යුද අවිවල සුසාන බිම්-2
ලොව පුරා හුදකලා වූ හමුදා කඳවුරු රැසක් තිබුණත් ජොන්ස්ටන් ඇටොල්(Johnston Atoll) වැනි ඉතා දුරින් පිහිටි(ජනාවාසවලින්) හමුදා කඳවුරු ඇත්තේ සුළු ප්රමාණයකි.මෙය මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි ගුවන් පථයකට වඩා දෙයක් නොපෙනෙන කඳවුරක් වුවද අතහැර දැමීමට පෙර කවර ආකාරයේ ඉදිකිරීම් තිබුණේද යැයි සිතාගත හැකිය.බොහෝවිට මෙහි භූගත පහසුකම් තිබෙන්නට ඉඩ ඇති.මෙය එක්සත් ජනපදයට අයත් භූමියකි.මේ අවට තිබෙන දූපත් ඇතුලුව වර්ග කිලෝ මිටර් 50ක භුමියක් ඔවුන් සතුය.ඒවා අතර ජොන්ස්ටන් දූපත ප්‍රධාන වේ.1926 වසරේ ලැබුණු නියෝග පරිදි මෙහි පක්ෂීන්ගේ අභයභූමියක් ස්ථාපනය කෙරුණද 1934 දී එහි පාලනය එක්සත් ජනපද නාවික හමුදාව යටතට පත් කෙරිණි.ඉන්පසු මෙම දූපත න්‍යෂ්ඨික අවි අත්හදා බලන භූමියක් බවට පත්විය.
මෙම දූපත හවායි දූපත්වලට නාවුක සැතපුම් 750ක් බටහිර දෙසින් පිහිටි ස්වාභාවික කොරල් දිවයිනකි.වසර ගණනාවක් තිස්සේ එය කෘත්රීමව විශාල කිරීමේ ප්‍රතිඵලය ලෙස හමුදා කඳවුරකට උචිත ලෙස විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්නා ලදි.
ජොන්ස්ටන් දූපත නාවික කඳවුරක් ලෙස USS Lansing වැනි නෞකාවලට පහසුකම් සැලසීය.පැසිෆික් සාගරයේ මෙම හුදකලා ප්‍රදේශයේ තිබූ එවැනි පහසුකම් සැලසිය හැකි එකම දූපතද එය විය.මෙහි තිබෙන ගුවන් පථය දූපතට සැපයුම් ගෙන ඒමට සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කෙරිණි.තවද මෙම දූපතට වාණිජ දුරකතන මාර්ග 10ක් සම්බන්ධව තිබූ අතර එහි සිට දුරකතන මාර්ග 10ක් විහිදී ගොස් තිබේ.
USS Lansing
1958 සිට 1975 වසර තෙක් මෙම දූපත භූගත සහ මතුපිට න්‍යෂ්ඨික අවි සඳහා අත්හදා බැලීමේ භූමියක් ලෙස යොදාගන්නා ලදි.1962 වසරේ Operation Dominic මෙහෙයුමේදී න්‍යෂ්ඨික මිසයිල කිහිපයක් පරීක්ෂා කරන්නට මෙම ජොන්ස්ටන් දූපත යොදාගෙන තිබේ.පහත රූපයේ දැක්වෙන්නේ එම න්‍යෂ්ඨික අත්හදා බැලීමේදී අහසේ ඇතිවූ තියුණු දිලිසුමයි.අසාර්ථක වූ අත්හදා බැලීමක රොකට් එන්ජිමක් ඊළඟ රූපයෙන් පෙන්වා තිබේ.
ජොන්ස්ටන් දූව ඇමෙරිකාවේ පළමු ඔත්තුබලන චන්ද්‍රිකා සහ අනෙකුත් විද්‍යාත්මක රොකට් දියත් කරන්නට යොදාගෙන තිබේ.නමුත් 1993 පටන් එය හමුදාමය මෙහෙයුම් සඳහා යොදා ගැනීම අවම කර තිබෙන්නේ රසායනික අවිවල අවශේෂ විශාල වශයෙන් අඩංගු වීම නිසාය.මෙහි සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම්(1962) නිසා ඉතිරි වූ විකිරණශීලී අවශේෂ,වියට්නාමයට එරෙහිව යොදාගත් රසායනික අවිවල අවශේෂ සහ සෝවියට් දේශයේ සරීන් ස්නායු වායු මෙම භූමියේ ඉතිරිව තිබේ.
1992 වසරේ පළවූ වාර්තාවකින් කියවුනේ SR-71 Blackbird යානයට ආදේශකයක් ලෙස නිපදවූ ආවුරෝරා(Aurora) නම් ඔත්තුබලන යානය මෙම දූපතට ගොඩ බා තිබෙන බවයි.
"අවුරෝරා නෙවාඩා කාන්තාරයේ කඳවුරකින් ගුවන් ගත වී පැසිෆික් සාගරයේ දිවයිනකට ගමන් කලා,ඊටපසු එය යලි එ.ජනපදයට එන්නට පෙර තෙල් පුරවා ගන්නට ස්කොට්ලන්තයට පැමිණියා" යනුවෙන් එම වාර්තාවේ සඳහන් බව කියවේ.
Aurora spyplane
ජොන්ස්ටන් දූපතේ තිබෙන දිගු ගුවන් පථය මෙන්ම එය පැසිෆික් සාගරයේ සැඟවුණු ස්ථානයක් වූ නිසා එවැනි රහස්‍ය අතිධ්වනි ගුවන් යානයක් ගොඩ බස්සවන්නට යොදාගන්නට ඇතැයි සිතිය හැකිය.
2003 වසරේදී ජොන්ස්ටන් දූපත මත්ස්‍ය සහ වනජීවී රක්ෂිතයක් බවට පත්කරන ලදි.එහි තිබූ සියලුම හමුදාමය ඉදිකිරීම් පහසුකම් විනාශ කර දමන ලදි.ගුවන් පථය වසා දමන ලද බව පෙන්වීමට එහි දෙකෙළවර කතිරවලින් සලකුණුකරන ලදි.අතීතයේ මෙම දූපතේ තිබූ ගොඩනැගිලි මාර්ග ආදියේ සලකුණු ඡායාරූපවලින් පැහැදිලිව පෙනේ.මාර්ක් එග්රිච් නැමැත්තා අවසර සහිතව ලබාගත් ඡායාරූපවලට අනුව දැන් දූපත පිහිනුම් තටාකයක්,ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් සහ ආපනශාලාවකින් සමන්විතය.ඉදිකිරීම් ඉවත් කරන අයුරුද එම ඡායාරූපවල දැක්වේ.
මෙය ටයිටෑන් මිසයිල සංකීර්ණයකි.මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටනයේ අක්කර 57ක් පුරා විහිදී ගිය පොළොව මත පිහිටි ඉදිකිරීම් සහ භූගත ගොඩනැගිලි 16කින් සමන්විතය.මෙම භූගත කඳවුරු සංකීර්ණයට න්‍යෂ්ඨික යුද්ධයකදී මිනිසුන් 150ක් දවස් 30ක් දක්වා පිටතින් සැපයුම් හෝ ආධාර නොමැතිව නඩත්තු කිරීමේ හැකියාව තිබුණු බව කියවේ.නමුත් පසුකාලයේදී පහසුවෙන් තැනින් තැනට ගෙන යා හැකි මිසයිල දියත් කරන පද්ධති පහසුකම් නිර්මාණය වීමත් සමග භූගතව පිහිටි මෙවැනි මිසයිල දියත් කරන කඳවුරුවල අවශ්‍යතාවය ක්‍රමයෙන් අවම කරන ලදි.ගංවතුර නිසා සිදුවන ජල කාන්දුවීම්,නඩත්තු කිරීම් ක්‍රමයෙන් නවතා දැමීම නිසා මෙම භූගත කඳවුරු අභාවයට ගියේය.මෙම භූගත පහසුකම් 1961-1965 අතර කාලයේ භාවිතා කර තිබේ.මෙය නිර්මාණය කිරීම එසමයේ ඇ.ඩො. මිලියන් 170ක් හෙවත් 2011 වසරට අනුව ඇ.ඩො. බිලියන 1.26ක් වැය වී තිබේ.
සෝවියට් යුද ටැංකිවල ඇෆ්ගන් සුසාන බිම
වසර 10ක් ඇෆ්ගනිස්ථානයේ යුද වැදී 1989 වසරේදී පිටත්ව ගිය සෝවියට් හමුදා දමා ගිය යුද ටැංකි විශාල ප්‍රමාණයක් කාබුල් නගරයේ ගුවන් තොටුපල පිටත ප්‍රදේශයක තවමත් ඉතිරිව තිබේ.ඒවා 1960,1970 දශකවල නිපදවූ යුද ටැංකිවන අතර ඉන් සමහරක් ඇෆ්ගන් හමුදාව විසින් අලුත්වැඩියා කර තලෙයිබාන් ත්රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන බව වාර්තාවේ.ඔවුන් කියන පරිදි T-55, T-62 යුද ටැංකි කිහිපයක් තවමත් ක්‍රියාත්මක කල හැකි තත්ත්වයේ පවතියි.තවද ඔවුන්ගේ යුද ටැංකිවලට අවශ්‍ය සමහර කොටස් පවා සෝවියට් හමුදා හැරදමා ගිය යුද ටැංකිවලින් ලබාගෙන තිබේ.මෙම යුද ටැංකි ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශවලට ඉතා යෝග්‍ය බවයි ඇෆ්ගන් හමුදාව පවසන්නේ.
Source:Cracked.com
-HarshaLulzSec-
යුද අවිවල සුසාන බිම් ලිපියේ දෙවන කොටස ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ජොන්ස්ටන් දූපත-අතහැර දැමූ නාවික හමුදා කඳවුර
ජොන්ස්ටන් දූපත-අතහැර දැමූ නාවික හමුදා කඳවුර
ලොව පුරා හුදකලා වූ හමුදා කඳවුරු රැසක් තිබුණත් ජොන්ස්ටන් ඇටොල්(Johnston Atoll) වැනි ඉතා දුරින් පිහිටි(ජනාවාසවලින්) හමුදා කඳවුරු ඇත්තේ සුළු ප්රමාණයකි.මෙය මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි ගුවන් පථයකට වඩා දෙයක් නොපෙනෙන කඳවුරක් වුවද අතහැර දැමීමට පෙර කවර ආකාරයේ ඉදිකිරීම් තිබුණේද යැයි සිතාගත හැකිය.බොහෝවිට මෙහි භූගත පහසුකම් තිබෙන්නට ඉඩ ඇති.මෙය එක්සත් ජනපදයට අයත් භූමියකි.මේ අවට තිබෙන දූපත් ඇතුලුව වර්ග කිලෝ මිටර් 50ක භුමියක් ඔවුන් සතුය.ඒවා අතර ජොන්ස්ටන් දූපත ප්‍රධාන වේ.1926 වසරේ ලැබුණු නියෝග පරිදි මෙහි පක්ෂීන්ගේ අභයභූමියක් ස්ථාපනය කෙරුණද 1934 දී එහි පාලනය එක්සත් ජනපද නාවික හමුදාව යටතට පත් කෙරිණි.ඉන්පසු මෙම දූපත න්‍යෂ්ඨික අවි අත්හදා බලන භූමියක් බවට පත්විය.
Johnston Atoll පිහිටීම
මෙම දූපත හවායි දූපත්වලට නාවුක සැතපුම් 750ක් බටහිර දෙසින් පිහිටි ස්වාභාවික කොරල් දිවයිනකි.වසර ගණනාවක් තිස්සේ එය කෘත්රීමව විශාල කිරීමේ ප්‍රතිඵලය ලෙස හමුදා කඳවුරකට උචිත ලෙස විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්නා ලදි.
