රෑට රෑට අමනුස්සයින් එන
මාසයකට වැඩි කාලයක් තිස්සේ විටින් විට මනුෂ්‍ය රූප මවමින් දිස්වුනු මළගියවුන් පිරිසක් තමන් වහන්සේ වැඩවසන විහාරස්ථානයේ ආවාස කුටියේ ලැගුම්ගෙන සිටි බව අමනුෂ්‍ය පිරිසක් සියසින් දුටු බව කියන මහනුවර විජිත නන්ද හිමිපාණෝ පවසනවා.
ඉන් කිහිප දෙනෙකු තමන් වහන්සේට කරදර කිරීමට උත්සහ කළ බව ද උන්වහන්සේ පවසනවා. මේ දිනවල අනුරාධපුර පොතානේගම පිහිටි ශ‍්‍රී විජයාරාමයේ වැඩවසන උන්වහන්සේ ජෝතිෂ්‍ය කටයුතුවල යෙදෙමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විහාරස්ථානවල වැඩම කරනු ලබන හිමිනමක්.
පැවිදි දිවියේ වසර 20ක් ගතකොට ඇති උන්වහන්සේ අත්විඳි මෙම අත්භුතජනක සිදුවිම් පෙල මෙසේ විස්තර කළා
.
”මුල්ම සිද්ධිය වුණේ මීට මාසයකට විතර උඩදි. එදා රෑ මා ආවාස කුටියේ සැතපි ඉද්දි බල්ලන් බුරන හඩක් ඇසුණා. බල්ලා නොනවත්වාම බුරපු නිසා මම නැගිටල ආවාස කුටියේ දොරකඩ ඇවිදගෙන ආව. ඒ වෙලාවෙ විහාර භුමියේ කසු කුසු ගාමින් විශාල පිරිසක් සිටිනවා දැක්කා.
මා අතේ තිබුණු ටෝච් එක දල්වලා ඒ දෙසට යොමුකරා. එවිට මා අදුරේ දුටු මිනිසුන් කිසිවකු දැක්කේ නෑ. මා විදුලි පන්දම නැවත නිවා දැමුවා. විහාර භුමියේ සිටි පිරිස නැවත මා දැක්කා. මා දැනගත්තා මේ රැස්වි සිටින්නේ අමනුෂ්‍යයන් පිරිසක් කියා.
එදින රැය පහන්වන තුරුම බල්ලන් විටින් විට බුරන හඩ ඇසුණා. පසුදින උදෑසන දායක මහතෙකු මට උදැසන හීල් දානය රැගෙන ආවා. දානය තැබුවේ දානශාලාවේ මේසය මත. වට්ටියෙන් වසා තිබු දානය වට්ටිය ඇර කා දමන අයුරු මා හොදින් දුටුවා. මා ඒ තැනට ගොස් දානය තිබෙනවාද කියා පරික්ෂා කළා. දායක මහතා ගෙනා හීල් දානය ඒ අයුරින්ම තිබුණා. නමුත් එහි රසය හා සුවඳක් තිබුණේ නෑ. මේ පිරිස විටින් විට මාගේ කාමරයට පැමිණියා. නමුත් කිසිදු කරදරයක් තිබුණේ නෑ.
සුදු ඇඳුමින් සැරසි සිටි මෙම පිරිස අතරේ පිරිමින් කාන්තාවන් හා කුඩා දරුවන් සිටියා. මා විමසුවා උඔලා විහාරස්ථානයට පැමිණියේ ඇයි කියා. අපට පිං මදි නිසා විහාරස්ථානයට පැමිණි බව ඔවුන් පැවසුවා. උඔලාට පිං අවශ්‍ය නම් පන්සලේ සිටියට වැඩක් නැහැ. උඩ මළුවට ගොස් පිං රැස්කර ගනිල්ලා කියා මා උස් ස්වරයෙන් පැවසුවා. ඉන්පසු මා හට එම පිරිස නැවත දර්ශනය උණේ නෑ.”
මාස එකහමාර කාළය තුල සිදුවු සිදුවිම් සම්බන්ධයෙන් තමන් වහන්සේට තවමත් කුතුහලයක් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් අප සමඟ පැවසුවා.
http://offair.nethfm.com/article/28718

coz they are lacking good news. after the war they are like punks