දේශීය ජන සංගීතය පිළිබදව කතා කරන විට නිතැතින්ම සිහිපත් වන නාමයන් අතරින් නමක් අැත්නම් ඒ් ලයනල් රන්වල සූරීන්ය.
ඒතුමා මියගොස් අදට අවුරුදු 13 කි.
ඒතුමා මියගොස් අදට අවුරුදු 13 කි.
උපන්නේ :- 1939 නොවැම්බර් 27 දින - කළුබෝවිලදීය. ඩබ්.බී.මකුලොළුව මහතාගෙන් ඉන්දියානු සංගීතයත්,ජන සංගීතයත් පිළිබඳ දැනුම ලබා ගැනීම හා එතුමාගේ හෙළ මිහිර,හිරගෙයි මරුමුව,දෙපානෝ,ඇහුම් බැලුම් හා පහණින් පහන දැවැන්ත වේදිකා නිර්මාණයන්ට ගීත වාදනයෙන්,ගායනයෙන්,රංගනයෙන් දායකත්වය සැපයීය.
1959- සංගීත ගුරුවරයෙකු වශයෙන් පත්වීම ලැබීය. ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලය / පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය / මීගොඩ මහා විද්‍යාලය / කිරිඇල්ල මහා විද්‍යාලය / හෝමාගම මහා විද්‍යාලය / කොළඹ රාජකීය විද්‍යාලය / කොළඹ ආනන්ද විද්‍යාලය යන විද්‍යාල වල ගුරුවරයකු වශයෙන් වසර 38 ක් ඉගැන්වීය.
වේදිකා නාට්‍ය මෙන්ම සිනමා සංගීත නිර්මාණ වලටද සිය දායකත්වය සැපයීය.
ඒතුමාගේ අැතැම් නිර්මාණ වලින් සමාජ ශෝධන කටයුත්තක්ද සිදුවූ බව වුවමනාවෙන් අසන විට හැගී යයි.
අදටත් සිංහල අවුරුද්ද අැරඹෙන විටද ගුවන් විදුලි නාලිකා වලට මෙතුමාගේ ගීත වාදනයෙන් තොරව අැතැම් වැඩසටහන් පවත්වාගෙන යා නොහැකි සේ මට සිතේ. ඒහෙත් අද දින ඒතුමාගේ මරණය සිදුවූ බවක් ඒ්වාට මතක නැත.




