උබ කියනදේ හරි. එත් 12% වාර්ශික පොලියට නයක් ගන්න බැරිවෙන්නේ නෑ. විශේශයෙන් මේ දවස්වල.
තව දෙයක් තියෙනවා. කරන වයාපාරය ගැන හොද අවබොදයක් මුලින්ම ගන්න ඔනා. ඒ පිලිබද දැනුම තියෙනවනම් අත්දැකීම් තියෙනවනම් ලොකු අවදානමක් නෑ. සේවාදායකයින්ව වයාපාරය අරම්බයට පෙරම දැනගෙන හිටියොත් පලවෙනි මාසේ ඉදන්ම වයාපාරෙන් හිතල ලාබේ ලබන්න පුලුවන්. එහෙම බැරිවුනත් මාස 3ක් වගේ යද්දි පුලුවන්.
වයාපාරයක් වගේ දෙයකදි දනාත්මකව සිතන්න ඔනා. අපො මේක හරියන්නේ නෑ, ගෙවන්න බැරිවෙයිද දන්නේ නෑ වගේ සිතුවිලි වල ඉදලා නය ගත්තොත් කොහොමත් ඒ සිතුවිලි අපේ මනසට කා වැදිලා වයාපාරය අසාර්තක වෙනවා. එහෙම සිතුවිලි තියෙන අය නම් නය ගන්න එපා.
තව දෙයක් මන් මේ ත්රේඩ් එකෙන් කියන්න හැදුවෙ සුලු පරිමාන වයාපාරිකයෙක්ට නැගිටින්න නම් කලහැකිදේ ගැන. මොකද මමත් අන්තෙටම වැටිලා නැගිටින්න හදන කෙනෙක්. ඉතින් තව කෙනෙක්ව ගොඩ යවන්නයි මට ඔනකලේ.
ගන්න පුලුවන් දේ ගන්න. දනාත්මකව සැලසුම් කරලා වැඩ කරන්න. වයාපාරය දියුනුවෙයි.
පොඩි පඩියකට වැඩ කර කර හිටියොත් නම් කවදාවත් තැනකට එන්න බැරිවෙයි.
හිතල බලන්න 15000, 30000 අතර වැටුපක් ලැබෙන කෙනෙක්ට තමන්ගේ මාසික වියදමත් කරගෙන ලක්ශ 10ක් වගේ මුදලකට යන්න කොච්චර අමාරුද කියලා.