යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වේදනාව සහ සතුට විදි තැනැත්තියක් යයි කීම ඇතැම් විට නිවැරදියි.
නමුත් ඇය අවාසනාවන්තියක් නොවේ...!


කිසි තැනක ය‍ශෝධරා හැඩූ බවට
සදහනක් නැහැ. යශෝධරා යනු කල්ප ගණනක් ම සිද්ධාර්ථයන් වෙනුවෙන් පෙරුම් පිරූ උතුම් ළදක්. හිමි වියෝව දරා ගැනීමට ඈ පෙරුම් පිරුවා.


වාසනාව යනු දුක් නැති සැප සහිත ජීවිතයයි. උතුම් පතිවත රකිමින්, සිහිනෙකින් හෝ
වෙනත් පිරිමියෙකු නොපැතු ඇය...මාළිගාවේ ගතකලේ පැවිදි දිවියකට සමාන දිවියක්.
එය කැමැත්තෙන්ම කළ දෙයක්..! ඇය ඉන් ලැබුවේ අපමණ සැනසීමක්. ඇය සිද්ධාර්ථයන්
බුදු බව ලැබීම අසා සතුටු වූ අයුරු නරසීහ ගාථා ඇසුරෙන් රාහුලයන්ට ඔහුගේ පියාණන් ගැන
පවසන ආකාරයෙන් ම පැහැදිලි වෙනවා. තව ද ඇය.. කිසිදු තැනක රාහුලයන්ගේ පැවිද්දට
විරුද්ධ වූයේ නැහැ. ඊට විරුද්ධ වූයේ සුද්ධෝදන රජතුමා පමණි.


අයියණ්ඩිගෙ කතාවට මටත් සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න පුළුවන්.... පසුකළෙක බෞද්ධ ඉතිහාසයට එක්වුන සමහරක් බමුණු මත සහ අතිශ්‍යොක්තිය නිසා සත්‍යය වටහාගන්න හුඟාක් අමාරු තත්වයක් උදා වෙලා තියෙන්නෙ.

යශෝදරා හඬා වැටුනය කියමින් පසුකලෙක බිහිවුණ සාහිත්‍ය නිර්මාණ පවා මම දකින්නෙ මෙහි ප්‍රතිඵල හැටියට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~

දහස් ගණ්‍නක් සැදැහැවන්තියන් රාහුල මාතාවක වන්නට, භද්දකච්චායනාවක වන්නට පෙරුම්
පුරද්දී ඔබ පවසන මේ අවාසනාව...කාමය නොලැබීම අවාසනාවක් ලෙස දකින අයට මිස,
අන් අයට නම් ඔබේ කතාව නිස්සාරයි...!

ඔබට ජය...!


අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:

(මේ පද පෙලට මම ඉතා කැමතියි. මෙවන් වූ අරුත් බර නිර්මාණ කරන්න. අමිලටත් ජයෙන් ජයම ලැබේවා...!)


මම කොහෙත්ම සදහන් කලේ නෑ ඇය අවාසනාවන්තයි කියලා....
ඇය සැබවින්ම වාසනාවන්තයි......
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ අහන්න,

යම් සිද්ධියක් තමන්ට කැමති විදියට අර්ථ දක්වන්න පුලුවන් එක නිර්මාණ කරුවෙක්ගෙ අයියතියක් කියලයි මම දකින්නේ...
ඒක ඒ වගේම ඒ නිර්මාණ කරුවගෙ දක්ෂතාවය...

යශෝදරාව කිසි දිනක සතුටු වෙන්න නැතුව ඇති සිදුහත් කුමාරයා බුදු වෙන්න ගියාට...
මොකද එතුමියත් ගැහැණියක් නිසා...
එතුමියත් පෙරුම් පුරපු එක වෙනම කතාවක්...
බුදු රජාණන්වහන්සෙ කිඹුල්වතට වඩිද්දි, යශෝදරාව උඩු මහලට වෙලාම හිටියෙ...
තිලෝගුරු සම්මා සම්බුදුරදුන්ට වඳින්නවත් පහලට නොබැස්සෙ...

