යාපනයේ_කුකුළුමස්
යාපනයේ කුකුළුමස්.
පසු ගිය සතියේ දිනක අහබු ලෙස යාපනයට යාපනයට යාමට මාහට අවස්තවක් උදා විය. ඒ අපේ නිවසට ගෙවල් කිහිපයකට එහායින් අපි ටිකක් වැඩිපුර ආශ්‍රය කරන පවුලක් සමගය. ඔවුන්ගේ ආරාධනයෙන් මා ඔවුන් සමග ගමනට එක උනෙමි. ඔහු නමින් අමරසිරිය. ඔහු ප්‍රසිද්ද බැංකු ශාඛාවක මැනේජර් වරයෙකි. ඔහුගේ බිරිඳද සේවය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බංකුවක ය. ඔව්න් නිතරම පන්සල සමග ඇසුරු කරන නිරන්තරයෙන්ම වැඳුම් පිදුම් කරන පවුලකි. සෑම දිනකම සැන්දෑවේ නිවසට දුම් අල්ලා වතාවත් කරන පවුලකි.
වැන් රථයක් හයර් කරගෙන ඔවුන්ගේ කුඩා දරුවන් සමග මා ගමන පිටත් උනෙමු. චාරිකාව හොඳින් ගෙවී ගියේය. නාගදීපයට ගොස් වැඳපුදා ගත්තෙමු. අපේ මිත්‍ර මැනේජර් මහතා නාගදීපයේ හාමුදුරුවරු සමග බොහෝ වෙලාවක් ගත කරනු මා දැක්කෙමි. ඔහු බුදුන් වන්දේ දොහොත් මුදුන් දී ය. ඔහු යාපනයේ බොහෝ පන්සල් වත ගොස් වැඳපුදා ගත්තේය. පිරිත් නුල්ද නොඅඩුව තමාගේ සහ පවුලේ උදවියගේ බැඳගත්තේය.
පළමු දිනයේ සංචාරය නිමවා අපි නවාතැන් ගත් හෝටලය බලා ගමන් ඇරබුවෙමු. හෝටලයක් කීවට එය නිවසකි. එහි කෝකියෙක් ඇත. අප එළවලු ,සහල්, මස් මාළු කෝකියාට ගෙනත් දුන් විට ඔහු එය උයා පිහා දෙයි. එවිට වැයවන්නේ හෝටලයකට යන මුදලට වඩා අඩු මුදලකි. සල්ලිත් ඉතුරු වන අතර කෑමත් රසවත්ය.
මග එනවිට එළවලු කඩයක් අසල වෑන් රථය නවත්වා අපි එළවලු මිලදී ගත්තෙමු. එළවලු මිලදී ගන්නා අතරතුර අපේ බැංකු මහතා එළවළු කඩේ මුදලාලිගෙන් මෙසේ ඇසීය " මුදලාලි මේ හරියේ කපලා ගන්න පුළුවන් කුකුල් මස් තියනවාද ? " මට එය පැහැදිලි නොවුයෙන් මා සිතුවේ අපි සුපර් මාර්කට් වල කුකුළු මස් මිලදී ගැනීමේදී බුචරියට දී කපා ගෙදර ගෙනියන ආකාරයටය. මුදලාලි මස් ගන්නා ස්ථානයට යන පාර පෙන්නුවේය. එය එළවලු කඩයට කිලෝමීටරයක් දෙකක් පමණ දුරින් පිහිටා ඇත. අපි වෑන් රථයෙන්ම එහි ලඟා වූයෙමු. මා වාහනයේ එලියට බැස සිගැරට්ටුවක් දල්වා ගෙන අවට චායාරුප කිහිපයක් ගත්තෙමි. අපේ බැංකු මහතා සහ ඔහුගේ බිරිය සමගින් කුකුළු මස් ගැනීමට බිල්ඩිමකට ඇතුලට ගොඩ විය.
මද වෙලාවකින් කුකුලෙකු මර ලතෝනි දෙන සද්දයක් අසුනෙමි.. ඒ කුකුලෙකු ගාතනය කිරීමේදී ඇතිවෙන වේදනාවෙන් මොර දෙන විලාපයකි. දැන් මට කාරණය වැටහුණි. මේ බැංකු මැනේජර්වරයා ගොස් ඇත්තේ කුකුළු ෆර්ම් එකකටය. ඔහුට අවශ්‍යව ඇත්තේ පණපිටින් තමන්ට අවශ්‍ය කුකුලෙකු මරා ගැනීමටය. පසුව මා දොර ඇරගෙන බිල්ඩිමට ඇතුළු වුනෙමි. එවිට මා දුටුවේ කොක්ක ක ගසා පිහාටු ගලවන කුකුලෙකි. ඒ වන විටත් කුකුලාහේ මස් නලියමින් ගැහෙමින් තිබුණි. ඒ අතරතුර අපේ බැංකු මහතාගේ දෙනෙත් සතුට්න් බැබළෙනු මා දුටුවෙමි. එවිට ඔහු " මල්ලි මේවා නියම ෆ්‍රෙෂ් බඩු. අපිට මේවා එහෙදි කන්න ලැබෙනවා අඩුයි. නියම ගම් කුකුළු මස්. " මට ඇතිවුයේ දැඩි කම්පනයකි. වේදනාවකි. මට ඒ කුකුලා මරණ බයෙන් සහ වේදනාවෙන් මොර දුන්න හැටි දෝංකාර දෙන්නට විය.
මොහු දවස තිස්සෙම නාගදීපය වන්දනා කරමින් තව පන්සල 2-3 කටම ගොස් දොහොත් මුදුන් තබා වැඳ පවුලේ සියලු දෙනාගේම අත්හි පිරිත් නුල් ගැට ගසා මග එමින් අතර තුර කුකුලෙකු මරා නවාතැන් පොලට ගෙන ගොස් කෝකියාට කියා උය පිහාගෙන තම පවුලේ දරුවන් සහ බිරිඳ සතුටින් අනුභව කළේය. මා එදින සියලුම මස් අනුභවය ප්‍රතික්ශේප කලෙමි. කුකුලාගේ මරලතෝනිය මට රාත්‍රිය තිස්සේ දෝංකාර දෙන්නට විය.
බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ මස් අනුභවය වරදක් නොවුවත් තමන් වෙනුවෙන් මරණ ලද මසක් අනුභව නොකරන ලෙසටය. මේ පන්සල් ගානේ ගොස් පිරිත් නුල් ගැට ගසමින් මොවුන් කරන්නේ බුද්ධ ධර්මයටත් වංචාවක් නොවේ දැයි මා මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි.

Last edited: