වේදනාව සහ සතුට විදි තැනැත්තියක් යයි කීම ඇතැම් විට නිවැරදියි.
නමුත් ඇය අවාසනාවන්තියක් නොවේ...!
කිසි තැනක යශෝධරා හැඩූ බවට
සදහනක් නැහැ. යශෝධරා යනු කල්ප ගණනක් ම සිද්ධාර්ථයන් වෙනුවෙන් පෙරුම් පිරූ උතුම් ළදක්. හිමි වියෝව දරා ගැනීමට ඈ පෙරුම් පිරුවා.
වාසනාව යනු දුක් නැති සැප සහිත ජීවිතයයි. උතුම් පතිවත රකිමින්, සිහිනෙකින් හෝ
වෙනත් පිරිමියෙකු නොපැතු ඇය...මාළිගාවේ ගතකලේ පැවිදි දිවියකට සමාන දිවියක්.
එය කැමැත්තෙන්ම කළ දෙයක්..! ඇය ඉන් ලැබුවේ අපමණ සැනසීමක්. ඇය සිද්ධාර්ථයන්
බුදු බව ලැබීම අසා සතුටු වූ අයුරු නරසීහ ගාථා ඇසුරෙන් රාහුලයන්ට ඔහුගේ පියාණන් ගැන
පවසන ආකාරයෙන් ම පැහැදිලි වෙනවා. තව ද ඇය.. කිසිදු තැනක රාහුලයන්ගේ පැවිද්දට
විරුද්ධ වූයේ නැහැ. ඊට විරුද්ධ වූයේ සුද්ධෝදන රජතුමා පමණි.
අයියණ්ඩිගෙ කතාවට මටත් සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න පුළුවන්.... පසුකළෙක බෞද්ධ ඉතිහාසයට එක්වුන සමහරක් බමුණු මත සහ අතිශ්‍යොක්තිය නිසා සත්‍යය වටහාගන්න හුඟාක් අමාරු තත්වයක් උදා වෙලා තියෙන්නෙ.
යශෝදරා හඬා වැටුනය කියමින් පසුකලෙක බිහිවුණ සාහිත්‍ය නිර්මාණ පවා මම දකින්නෙ මෙහි ප්‍රතිඵල හැටියට