කාලයෙන් කාලයට දූපතේ වර්ගප්‍රමාණය වැඩිකල හැටි
ජොන්ස්ටන් දූපත නාවික කඳවුරක් ලෙස USS Lansing වැනි නෞකාවලට පහසුකම් සැලසීය.පැසිෆික් සාගරයේ මෙම හුදකලා ප්‍රදේශයේ තිබූ එවැනි පහසුකම් සැලසිය හැකි එකම දූපතද එය විය.මෙහි තිබෙන ගුවන් පථය දූපතට සැපයුම් ගෙන ඒමට සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කෙරිණි.තවද මෙම දූපතට වාණිජ දුරකතන මාර්ග 10ක් සම්බන්ධව තිබූ අතර එහි සිට දුරකතන මාර්ග 10ක් විහිදී ගොස් තිබේ.
USS Lansing
1958 සිට 1975 වසර තෙක් මෙම දූපත භූගත සහ මතුපිට න්‍යෂ්ඨික අවි සඳහා අත්හදා බැලීමේ භූමියක් ලෙස යොදාගන්නා ලදි.1962 වසරේ Operation Dominic මෙහෙයුමේදී න්‍යෂ්ඨික මිසයිල කිහිපයක් පරීක්ෂා කරන්නට මෙම ජොන්ස්ටන් දූපත යොදාගෙන තිබේ.පහත රූපයේ දැක්වෙන්නේ එම න්‍යෂ්ඨික අත්හදා බැලීමේදී අහසේ ඇතිවූ තියුණු දිලිසුමයි.අසාර්ථක වූ අත්හදා බැලීමක රොකට් එන්ජිමක් ඊළඟ රූපයෙන් පෙන්වා තිබේ.
ජොන්ස්ටන් දූව ඇමෙරිකාවේ පළමු ඔත්තුබලන චන්ද්‍රිකා සහ අනෙකුත් විද්‍යාත්මක රොකට් දියත් කරන්නට යොදාගෙන තිබේ.නමුත් 1993 පටන් එය හමුදාමය මෙහෙයුම් සඳහා යොදා ගැනීම අවම කර තිබෙන්නේ රසායනික අවිවල අවශේෂ විශාල වශයෙන් අඩංගු වීම නිසාය.මෙහි සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම්(1962) නිසා ඉතිරි වූ විකිරණශීලී අවශේෂ,වියට්නාමයට එරෙහිව යොදාගත් රසායනික අවිවල අවශේෂ සහ සෝවියට් දේශයේ සරීන් ස්නායු වායු මෙම භූමියේ ඉතිරිව තිබේ.
1992 වසරේ පළවූ වාර්තාවකින් කියවුනේ SR-71 Blackbird යානයට ආදේශකයක් ලෙස නිපදවූ ආවුරෝරා(Aurora) නම් ඔත්තුබලන යානය මෙම දූපතට ගොඩ බා තිබෙන බවයි.
"අවුරෝරා නෙවාඩා කාන්තාරයේ කඳවුරකින් ගුවන් ගත වී පැසිෆික් සාගරයේ දිවයිනකට ගමන් කලා,ඊටපසු එය යලි එ.ජනපදයට එන්නට පෙර තෙල් පුරවා ගන්නට ස්කොට්ලන්තයට පැමිණියා" යනුවෙන් එම වාර්තාවේ සඳහන් බව කියවේ.
Aurora spyplane
ජොන්ස්ටන් දූපතේ තිබෙන දිගු ගුවන් පථය මෙන්ම එය පැසිෆික් සාගරයේ සැඟවුණු ස්ථානයක් වූ නිසා එවැනි රහස්‍ය අතිධ්වනි ගුවන් යානයක් ගොඩ බස්සවන්නට යොදාගන්නට ඇතැයි සිතිය හැකිය.
2003 වසරේදී ජොන්ස්ටන් දූපත මත්ස්‍ය සහ වනජීවී රක්ෂිතයක් බවට පත්කරන ලදි.එහි තිබූ සියලුම හමුදාමය ඉදිකිරීම් පහසුකම් විනාශ කර දමන ලදි.ගුවන් පථය වසා දමන ලද බව පෙන්වීමට එහි දෙකෙළවර කතිරවලින් සලකුණුකරන ලදි.අතීතයේ මෙම දූපතේ තිබූ ගොඩනැගිලි මාර්ග ආදියේ සලකුණු ඡායාරූපවලින් පැහැදිලිව පෙනේ.මාර්ක් එග්රිච් නැමැත්තා අවසර සහිතව ලබාගත් ඡායාරූපවලට අනුව දැන් දූපත පිහිනුම් තටාකයක්,ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් සහ ආපනශාලාවකින් සමන්විතය.ඉදිකිරීම් ඉවත් කරන අයුරුද එම ඡායාරූපවල දැක්වේ.
Mark Eggerich ජොන්ස්ටන් දූපතේදී ලබාගත් ඡායාරූප කිහිපයක්
වොෂින්ටනයේ භූගත මිසයිල ගබඩාව
මෙය ටයිටෑන් මිසයිල සංකීර්ණයකි.මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටනයේ අක්කර 57ක් පුරා විහිදී ගිය පොළොව මත පිහිටි ඉදිකිරීම් සහ භූගත ගොඩනැගිලි 16කින් සමන්විතය.මෙම භූගත කඳවුරු සංකීර්ණයට න්‍යෂ්ඨික යුද්ධයකදී මිනිසුන් 150ක් දවස් 30ක් දක්වා පිටතින් සැපයුම් හෝ ආධාර නොමැතිව නඩත්තු කිරීමේ හැකියාව තිබුණු බව කියවේ.නමුත් පසුකාලයේදී පහසුවෙන් තැනින් තැනට ගෙන යා හැකි මිසයිල දියත් කරන පද්ධති පහසුකම් නිර්මාණය වීමත් සමග භූගතව පිහිටි මෙවැනි මිසයිල දියත් කරන කඳවුරුවල අවශ්‍යතාවය ක්‍රමයෙන් අවම කරන ලදි.ගංවතුර නිසා සිදුවන ජල කාන්දුවීම්,නඩත්තු කිරීම් ක්‍රමයෙන් නවතා දැමීම නිසා මෙම භූගත කඳවුරු අභාවයට ගියේය.මෙම භූගත පහසුකම් 1961-1965 අතර කාලයේ භාවිතා කර තිබේ.මෙය නිර්මාණය කිරීම එසමයේ ඇ.ඩො. මිලියන් 170ක් හෙවත් 2011 වසරට අනුව ඇ.ඩො. බිලියන 1.26ක් වැය වී තිබේ.
පොළොව මතුපිටින් බැලූවිට පෙනෙන අයුරු(පැරණි ඡායාරූපයකි)
භූගත ගොඩනැගිලි සංකීර්ණයේ සැලැස්ම
HGM-25A Titan I
භූගත ගොඩනැගිලිවල දර්ශන
සෝවියට් යුද ටැංකිවල ඇෆ්ගන් සුසාන බිම
වසර 10ක් ඇෆ්ගනිස්ථානයේ යුද වැදී 1989 වසරේදී පිටත්ව ගිය සෝවියට් හමුදා දමා ගිය යුද ටැංකි විශාල ප්‍රමාණයක් කාබුල් නගරයේ ගුවන් තොටුපල පිටත ප්‍රදේශයක තවමත් ඉතිරිව තිබේ.ඒවා 1960,1970 දශකවල නිපදවූ යුද ටැංකිවන අතර ඉන් සමහරක් ඇෆ්ගන් හමුදාව විසින් අලුත්වැඩියා කර තලෙයිබාන් ත්රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන බව වාර්තාවේ.ඔවුන් කියන පරිදි T-55, T-62 යුද ටැංකි කිහිපයක් තවමත් ක්‍රියාත්මක කල හැකි තත්ත්වයේ පවතියි.තවද ඔවුන්ගේ යුද ටැංකිවලට අවශ්‍ය සමහර කොටස් පවා සෝවියට් හමුදා හැරදමා ගිය යුද ටැංකිවලින් ලබාගෙන තිබේ.මෙම යුද ටැංකි ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශවලට ඉතා යෝග්‍ය බවයි ඇෆ්ගන් හමුදාව පවසන්නේ.
මෙම යුද ටැංකි අතහැර දමා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේය
සෝවියට් දේශය දමා ගිය සමහර යුද ටැංකි ඇෆ්ගන් රජයේ හමුදාව තවමත් පාවිච්චි කරන බව වාර්තා වේ
Source:Cracked.com
-HarshaLulzSec-
Last edited: