වතුරෙන් කාර් දිව්වෙමි
ගිය බ්‍රහස්පතින්දා මම වැඩට එනකොට පානදුර හරියෙදි තේරුනා කාර් එකේ තෙල් අඩුයි කියල. ඊට පස්සෙ මම පෙට්‍රල් ටිකක් ගහ ගත්ත එගොඩ උයනෙ හේමචන්ද්‍ර පෙට්‍රල් ශෙඩ් එකෙන්. ඔය පෙට්‍රල් ශෙඩ් එක පාරෙ දෙපැත්තෙම තියන්නෙ එකම තැන.
ඊට පස්සෙ විනාඩි 3-4ක් යන්න උනේ නෑ කාර් එක හිටිය. කම්පනි එකේ කාර් එකක් නිසා කෝල් කරල company transport එකෙන් දෙන්නෙක් ගෙන්න ගත්ත මම හිටපු තැනට. උන් ඇවිල්ල බලල කියනව "සර් පෙට්‍රල් වල වතුරනෙ තියන්නෙ" කියල.
එතකොටම මට මතක් උනේ දැන් මම ගහපු පෙට්‍රල් ටික ගැන. transport එකේ ගෝලයෙක් එක්ක ගියා ආපහු පෙට්‍රල් ශෙඩ් එකට. ගිහිල්ල කිව්ව වෙච්ච වැඩේ. උන් පිලි ගත්තෙ නෑ. ඒ පාර මම කිව්ව "මම පොලීසියට යන්නද?" කියල. ඊට පස්සෙ අයිති කාරය කියනව "සමහර විට සර් ඊයෙ රෑ වැස්සට අපේ පෙට්‍රල් ටැන්කියට වතුර ගිහිල්ලද දන්නෙ නෑ".
පස්සෙ ඒ පෙට්‍රල් පොම්පෙන් බොතලේකට පෙට්‍රල් ටිකක් ගහල බැලුව. පිස්සු හැදෙනව. 75% වතුර 25% පෙට්‍රල්. පස්සෙ උන් කියනව "සර් කාර් එක අපි ගෙනල්ල හදල දෙන්නම්" කියල. මම කිව්ව ඕනෙ නෑ කම්පනි එකෙන් හදා ගන්න පුලුවන්.
මම උඹලට කියන්නෙ ජීවිතේට ඔය පෙට්‍රල් ශෙඩ් එකෙන්නම් තෙල් ගහන්න එපා කියල. පානදුර -මොරටුව අලුත් පාරෙ තියන එකම Ceypetco පෙට්‍රල් ශෙඩ් එක මේක විතරයි. මේකට අමතරව තියන්නෙ Laughs පෙට්‍රල් ශෙඩ් එකක් විතරයි.
ඕක විතරක් නෙවෙයි මට හිතෙන විදියට ඔය පොඩි පොඩි පෙට්‍රල් ශෙඩ් එකකින්වත් තෙල් ගහන්න එපා වාහනේට ආදරයක් තියනවනම්