යශෝදරාව බුදුන් වහන්සේව ඔබ කියන පරිදි තේරුම් ගත් නිසාද ?

මම නම් එහෙම හිතන්නෙ නෑ යාළුවා ....... බෝසතුන් එක්ක ආත්ම ගාණක් පෙරුම් පිරුව නම් මං හිතන්නෙ යශෝදරාට අයිතියක් තියෙනව එහෙම ඉන්න ..... බුදුන් වහන්සේම ඇය මුණගැහෙන්න උඩුමහලට ගියේ ඇය පුරපු පාරමිතාවන්ට ගෞරවයක් වශයෙන් කියලයි මට හිතෙන්නෙ ....... එහෙම බැළුවම ඇය සැබැවින්ම වාසනාවන්තියක් මිස අවාසනාවන්තියක් නෙමෙයි


මේ මාතෘකාව මේ අයුරින් හෝ කතාබහට ලක්වීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා .... අයියටත් ස්තුතියි අපිට නිමිත්ත හදල දුන්නට
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ අහන්න,
යම් සිද්ධියක් තමන්ට කැමති විදියට අර්ථ දක්වන්න පුලුවන් එක නිර්මාණ කරුවෙක්ගෙ අයියතියක් කියලයි මම දකින්නේ...
ඒක ඒ වගේම ඒ නිර්මාණ කරුවගෙ දක්ෂතාවය...
ඔවු දක්ෂ තාව කියන එක හරි ..ඒත් ඔය අයිතියක් තියනවා කියන එකනම් මං පිළිගන්නෑ
යමෙක් පර්යේශන කරලා රිසර්ච් කරලා හෝ පිළි ගත හැකි පදනමක් මත පවතින මතයට වෙනස් අදහසක් ඉදිරිපත් කරනව නම් ඒකෙ වැරැද්දක් නෑ..

නැත්නම් අර එකෙක් කීවා වගෙ විහාරමහා දෙවිය කිරින්දේ වැල්ලේදී දූශණය කරලා ඉපදුණු අවජාතක දරුවා දුටුගැමුණූ කියලා නිර්මාණයක් ආවොත්..ඒක අයිතියක්ද?

යශෝදරාව කිසි දිනක සතුටු වෙන්න නැතුව ඇති සිදුහත් කුමාරයා බුදු වෙන්න ගියාට...
මොකද එතුමියත් ගැහැණියක් නිසා...
එතුමියත් පෙරුම් පුරපු එක වෙනම කතාවක්...
බුදු රජාණන්වහන්සෙ කිඹුල්වතට වඩිද්දි, යශෝදරාව උඩු මහලට වෙලාම හිටියෙ...
තිලෝගුරු සම්මා සම්බුදුරදුන්ට වඳින්නවත් පහලට නොබැස්සෙ...
යශෝදරාව බුදුන් වහන්සේව ඔබ කියන පරිදි තේරුම් ගත් නිසාද ?
සමහර දේවල් තේරුම් ගත යුත්තේ තමන්ගේ දැනුම හා බුද්ධි ප්‍රමාණයෙන්...
ඇස් අරවන්න පුළුවන් අයට ඇස් අරින්න හා රැඩිකල් කියලා ඕන දෙයක් බාර ගන්න ඉන්න අයට තේරුමක් වෙන්න මම මේක ලීවෙ..
එතුමිය සාමන්‍ය ගැහැණියක කියා ඔබ විශ්වාස කරනවනම් එලෙස අර්ත දක්වනවනම් ඇය තිලෝගුරු බුදුරජානන් වහන්සෙව තේරුම ගත්තේ නෑ කියනවනම් එක ඔබෙ මතය :D

සමහර විට තව කාලයක් යනකොට ඔබේ අදහස වෙනස් වෙයි..මොකද මාත් කාලෙකට පෙර නොදන්නා කමට ඔවැනි අදහස් හරියි කියලා හිතුවා :P

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක්. යශෝධරා දේවීන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන් කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සලු පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා අශ්චය්‍ර්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය.

චන්දකින්නර ජාතකය
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මේ මාතෘකාව පිලිබදව බොහෝ විට සංවාද මතුවෙනවා මාත් දැකලා තියනවා.
කෙසේ නමුත් මේ කෝණයෙන් බලා නිමවුන සාර්ථක නිර්මාණයක් ලෙසයි මම මෙය දකින්නේ...
නියමයි...
 
මේ ගැන මෙහෙම කියලා ඉවරයක් කරන්න බෑ.යශෝදරා නම් ගැහැනිය........!එදා මෙදාතුර උපන් සියළු ගැහැනුන්ගේ වේදනාව සතුට එකවර විදි අවාසනාවන්තිය,භාග්‍යවන්තිය

ගැහැනියකගේ කෝණයෙන්
යශෝදරා නම් ගැහැනිය........!එදා මෙදාතුර උපන් සියළු ගැහැනුන්ගේ වේදනාව සතුට එකවර විදි අවාසනාවන්තිය,භාග්‍යවන්තිය
(අහෝ සිංහල!)
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Nirmanaya Harima Lassanai Amila Malli...Eth Mata hithenawa oya ara udin liyala thiyena tika ehema noliya rasikayanta denenna ida heriyanam E nirmanayen negena gemma thawath wediwenawa kiyala....kohoma unath apurui.....
 

nwnbs

Member
හ්ම්ම්... කාලයක් තිස්සෙ අපේ හිත් වල තියෙන අදහසක් එකපාරටම වෙනස් කරන්න අමාරුයි නේද අමිල. අපි බලන්න පුරුදු වෙලා තියෙන්නෙ ඒ විදියටමනෙ. ඉතින් ගොඩක් අය වෙනසක් දකින්න ටිකක් අකමැතියි මං හිතන විදියට.
යශෝදරාව ගැන ඔබේ අදහසට මම 100%ක් එකඟයි. බෝසත් චරිත දිහා අපිට සාමාන්‍ය මිනිසුන් දෙස බලන ආකාරයෙන් බලන්න බෑ... ඇය සිදුහත් චරිතය හොඳින් තේරුම් අරන් සිටි ඉතාම වාසනාවන්ත කාන්තාවක් ලෙසයි මා දකින්නෙ.
මේ වගේ නිර්මාණයක් තුලින් මේ වගේ හරවත් සංවාදයක් කෙරෙන එක ගැන ගොඩක් සතුටුයි.
ඔබට සුබ පතනව ඔබේ සාර්ථක අර්ථවත් නිර්මාණයට යාළුවා... :)


බුද්ධ චරිතය ගැන ලියවෙච්ච පොත් වල තියෙන
අතිශ්‍යොක්තියට වර්ණනාකිරීම් තියෙන්නෙ පාඨකයාගේ ශ්‍රද්ධාව වැඩිකරන්නලුනෙ. මටත් තියෙනව ඔය සම්බන්ධ ප්‍රශ්න. එකක් තමයි ජීවිතය ගැන මරණය ගැන ශරීරය ගැන ඇත්ත තේරුම් අරන් හිටපු බුදුහාමුදුරුවො තමන්ගෙ පරිණිර්වාණයෙන් පසුව සක්විති රජකුට මෙන් සළකන්න කියා දේශනා කිරීම ගැන සඳහන් කර තිබීම. ඒක එහෙම කරන්න ඇති උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින්, අනුගාමිකයන් විසින්. ඒත් බුදුන් වහන්සේ එහෙම දේශනා කලාය කියල මම හිතන්නෙ නෑ...

