යාපනයේ_කුකුළුමස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යාපනයේ_කුකුළුමස්

යාපනයේ කුකුළුමස්.

Jaffna_Pix8.jpg

පසු ගිය සතියේ දිනක අහබු ලෙස යාපනයට යාපනයට යාමට මාහට අවස්තවක් උදා විය. ඒ අපේ නිවසට ගෙවල් කිහිපයකට එහායින් අපි ටිකක් වැඩිපුර ආශ්‍රය කරන පවුලක් සමගය. ඔවුන්ගේ ආරාධනයෙන් මා ඔවුන් සමග ගමනට එක උනෙමි. ඔහු නමින් අමරසිරිය. ඔහු ප්‍රසිද්ද බැංකු ශාඛාවක මැනේජර් වරයෙකි. ඔහුගේ බිරිඳද සේවය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බංකුවක ය. ඔව්න් නිතරම පන්සල සමග ඇසුරු කරන නිරන්තරයෙන්ම වැඳුම් පිදුම් කරන පවුලකි. සෑම දිනකම සැන්දෑවේ නිවසට දුම් අල්ලා වතාවත් කරන පවුලකි.

වැන් රථයක් හයර් කරගෙන ඔවුන්ගේ කුඩා දරුවන් සමග මා ගමන පිටත් උනෙමු. චාරිකාව හොඳින් ගෙවී ගියේය. නාගදීපයට ගොස් වැඳපුදා ගත්තෙමු. අපේ මිත්‍ර මැනේජර් මහතා නාගදීපයේ හාමුදුරුවරු සමග බොහෝ වෙලාවක් ගත කරනු මා දැක්කෙමි. ඔහු බුදුන් වන්දේ දොහොත් මුදුන් දී ය. ඔහු යාපනයේ බොහෝ පන්සල් වත ගොස් වැඳපුදා ගත්තේය. පිරිත් නුල්ද නොඅඩුව තමාගේ සහ පවුලේ උදවියගේ බැඳගත්තේය.

පළමු දිනයේ සංචාරය නිමවා අපි නවාතැන් ගත් හෝටලය බලා ගමන් ඇරබුවෙමු. හෝටලයක් කීවට එය නිවසකි. එහි කෝකියෙක් ඇත. අප එළවලු ,සහල්, මස් මාළු කෝකියාට ගෙනත් දුන් විට ඔහු එය උයා පිහා දෙයි. එවිට වැයවන්නේ හෝටලයකට යන මුදලට වඩා අඩු මුදලකි. සල්ලිත් ඉතුරු වන අතර කෑමත් රසවත්ය.

මග එනවිට එළවලු කඩයක් අසල වෑන් රථය නවත්වා අපි එළවලු මිලදී ගත්තෙමු. එළවලු මිලදී ගන්නා අතරතුර අපේ බැංකු මහතා එළවළු කඩේ මුදලාලිගෙන් මෙසේ ඇසීය " මුදලාලි මේ හරියේ කපලා ගන්න පුළුවන් කුකුල් මස් තියනවාද ? " මට එය පැහැදිලි නොවුයෙන් මා සිතුවේ අපි සුපර් මාර්කට් වල කුකුළු මස් මිලදී ගැනීමේදී බුචරියට දී කපා ගෙදර ගෙනියන ආකාරයටය. මුදලාලි මස් ගන්නා ස්ථානයට යන පාර පෙන්නුවේය. එය එළවලු කඩයට කිලෝමීටරයක් දෙකක් පමණ දුරින් පිහිටා ඇත. අපි වෑන් රථයෙන්ම එහි ලඟා වූයෙමු. මා වාහනයේ එලියට බැස සිගැරට්ටුවක් දල්වා ගෙන අවට චායාරුප කිහිපයක් ගත්තෙමි. අපේ බැංකු මහතා සහ ඔහුගේ බිරිය සමගින් කුකුළු මස් ගැනීමට බිල්ඩිමකට ඇතුලට ගොඩ විය.

මද වෙලාවකින් කුකුලෙකු මර ලතෝනි දෙන සද්දයක් අසුනෙමි.. ඒ කුකුලෙකු ගාතනය කිරීමේදී ඇතිවෙන වේදනාවෙන් මොර දෙන විලාපයකි. දැන් මට කාරණය වැටහුණි. මේ බැංකු මැනේජර්වරයා ගොස් ඇත්තේ කුකුළු ෆර්ම් එකකටය. ඔහුට අවශ්‍යව ඇත්තේ පණපිටින් තමන්ට අවශ්‍ය කුකුලෙකු මරා ගැනීමටය. පසුව මා දොර ඇරගෙන බිල්ඩිමට ඇතුළු වුනෙමි. එවිට මා දුටුවේ කොක්ක ක ගසා පිහාටු ගලවන කුකුලෙකි. ඒ වන විටත් කුකුලාහේ මස් නලියමින් ගැහෙමින් තිබුණි. ඒ අතරතුර අපේ බැංකු මහතාගේ දෙනෙත් සතුට්න් බැබළෙනු මා දුටුවෙමි. එවිට ඔහු " මල්ලි මේවා නියම ෆ්‍රෙෂ් බඩු. අපිට මේවා එහෙදි කන්න ලැබෙනවා අඩුයි. නියම ගම් කුකුළු මස්. " මට ඇතිවුයේ දැඩි කම්පනයකි. වේදනාවකි. මට ඒ කුකුලා මරණ බයෙන් සහ වේදනාවෙන් මොර දුන්න හැටි දෝංකාර දෙන්නට විය.

මොහු දවස තිස්සෙම නාගදීපය වන්දනා කරමින් තව පන්සල 2-3 කටම ගොස් දොහොත් මුදුන් තබා වැඳ පවුලේ සියලු දෙනාගේම අත්හි පිරිත් නුල් ගැට ගසා මග එමින් අතර තුර කුකුලෙකු මරා නවාතැන් පොලට ගෙන ගොස් කෝකියාට කියා උය පිහාගෙන තම පවුලේ දරුවන් සහ බිරිඳ සතුටින් අනුභව කළේය. මා එදින සියලුම මස් අනුභවය ප්‍රතික්ශේප කලෙමි. කුකුලාගේ මරලතෝනිය මට රාත්‍රිය තිස්සේ දෝංකාර දෙන්නට විය.

බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ මස් අනුභවය වරදක් නොවුවත් තමන් වෙනුවෙන් මරණ ලද මසක් අනුභව නොකරන ලෙසටය. මේ පන්සල් ගානේ ගොස් පිරිත් නුල් ගැට ගසමින් මොවුන් කරන්නේ බුද්ධ ධර්මයටත් වංචාවක් නොවේ දැයි මා මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි.

Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ ඔෆිස් එකෙත් ඉන්නව බන් මේ වගේම ඩයල් එකක්. හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ ඔෆිස් එකෙත් ඉන්නව බන් මේ වගේම ඩයල් එකක්. හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්.

    අන්න නියම ස්ටේට්මන්ට් එක. හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අනේ මන්ද ඔය වගේ එවුන්ට හිනා වෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ බන් :sorry:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    No idea of what Buddhism is and wht karma is... considering religion as a lifestyle thats it..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ ඔෆිස් එකෙත් ඉන්නව බන් මේ වගේම ඩයල් එකක්. හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්.

    ඕන තරම් ඉන්නව බන්..
    පන්සල් හොය හොය යන ඩබලක් ඉන්නව මෙහෙ තාත්තයි පුතයි..
    නොදන්න පන්සලක් නෑ..
    දවසක් කතාවකට ඇවිත් පන්සල් තියන ප්ලේස් කියල කියල මීයො ගැන කතාවක් ආව උන් මීයන්ට තියන වහ ගැන කියන්න ගත්තට
    මීයො කෑවම මීයො කුණු වෙන්නෙ නෑලු කර වෙලා යනවා ලු..

    මගෙන් අහ ගත්ත ප*යො දෙන්න ආයෙ පැත්ත පලාතෙ ආවෙ නෑ..
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    :lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ මස් අනුභවය වරදක් නොවුවත් තමන් වෙනුවෙන් මරණ ලද මසක් අනුභව නොකරන ලෙසටය.

    meka mehema unata mama nam hitane mas malu kohoma kawat pawak kiyala tamai
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට ෆුඩ්සිටි වල මරල තියන මස් කෑවට උබට අවුලක් නැද්ද?
    ඒවල මරන්නෙත් මිනිස්සු වෙනුවෙන් නෙමෙයිද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එතකොට ෆුඩ්සිටි වල මරල තියන මස් කෑවට උබට අවුලක් නැද්ද?
    ඒවල මරන්නෙත් මිනිස්සු වෙනුවෙන් නෙමෙයිද?

    තවම අවබෝධයක් ගන්න බැරි ළදරු මනසක ඉන්නේ උබ. එක්කෝ උබත් මේ ආකාරයෙන් කුකුළු මස් මිලට ගන්න ඇති. ඔය දෙකෙන් එකක තම උබ ඉන්නේ.

    අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.

    මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මජ්ජිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි.

    දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.

    තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21484567 said:
    කොතන ද මෙහෙම කියලා තියෙන්නේ

    එතකොට ෆුඩ්සිටි වල මරල තියන මස් කෑවට උබට අවුලක් නැද්ද?
    ඒවල මරන්නෙත් මිනිස්සු වෙනුවෙන් නෙමෙයිද?

    අදිට්ඨං, අසූතං, අපරිසංකිතන්ති...

    ඔය තුන නැත්තං මස්කෑවට ප්‍රශ්නයක් නෑ...

    වැඩිදුර විස්තර ඕනේනං කියපං..
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ape un pansal gihilla wandinne apita thawa salli labenna, ape pawla diyunu wenna kiyala.
    Buduhamuduruwangen illanneth ekai. Thawa mata denna kiyala.
    Nathuwa niwan dakinna nemei.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තවම අවබෝධයක් ගන්න බැරි ළදරු මනසක ඉන්නේ උබ. එක්කෝ උබත් මේ ආකාරයෙන් කුකුළු මස් මිලට ගන්න ඇති. ඔය දෙකෙන් එකක තම උබ ඉන්නේ.

    අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.

    මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මජ්ජිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි.

    දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.

    තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි.

    හරි එතකොට උබ කුකුලව මරන්ව බලන්ඩ ගිය ඒකයි උබේ වැරැද්ද.උබ මරනවා බලන්ඩ ගියේ නැත්තන් උබට කිසිම පවක් වෙන්නේ නෑ.මොකද උබේ යාළුවගේ අසාවටයි කුකුලව මරන්නේ.

    යාලුවට එක පවක් එතකොට