ලේනම කොටි | Leopards of Lenama 🐅

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා


    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
    Easy target ekak nan nemei 😂😂
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    දිවියෙක් සෙට් වුනාම ගල් වෙයන්
    උගේ ඇස් දිහා කෙලින් බලන්න එපා
    දුවන්න එපා
    ගල් වෙලා හිටපන්
    සෙට් වෙලා හිටපන් හයියෙන් හුවක් හරි කෑගහන්න හරි
    උ ලඟට එන්න වගේ ඉන්නවනම්, එකපාරට කන පැලෙන්න හුවක් හරි කෑගහන්න හරි ගනින්, හැබැයි හෙල්ලෙන්න එපා එක පාරටම.
    උ අන්දුස් වුන හැටියේම එක පාරටම උගේ පැත්තට අඩි කීපයක් දුවපන් අර බල්ලොන්ව අවුස්සන්නේ අන්න ඒ වගේ
    උ අවුල් වෙලා දුවන්න සෙට් වෙයි
    එතකොට උඹත් දුවපන් හු කියාගෙනම
    කැරකි කැරකි දුවපන් එක ඉරක් විදිහට දුවන්න එපා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තෝව අරන් ගිහිල්ල කොටියගෙ නැට්ටෙ ගැටගහන්න ඕන. :dull:

    මීහරක
    Freak Out Running GIF by TLC
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දිවියෙක් සෙට් වුනාම ගල් වෙයන්
    උගේ ඇස් දිහා කෙලින් බලන්න එපා
    දුවන්න එපා
    ගල් වෙලා හිටපන්
    සෙට් වෙලා හිටපන් හයියෙන් හුවක් හරි කෑගහන්න හරි
    උ ලඟට එන්න වගේ ඉන්නවනම්, එකපාරට කන පැලෙන්න හුවක් හරි කෑගහන්න හරි ගනින්, හැබැයි හෙල්ලෙන්න එපා එක පාරටම.
    උ අන්දුස් වුන හැටියේම එක පාරටම උගේ පැත්තට අඩි කීපයක් දුවපන් අර බල්ලොන්ව අවුස්සන්නේ අන්න ඒ වගේ
    උ අවුල් වෙලා දුවන්න සෙට් වෙයි
    එතකොට උඹත් දුවපන් හු කියාගෙනම
    කැරකි කැරකි දුවපන් එක ඉරක් විදිහට දුවන්න එපා
    තැම්ස් මචන්..... 👍
    මෙටික කොටියත් කලින් දැනගෙන හිටියොත් හරි. නැත්තම් බඩු බනිස් .......:baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    සාමාන්යෙන් ලංකාවේ ඉන්න කොටි මිනිස්සු කන්න එන්නේ නෑ. උන්ගේ පැත්තෙන් බැලුවොත් මිනිස්සු කියන්නේ වැඩි ගුණයක් නැති කරදරකාරී කෑමක්.

    සමහර අවස්ථාවල සාමන්යෙන් මිනිස්සුන්ට පහර නොදෙන සත්ව විශේෂ මිනිස්සුන්ව කෑමට යොමු උන අවස්ථා වාර්තා වෙලා තියන අබාධ වගේ දේවල් නිසා. උන්ට ආබාධය නිසා සාමාන්යෙන් ගොදුරු කරගන්න සත්තු අල්ලන්න බැරි තත්වෙකට ආව නිසා.

    ලේනම කොටි ගැන නම් මගේ අදහස ඔය වගේ දැවැන්ත විලෝපිකයෙක් ලංකවේ තියන සීමිත වන වැස්ම ඇතුලේ හොයන්න බැරි වෙන්නම හැංගිලා ඉන්නවා කියල හිතන්න අමාරුයි කියන එකයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලේනම කොටි කියලා ජනප්‍රාවදයේ එන කොටි ගැන තමා ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවෙ. මොකද ඔය නෙට් එකෙ එහා මෙහා යද්දි මට සෙට් උන දේවල් තමා මේ.

    න් මගඇරියත් මේ දේවල් වල සත්‍යතාවයක් තියෙනවා. නිට්ටෑවො, එතකොට මේ ලේනම කොටි වගේ දේවල් ගැන මම කියන්නෙ.
    පට්ට ත්‍රෙඩ් එකනේ. මෙන්න මේ වගේ ත්‍රෙඩ් තමයි අපිට ඕන.. මෙන්න මේකත් දාපන් ත්‍රෙඩ් එකේ මුලට..

    ලේනම කොටියගැන හොද විස්තරයක්..



    පොඩි එක්ස්ටෙන්ශන් එකක්.


    ලේනම කියන්නෙ, කුමන වනෞද්‍යනය ඇතුලෙ තියන ප්‍රදේශයක්.
    පාක් එන්ට්‍රන්ස් එකෙන් කිමි 4-5ක් වගෙ ගිහිල්ල, බඹරගස්තලාව කියන පැත්තට යන්න ඕන. බඹරගස්තලවෙ තියනවව ඉපැරනි බුද්ද ප්‍රතිමා.
    ඒව නන් නිදන් හොරු හාරල තියෙන්නෙ.
    කියන විදියට ඉස්සර මුලු දකුන/වෙල්ලස්සම ජනාවාස තමයි.


    බඹරගස්තලාවට යන පාරෙ ඒ අතරමග ඉදන් හැරිල තවත් කිමි 15ක් වගේ කැලෙ ඇතුලට ගියාම වගෙ තමයි ලේනම ප්‍රදේශයට යන්න පුලුවන්.
    යන්න පාරක් නෑ, පයින්ම තමා යන්නත් ඕන.
    ලෙනමත් තියනව විශාල ප්‍රදේසයක පැතිරුන බවුද්ඩ නටබුන්, එව ගැන හරි ගවෙශන කෙරිල නෑ.

