ජොබ් එක ඔලුවට අරන්ද කියලා ඉතින් උඹ පොඩ්ඩක් බලපන්, එහෙම නම් ගානට උඹගෙ වැඩ ටික කරගෙන හිටපන් ඕනවට වඩා නැමෙන්න යන්නත් එපා ඕනවට වඩා දඟලන්න යන්නත් එපා
සාමාන්‍යෙන් උඹට ආව වගේම හැඟීමක් ඒකටත් එනවා, වයසෙන් වැඩි කෙනාට බොස් උනු එක ගැන. ඒක නිසා උඹල දෙන්න අතර හොඳ මීචුවල් රෙස්පෙක්ට් එකක් හැදෙනවා. ඒකිත් පොඩ්ඩක් දෙපාරක් හිතනවා උඹට පන්ඩිත ටෝක් එහෙම දෙද්දි මොකද සමහර විට උඹ ඒකිට වඩා දන්නවා ඇති කියලා ඒකිටත් හිතෙනවා නේ ඒක නිසා උඹ ඕනවට වඩා හිතන්නෙ නැතුව සාමාන්‍ය බොස් කෙනෙක් කියලා හිතලා වැඩ කරන් පලයන්
අනික අක්කා උනත් නංගි උනත් ඇන්ටි උනත් බන් බොස්ට තියන රෙස්පෙක්ට් එක වර්ක් රිලේටඩ් නේ ඒක වෙනස් වෙන්න විදියක් නැහැ, කවුරු හිටියත් එකම රෙස්පෙක්ට් එක දුන්නනම් හරි
සාමාන්‍යෙන් ටිකක් කල් වැඩ කරද්දි ඔය වගේ අවස්තා වලට ඕන තරම් මූන දෙන්න වෙනවා
මම උඹගෙ පොසිශන් එකේ ඉදලත් තියනවා බොස් ගෙ පොසිශන් එකේ ඉදලත් තියනවා, ඔයිට වඩා ගොඩක් අමාරුයි එකම වයසෙ දෙන්නෙක් උනාම, දෙන්නම ගනන් ගන්නෙ නැහැ මූත් මගේ වයසෙම කියලා. වයසෙන් අඩු බොස් උනාම ප්‍රශ්න ටිකක් අඩුයි මොකද වයස වැඩි එකා කරේ නගින්න යන්නෙ නැහැ වයස අඩු වෙලත් බොස් උනේ මොකක් හරි හැකියාවක් නිසා කියල හිතෙන නිසා.