ලංකාවේ ව්‍යාඝ්‍රයින් හිටියා. හැබැයි වසර 12,000 කට විතර කලින් ඒ සතුන් වඳ උනා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ සතුන් වඳ උනාද? නැත්තං යම් සතුන් කිහිප දෙනෙක් ඉතුරු උනාද කියන ගැටලුව ඔන්න ඉතුරු වෙනවා. ලංකාවේ අතීතයේ ඉදං ව්‍යාඝ්‍රයින් හිටියා වගේම විවිධ රජවරු ව්‍යාඝ්‍රයින් තමන්ගෙ රාජකීය සත්වෝද්‍යාන වල ඇති කලා. ඒ කියන්නෙ රාජසිංහ රජ සමය වෙනකම් ම මේ සතුන්ව ඇති කලා කියල සඳහන් වෙනවා. එහෙනං මේ සත්වෝද්‍යානයකින් පැනල ගිහින් හැදුනු සත්වයින් වෙන්න බැරිද? ඒ වගේම එක අවස්ථාවක සර් එමර්සන් ටෙනන්ට් වාර්තා කරනවා නැවකින් පැනල ගිය ව්‍යාඝ්‍රයෙක් ගැනත් ඒ සතා ත්‍රිකුණාමලය අවට කිහිප අවස්ථාවකම දැකගන්න පුලුවන් උනා කියලත්...
එහෙනං මේ ලේනම කොටියා ව්‍යාඝ්‍රයෙක් ද?
නැත්තං මේ ව්‍යාඝ්‍රයින් හා කොටින් අතර ඇති වූ මුහුම් වීමකින් ඇති වෙච්ච විකෘති ජීවීන් කොටසක්ද?
විශේෂ අතර අන්තර් අභිජනනයෙන් සරු ජීවීන් බිහි කල හැකි වුවත් මේ කොටි-ව්‍යාඝ්‍ර එකතු වීමෙන් අද වෙනකොට සරු ජීවීන් ඇති නොවුන නිසා මේ සත්ව විශේෂය වඳ වෙලා ගියාද?
එහෙමත් නැත්තං මේ එකතුවීමෙන් සරු ජනිතයන් සෑදී ඉතා සුලු කොටසක් මේ තාමත් ඉන්නවද?
නැත්තං මේ එකතු වීමේ ජාන ලක්ෂණ ලේනම ප්‍රදේශයේ කොටි පරම්පරා වල තියෙනවද?
මේ තමා මේ සතුන්ගෙ ලක්ෂණ එක්ක දැන් ඉන්න ව්‍යාඝ්‍රයින් හා උපකල්පනයෙන් අපිට ගන්න පුලුවන් අදහස්. සමහරවිට මේ සතුන්ට ව්‍යාඝ්‍ර ජාන හෝ වෙනයම් හේතුවක් තියෙන්න පුලුවන්. හැබැයි ඉතිං හරියට තේරුම් ගන්න මේ සතෙක්ව නිවරැදි විද්‍යානුකූල සාක්ෂි සහිතව හොයාගන්න වෙනවා.
අනිත් දේ තමයි මේ ලේනම කොටි කියල හදුන්වන්නෙ King Leopards නැත්තං රාජ කොටි කියල හදුන්වන නිලීන ජාන විකෘතියක් ද කියන එක. pseudo-melanistic සතෙක්ගෙ ශරීර පැහැය එකම විදිහට පැවතුනත් සතාගෙ පුල්ලි තත්වය වෙනස් වෙන්න පුලුවන්. මේ රජ කොටින්ගෙ වෙන්නෙ ඉරි පිහිටන එක. ඒකෙන් වෙන්නෙ වඩා තද පැහැයක් පිහිටන එක මේ සතුන්ට. ඡායාරූපයේ ඉන්න සත්වයා 2012 වසරේදි ඉන්දියාවේ කේරලෙන් වාර්තා උන සතෙක්. අපේ කොටි ගහනයෙත් කලු කොටි නැත්තං කෘෂ්ණතාවට ලක් වෙච්ච සතුන් ඉන්න නිසා සමහරවිට ලේනම කොටි කියන්නෙ රාජ කොටි වෙන්න බැරි කමකුත් නැහැ. අපි මේ කොටින්ගෙ ජානමය වර්ණ ප්‍රභේද ගැන ඉදිරියෙදි කතා කරමු.
ලේනම කොටි කියන්නෙ මිත්‍යාවක් ද ඇත්තක්ද කියල කියන්න තරම්වත් සාක්ෂි නැහැ. ඒකයි ගැටලුව. ඒ කියන්නෙ ඇත්තටම මේක නොවිසඳුණු ගැටලුවක්. අනිත් දේ තමයි මේ සත්ව විශ්වාස අයත් වෙන්න ඕන Cryptozoology කියන විෂය පථයට. ඒ හා සම්බන්ධයෙන් පර්යේෂණ කරන කාටහරි හොද මාතෘකාවක් වෙයි මේ ලේනම කොටි කියන කතාව. මං පෞද්ගලික විශ්වාස කරන්නෙ ලේනම කොටි කියන්නෙ පුරාවෘත්තයක් වෙන්න පුලුවන් කියන එක. හැබැයි ඒ පුරාවෘත්තය ඇත්තක් නෙවෙයි කියන්නවත් සාක්ෂි නැති එකයි ගැටලුව.....
කිරිපොකුණහෙළ ලෙන් සිතුවම් මගින් නිරූපණය වන්නේ ලේනම වැදි ජනතාවට එල්ලවූ කොටි ප්‍රහාරයද.......
යාල ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන රුහුනු ජාතික වනෝද්‍යානය තුල ඇති බොහොමයක් ගල්කුළු හා කඳු මත පුරාණ රුහුනු රාජධානියේ බෞද්ධ ආරාමයන් රාශියක් කාලයේ වැලිතලාවෙන් සැඟවී තිබේ. මෙම නටබුන් උද්‍යානය තුළ ඇති සෑම කඳු මුදුනකම පාහේ දක්නට ලැබෙන නමුත් නොයෙක් නීති හා මාර්ග නොමැති වීම හේතුවෙන් මෙම ප්‍රදේශ වෙත පුද්ගලයින් ගමන් කරන්නේ කලාතුරකිනි.
13 වන සියවසෙන් පසු, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඊසානදිග ප්‍රදේශයේ ශිෂ්ටාචාරය කෙමෙන් බිඳ වැටෙන්නට විය. යුද්ධ, වසංගත හා වාරිමාර්ග පද්ධති විනාශය හේතුවෙන් ජනතාවගේ ජීවනෝපායන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රදේශයෙන් ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මේ සමඟම මෙම ප්‍රදේශයේ මහා බෞද්ධ ආරාම ද ක්‍රමයෙන් හුදකලා වී මෙම උදාර ශිෂ්ඨාචාරය ක්‍රමක්‍රමයෙන් අවසානයේ රුහුණු වනාන්තර විසින් ගිල ගැනිණි.
19 වන සියවසෙන් පසු මෙම ප්‍රදේශයේ ජනාවාස නැවත ක්‍රමයෙන් වර්ධනය විය. නමුත් මේ වනවිට, බ්‍රිතාන්‍ය යටත් විජිත රජය යාල ප්‍රදේශය දඩයම් සඳහා රක්ෂිතයක් ලෙස වෙන් කර තිබු අතර නිදහසින් පසු එය ජාතික වනෝද්‍යානයක් බවට පත් විය. මේ මගින් එහි මායිම් තුළ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පෙරපරදීම වන ආවරණය තුල සැඟවී ගියේය. මෙමගින් මෙම පුරාවිද්‍යා ස්ථාන පසුකාලීන මානව ක්‍රියාකාරකම් මගින් ආරක්ෂා වුවද ඒවා නිධන් හොරුන්ගේ පහසු දඩයම් භූමි බවට පත්විය.
යාල වන අඩවිය තුල මෙසේ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සමහරක් නම් කුඩුම්බිගල, කිරිපොකුනහෙල, බඹරගස්තලාව, බෝවත්තේගල, කෝන්ගල සහ නෙලුම්පත් පොකුන, විහාරගල, දිවුලනගොඩ, දෙමටගල, අතුරුමිතුරුගල, කනබිසෝවුන්ගේ ගල්ගේ සහ තලගුරුහෙල ය.
කිරිපොකුණහෙළ යනු යාල බටහිර ලෙසද හැඳින්වෙන කුමණ ජාතික වනෝද්‍යානය තුල බෞද්ධ ආරාමයක ගවේෂණය නොකළ නටබුන් සහිත ගල් තලාවකි.
1974 දී ප්‍රකාශිත “ලංකා සංචාරකයා සඳහා වූ අත්පොත” (Handbook for the Ceylon Traveller) වාර්තා කරන්නේ කිරිපොකුණහෙළ කුමණ වනෝද්‍යානයේ ඔකඳ පිවිසුමේ සිට සැතපුම් 2 ක් දුරින් පිහිටා ඇති අතර වියළි කාලවලදී නොයෙක් සතුන් ආකර්ෂණය වන කිසිඳා නොසිඳෙන කිරිපොකුණ කෙම (ගල්තලාවක් මත ඇති ජල කුහරය) දක්වා ජීප් ධාවන පථය පවතින බවයි. මෙම ජල කුහරයට සැතපුම් භාගයක් උතුරින් කිරිපොකුණහෙළ පැතලි මුදුනක් සහිත ගල් කන්දකි.
කිරිපොකුණ කෙම දක්වා දුෂ්කර ධාවන පථය තවමත් පවතින අතර කිරිපොකුණහෙළට අලි කොටි ගහන වනාන්තරය හරහා කිලෝමීටර 1.5 ක දුරක් පයින් ගමන් කල යුතුය. කිරිපොකුණ කෙම ගල්තලාවක් ඔස්සේ මීටර් 4 ක් පමණ දිගින් යුත් ඔරුවක හැඩැති ස්වාභාවික පොකුණකි.
කිරිපොකුණහෙළ කඳු මුදුන හෙක්ටයාර තුනක් පමණ සමතලා බිමකි. එක් පැත්තක ඕවලාකාර පර්වතයක් යට කටාරම් කෙටූ ලෙනකි. ලෙණ තුළ බිම කුඩා සිනිඳු ගල් පුවරු අතුරා තිබේ. කටාරම යටින් බ්‍රාහ්මී සෙල්ලිපි පේළි කිහිපයක් තිබේ. ගුහාව ඉදිරිපිට තවත් කුඩා ජලය පිරුණු කෙමක් ඇත. ලෙණ තුල නටබුන් විනාශ වී ඇතත්, පැරණි ගඩොල් බිත්තියක අවශේෂ තවමත් දැකගත හැකිය.
මෙම ගුහාවේ වඩාත් වැදගත්ව අංගය වන්නේ ළෙන් බිත්තිවල ඇති ඓතිහාසික චිත්‍රයි. පැහැදිලි සුදු තීන්ත වර්ගයක් භාවිතා කරමින් අලියෙකු මත සිටගෙන සිටින මිනිසෙකුට මුහුණ දෙන දිවියෙකු ගල මතුපිට පින්තාරු කර ඇත. මෙම ලෙන් චිත්‍රය කළේ කවුරුන්ද යන්න හෝ ඔවුන් අයත් වූයේ කුමන කාල පරිච්ඡේදයටද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. මෙම ප්‍රදේශය අතීතයේ වැදි ගෝත්‍රයක වාසස්ථානය වී ඇති අතර ඔවුන්ගේ වඳ වීම පිලිබඳ නොයෙක් ජනප්‍රවාද පවතී...
ලේනම වැද්දන් පිළිබඳව ප්‍රචලිත ජනප්‍රවාද 2 ක්පවතී.
පළමුවැන්න නම් පානම අවට වනාන්තරවල ජීවත් වූ බවට පවසන අර්ධ මිනිස් “නිට්ටෑවන්ගේ” පහදීම් නිසා පැවැත්ම වඳවීමයි. ජනප්‍රවාදයට අනුව අවසානයේ නිට්ටෑවන් ලේනම වැදි ජනතාව විසින් ගුහාවකට කොටු කර සමූල ඝාතනය කිරීමයි.
දෙවැන්න ලේනම දිවියන් පිලිබඳවය. ඔවුන් පානම ප්‍රදේශයට ආවේණික ලෙස ප්‍රසිද්ධ තේජාන්විත දිවියන් වර්ගයක් පිලිබඳවය. අවසානයේ ලේනම වැද්දන් ඔවුන් මරා විනාශ කර දැමූ “නිට්ටාවන් ට සමාන ඉරණමකට මුහුණ දී තිබේ.
මෙම ජනප්‍රවාද දෙක මුලින්ම ලේඛනගත කළේ හියු නෙවිල් (1847 – 1897) විසිනි. ලේනම දිවියන් පිළිබඳ පොදු පුරාවෘත්තය නම්, ඔවුන් වඩා විශාල හා එඩිතර වූ මිනිසෙකු දුටු විගස පලා නොයන දිවියන් වර්ගයක්ව බවය.
පුරාවෘත්තයන්ට අනුව, ලේනම වැද්දන් විසින් කතරගමදෙවියන් සඳහා සාම්ප්‍රදායික පූජාවක් සංවිධානය කර ඇති අතර ඔවුන් රාත්‍රියේ උත්සවය ආලෝකමත් කලේ වල් ඌරෙකු මරා උගේ මේදය භාවිතයෙනි. මේ පිළිබඳව කෝපයට පත් කතරගම දෙවියන් දැවැන්ත දිවියන් ඔවුන් වෙත එවා ඇති අතර එක් පවුලක් හැර මුළු වැදි ගෝත්‍රයම පහර දී මරා දැමීය. මින් ඒක පවුලක් ගලක් මතට නැගී ජීවිතය බේරා ගත්තද, මෙම දිවියන් ඔවුන්ටද පහරදී මැරූ අතර එහි සිටි එක් පිරිමි ළමයෙකු පමණක් අසල ගමකට පලාගොස් ජීවිතය බේරාගෙන තිබේ. කිරිපොකුණහෙළ ගුහාවෙන් හමු වූ සිතුවම් දෙස බලන විට, මෙම සිතුවම ලේනම දිවියන්ගේ පුරාවෘත්තයට හා මෙම දිවියන් විසින් ලේනම වැද්දන්ගේ විනාශයට සම්බන්ධ බවට අනුමානයක්ද පවතී
............අන්තර්ජාලය ඇසුරෙනි...........