 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි බැරෑඖම් කතාවක්.....
    එකක දෙයක් පැහැදිලී... එතුමියට හොඳ දැණුම් සම්භාරකින් හෙබි පුලුල් ණුවනක් ඇති කතක් විය යුතුයි

    කෙනෙක් තව කෙනෙක්ට අවංකවම ආදරය කළා නම් ඒ කෙනා අහිමි උනාම ඈත් උනාම අනිවර්‍යෙන්ම දුක හටගන්නවා ඒක බෞද්ධයො විතරක් සාමාන්‍ය නුවණ තියෙන ඕනෑම කෙනෙක් දන්න ප්‍රත්‍යක්ශ කරුණක්

    බෝධිසත්වයන් ගිහිගෙය හැරයද්දි යශොධරාවිය කොතරම් බුද්ධිමත් පෙරපිරූ පාරමිතාවලින් හෙබි උනත් ඇයත් පෘථග්ජන කාන්තාවක් නේද ?

    ඉතිං බෝධිසත්වයන් හැරගියාම යශෝධරාව දුක් උනේ නෑ කියල කියන්න පුළුවන්ද ?
    හඬාවැටුනේ නෑම කියල කියන්න පුළුවන්ද ?


    යශොධරාව හඬාවැටුනෙ තමාගෙ ආදරනීය ස්වාමියා අහිමි උන නිසා මිසක් සත්‍ය සොයා යෑම ගැන නොවෙන්න පුළුවන් නේද ?

    තම ස්වාමියා සත්‍ය සොයායෑම ගැන සතුටු වුනා වගේම ඔහුගෙන් ඈත්වීමට සිදුවීම ගැන යශෝධරාවිය දුක් උනේ නැත්නම් ඇය බෝධිසත්වයන්ට ඇත්තටම ආදරය කළාද ?
     

    බුද්ධ චරිතය ගැන ලියවෙච්ච පොත් වල තියෙන
    අතිශ්‍යොක්තියට වර්ණනාකිරීම් තියෙන්නෙ පාඨකයාගේ ශ්‍රද්ධාව වැඩිකරන්නලුනෙ. මටත් තියෙනව ඔය සම්බන්ධ ප්‍රශ්න. එකක් තමයි ජීවිතය ගැන මරණය ගැන ශරීරය ගැන ඇත්ත තේරුම් අරන් හිටපු බුදුහාමුදුරුවො තමන්ගෙ පරිණිර්වාණයෙන් පසුව සක්විති රජකුට මෙන් සළකන්න කියා දේශනා කිරීම ගැන සඳහන් කර තිබීම. ඒක එහෙම කරන්න ඇති උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින්, අනුගාමිකයන් විසින්. ඒත් බුදුන් වහන්සේ එහෙම දේශනා කලාය කියල මම හිතන්නෙ නෑ...

    නුවන් අය්යෙ මෙතන තියෙන්නෙ මම දන්න විදිහට වෙනත් දෙයක්.සිදුහත් කුමරා කොහොමත් සක්විති රජ කෙනෙක්විය යුතු කෙනෙක්.(බුදු නොවුනා නම්)මෙතන කය පිලිබඳ තෘෂ්ණාවක් තබා එබඳු හැඟීමක සේයාවක් වත් නෑ.
    බුදු කෙනෙකු සම්බන්ධයෙන් යම් යම් දේ සිදුවන්නේ කෙසේදැයි බුදු කෙනෙකුන්ම විමසිය යුතුයි.ඒය දිගටම පැමිනි බුද්ධ පිළිවතක්. ආදාහනය කෙසේ වන්නේදැයි (කරන්නේදැයි)විමසීමට මෙම පිළිතුර නොදුන්නත් එය සිදුවන්නේ එලෙසමයි.
    බුදු වරුන්ට උරුම-ආවේනික පිලිවෙලක් තියනවා නේ.(යම් යම් දේ අතිශයෝක්ති විය හැකියි)
     
    කෙනෙක් තව කෙනෙක්ට අවංකවම ආදරය කළා නම් ඒ කෙනා අහිමි උනාම ඈත් උනාම අනිවර්‍යෙන්ම දුක හටගන්නවා ඒක බෞද්ධයො විතරක් සාමාන්‍ය නුවණ තියෙන ඕනෑම කෙනෙක් දන්න ප්‍රත්‍යක්ශ කරුණක්

    බෝධිසත්වයන් ගිහිගෙය හැරයද්දි යශොධරාවිය කොතරම් බුද්ධිමත් පෙරපිරූ පාරමිතාවලින් හෙබි උනත් ඇයත් පෘථග්ජන කාන්තාවක් නේද ?

    ඉතිං බෝධිසත්වයන් හැරගියාම යශෝධරාව දුක් උනේ නෑ කියල කියන්න පුළුවන්ද ?
    හඬාවැටුනේ නෑම කියල කියන්න පුළුවන්ද ?


    යශොධරාව හඬාවැටුනෙ තමාගෙ ආදරනීය ස්වාමියා අහිමි උන නිසා මිසක් සත්‍ය සොයා යෑම ගැන නොවෙන්න පුළුවන් නේද ?

    තම ස්වාමියා සත්‍ය සොයායෑම ගැන සතුටු වුනා වගේම ඔහුගෙන් ඈත්වීමට සිදුවීම ගැන යශෝධරාවිය දුක් උනේ නැත්නම් ඇය බෝධිසත්වයන්ට ඇත්තටම ආදරය කළාද ?
    යශෝධරාව යකඩයෙන් හැදූ රූපයක් ලෙස හිතන අයට අපි කියන දේ වැටහෙන්නෙ නෑ.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    බුද්ධ චරිතය ගැන ලියවෙච්ච පොත් වල තියෙන
    අතිශ්‍යොක්තියට වර්ණනාකිරීම් තියෙන්නෙ පාඨකයාගේ ශ්‍රද්ධාව වැඩිකරන්නලුනෙ. මටත් තියෙනව ඔය සම්බන්ධ ප්‍රශ්න. එකක් තමයි ජීවිතය ගැන මරණය ගැන ශරීරය ගැන ඇත්ත තේරුම් අරන් හිටපු බුදුහාමුදුරුවො තමන්ගෙ පරිණිර්වාණයෙන් පසුව සක්විති රජකුට මෙන් සළකන්න කියා දේශනා කිරීම ගැන සඳහන් කර තිබීම. ඒක එහෙම කරන්න ඇති උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින්, අනුගාමිකයන් විසින්. ඒත් බුදුන් වහන්සේ එහෙම දේශනා කලාය කියල මම හිතන්නෙ නෑ...

    මේ වගේ බොහෝ තැන් තියෙනවා...එවා නිර්මල බුදු දහමෙ අඩංගු දේවල් නෙවේ
    කාලයකට පසු අපේ හිත් වලට කාවද්දපු ඒවා ඇත්තටම බුදුන් දේශනා කරපු දේ කියන ගානටම අපිට පිළි ගන්වන්න
    යෙදුණු කාලයක් තිස්සේ බුදු බණ ගානටම අපේ හිත් වලට ඇතුළු කරපු බමුණු මත.

    මේ දේවල් පසුකාලීන ව ලියවුනු සාහිත්‍ය/ ඉතිහාස ග්‍රන්ථ හා චරිත කතාවලදී ඒ ඒ කතුවරු අතිශෝක්තියට හා වෙනත් අරමුණු වළින් ලියූ දේවල්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම හිතන්නේ දැන් මේ මාතෘකාව වෙනස් ආකරයක් අරන්.....අමිලගෙ නිර්මානයට අනුව අමිල අදහස් කරන්නෙ යශෝදරාවගේ මැදහත් සිත හා දරගැනීමේ ශක්තිය....