    ලෙනම පැත්තට සාමාන්‍ය්‍ය කෙනෙකුට යන්න දෙන්නෙ නෑ, වනජීවි ඇමතිහෙ හෝ දෙපාර්තමේන්තුවෙ උඩ ඉන්න එකෙක්ට යන්න පුලුවන් පාක් වෝඩ්න්ගෙ කැමැත්ත ඇතුව.
    තනියම යවන්නෙත් නෑ, අනිවා රෙන්ජ්ජර්ල 4-5ක් එනව විසේස අවසරයක් ඇතුව ආවත්.

    මේ ලේනම කොටි ජනප්‍රවාදය කොහොම පටන් ගත්තද දන්නෙ නෑ.
    පානම පරන ගම්වැසියොන්ගෙ නන කියන විදියට, සමාන්‍ය දිවියාට වඩා විශාල, දරුනු සතෙක් කියල තමා කියන්නෙ.

    --

    සාමන්‍ය දිවියෙක්ට කිලො 40-50ක් ඇදගෙන යන එක ගේමක් නෑ කියල තමා වනජීවි උදවිය කියන්නෙ.
    ඒ වගෙ බරක් අරන්, ගස් උඩ උනත් නගින්න පුලුවන් කියල කියනව.

    අර මැරිච්ච මනුස්සයා අපි හිතමු කිලො 65ක් වගෙ කියල.
    ඒ කියන්නෙ නෝමල් දිවියෙකුට, මනුස්සයෙක් ගෙමක් නෑ. ඔය කියන ලේනම දිවියෙකුට කෝමත් ගේමක් නෑ.

    --

    මමත් බඹරගස්තලාවට යන්න ගිහින් , මගදි හැරිල ආව කැබ් එකෙ වින්ච් එකක් නැති නිසා,
    චැසි ඇබරෙන් ඇන්ගල් වලින් වලවල්/වන්ගු තියෙන්නෙ
    ගියපු කෙනෙක් ඉන්නව නන් පොටො / විස්තර දාන්න


    ලේනම යන්න විදියක් තියනව නන් මාවත් එක්කන් යන්න. ( ඇමති පුතාල එහෙම ඇතිනෙ මේකෙ :yes:)
    අඩෝ එළකිරි විස්තරයක් නේ.. උඹත් නොගිය තැනක් නැ නේ...
     
    Last edited:

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලේනම කොටි... (Leopards of Lenam) මිත්‍යාවක් ද නැද්ද..?
    ==============*=======*========

    Cryptozoology විශය ගත්තම මිථ්‍යාව සහ ජනප්‍රවාද වලින් වැලලි ගිය කතාන්තර ගොන්නකට විද්‍යාව මුහු කිරීමට දායක වෙන අපුරු විශයක්. විශේෂය‍ෙන්ම ලංකාවෙදි cryptozoology විශය පථයට අදාල වෙන / අදාල කරගත හැකි සිදුවීම් පවා මෙහෙය වෙන්නේ මිථ්‍යාවට පණ දෙන අටියෙන් මිසක් විද්‍යාත්මක අර්ථ නිරූපන සොයා නොවෙයි. ග්‍රීක භාෂාවෙන් κρύπτω / Krypto පදයෙන් තමයි Cryptozoology කියන පදය නිර්මාණය වෙන්නෙ. Krypto ග්‍රීක අර්ථය "සැඟවුනු".. එයින් බිහිවෙනවා Cryptids (සැඟවුනු ජීවීන්) ඒ පදයෙන් බිහිවෙනවා Cryptozoology. Cryptozoology පදයට සිංහල වරණයක් ලබා දෙනවා නම් "ගුප්ත සත්ව විද්‍යාව" ලෙස හැඳින්වීම වඩාත් සාධාරණයි. හිමාලයේ යෙටී, ලොක්නස් විලේ නෙසී, සැස්ක්වැච්, බිග් ෆුට්, චුපක්බ්රා වගේ මාතෘකා සංවාදයට ලක්වෙන්නෙ මේ විෂය‍ෙදි.
    ලංකාව ගත්තහම මිථ්‍යා කතා, ජනප්‍රවාද අනන්තවත්. ඔය අතරින් ගුප්ත සත්වවිද්‍යාවට සෘජුවම ඈඳාගත හැකි ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. නිත්තෑවෝ, මධ්‍යම කඳුකරේ ඇත්කඳ ලිහිණි ජනප්‍රවාදය සහ ලේනම කොටි. මේකෙන් ලේනම කොටි මාතෘකාව සහ නිත්තෑවන් අතර සෘජු සම්බන්දයක් තියෙනවා. ලේනම කොටි ප්‍රවාදය එතරම්ම ප්‍රචලිත නැති නිසා ඒ ගැන සටහනක් මේ.

    ජනප්‍රවාදයට අනුව නිත්තෑවො කියන්නෙ ඇඟ පුරාම ලොමින් වැසුනු මිනිස්සුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා ම්ලෙච්ඡ්ඡ වනචාරීන් පිරිසක්. මොවුන්ගෙන් වඩාත්ම හිරිහැරයට ලක් වෙන්නෙ පානම්පත්තුව අවට විසු වැද්දන් කොඨ්ඨාසයක්. අවසානයේදි මේ වැද්දන් සියල්ලම එකතු වෙලා නිත්තෑවන් ගල් ලෙනකට එලවා දමා පිට වීමට නොහැකි ලෙස අවහිරකො‍ට දින ගනනක් ගිනි තබා නිත්තෑවන් සමූල ඝාතනයට ලක් කරනවා. නිත්තෑවන් ගැන කතාවෙ සාරාංශය එයයි.
    (මේ වන තෙක් නිත්තෑවන් සිටි බවට විද්‍යාත්මක සාක්ෂි නැත)

    නිත්තෑවන් ගිනි තබා විනාශ කල වැදි රැලට ඉන්පසු වෙන්නෙ කුමක්ද? එතනින් තමයි ලේනම කොටි ජනප්‍රවාදය ආරම්භ වෙන්නෙ.
    ලංකාවෙ පැරණිම ස්වභාව විද්‍යා සඟරාව වන "Loris" සඟරාවේ1936 වර්ශ පලමු කලාපයේ වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහත්මයා ලිපියක් පල කරනවා එක්තරා වැදි රැහැක අවසානය පිළිබඳව.

