මචං ඔයා අහලා තියෙන ප්‍රශ්නයට උත්තරයක් නම් නෙවේ මේ කියන්නෙ.
තාත්තාගෙ හිත සැහැල්ලුවෙන් තියන්න බලන්න. සුවදුක් හොයන්න ගෙදරට ඇවිත් අඩලා දොඩලා හිත බය කරවන අයව පුලුවන් නම් හිමීට මොනවා හරි කියලා යවන්න බලන්න.
ලෙඩේම ඔලුවෙ තියන් ඉන්න දෙන්න එපා. බෙහෙත් ගන්න යන පාරෙ ලස්සන පන්සලක් තිබුනොත් එතනටත් ගිහින් එන්න. තාත්තට පිරිත් පොතක් ගෙනත් දෙන්න එයාටම කියන්න කියලා. නැත්තං ඔයාලා හරි පිරිත් කියන්න. Shraddha TV එකේ ලස්සන බණ යනවා, අහන්න දෙන්න. (බණ අහන්න අකමැති කෙනෙක් නම් නිකං ඇහෙන්න දාලා තියන්න. එතකොට ලෙඩේ ගැනම හිත හිත ඉන්න එකත් අඩු වෙයි.
* දේවාල වලට නම් සල්ලි නාස්ති කරන්න එපා මචං. බොරු වැඩක්.
හදිස්සියකදි දෙන්න ඔ්නෙ ප්‍රථමාධාර මොනවද, ඒවා කරන්නෙ කොහොමද කියන එක දැන්ම youtube එකෙන් හොයලා බලන්න, අම්මාටයි අනිත් අයටයිත් ඒක කියලා දෙන්න.
හදිස්සියෙම hospital එකට යන්න වුණොත් three wheel අයගෙ numbers/ ඔයාලගෙ වාහනේ ඉක්මණට එළියට ගන්නෙ කොහොමද වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. (ඒවා තාත්තට කියන්න යන්න ඔ්නෙ නෑ)
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.