    ඇය බෝසතානන් සමග තිබූ සංසාරික බැදීමේ ශක්තියෙන් බෝසතානන්ගේ අරමුනට ඇය හිස නැමූ බව නොවෙද ?

    අමිලගේ නිර්මානයේ යශෝදරාව වාසනාවන්ත හෝ අවාසනාවන්තද යන පැනය සදහන් වී තිබෙනවාද ?
     

    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    පොඩි එකතු කිරිමක්

    බුද්ධ චරිතය ගැන ලියවෙච්ච පොත් වල තියෙන අතිශ්‍යොක්තියට වර්ණනාකිරීම් තියෙන්නෙ පාඨකයාගේ ශ්‍රද්ධාව වැඩිකරන්නලුනෙ. මටත් තියෙනව ඔය සම්බන්ධ ප්‍රශ්න. එකක් තමයි ජීවිතය ගැන මරණය ගැන ශරීරය ගැන ඇත්ත තේරුම් අරන් හිටපු බුදුහාමුදුරුවො තමන්ගෙ පරිණිර්වාණයෙන් පසුව සක්විති රජකුට මෙන් සළකන්න කියා දේශනා කිරීම ගැන සඳහන් කර තිබීම. ඒක එහෙම කරන්න ඇති උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින්, අනුගාමිකයන් විසින්. ඒත් බුදුන් වහන්සේ එහෙම දේශනා කලාය කියල මම හිතන්නෙ නෑ...


    බුද්ධ දේශනා කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනිමු

    අන්ධයෝ හය දෙනෙක් ඇතෙකුගේ හැඩය කීවාක් මෙන්..අපි අසා ඇති දේකින් පමණක්
    යම් යම් තීරණ වලට පැමිණීම නුසුදුසු යි. ඔබේ ගැටලුව පවතින්නේ එය මත නම් එය
    ගවේෂණය කොට නිවැරදි කරගත යුතු යි. අදාල ප්‍රකාශය සටහන්ව ඇති තැන් නිවැරදි ව
    කියවා බැලිය යුතු යි.

    මෙම ත්‍රෙඩ් එකේ අදාල මාතෘකාවට සම්බන්ධ නැතිවුවත් මා ඔබ මතු කළ ගැටලුව නිරාකරණය කරගැනීමට උපකාරයක් කරන්නම්.

    මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ පිළිබද මතු වූ අවස්ථාව මෙසේ යි..!

    ආනන්ද හිමියන් මෙසේ විමසා සිටියා.
    "කථං මයං භන්තේ තථාගතස්ස සරීරේ පටිපජ්ජාමා?ති"
    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබද අපි කටයුතු කරන්නේ
    කෙස් ද..?"


    එයට බුදු රජුන් පිළිතුරු දුන්නේ මෙසේ ය.

    (මම සිංහල පාඨය පමණක් දාන්නම්. අවශ්‍යනම් පාලි පාඨයත් දෙන්නම්)

    "ආනන්ද, ඔබ තථාගතයන්ගේ සිරුරට පුදපූජා කි‍රීම පිළිබදව වද වෙන්නට එපා. ආනන්ද
    ඔබ අරහත්වය පිණිස වීර්යය වඩන්න. නැවත නැවතත් නිවන කෙරෙහි සිත යොමු කොට වාසය
    කරන්න.

    ආනන්ද, තථාගතයන් වහන්සේ ගැන බොහෝ සෙයින් පැහැදුනු ශ්‍රද්ධාවන්ත ගෘහපතිවරු සහ බ්‍රාහ්මණවරු සිටිනවා.
    ඔවුන් තථාගතයන් වහන්සේගේ සිරුරට පූජා සත්කාර කරනු ඇත.."

    (දීඝ නිකාය 2 - මහා පරිනිබ්බාන සූත්‍රය)


    මේ අනුව පිරිනිවන් මංචකයේ දී ම එම සිරුර ආදාහනය කිරීම සහ පුද පූජා පැවැත් වීම
    සැදැහැවත් ගිහියන්ට පවරා දී තිබෙනවා. තථාගත සිරුරක් යනු පුදපූජා ලැබිය යුතු දෙයක්
    ඪට හේතුව එය නිකෙලෙස් උතුමෙකු හා සම්බන්ධ වූ දෙයක් නිසයි. එසේ ම...
    තථාගත ස්තුපයක් දැක මේ තථාගතයන් වහන්සේගේ සිරුර හෝ එහි ධාතුන් වහන්සේල‍ා
    නේදැයි සිතිම පවා සිත පහන් කරවන්නක්. අපමණ සැනසීමක්. එය පිනක්.

    මෙහි දී ම, ආනන්ද හිමියන් තව ප්‍රශ්නයක් අහනවා.

    "ස්වාමීනී, ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ සිරුර පිළිබදව කටයුතු කළ යුත්තේ කෙසේ ද?"

    "ආනන්ද, සක්විති රජෙකුගේ සිරුරක් පිළිබද කටයුතු කරන ආකාරයට කටයුතු කළ යුතු යි"

    මෙන්න මේ අයුරිනුයි ඔබ අසා ඇති කතාවේ සැබෑ සිද්ධිය සිදු වූයේ. ලොව උතුම් අයෙකුගේ
    සිරුරක් බැවින්, ලෝක පාලක ධාර්මික රජෙකු වන සක්විති රජෙකුගේ සිරුරකට හිමිවන
    අවසන් බුහුමන් තථාගත සිරුරටත් හිමි විය යුතු බවයි ඒ සදහන් වූයේ.

    ‍මේ නිසා මෙය හුදෙක් ගිහියන්ට පැවරු කාර්යක් වන අතර එය, වටිනා මිනිසෙකුට දක්වන
    උපහාරයක් පිණිස ආනන්ද හිමියන් විමසූ නිසා ම පැවසූ දෙයක් ද වනවා. තථාගත සිරුර
    පැහැදිලිවම නිගන්ඨනාතපුත්තගේ මළ සිරුරට වඩා ගරු කළ යුතු දෙයක්. නිගන්ඨනාතපුත්ත
    හදිසියේ මිය ගියපසු නිගන්ඨයින් සිරුර කරගසාගෙන හඩමින් වැලපෙමින් වීදි සංචාරය කළ
    බව ඔබද අසා ඇති. පූජා ච පූජනීයානං යනු පිදිය යුත්තන්ට පිදීමයි.

    එකල විසු සැදැහැතියන් තථාගත සිරුරකටවත් නිගරු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ
    පහන් සිත් උදෙසායි උන්වහන්සේ මෙසේ කලේ.

    ධාතු ස්තුපයන් තිබීමෙන් ම, අදත් බුදුන් වහන්සේ ගේ සිරුරට සම්බන්ධ කොටස් දැකබලා
    සිත පහදවා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එය තිබෙන්නේ බෞද්ධයන්ට පමණයි.
    අන්‍යාගමිකයන් එවන් දෑ නොතිබීම නිසා පසු තැවෙනවා. ඒ නිසා ඔවුන් විවිධ වංචනික දෑ
    ඊට අනුගත කරගන්නවා. නමුත් බෞද්ධයන්ට ජීවමාන සාධක ඉතිරි කිරීමට බුදු සමිදුන්
    දූරදර්ෂී වුනා...! ඒ සාධක වල තිබෙන වටිනාකම හෑල්ලු කිරීමටයි මෙවන් සැකය උපදන
    ප්‍රකාශ සැළසුම් සහගත අයුරෙන් සමාජයේ පතුරවන්නේ..!

    වැඩි දුර අධ්‍යයනය පිණිස, සාහිත්‍ය කෘති මතම රැදී නොසිට
    බුද්ධ දේශනා ම කියවන්න.

    අයියණ්ඩි

    :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: nwnbs