    ලේනම ජීවත් වුන වැදි රැහැක පිරිසක් කතරගම පූජා උත්සවයට සහභාගී වී නැවත ගමට පැමිණි පසු තමන් කතරගමදී දුටු අලංකාර පූජා උත්සවය රැහේ අනෙක් අයට විස්තර කිරීමට උත්සහ ගන්නවා. විස්තර කිරීම ප්‍රමාණවත් නොවු බැවින් ඔවුන් අවසානයේදි එකී උත්සවය නැවත රඟ දැක්වීමට උත්සහ දරනවා. කතරගමදි දුටු ආලෝක පූජාවන්, පහන් තෙල් ආදිය සකස් කර ගැනීමට ගෝනුන්, මුවන් ආදිය මරා තෙල් හිඳවා ගත්තත් අවසානයේදි ඒවා ප්‍රමාණවත් නොවුන බැවින් ඌරන් මරා තෙල් හිඳවා උත්සවය නැවත රඟ දක්වනවා. මෙලෙස ඌරු තෙල් මඟින් පහන් දැල් වූ බැවින් ඉන් දෙවියන් කෝපයට පත්ව වැදි රැල නැසීමට අතිශය බියකරු දිවියන් (කොටි) මුදා හරිනවා. අවසානයේදි දිවියන් අතින් විනාශ වන වැදි රැලෙන් දිවි ගලවාගන්නෙ වැදි සොහොයුරන් දෙපලක්. ඔවුන් දිවියන්ගෙන් ගැලවීමට බඹරගස්තලාව ආසන්නයේ ගල්පොත්තක් මුදුනට නගිනවා. මේ ගල තමයි "වැද්දන්ගෙ හෙල"...

    මේ කියන පුජා උත්සවය කුමක්ද ? ලේනම සිට කතරගමට යාමට කෙටි මාර්ගයක් තිබෙනවා. පානම්පත්තුවෙ සම්ප්‍රදායක් තමයි කතරගම පෙරහැර පැවැත්වීම. ඔකඳ දේවාලයේ සිට කටගමුව ආයිත්තම්පැලැස්ස වන තෙක් පැමිණෙන මොවුන් පෙරහැරක් ලෙස එතැන් පටන් කතරගමට ගමන් කරනවා. මේ පෙරහැර තමයි පෙරැකී ජනප්‍රවාදයේ එන වැද්දන් පිරිස නරඹා ඇතැයි පැවසෙන පෙරහැර.

    වැද්දන් මෙලෙස කොටි ප්‍රහාරයකින් විනාශව ගිය බවට දැක්වෙන එකම මුලාශ්‍රය වෛද්‍ය ස්පිට්ල්ගෙ වාර්තාව පමණක් නොවෙයි. ස්පිට්ල්ගෙ වාර්තාවෙන් දශක කිහිපයකට පසු Loris සඟරාවටම වාර්තාවක් සපයන සී. සෙල්වින් සමරවීර ස්පිට්ල් වාර්තාවට සමාන වාර්තාවක් ඉදිරිපත් කරනවා. එමෙන්ම යටත්විජිත යුගයේ කීර්තිමත් සිවිල් සේවකයකු ලෙස ප්‍රකට හියු නෙවිල් විසිනුත් ඊට සම වාර්තා සටහන් කර තිබෙනවා.
    හියු නෙවිල් උපකල්පනය කරනවා වැද්දන් විනාශ වීමට තරම් කොටි ප්‍රහාර දරුණු වීමට හේතුව වැද්දන් විසින් විශාල වශයෙන් දඩයම් කිරීම හේතුවෙන් කොටින්ගෙ ප්‍රධාන ගොදුරු අවම වී ආහාර සඳහා මිනී මසට ලේනම ජීවත්වු කොටින් හුරුවු බවට.

    දැන් කොහොමද මේ කතාව නිත්තෑවන්ට සම්බන්ද වෙන්නෙ? කුඩුම්බිගල තපෝවනයෙ ජීවත් වුන තාඹුගල ආනන්දසිරි හිමියන් තම විසිපස් වසරක වන දිවිය ගැන රචනා කරමින් සටහන් කරනවා මෙලෙස විනාශව ගිය වැදි රැහැ නිත්තෑවන් විනාශ කල රැහේ පසුකාලිනයන් බවට. එලෙස නිත්තෑ ප්‍රවාදය සහ වැදි රැහැ සම්බන්ද කරන ආනන්දසිරි හිමියන් වරක් තමන්ට මහා වන මැද මුණ ගැසුණු දිවියාව විස්තර කරන්නේ අසාමාන්‍ය ලෙස වැඩුණු සත්වයෙක් ලෙසයි. තමන් සිටි ලෙනට නුදුරින් පැමිණ නැවති සිටි දිවියා අනෙක් දිවියන් මෙන් නොව විශාල දිවියෙකු වු බවත්, මුහුණ දෙපස වෛරම් පිහිටි බවත්, සාමාන්‍ය දිවියකුට වඩා දිගු වල්ගයක් පිහිටා තිබු බවත් ආනන්දසිරි හිමියන් සටහන් කරනවා.

    දිවියන් යනු කුලෑටි සත්ව විශේෂයක්. මිනිසුන් දුටු විට පසුබසින. මිනිසුන් මඟහැර යෑමට උත්සුක වන සත්ව විශේෂයක් වන නමුත් ආනන්දසිරි හිමියන් දුටු සත්වයා එලෙස එහිමියන් මඟ හැර ගොස් නැත.මඳ වෙලාවක් ආනන්දසිරි හිමියන් දෙස බලා හිඳ නැවත වනයට ගොස් ඇති මේ සත්වයා පිළිබඳව එහිමියන් ප්‍රදේශවාසින්ගෙන් විමසු කල ඔවුන් පවසා ඇත්තේ ඒ සාමාන්‍ය කොටියකු නොව ලේනම කොටියකු බවයි.

    ජනප්‍රවාදය නැවතත් අසන්නට ලැබෙන වාර්තාවක් වන්නේ 1953 -57 කාල සීමාව තුල එ.ජනපද තානාපති ලෙස සේවය කල කේ. ක්‍රොව් මහතා තැබු සටහනකින්. එතුමා රුහුණු ජාතික වනෝද්‍යානයට සංචාරය කල අවස්ථාවක යාල සහ බූටෑව සංචාරක බංගලා බාරකරු විසින් එතුමන්ට පවසා ඇත්තේද පෙර සටහන් කල වැද්දන්ගෙ සිද්දියට සර්වසම සිද්ධියක්.

    කෙසේ නමුත් වැද්දන්ට යම් විනාශයක් කොටින්ගෙන් සිදුව ඇති බවට මේ සියලු කතා වලින් හෙලි වෙනවා. එමෙන්ම ලේනම ප්‍රදේශය‍ෙ අති බිහිසුණු එමෙන්ම ප්‍රමාණයෙන් විශාල කොටින් ජීවත්වු බවට ජනප්‍රවාද මෙන්ම ඇසින් දු‍ටු සාක්ෂිද බොහෝමයි.

    එසේ නම් සත්‍ය ලෙසටම ලේනම‍ෙ, පානම්පත්ව‍ෙ සක්මන් කල බිහිසුණු සත්ව විශේෂයක් සිට ඇත්ද ?

    ආනන්දසිරි හිමියන් සිය කෘතියෙ නැවත සටහන් කරනවා ලේනම කොටියකු දැක ගැනීමට සිදුකල උපක්‍රමයක් පිළිබඳව. ගස් කඳකට ඇමක් ගැට ගසා දුරින් සිට නිරීක්ෂණය කිරීමේදි ලෙන අසල දුටු සත්වයා නැවත පැමිණි බවට එහිමියන් සටහන් කරනවා.

    Panthera pardus kotiya විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සත්ව විශේෂය හැරෙන්නට වෙනත් කොටි පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි නැත. නමුත් ලේනම කොටි යනු කුමන ජීවින් විශේෂයක්ද ? වැද්දන්ට සිදුවුයේ කුමක්ද ?

    Possibilities/ විය හැකි දේ පිළිබඳව උපකල්පන

    * වැද්දන් යම් පූජාවක් පෙර විස්තර කල පරිදි සිදු කලා නම් සත්ව තෙල් හිඳිමට ඝාතනය කල සතුන්ගෙ ඉවතලන දෑ තම වැදි ගම්මානය අවටම දැමීම නිසා විලෝපිකයන් ආකර්ශනය වූවා විය හැකිය.

    * ජේම්ස් එමර්සන් ටෙනට්ගෙ වාර්තා වලට අනුව එකල ගිලී යන නැවකින් පැනගත් බෙංගාල ව්‍යාඝ්‍රයෙක් ත්‍රිකුණාමලය සහ අවට අවස්ථා කිහිපයකම දැකගත හැකි වු බවට වාර්තා ඇත. එසේනම් ලේනම කොටියා ව්‍යාඝ්‍රයෙක්ද ?

    * පැරණි රජ දවස සිට රාජසිංහ අවධිය තෙක්ම බෙංගාල ව්‍යාඝ්‍රයන් මෙරටට ගෙන්වා ඇත. ඒ රාජකීය සත්වෝද්‍යාන සඳහා. එසේන්ම් කලකට එපිට එසේ එලියට පැනගත් ව්‍යාඝ්‍ර ගහණයක්ද ?

    * ලේනම තැති ගැන්වුයේ? එමර්සන් ටෙනට් පවසන ව්‍යාඝ්‍රයා කොටියෙකු සමඟ මුහුම්ව බිහිකල විකෘතියක්ද..?

    සත්ව විද්‍යාව තුල විශේෂය අර්ථ දක්වනුයේ "අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කල හැකි ලෙස" නමුත් ස්වභාවදහම තුල ව්‍යතිරේක බොහෝමයි.

    අ) එසේ නම් කොටියකු හා ව්‍යාඝ්‍රයකු මුහුම්ව ඇතිවු විකෘතියක්ද ? සරු ජනිතයින් නොවුන නිසාද ඔවුන් අද දක්නට නැත්තේ ?

    ආ) අඩු සම්භාවිතාවක් ඇතිව එලෙස බිහිවු කොටි-ව්‍යාඝ්‍ර ජාන මුහුම් සරු ජනිතයින් ගේ ජාන ලේනම ප්‍රදේශය‍ෙ කොටි පරපුරට ඇත්ද ?

    පිලිතුරු නොමැති ගැටළු. ලේනම යම් අස්වාභාවික යමක් සිදුව ඇති බවට සාක්ෂි එමටය..

    නමුත් සත්‍ය කුමක්ද යන්නට කවුරුත් නොදනී..

    ජනප්‍රවාදයෙන් විද්‍යාව පෙරා වෙන්කොට ගැනීම ගුප්ත සත්වවිද්‍යාවට අදාල රාජකාරියක්. අනාගතයේදි එසේ පර්යේෂණ මෙහෙය වන්නන්ට තවත් දිශාවක් දක්වනු සඳහා තබපු සටහනක් මේක.

    ලංකාව ගත්තම ගුප්ත කතා, විශ්වාස හා ඇදහිලි හෙන ගොඩක් තියෙන රටක් නෙ. ඒ කියන්නෙ විවිධ ජන කොටස් වල විවිධ පලාත් වලට මේ ජන ඇදහිලි හා විශ්වාස, පුරාවෘත්ත පිහිටනවා. කඳුකරේ ඇත්කඳ ලිහිණියා, නිට්ටෑවුන් හා කුරු අලි වගේ විශ්වාස අතර ලේනම කොටි කියන්නෙ තවත් එක පැහැදිලි සාක්ෂි නැති ජනප්‍රවාදයක් වගේ. මේ ලේනම කොටි මාතෘකාව සහ නිත්තෑවන් අතර සෘජු සම්බන්දයක් තියෙනවා.

    ලේනම කොටියාව මැව්වෙ දෙවියන් විසින් නිට්ටෑවුන් විනාශ කරපු ආදිවාසින් කොටසකට දඬුවම් කරන්න කියල කියන්නෙ. ජනප්‍රවාද වලට අනුව නිත්තෑවො කියන්නෙ ඇඟ පුරාම ලොමින් වැසුනු මිනිස්සුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා ම්ලෙච්ඡ් වනචාරීන් පිරිසක්. මේ නිට්ටෑවන් නිසා පානම් පත්තුවෙ (පානම හා ඒ අවට) ජීවත් වෙච්ච වැදි සමූහයාට විවිධ අඩම්තේට්ටම්වලට ලක් වෙන්න උනා. අවසානයේ මේ කරදර විඳ දරාගන්න බැරි වෙන වැදි ජනතාව එකතු වෙලා නිත්තෑවන් ගල් ලෙනකට එලවා දමා පිට වීමට නොහැකි ලෙස අවහිරකො‍ට දින ගනනක් ගිනි තබා නිත්තෑවන් සමූල ඝාතනයට ලක් කරනවා. ඉතිං මේ නිට්ටෑවුන් ඝාතනය කරපු වැද්දන්ගෙ පලි ගන්න දෙවියන් විසින් ලේනම කොටි කියන ජනකතා වලට අනුව රෞද්‍ර බිළාලයන්ව මැව්ව කියනවා. ඒක එක විශ්වාසයක්.

    කෙසේ හෝ වේවා මේ විශ්වාස දෙකේම දෙවියන් විසින් මේ සතුන්ව මැව්වා කියල පැවසෙනවා. මේ හා සමාන කතාවක් මෙරට හිටපු හියු නෙවිල් පවා වාර්තා කරනවා. විටෙක මේ වැදි සමූහයා ඝාතනය උනේ ලේනම කොටින්ගෙන් බව කපිතාන් සෙල්වින් සමරවීර ස්පිට්ල් ගෙ වාර්තාවෙන් කාලයකට පසුව නැවතත් ලොරිස් සගරාවට වාර්තා කරනවා.

    දැන් අපි මේ අද කතා කලේ ලංකාවේ මේ ගැන තොරතුරු වාර්තා කල 4 දෙනෙක්ගෙ කතා ගැන. මේ කිසිම දේකින් ලේනම කොටි කියන්නෙ ජීවි සාක්ෂි සහිත සතුන් කියල කියවෙන්නෙ නැහැ. ආනන්දසිරි ස්වාමීන්වහන්සේ ඇසින් දුටු සාක්ෂි පවා ප්‍රමාණවත් නොවෙන්නෙ සත්ව විද්‍යාවෙදි වඩා වැදගත් වෙන්නෙ ඡායාරූපමය සාක්ෂි නිසා. අපි ඊලග කොටසෙන් මේ ලේනම කොටියා ඇත්තද නැද්ද කියන තර්ක ගොඩ නගමු

    ලේනම කොටි යථාර්ථයක් ද.....?

    සාමාන්‍යයෙන් දිගාමඩුල්ලෙ ජනකතා එක්ක මේ ලේනම කොටිත්, නිට්ටෑවුනුත් ගහට පොත්ත සේ සම්බන්ධ වෙන දෙයක්. ඉතිං මේ ලේනම කොටි දැක්ක අයත් ඉන්න නිසා අපි බලමු මේ සතුන් හා සම වෙන සිදුවීම් මොනවද කියල. ඒ කියන්නෙ වෙන්න පුලුවන් උපකල්පන.

    ඔය සතාගෙ හැඩරුව ගැන කතා කරනකොට පැවසෙන සුවිශේෂීම ලක්ෂණ කිහිපය වෙන්නෙ සාමාන්‍ය කොටින්ට වඩා විශාල, මුහුණේ හා ශරීරයේ වෛරම් ඇති, දිගු වලිගයක් සහිත සතෙකු ලෙස. මේ හැඩරුවට අනුව අපිට එන්න පුලුවන් එක නිගමනයක් තමයි මේ කියන්නෙ සමහරවිට ව්‍යාඝ්‍රයෙක් ගැන කියන කාරණාව. ව්‍යාඝ්‍රයින් ඉන්න පුලුවන් ද?
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලංකාවේ ව්‍යාඝ්‍රයින් හිටියා. හැබැයි වසර 12,000 කට විතර කලින් ඒ සතුන් වඳ උනා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ සතුන් වඳ උනාද? නැත්තං යම් සතුන් කිහිප දෙනෙක් ඉතුරු උනාද කියන ගැටලුව ඔන්න ඉතුරු වෙනවා. ලංකාවේ අතීතයේ ඉදං ව්‍යාඝ්‍රයින් හිටියා වගේම විවිධ රජවරු ව්‍යාඝ්‍රයින් තමන්ගෙ රාජකීය සත්වෝද්‍යාන වල ඇති කලා. ඒ කියන්නෙ රාජසිංහ රජ සමය වෙනකම් ම මේ සතුන්ව ඇති කලා කියල සඳහන් වෙනවා. එහෙනං මේ සත්වෝද්‍යානයකින් පැනල ගිහින් හැදුනු සත්වයින් වෙන්න බැරිද? ඒ වගේම එක අවස්ථාවක සර් එමර්සන් ටෙනන්ට් වාර්තා කරනවා නැවකින් පැනල ගිය ව්‍යාඝ්‍රයෙක් ගැනත් ඒ සතා ත්‍රිකුණාමලය අවට කිහිප අවස්ථාවකම දැකගන්න පුලුවන් උනා කියලත්...

