රෑට රෑට අමනුස්සයින් එන

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    රෑට රෑට අමනුස්සයින් එන

    මාසයකට වැඩි කාලයක් තිස්සේ විටින් විට මනුෂ්‍ය රූප මවමින් දිස්වුනු මළගියවුන් පිරිසක් තමන් වහන්සේ වැඩවසන විහාරස්ථානයේ ආවාස කුටියේ ලැගුම්ගෙන සිටි බව අමනුෂ්‍ය පිරිසක් සියසින් දුටු බව කියන මහනුවර විජිත නන්ද හිමිපාණෝ පවසනවා.

    ඉන් කිහිප දෙනෙකු තමන් වහන්සේට කරදර කිරීමට උත්සහ කළ බව ද උන්වහන්සේ පවසනවා. මේ දිනවල අනුරාධපුර පොතානේගම පිහිටි ශ‍්‍රී විජයාරාමයේ වැඩවසන උන්වහන්සේ ජෝතිෂ්‍ය කටයුතුවල යෙදෙමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විහාරස්ථානවල වැඩම කරනු ලබන හිමිනමක්.

    පැවිදි දිවියේ වසර 20ක් ගතකොට ඇති උන්වහන්සේ අත්විඳි මෙම අත්භුතජනක සිදුවිම් පෙල මෙසේ විස්තර කළා
    .
    ”මුල්ම සිද්ධිය වුණේ මීට මාසයකට විතර උඩදි. එදා රෑ මා ආවාස කුටියේ සැතපි ඉද්දි බල්ලන් බුරන හඩක් ඇසුණා. බල්ලා නොනවත්වාම බුරපු නිසා මම නැගිටල ආවාස කුටියේ දොරකඩ ඇවිදගෙන ආව. ඒ වෙලාවෙ විහාර භුමියේ කසු කුසු ගාමින් විශාල පිරිසක් සිටිනවා දැක්කා.

    මා අතේ තිබුණු ටෝච් එක දල්වලා ඒ දෙසට යොමුකරා. එවිට මා අදුරේ දුටු මිනිසුන් කිසිවකු දැක්කේ නෑ. මා විදුලි පන්දම නැවත නිවා දැමුවා. විහාර භුමියේ සිටි පිරිස නැවත මා දැක්කා. මා දැනගත්තා මේ රැස්වි සිටින්නේ අමනුෂ්‍යයන් පිරිසක් කියා.

    එදින රැය පහන්වන තුරුම බල්ලන් විටින් විට බුරන හඩ ඇසුණා. පසුදින උදෑසන දායක මහතෙකු මට උදැසන හීල් දානය රැගෙන ආවා. දානය තැබුවේ දානශාලාවේ මේසය මත. වට්ටියෙන් වසා තිබු දානය වට්ටිය ඇර කා දමන අයුරු මා හොදින් දුටුවා. මා ඒ තැනට ගොස් දානය තිබෙනවාද කියා පරික්ෂා කළා. දායක මහතා ගෙනා හීල් දානය ඒ අයුරින්ම තිබුණා. නමුත් එහි රසය හා සුවඳක් තිබුණේ නෑ. මේ පිරිස විටින් විට මාගේ කාමරයට පැමිණියා. නමුත් කිසිදු කරදරයක් තිබුණේ නෑ.

    සුදු ඇඳුමින් සැරසි සිටි මෙම පිරිස අතරේ පිරිමින් කාන්තාවන් හා කුඩා දරුවන් සිටියා. මා විමසුවා උඔලා විහාරස්ථානයට පැමිණියේ ඇයි කියා. අපට පිං මදි නිසා විහාරස්ථානයට පැමිණි බව ඔවුන් පැවසුවා. උඔලාට පිං අවශ්‍ය නම් පන්සලේ සිටියට වැඩක් නැහැ. උඩ මළුවට ගොස් පිං රැස්කර ගනිල්ලා කියා මා උස් ස්වරයෙන් පැවසුවා. ඉන්පසු මා හට එම පිරිස නැවත දර්ශනය උණේ නෑ.”

    මාස එකහමාර කාළය තුල සිදුවු සිදුවිම් සම්බන්ධයෙන් තමන් වහන්සේට තවමත් කුතුහලයක් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් අප සමඟ පැවසුවා.


    http://offair.nethfm.com/article/28718
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සාමාන්‍යයෙන් අවට මළ ගෙයක් උනාමත් බල්ලො උඩු බුරන සීන් එකනම් තියෙනව ... උන්ට අපිට නොදැනෙන දෙයක් දැනෙනව ඇති
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ඇත්තයි කියන්නත් අමාරුයි බොරුවක් කියන්නත් අමාරුයි... :oo::oo:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ඉන්න අත්භූත ජීවය පිලිබඳ ඔස්තාර් ලට අනුව මේක බොරුවක්...හාමුදුරුවෝ හෙන කෙප්පයක් දෙසා බාන්නේ...හොල්මන් කියල දෙයක් නැහැ :rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේකේ ඉන්න අත්භූත ජීවය පිලිබඳ ඔස්තාර් ලට අනුව මේක බොරුවක්...හාමුදුරුවෝ හෙන කෙප්පයක් දෙසා බාන්නේ...හොල්මන් කියල දෙයක් නැහැ :rofl:

    :yes:
    හොල්මන් කියල දෙයක් නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සාමාන්‍යයෙන් අවට මළ ගෙයක් උනාමත් බල්ලො උඩු බුරන සීන් එකනම් තියෙනව ... උන්ට අපිට නොදැනෙන දෙයක් දැනෙනව ඇති

    බල්ලන්ට අපිට වඩා දේවල් පේනවා,සද්ද ඇහෙනවා,ගද සුවද හොදට දැනෙනවා.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇයි උබ අර නහය දිග ඇවටර් එක වෙනස් කරේ? දැන් ආයේ උබව අදුරගන්න බැහැ :P:rofl:
    මම වෙස් වලාගෙන ඉන්නේ:)
    ඒ කියන්නෙ උඹ සොහොනක තනියම නයිටක් ගහන්න උනත් බය නැතුව ඇති නේද :)
    :(
    හොල්මන් නැති උනාට බය කියන දේ තියනව නෙ බන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,279
    4,408
    113
    ඇයි එන්නද
    මේකේ ඉන්න අත්භූත ජීවය පිලිබඳ ඔස්තාර් ලට අනුව මේක බොරුවක්...හාමුදුරුවෝ හෙන කෙප්පයක් දෙසා බාන්නේ...හොල්මන් කියල දෙයක් නැහැ :rofl:

    ubala oya town vala jeevath vana nisa ohoma kiyanne mama podi kale idala game hitya nisa kiyanne holman kiyala deyak thiyenava mehe vage neme

    light thiyenne hugak athin, kali kapanna puluwan kaluwara, sathhu ka gahanava,

    ara boralla kanathhe vadasatahanak giya venasae eka balanna
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම වෙස් වලාගෙන ඉන්නේ:)

    :(
    හොල්මන් නැති උනාට බය කියන දේ තියනව නෙ බන්

    :lol::lol::lol::rofl: අනේ යකෝ...මේකේ ඉන්න හොල්මන් ඔස්තාර් ල නම් ඔහොම කියන්නේ නැහැ...උන් කනත්තවල් වල හෙනට කරක් ගහපු උන්...හොල්මන් හොයාගෙන ගිහින් තියෙන්නේ...:lol:

    උන් තමා හැබැයි එහෙම කියන්නේ..:rofl: