wada akata.
sorry to say, this is is hardly believableමෙහෙමයි පුතාල මිඩියම් වේව් MW දැන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. හැබැයි ෂෝර්ට් වේව් නොහොත් කෙටි තරංග කියන කතාවම හරිම ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක්. තවම ලෝකේ විවිද රටවල කෙටි තරංග පාව්ච්චි කරනවා. හැබැයි හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවම sw පාවිච්චි කරන රේඩියෝ චැනල් තියනවා. ඒවා එයාල සලකන්නේ අතීත කාමය විදිහට. ඒවා එයාලට වගේම සමහරවිට අපටත් ඉතාම සුන්දර සමීප මතකයන්. ඇමරිකාවේ sw සමාජයක් පවා තියනවා. ඒවායේ සේවය කරන්නේ බහුතරය 60 පැනපු අය.
sw ට්‍රාන්ස්මීටර් හරිම වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. අපේ පෘතුවියේ තිබෙනවා අයන ගෝලය කියලා එකක්. අපි හිතමුකෝ අපි SW භාවිතා කරලා යමක් ට්‍රාන්ස්මිට් කරනවා කියල. එතකොට එම Wave එක කෙලින්ම ඉහල අහසේ තියන අයන ගෝලයේ ගිහින් වැදිලා පෘතුවිය පුරාම විහිදෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයෙදී sw ඇහෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන් ඇහෙන්නේ. නමුත් ඒ දවස් වල රාත්‍රියට විවද භාෂාවලින් තියන රේඩියෝ චැනල් සිය ගණනක් හසු වෙනවා . එකට හේතුව තමයි රාත්‍රියට අයනීකරණය වායුගෝලයේ වැඩි වීම. ඒ දවස්වලත් ලංකාවේ ආණ්ඩුවේ රේඩියෝ චැනල් වල අමු බොරු කියන්නේ. ඒ දවස්වල 80 - 90 දශකයේ අපි CNN , BBC වගේ ඒවා අහනවා. අපිට කලින්ම ඇත්ත නිවුස් එක දැනගන්න පුළුවන් නිසා. තව තිබ්බ ඒ දවස්වල වෙරිටාස් කියල පිලිපීන සිංහල සේවයක්.
මම ඉස්කෝලේ යන කාලේ SW Transmitter එකක් හැදුව. හරිම ලේසියෙන් අයන ගෝලය හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ලෝකය වටා. අපේ ගෙවල් ළඟ හිටපු නැන්ද කෙනෙක් හිටියා. ඒ දවස්වල එයා වැඩකරේ ෆින්ලන්ඩ් වල තිබ්බ company එකක. එයා ලංකාවට අපු වෙලාවක ට්‍රාන්ස්මීටර් දෙකක් හදල එකක් එයට දුන්න අනෙක නැන්දගේ මහත්තයට ( මාම ) ට දුන්න . දෙකම ෆ්රිකන්සි රේන්ජ් දෙකක SW වැඩ කරන්න හදල දුන්නේ. එයාල ඒ ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා ෆින්ලන්ඩ් සහ ලංකාව අතර කතා කළා. ඒකාලේ බහුතරයක් මිනිස්සු සන්නිවේදනය කලේ ලියුම් හරහා විතරයි නේ. ඒකාලේ ගමේ ගෙවල්වල ටැලිෆෝන් නැහැ. රට ටැලිෆෝන් කෝල් එකක් ගන්න ඕනෙනම් ටවුමේ තැපැල් කන්තෝරුවටම යන්න ඕනේ. ඒ ගියත් අනුව දශකයේ එක විනාඩියකට රුපියල් 400 වගේ ගෙවන්න ඕනේ.
ඉතින් මාමයි නැන්දයි ඒ දවස් වල මේ SW ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා මාස 7- 8 වගේ කාලයක් කතා කළා. පස්ස ඒ මාම නැන්ද ඉන්න ෆින්ලන්ඩ් වලටම ගියා. මම හදල දීපු ට්‍රාන්ස්මීටර් එක මටම අපහු දීලා ගියා. දැන්නම් ඒවා කොහෙද දන්නෙත් නැහැ. මේ ලගක් වෙනකන් තිබ්බ ගෙදර.දැන් එයාල යුරෝපේ ෆින්ලන්ඩ් වල පදිංචිවෙලා හොදින් ජිවත් වෙනවා. එයාල දෙන්න 2020 අවුරුද්දේ ළමයි දෙන්නයි නැන්දයි මාමයි ඇවිත් ගියා. අපි මේක ගැන ගොඩක් අසාවෙන් කතා කලා.
අනේ මන්ද ඉතින් දැන් රේඩියෝ FM කවුරුත් අහන්නේ නැති තරම් . මම නම් රේඩියෝ එක අහන්නේ කාර් එකේ වැඩට යනකොට එනකොට විතරයි.
මන?ඉස්සර "මුවංපැලැස්ස" ඇහුවා මතකයි... ගෙදර කට්ටියම....
පෝය දවසට අළුත් බැටරි කෑලි පහක් දාලා සෙට් වෙන්න අපේ ආච්චි ටිකක් සද්දෙට මණ අහන්න
හේතුව amplitude modulationSW or HF transmission coverage will change according to atmospheric conditions. Check out this link; it will give you a list of broadcast frequencies which you can listen.
https://m.short-wave.info/index.php
ලඟම තියන රටක සිග්නල් එකක් හරි අහන්න පට්ටම සිරා ඇන්ටෙනාවක් එක්ක ගොඩක්ම හොඳ රීසීවර් එකක් ඕන
Echchara one na issara indian TV channel lankawe penuna. Den nam penawada danne na Peo tv use karana nisaඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
පිස්සු කියවන්න එපා බන්. ටීවී යන්නෙත් AM ම තමා modulation එකයි signal wave length එකයි අතර සම්බන්ධයක් නැහැ.හේතුව amplitude modulation
බාහිර පරිසරේ බලපෑම්වලින් සිග්නල් එක විකෘති වෙනව
Radio cylon අදටත් short wave ගහනවා බන්. අදටත් අහන්න පුළුවන් දන්න විදිහට. ලඟදි නැවැත්තුවේ නැත්නම්. ලංකාව short wave මධ්‍යස්ථානයක් කලින්. Voice of America, Deutsche Welle වගේ එව්වා ගේ relay station තිබ්බේ ලංකාවේ. දැන් එව්වා ඔක්කොම නවත්තලා internet හින්දා. අදටත් යාපනයේ ගහන FM ඉන්දියාවට අහුවෙනවා.ඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
Amplitude modulation systems are susceptible to noise generation. This deteriorates the quality of the original signal at the receiving end and causes problems in the quality of the signal. This limits the applications of Amplitude Modulation to Radios, VHF, and systems used for one to one communications only.පිස්සු කියවන්න එපා බන්. ටීවී යන්නෙත් AM ම තමා modulation එකයි signal wave length එකයි අතර සම්බන්ධයක් නැහැ.
මං එහෙම එකක් කිව්වද බං Echchara one na issara indian TV channel lankawe penuna. Den nam penawada danne na Peo tv use karana nisa

ඔව් මමත් බලල තියනව.
Duradharashan එක හිටපු ගමන් VHF 3-4 පේනවා
![]()
මම හිතන්නේ දකුණු ඉන්දියාවේ Broadcast කරන ටවර් වලින් ලංකාවට වදිනවා ඇති. උබ ගෙවල් කොහෙද. උතුරු පළාතේද ?
ඇත්තටම මම රිප්ලයි එක දැම්මෙ මේ අපි හදන ට්‍රාන්ස්මීටරයක් හරි හැම් රේඩියෝ ට්‍රාන්ස්මීටරේකින් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එකක් ගැන හිතේ තියාගෙනඒතකොට බන් ඔය ඉස්සර ලංකාවේ Radio Ceylon එහෙම පකිස්තානෙට පාවා අහන්න පුළුවන් උනා කියන්නේ කොහොමද?
InformativeSW or HF transmission coverage will change according to atmospheric conditions. Check out this link; it will give you a list of broadcast frequencies which you can listen.
https://m.short-wave.info/index.php
![]()
We had this. Hmm good old days