    එහෙනං මේ ලේනම කොටියා ව්‍යාඝ්‍රයෙක් ද?

    නැත්තං මේ ව්‍යාඝ්‍රයින් හා කොටින් අතර ඇති වූ මුහුම් වීමකින් ඇති වෙච්ච විකෘති ජීවීන් කොටසක්ද?

    විශේෂ අතර අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කල හැකි වුවත් මේ කොටි-ව්‍යාඝ්‍ර එකතු ⁣වීමෙන් අද වෙනකොට සරු ජීවීන් ඇති නොවුන නිසා මේ සත්ව විශේෂය වඳ වෙලා ගියාද?

    එහෙමත් නැත්තං මේ එකතුවීමෙන් සරු ජනිතයන් සෑදී ඉතා සුලු කොටසක් මේ තාමත් ඉන්නවද?

    නැත්තං මේ එකතු වීමේ ජාන ලක්ෂණ ලේනම ප්‍රදේශයේ කොටි පරම්පරා වල තියෙනවද?

    මේ තමා මේ සතුන්ගෙ ලක්ෂණ එක්ක දැන් ඉන්න ව්‍යාඝ්‍රයින් හා උපකල්පනයෙන් අපිට ගන්න පුලුවන් අදහස්. සමහරවිට මේ සතුන්ට ව්‍යාඝ්‍ර ජාන හෝ වෙනයම් හේතුවක් තියෙන්න පුලුවන්. හැබැයි ඉතිං හරියට තේරුම් ගන්න මේ සතෙක්ව නිවරැදි විද්‍යානුකූල සාක්ෂි සහිතව හොයාගන්න වෙනවා.

    අනිත් දේ තමයි මේ ලේනම කොටි කියල හදුන්වන්නෙ King Leopards නැත්තං රාජ කොටි කියල හදුන්වන නිලීන ජාන විකෘතියක් ද කියන එක. pseudo-melanistic සතෙක්ගෙ ශරීර පැහැය එකම විදිහට පැවතුනත් සතාගෙ පුල්ලි තත්වය වෙනස් වෙන්න පුලුවන්.⁣ මේ රජ කොටින්ගෙ වෙන්නෙ ඉරි පිහිටන එක. ඒකෙන් වෙන්නෙ වඩා තද පැහැයක් පිහිටන එක මේ සතුන්ට. ඡායාරූපයේ ඉන්න සත්වයා 2012 වසරේදි ඉන්දියාවේ කේරලෙන් වාර්තා උන සතෙක්. අපේ කොටි ගහනයෙත් කලු කොටි නැත්තං කෘෂ්ණතාවට ලක් වෙච්ච සතුන් ඉන්න නිසා සමහරවිට ලේනම කොටි කියන්නෙ රාජ කොටි වෙන්න බැරි කමකුත් නැහැ. අපි මේ කොටින්ගෙ ජානමය වර්ණ ප්‍රභේද ගැන ඉදිරියෙදි කතා කරමු.

    ලේනම කොටි කියන්නෙ මිත්‍යාවක් ද ඇත්තක්ද කියල කියන්න තරම්වත් සාක්ෂි නැහැ. ඒකයි ගැටලුව. ඒ කියන්නෙ ඇත්තටම⁣ මේක නොවිසඳුණු ගැටලුවක්. අනිත් දේ තමයි මේ සත්ව විශ්වාස අයත් වෙන්න ඕන Cryptozoology කියන විෂය පථයට. ඒ හා සම්බන්ධයෙන් පර්යේෂණ කරන කාටහරි හොද මාතෘකාවක් වෙයි මේ ලේනම කොටි කියන කතාව. මං පෞද්ගලික විශ්වාස කරන්නෙ ලේනම කොටි කියන්⁣නෙ පුරාවෘත්තයක් වෙන්න පුලුවන් කියන එක. හැබැයි ඒ පුරාවෘත්තය ඇත්තක් නෙවෙයි කියන්නවත් සාක්ෂි නැති එකයි ගැටලුව.....

    කිරිපොකුණහෙළ ලෙන් සිතුවම් මගින් නිරූපණය වන්නේ ලේනම වැදි ජනතාවට එල්ලවූ කොටි ප්‍රහාරයද.......

    යාල ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන රුහුනු ජාතික වනෝද්‍යානය තුල ඇති බොහොමයක් ගල්කුළු හා කඳු මත පුරාණ රුහුනු රාජධානියේ බෞද්ධ ආරාමයන් රාශියක් කාලයේ වැලිතලාවෙන් සැඟවී තිබේ. මෙම නටබුන් උද්‍යානය තුළ ඇති සෑම කඳු මුදුනකම පාහේ දක්නට ලැබෙන නමුත් නොයෙක් නීති හා මාර්ග නොමැති වීම හේතුවෙන් මෙම ප්‍රදේශ වෙත පුද්ගලයින් ගමන් කරන්නේ කලාතුරකිනි.

