ඩොටේ ගං කබරයෝ ඇරියස් කොලබ උන් , වෙන හොද ඉස්කෝල වල උන් එක්ක . ඉංග්‍රීසි නම් / අමුතු නම් තියන ඉස්කෝල එක්කත් ඇරියස් (මැසනඩ් වගේ ) .
උන්ට ඉස්කෝලේ ඇහුවම නාලන්දේ , ආනන්දේ , රෝයල් වගේ කියන්න බෑ . රාජකීය විද්‍යාලය කොලබ , ආනන්ද විද්‍යාලය කොලබ වගේ කියන්න ඕනේ . ආනන්දේ කිව්වොත් පන්සලක් ද අහනව , රෝයල් කිව්වොත් ඉස්සරහ බත් කඩේ ද අහනව ගොන් ආතල් .

මම නම් මොන පම්ක්ය ඇහුවත් නාලන්දේ කියලා කිව්වේ . අපේ එකෙක්ගෙන් අහල තිබ්බ ආනන්දේ කිව්වම ලොකුද කියල . ඌ ටිකක් කල්පනා කරල ඔව් ටිකක් ලොකුයි කියලා තිබ්බ
දවසක් හවස් උඩ බැච් එකේ උන් ටිකක් ඇවිත් අපි සෙල්ලම් කර කර ඉද්දි චැලේන්ජ් කරා මැච් එකකට . එතන අපේ හිටපු උන් ක්‍රිකට් පිස්සෝ ටික group එකේ . ආනන්දේ ෆස්ට් ලෙවන් ගහපු එකෙකුත් හිටිය . . ගැහුවා ගැහිල්ලක් චූ යන්න . මුන් එකේ මලට මැච් එක ඉවර උනාම union කැරියෙක් ට අපිව මාට්ටු කරා රෑ වෙනකන් ග්‍රවුන්ඩ් එකේ හිටිය කියලා ඩ්‍රස් කෝඩ් එකෙන් .... ඌ මටයි , මම වගේම ඒ කාලේ පොඩ්ඩක් නාහෙට අහන්නේ නැති ආනන්දේ අපේ බෝඩිමේ එකෙක්ටයි ඊලග දවසේ කොන්ඩේ කපන් වරෙන් නැත්නම් උඩ කැන්ටිමේ තියල කොන්ඩේ කපනව කිව්වා . අපි දෙන්නට පට්ටෙට මල පනිනවා ඒ කාලේ .
ඊලග දවසේ උදේ අපි දෙන්න ගියේ ඒ වගේ මොනව හරි කරොත් නම් නෙලනවා කියලා .. යද්දී අරු කැන්ටිමේ කනවා . අපි වඩේ අරන් ඌ හිටපු තැනටම ගිහින් කාල ගියේ . . මුකුත් කියන්න ආවේ නෑ .