ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කොටුවේ පැවැති විරෝධතාවක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන මහතා සහ ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මහ බැංකු අධිපතිවරයාට එරෙහිව අද(24) පෙරවරුවේ පැවැති විරෝධතාවය අතරතුරදී ඔවුන් අනතුරට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
ලේක්හවුස් මංසන්දියේ සිට විරෝධතා පා ගමනින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස මුදල් අමාත්‍යාංශය දක්වා ගොස් උද්ඝෝෂණයක නිරත වුණි.
එහිදී ඇති වූ දැඩි තෙරපීමක් හේතුවෙන් මාර්ග බාධයක ගැටී ඇද වැටීමෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සහ ශ්‍රීයානි විජේවික්‍රම මන්ත්‍රීවරිය තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙහිදී මන්ත්‍රීවරයා විසින් පොලිස් මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව-ලේක් හවුස් අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති බව වාර්තා වෙයි.