නොකියා සොෆ්ට්ලොජික් (Nokia Softlogic) ආයතනයෙන් මැතකදි එනම් දෙසැමබර් මාසයේ නත්තල් උත්සවය වෙනුවෙන් ඒ ආයතනයෙන් දියත් කරන ලද තරගයෙන්
මට දිනුමක් ලැබිමට වාසනාවක් උදාවේලා තියෙනවා.. ඒ තෑග්ග අද මගේ අතට බාර ගන්න පුලුවන් වුනා
මේ තැග්ග ලැබෙන්න එෆ්.බි. අඩවියේ බොහෝ දෙනෙකුගෙන් මට සහයෝගයක් ලැබුනා..
ඒ හින්දායි මට මේ වගේ තෑග්ගක් ලැබෙන්න වාසනාවක් ලැබුනේ..
මේ ත්‍රේඩ් එක නිර්මාණය කරන්න හිතුවේ මට මේ වාසනාව ලැබෙන්න උදව් කරපු හැම සහෝදර සහෝදරියෙකුටම ස්තුතිය පුද කරන්නයි.
මගේ මුළු හදවතින්ම ස්තුතිය පුද කරන්න අවස්ථාවක් කර ගන්නවා..
දැන් කට්ටිය හිතනවා ඇති මේ තෑග්ගේ ඒ තරම් වටිනාකමක් නෑ නේ කියලා..
ඒත් වටිනාකම කෙසේ වෙතත්.. මට මේ තෑග්ග ලැබිමට අවස්ථාව උදා වුනේ අපේ සහෝදර සහෝදරියන් හින්දායි..
ඒ හින්දා මට මේ අවස්ථාව වෙනුවෙන් සහයෝගයක් දුන්න නොදුන්න හැමෝටම ස්තුතියි පුද කරන්න කැමතියි
මේ තියෙන්නේ මට ලැබිලා තියෙන නොකියා සොෆ්ට්ලොජික් බිත්ති ඔරලෝසුව
මම හිතනවා එළකිරි අඩවියේ මට මේ තරගයෙන් ජයග්‍රාහණය කරන්න ලැබුනා වගේම
තවත් පිරිසක් එළකිරි සාමාජිකයන්ටත් ලැබිලා ඇති කියලා..
කොහොම වුනත් කැමති නම් මේ වගේ තමන්ට ලැබුන තෑග්ග පිළිබදව සටහන් කරලා පින්තුර බේදා ගන්න..
මේ පාර අතිරේක දිමනා හැටියට පිරිනැමුන තෑග්ග අනුව ජයග්‍රාහණය කරපු
පිරිසයි මෙතන ඉන්නේ..
මේ ත්‍රේඩ් එක දැම්මේ ස්තුතියි කිරිමට මිසක් වෙනත් කිසිම චේතනාවකින්
නොවන විත්තිය බව කාරුණිකව දැනුවත් කරන්න කැමතියි.







