මුලින්ම මේ ටික පැහැදිලි කරගනින්..
1. Wordpress සහ Blogger කියන්නෙ වෙනම platform දෙකක්.
2. Blogger සහ Wordpress වල වෙනස තමයි Wordpress අපේම hosting space එකක host කරන්න පුලුවන්. Blogger site එකක් අපි හැදුවට ඒකෙ අයිතිය තියෙන්නෙ Google එකට.
3. Blogger & Wordpress themes ලක්ෂ ගානක් තියෙනවා.. ඒවයෙන් එකක් මත්තෙම නැහෙන්න එපා.. ඒක සල්ලි දීල ගන්න ඕනෙ තීම් එකක් හරි ඒක හොයාගන්න නැත්නම් හරි වෙන තීම් එකක් පාවිච්චි කරන්න.
4. Wordpress සයිට් හදන හැටි ගැන නම් ඕනෙ තරම් සිංහල guide තියෙනව බන්..
https://www.youtube.com/results?search_query=wordpress+sinhala+blog
5. Blogger blog එකක් නම් ගේමක් නැතුවම හදන්න පුලුවන්. ඒක තමා ලේසිම. :
https://blogger.com
----------
උඹ මේ ගැන මූලික අවබෝධයක් නැතුව වෙලාව නාස්ති කරන්න එපා..
1. මුලින්ම blogger.com / wordpress.com වල නිකං බ්ලොග් දෙකක් තුනක් හදල බලන්න, වැඩියෙන් හොඳ මොකද්ද, දිගටම ලියන්න පුලුවන් වෙයිද වගේ දේවල් හිතල බලන්න..
2. ඉංග්රීසි පුලුවන් නම් Google search කරන්න, පලවෙනි බ්ලොග් එක පටන් ගන්න හැටි ගැන ඕනෙ තරම් tutorials තියෙනවා.
3. සිංහලෙනුත් ඕනෙ තරම් ඇති බ්ලොග් එකක් පටන් ගන්න හැටි ගැන.. ඒත් අවුරුදු 5ක් 6කට වඩා පරන ඒව බලන්න එපා.. ඉස්සර තිබ්බෙ තොරණ් වගේ බ්ලොග්, දැන් මිනිස්සු කැමති සරල බ්ලොග් වලට.
4. Blog field එකට එනවනම් හුඟක් මහන්සි වෙන්න වෙනව බන්, සිංහල බ්ලොග් වලට adsence දෙන්නෙ නෑ අනිත් එක.. ආතල් එකට ලියන්න පුලුවන්..
ප්රශ්න තියෙනවනම් අහපන්, මං බ්ලොග් ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි..
---
මං මේ සේරම කිව්වෙ උඹ අලුතින් වැඩේට බැහැපු එකෙක් කියල හිතල.. blog එකට views ගන්න ආපු එකෙක්නම් මං තෝව මරනවා