ලෝකයේ~උසම~දියඇලි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලෝකයේ~උසම~දියඇලි

    මම කලින් අපේ ලංකාවේ තියන දිය ඇලි ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.

    අද මට හිතුනා ලෝකයේ තියෙන උසම දිය ඇලි පිළිබඳව ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ කියලා. ඔන්න එහෙනම් පටන් ගත්තා. සමහර ඇලි වල නම් කියවන්න ගිහින් දිව පටලවගන්න එපා හොඳේ? :P

    1. එන්ජල් දිය ඇල්ල - වෙනේසියුලාව. (උස - අඩි 3212, මීටර් 979)


    වෙනේසියුලාවේ කනයිමා ජාතික" වන උද්‍යානයේ "අයුන්ටපුයි" කන්දෙන් කඩා හැලෙනවා. එන්ජල් නම පට බැඳුනේ 1933 "ජිමි එන්ජල් නම් පියාසරකරු තමාගේ කුඩා ගුවන් යානයෙන් මේ ඇල්ල උඩින් පියාසර කර මේ ඇල්ල පිළිබඳව ලෝකයටම කීම නිසා. ඇල්ලෙන් නිර්මාණය වන්නේ "කෙරේප්" නම් ගංගාවයි. මේ ගංගාව "චුරුන්" ගංගාවට එකතු වෙනවා. වෙනිසියුලාවේ ජනපති මේ ඇල්ලේ නම ආදී වාසි නම වන "කෙරෙපුකුපායි වෙනා" :baffled: නමට නැවත නම් කරන ලෙසට, නමුත් පසුව ඒ අදහස අතහැර දැමුවා. මේ ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමැකෙන මතක සටහනක් ලෙස නම් කෙරෙනවා.


    angelfalls2.jpg


    saltoangeldryseason.jpg


    angelfallspanoramic2008.jpg
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    2. ටුගෙලා ඇල්ල - දකුණු අප්‍රිකාව ( උස - අඩි 3110, මීටර් 948)

    දකුණු අප්‍රිකාවේ ඩ්‍රරගන්ස්බර්ග් කඳු වලල්ලේ ක්වාසුලු ප්‍රාන්තයේ රාජකීය නටාල් වන උද්‍යානයේ. ටුගෙලා ගඟ නිර්මාණය වෙන්නේ මේ ඇල්ලෙන්.


    tugela.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    3. කට්‍රටස් ලස් ට්‍රෙස් හර්මනස් - පේරු ( උස අඩි 3000, මීටර් 914)

    පිහිටලා තියෙනේ අයාචුචු ප්‍රාන්තයේ. ඇල්ල පාමුල සුන්දර වැවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ඇල්ලට "ත්‍රී සිස්ටර්ස් ෆෝල්ස්" කියලත් කියනවා. එහෙම කියන්නේ ඇල්ල කොටස් තුනකින් ගලා හැලෙන නිසා. ඇල්ල අවට මීටර් 30 වැඩ උසින් ගස් පිහිටලා තිබෙනවා. රියෝ කුටිවිනේරි නගරය මේ ඇල්ලට කිට්ටුවෙන් පිහිටලා තිබෙනවා.


    treshermanasperu.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    4. ඔලුඉපෙනා දිය ඇල්ල - මොලොකායි දුපත, හවායි දුපත් . (උස - අඩි 2953 , මීටර් 900)

    මේ ඇල්ල දැක බලාගන්න පුළුවන් වෙන්නේ මුහුදේ සිට හෝ අහස උඩ සිට. හවායි දුපත් වල උතුරු නැගෙනහිරින් පිහිටි මොලොකායි දුපතේ පෙලෙකුනු හා වෛලෞ නිම්නයෙන් මේ දිය ඇල්ල කඩා හැලෙනවා.


    Olo-upena-Falls1.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    5. කටරටා යුම්බිලා දිය ඇල්ල - ඇමසෝන් වනාන්තරය, පේරු. (උස - අඩි 2938 , මීටර් 896)

    මෑතකදී ගවේෂණයකින් පසුව සොයාගැනුණු දිය ඇල්ලක්. මේ ඇල්ල වෙතට යාම අසීරු බැවින් මේ ඇල්ලේ පින්තුරු බොහොම සීමිතයි. මේ ඇල්ල කොටස් හතරකින් කඩා හැලෙනවා.


    yum.jpg


    yum2j.jpg
     
    • Like
    Reactions: sudumalli2009

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    6. විනුෆොසෙන් දිය ඇල්ල - නොර්වේ රාජ්‍ය. (උස - අඩි 2822 , මීටර් 860)

    යුරෝපයේ උසින් වැඩිම දිය ඇල්ල වන මෙය පිහිටලා තිබෙන්නේ නොර්වේ රාජ්‍යයේ මොරේ ඔග් රෝම්ස්ඩෙල් ප්‍රාන්තයේ, සුන්දල් නගර සභාවේ සුන්දල්සොරා කියන ගම්මානයේ. ඇල්ල හට ගන්නේ විනුෆොනා ග්ලැසියරයෙන් පටන් ගන්න විනු නම් ගංගාවෙන්. මේ ඇල්ල කොටස් හතරකට කඩා හැලෙනවා. මේ ගංගාව ද්රිවා නම් ගංගාවට එකතු වෙනවා.


    vinnufossensunndalnorwa.jpg