පිටකොටුවෙන් මල්වත්ත පාරෙන් ගන්න DVD . ඔයාට තොග මිලට ගන්න පුළුවන් වෙයි එකක් රු 35 - 40 වගේ ගානකට. තව ඔයාට විකුනන්න පුළුවන් කියල හිතන empty CD , DVD වගේ ටිකකුත් අරගන්න. ඊට පස්සේ මෝටර් සයිකලයක් අරගෙන අඩුවට CT 100 වගේ එකක් අරගෙන හැම සතියෙම සෙනසුරාද ඉරිදා දවස් දෙකේ ටිකක් පිට පළාත් වලට ගිහින් communication , stationary වගේ කඩවල් වලට එක දෙක ඔබන්න බලන්න. කඩවල් වලට ගියාම එයාලගේ ටෙලිෆෝන් නොම්මර අරගෙන ඕන දේවල් කෝල් කරලා අහල ඒවා පිටකොටුවෙන් අඩුවට අරගෙන ගෙනිහින් දාන්න. ලාභය අඩුවෙන් තියල වැඩි බිස්නස් එකක් කරගන්න බලන්න. ටික කාලයක් කරගෙන යනකොට ඔයාට තේරෙයි තව මොනවද විකුනන්න පුළුවන් කියල.
ඔයා රස්සාවක් කරනවනම් මේක රස්සාව කරගෙන යන ගමන් කරන්න. මහන්සි වෙලා ඔලුව යෙදෙව්වොත් ගොඩ එන්න පුළුවන් මාර්ගයක් මේක.
ටික කාලයක් කරගෙන ගියාම අරලිය ට්‍රේඩර්ස් , මහජන ට්‍රේඩර්ස් වගේ කඩවලින් බදු අරගෙන වෑන් එකක් අරගෙන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්. ඉස්සෙල්ල සුළුවෙන් පටන් අරගෙන වෙළඳපොල අඳුරගන්න. එකපාරටම ලොකු සල්ලියක් යට කරන්න එපා.
ඔක්කොම බිත්තර එක මල්ලේ දාන්න එපා. මල්ල බිම වැටුනොත් බිත්තර ඔක්කොම සුං ... ඔලුවේ තියාගන්න..