වණ්ඩුවේ තැම්බූ බිත්තර වලින් හදන කෑමක්. අමාරු නෑ හදාගන්න. හැබැයි ටිකක් වෙලා යනවා.හරියට හදාගත්තොත් ඉතාම රස ව්‍යංජනයක්.
අවශ්‍ය දේවල්:
- බිත්තර 3ක්
- පාන් පිටි මේස හැන්දක් විතර
- රතු ලූණු ගෙඩි 10 15ක්
- අමු මිරිස් කරල් 3ක් 4ක්
- කෑලි මිරිස්
- කරපිංචා කොළ ටිකක්
- කහ තේ හැඳි 1/2ක් විතර
- ලුණු රස අනුව
- ඉස්සෙලාම බිත්තර ටික හොඳට බීට් කරගන්න. ආයෙ ඕකට බීටරයක් ඕනෙ නෑ. ගෑරුප්පුවකින් වැඩේ කරගන්න පුලුවන්. මේකට පාන් පිටි ටික දාගෙන ආයෙත් හොඳට ගසා ගන්න. රතු ලූණු කපලා කෑලි මිරිස්, හීනියට ලියාගත්තු අමු මිරිස් දාලා ලුණු මිරිසක් වෙන්න හොඳින් අනන්න.
- ඊට පස්සෙ ඒක බිත්තර මිශ්‍රණයට දාන්න. ඒ වගේම ඒකටම පොඩියට කැපූ කරපිංචා, කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, කහ පොඩ්ඩක් දාලා ආයෙත් ගසා ගන්න.
- දැන් බිත්තර මිශ්‍රනය හරි. ඊලඟට භාජනයක් අරගෙන ඒක උඩින් ලන්ච් ශීට් එකක් එලලා අර බිත්තර මිශ්‍රනය ඒකට වත් කරගන්න. දැන් වණ්ඩුවේ තම්බා ගන්නයි තියෙන්නෙ. වණ්ඩුව කියන්නෙ මොකද්ද දන්නෙ නැත්තම් ස්ටීමර් එක දන්නවනෙ. අන්න ඒකම තමා ඈ. මම රයිස් කුකර් එකේ ස්ටීමර් එක ගත්තෙ. පහල කෑල්ලට වතුර දාල හොදින් වතුර පැහෙනකොට ස්ටීමර් එක තියලා බිත්තර මිශ්‍රනය තියෙන භාජනේ ඒක ඇතුලින් තියලා තම්බගන්න ඔනෙ. ලන්ච් ශීට් එකෙන් භාජනේ උඩ වහන්න එපා. විනාඩි 45ක් විතර තම්බගන්න ඕනෙ.
- තැම්බුණාට පස්සෙ භාජනෙන් එලියට අරගෙන කෑලි වලට කපාගන්න.
- දැන් වණ්ඩු බිත්තර ලෑස්තියි. ඕනෙ නම් මෙහෙමම කන්න පුලුවන්. එහෙම නැත්තන් කරවල තෙල් දානවා වගේ තෙල් දාලා ගන්න පුලුවන්.
මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
original Article Click Here