අවුරුදු ගානකට කලින් ගත්තු 011 ප්‍රිපේඩ් CDMA එක පදිංචිය වෙනස් වුන නිසා 033 නම්බර් එකකට මාරුකරගන්න ගිහින් තමා මට ලංකාබෙල් එපාම වුනේ.
මම යනකොට එකේ ගෑනු දෙන්නෙක් ඔලුව ගහන් නිදි. ගත් කටටම කියාපි අලුත් *ඇඩ්රස් එකට සිග්නල් තියෙනවද දන්නැ.
* අලුතෙන් යුනිට් එන්නෙත් නැ.
* හොද නම්බර් එකක් ඕනනම් ගෙවන්න වෙනවා.
ඔය වගේ එපා කරවන කතා ටිකක් කිව්වා.
මම කිව්වා සිග්නල් තියෙනවා දැනටත් 011 නම්බර් එක වුනත් අලුත් ලොකේශන් එකේ වැඩ. නමුත් දැන් ඉන්න පැත්තට 033 එන නිසා නම්බර් එක මාරුකරලා දෙන්න කියලා. අන්ත්මට ඒකට හයසියගානක්ද කොහෙද ගත්තා. මෙලෝ රහක් නැති නම්බර් එකක් සිස්ටම් එකෙන් එන එක තමා දෙන්න වෙන්නෙ කියලා දුන්නා.
ටික කාලයක් මේක අපේ අම්මලගේ ගෙදර පාවිච්චි නොකර තිබිලා බැට්‍රිය සවුත්තු වෙලා තිබුනෙ. බැට්‍රිත් නැහැ ඒ බ්‍රානච් එකේ . රිසිවර් එකට එන වයර් එක සවුත්තු වෙලා අලුත් එකක් ඉල්ලුවම කලු පාට CDMA එකට සුදු පාට වයර් එකක් දෙනවා.
පස්සෙ මම කොල්ලුපිටියෙ එකට ගියා එතන අයනම් කලින් ගිය එකට වඩා හොදයි ඒකත් කොල්ලුපිටිය ලංකාබෙල් කිව්වට SLT, Dialog රවුටර් විකුනන්නෙ. එයාටෙල් සිම් විකුනන්න තියෙනවා ඒක ඇතුලෙ පොඩි කවුන්ටර් එකක් තියෙනවා ලංකාබෙල් වලට. හැබැයි එතනින් ආපහු සැරයක් නම්බර් එක අගට 033xyz9008 නම්බර් එකක් දාලා දුන්නා. බැට්‍රියකුත් 750 දීලා ගත්තා.
ටික දවසයි වැඩ කලේ හොදට සිග්නල් තියෙනවා එන කෝල් එන්නැ. ගෙදර පොඩි දෙන්නෙක් එක්ක නැන්දම්මා ඉන්නෙ. හදිස්සියකට කෝල් එකක් දීීීලා අන්තිමටම අහල පහල ලෙවල් වලට කතා කරන්න වුනා ගෙදර මිනිස්සුන්ට කතාකරගන්න. එදයින් පස්සේ. ඔය සිද්දිය වුනේ 2022 මුල් මාස වල. ඊට පස්සෙ කම්ප්ලේන් එකක්වත් දාන්න හොටිලයින් එකටවත් ඒ CDMA ගන්න බැහැ. මොබයිල් එකෙන් ගත්තම ගැටලුව කියන අතරෙදි අපිට අහෙන එක අඩුවෙලා කොල් එක කට්වෙනවා. එහෙම ගත්තම කියනවා ගැටලුවක් නැහැ ලයින් එක වැඩ. බ්‍රාන්ච් එකකට ගෙනියන්න කියනවා. නැත්නම් ගෙදරට ඇවිත් හදනවට රුපියල් තුන්සිය ගානක් එන මනුස්සයා ගන්නවා. දවසත් තුන්සිය ගානක් ගෙවලා ගෙන්නපු මනුස්සයා උගේ මොබයිල් එකෙන් කම්පැනියට කතා කරලා ලයින් එකේ ip එකක්ද මොකක්ද මගුලක් මාරුකෙරෙව්වා. ඊට පස්සේසේ වැඩ. එතකොට අර හොට්ලයින් එකේ බුරුවෝ කිව්වේ ලයින් එකේ අවුලක් නැහැ කියලා. මම පස්සෙ කතාකරලා බැන්නා ලයින් එකේ අවුලක් නේන්නම් තිබිලා තියෙන්නෙ කියලා. ඒ පාර කියනවා උන්ට එහෙන් හොයන්න බහැලු පෝන් එක බ්‍රාන්ච් එකනට හරි ටීම් එකකට හරි දාන්නෙ නැතුව.
මම ඔය සියලම කතන්දර වලින් අන්තිමට තේරුම් ගත්තේතේ ලංකාබෙල් කියන්නෙ මට හරියන නෙට්වර්ක් එකක් නෙමේ කියන එක. පස්සෙ මම මතක තියාගන්ග පුලුවන් ලේසි නම්බර් එකකුත් එක්කම Dialog ප්‍රිපේඩ් V10 රවුටර් එකක් ගත්තා වොයිස් එක්ක. මොන හෙනයක්වත් නැ. කෝල් එකත් හඩ පැහැදිලියි.