    13 වන සියවසෙන් පසු, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඊසානදිග ප්‍රදේශයේ ශිෂ්ටාචාරය කෙමෙන් බිඳ වැටෙන්නට විය. යුද්ධ, වසංගත හා වාරිමාර්ග පද්ධති විනාශය හේතුවෙන් ජනතාවගේ ජීවනෝපායන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රදේශයෙන් ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මේ සමඟම මෙම ප්‍රදේශයේ මහා බෞද්ධ ආරාම ද ක්‍රමයෙන් හුදකලා වී මෙම උදාර ශිෂ්ඨාචාරය ක්‍රමක්‍රමයෙන් අවසානයේ රුහුණු වනාන්තර විසින් ගිල ගැනිණි.


    19 වන සියවසෙන් පසු මෙම ප්‍රදේශයේ ජනාවාස නැවත ක්‍රමයෙන් වර්ධනය විය. නමුත් මේ වනවිට, බ්‍රිතාන්‍ය යටත් විජිත රජය යාල ප්‍රදේශය දඩයම් සඳහා රක්ෂිතයක් ලෙස වෙන් කර තිබු අතර නිදහසින් පසු එය ජාතික වනෝද්‍යානයක් බවට පත් විය. මේ මගින් එහි මායිම් තුළ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පෙරපරදීම වන ආවරණය තුල සැඟවී ගියේය. මෙමගින් මෙම පුරාවිද්‍යා ස්ථාන පසුකාලීන මානව ක්‍රියාකාරකම් මගින් ආරක්ෂා වුවද ඒවා නිධන් හොරුන්ගේ පහසු දඩයම් භූමි බවට පත්විය.


    යාල වන අඩවිය තුල මෙසේ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සමහරක් නම් කුඩුම්බිගල, කිරිපොකුනහෙල, බඹරගස්තලාව, බෝවත්තේගල, කෝන්ගල සහ නෙලුම්පත් පොකුන, විහාරගල, දිවුලනගොඩ, දෙමටගල, අතුරුමිතුරුගල, කනබිසෝවුන්ගේ ගල්ගේ සහ තලගුරුහෙල ය.

    කිරිපොකුණහෙළ යනු යාල බටහිර ලෙසද හැඳින්වෙන කුමණ ජාතික වනෝද්‍යානය තුල බෞද්ධ ආරාමයක ගවේෂණය නොකළ නටබුන් සහිත ගල් තලාවකි.


    1974 දී ප්‍රකාශිත “ලංකා සංචාරකයා සඳහා වූ අත්පොත” (Handbook for the Ceylon Traveller) වාර්තා කරන්නේ කිරිපොකුණහෙළ කුමණ වනෝද්‍යානයේ ඔකඳ පිවිසුමේ සිට සැතපුම් 2 ක් දුරින් පිහිටා ඇති අතර වියළි කාලවලදී නොයෙක් සතුන් ආකර්ෂණය වන කිසිඳා නොසිඳෙන කිරිපොකුණ කෙම (ගල්තලාවක් මත ඇති ජල කුහරය) දක්වා ජීප් ධාවන පථය පවතින බවයි. මෙම ජල කුහරයට සැතපුම් භාගයක් උතුරින් කිරිපොකුණහෙළ පැතලි මුදුනක් සහිත ගල් කන්දකි.


    කිරිපොකුණ කෙම දක්වා දුෂ්කර ධාවන පථය තවමත් පවතින අතර කිරිපොකුණහෙළට අලි කොටි ගහන වනාන්තරය හරහා කිලෝමීටර 1.5 ක දුරක් පයින් ගමන් කල යුතුය. කිරිපොකුණ කෙම ගල්තලාවක් ඔස්සේ මීටර් 4 ක් පමණ දිගින් යුත් ඔරුවක හැඩැති ස්වාභාවික පොකුණකි.

    කිරිපොකුණහෙළ කඳු මුදුන හෙක්ටයාර තුනක් පමණ සමතලා බිමකි. එක් පැත්තක ඕවලාකාර පර්වතයක් යට කටාරම් කෙටූ ලෙනකි. ලෙණ තුළ බිම කුඩා සිනිඳු ගල් පුවරු අතුරා තිබේ. කටාරම යටින් බ්‍රාහ්මී සෙල්ලිපි පේළි කිහිපයක් තිබේ. ගුහාව ඉදිරිපිට තවත් කුඩා ජලය පිරුණු කෙමක් ඇත. ලෙණ තුල නටබුන් විනාශ වී ඇතත්, පැරණි ගඩොල් බිත්තියක අවශේෂ තවමත් දැකගත හැකිය.

    මෙම ගුහාවේ වඩාත් වැදගත්ව අංගය වන්නේ ළෙන් බිත්තිවල ඇති ඓතිහාසික චිත්‍රයි. පැහැදිලි සුදු තීන්ත වර්ගයක් භාවිතා කරමින් අලියෙකු මත සිටගෙන සිටින මිනිසෙකුට මුහුණ දෙන දිවියෙකු ගල මතුපිට පින්තාරු කර ඇත. මෙම ලෙන් චිත්‍රය කළේ කවුරුන්ද යන්න හෝ ඔවුන් අයත් වූයේ කුමන කාල පරිච්ඡේදයටද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. මෙම ප්‍රදේශය අතීතයේ වැදි ගෝත්‍රයක වාසස්ථානය වී ඇති අතර ඔවුන්ගේ වඳ වීම පිලිබඳ නොයෙක් ජනප්‍රවාද පවතී...

    ලේනම වැද්දන් පිළිබඳව ප්‍රචලිත ජනප්‍රවාද 2 ක්පවතී.

    පළමුවැන්න නම් පානම අවට වනාන්තරවල ජීවත් වූ බවට පවසන අර්ධ මිනිස් “නිට්ටෑවන්ගේ” පහදීම් නිසා පැවැත්ම වඳවීමයි. ජනප්‍රවාදයට අනුව අවසානයේ නිට්ටෑවන් ලේනම වැදි ජනතාව විසින් ගුහාවකට කොටු කර සමූල ඝාතනය කිරීමයි.

    දෙවැන්න ලේනම දිවියන් පිලිබඳවය. ඔවුන් පානම ප්‍රදේශයට ආවේණික ලෙස ප්‍රසිද්ධ තේජාන්විත දිවියන් වර්ගයක් පිලිබඳවය. අවසානයේ ලේනම වැද්දන් ඔවුන් මරා විනාශ කර දැමූ “නිට්ටාවන් ට සමාන ඉරණමකට මුහුණ දී තිබේ.

    මෙම ජනප්‍රවාද දෙක මුලින්ම ලේඛනගත කළේ හියු නෙවිල් (1847 – 1897) විසිනි. ලේනම දිවියන් පිළිබඳ පොදු පුරාවෘත්තය නම්, ඔවුන් වඩා විශාල හා එඩිතර වූ මිනිසෙකු දුටු විගස පලා නොයන දිවියන් වර්ගයක්ව බවය.

    පුරාවෘත්තයන්ට අනුව, ලේනම වැද්දන් විසින් කතරගමදෙවියන් සඳහා සාම්ප්‍රදායික පූජාවක් සංවිධානය කර ඇති අතර ඔවුන් රාත්‍රියේ උත්සවය ආලෝකමත් කලේ වල් ඌරෙකු මරා උගේ මේදය භාවිතයෙනි. මේ පිළිබඳව කෝපයට පත් කතරගම දෙවියන් දැවැන්ත දිවියන් ඔවුන් වෙත එවා ඇති අතර එක් පවුලක් හැර මුළු වැදි ගෝත්‍රයම පහර දී මරා දැමීය. මින් ඒක පවුලක් ගලක් මතට නැගී ජීවිතය බේරා ගත්තද, මෙම දිවියන් ඔවුන්ටද පහරදී මැරූ අතර එහි සිටි එක් පිරිමි ළමයෙකු පමණක් අසල ගමකට පලාගොස් ජීවිතය බේරාගෙන තිබේ. කිරිපොකුණහෙළ ගුහාවෙන් හමු වූ සිතුවම් දෙස බලන විට, මෙම සිතුවම ලේනම දිවියන්ගේ පුරාවෘත්තයට හා මෙම දිවියන් විසින් ලේනම වැද්දන්ගේ විනාශයට සම්බන්ධ බවට අනුමානයක්ද පවතී

    ............අන්තර්ජාලය ඇසුරෙනි...........
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සාමාන්යෙන් ලංකාවේ ඉන්න කොටි මිනිස්සු කන්න එන්නේ නෑ. උන්ගේ පැත්තෙන් බැලුවොත් මිනිස්සු කියන්නේ වැඩි ගුණයක් නැති කරදරකාරී කෑමක්.

    සමහර අවස්ථාවල සාමන්යෙන් මිනිස්සුන්ට පහර නොදෙන සත්ව විශේෂ මිනිස්සුන්ව කෑමට යොමු උන අවස්ථා වාර්තා වෙලා තියන අබාධ වගේ දේවල් නිසා. උන්ට ආබාධය නිසා සාමාන්යෙන් ගොදුරු කරගන්න සත්තු අල්ලන්න බැරි තත්වෙකට ආව නිසා.

    ලේනම කොටි ගැන නම් මගේ අදහස ඔය වගේ දැවැන්ත විලෝපිකයෙක් ලංකවේ තියන සීමිත වන වැස්ම ඇතුලේ හොයන්න බැරි වෙන්නම හැංගිලා ඉන්නවා කියල හිතන්න අමාරුයි කියන එකයි.
    යාල පැත්තේ ඉන්න දිවියා අනිත් ආසියානු දිවියොත් එක්ක සංසන්දනය කරනකොට ටිකක් විසාලයි කියලා තමයි අහලා තියෙන්නේ මචන් ....
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    යාල පැත්තේ ඉන්න දිවියා අනිත් ආසියානු දිවියොත් එක්ක සංසන්දනය කරනකොට ටිකක් විසාලයි කියලා තමයි අහලා තියෙන්නේ මචන් ....
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
    ඔව් ලංකවේ දිවියෝ ලෝකේ ඉන්න විශාලම දිවියන් ගණයට වැටෙනවා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් ලංකවේ දිවියෝ ලෝකේ ඉන්න විශාලම දිවියන් ගණයට වැටෙනවා..
    එක තමයි ඔය ගැන වාර්තා වැඩසටහනක් තිබුනා Youtube එකේ. තාම හම්බු උනේ නැහැ තිබුනොත් දාන්නම්...:love2:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    යාල පැත්තේ ඉන්න දිවියා අනිත් ආසියානු දිවියොත් එක්ක සංසන්දනය කරනකොට ටිකක් විසාලයි කියලා තමයි අහලා තියෙන්නේ මචන් ....
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard

    Leopard කියන්නෙ දිවියා නෙමෙයි බන්.. කොටියො..

    ටයිගර් = ව්‍යාඝ්‍රයා

    හැම තැනම කතා වෙන්නෙ දිවියෙක් ගැන.. අර කොම්බුවෙ ලබ්බොත් කියන්නෙ දිවියෙක් ගැන.. ලන්කාවෙ ඉන්නෙ කොටි..
    මේ lenama කොටිය ගොඩක් දුරට ව්‍යාඝ්‍රයො එක්ක මික්ස් වෙච්ච ekek වෙන්න ඇති..
     
    Last edited: