මචන් අපි රන්ඩු වෙලා වැඩක් නැ බන්. මේක මහින්ද ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මම අද මේක FB එකේ දැක්කා සමහර විට බොරු වෙන්නත් ඇති....ඒ උනාට යුද්දෙ දවස්වල ඇත්තටම මෙහෙම දෙවල්(මීටත් වඩා දේවල්) කොල්ලොන්ට උනා ඒක මේ පැතිවලට බෙදිල කතා කරන ඔක්කොමල දන්නව......!
උපුටා ගැනීම FB
අසනීපෙන්. පරිගනකයත් ලග නෑ. ඒත් ලියන්නම ඕන කියලා හිතුනා මේ කතාව.
අවුරුදු විසි ගානක් හමුදාවෙ සේවය කරපු හිතවත්ම අයියා කෙනෙක් ආවා සුවදුක් බලන්න.
"ඉතිං අයියෙ.. හැමෝම හොදින් ඉන්නවද.?" මං ඇහුවා.
"අපි හොදින් කියන්න බෑ නංගි. අපිට හොදින් ඉන්න අපේ රට හොදින් තියෙන්න ඕනනෙ.. මොනවද මේ අපේ රටට වෙන්නේ.."
මොනව කියන්නද කියලා හිතා ගන්න කලින් එයා දිගටම කතා කලා.
"අන්න අරුන් අද කොටි ඩයස්පෝරාවෙ සමුලු වලටත් සහභාගි වෙලාලු කිසි හිරිකිතයක් නැතුව. දැං උන් උන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරපු විමුක්තිකාමියො. අපි පඩියට වෙඩි තියාපු කුලී මිනීමරුවො. යුධ අපරාධකාරයො.
යුද්දෙට ගියේ කිසි දෙයක් කර කියා ගන්න බැරි අසරන කමට නෙවෙයි. ගමේ ඉදන් හේනක් කුඹුරක් කෙටුවත්, පොලේ එලවලු වික්කත් ඔය පඩියට වැඩි ගානක් හොයන්න තිබ්බා.
ඒත් යුද්දෙට යනකොට සල්ලි ගැන තියා අපි අපි ගැනවත් හිතුවෙ නෑ.
මට දරුවො දෙන්නයි. උන් දෙන්නගෙන් එකෙක්වත් ඉපදෙනකොට මම ගෙදර නෑ. දරුව ලැබිලා ඉස්පිරිතාලෙ ඉන්න මගෙ ගෑනිට බත් එකක් ගෙනියන්න ඉඩක් ලැබිල නෑ. පුංචි එකී ඉපදුන දවස් වල මම වන්නි කැලේ කොටු වෙලා. මම මැරිලා කියලා පනිවිඩේ ගෙදරට ගිහින්. මගෙ පුංචි එකී අම්මගෙන් බීපු කිරි වල පවා කොච්චර දුකක් ගින්දරක් තියෙන්න ඇතිද.?
ර්‍ඒ වගේ අපේ උන් තව කීයකගෙ පවුල් වල උන් අම්මලා තාත්තලා දුක් උහුලන්න ඇතිද.?
ඔය කැලෑ වල අපි බිස්කට් පැකට් එක කඩාගෙන කාලා මඩ වතුර බීලා දවස් කීයක් නං නිදිමරලා ඇතිද.?
බංකර් හදන්න වලවල් කපලා, තල්ගස් කපලා ඇදලා මේ අත් වල උරහිස් වල කොයි තරම් කරගැට මතු වෙලා ඇතිද.?
ඒ හදපු බංකර් තාම ඔය පොලව යට ඇති.
අපි දුක් විදලා පන දීලා රැක ගත්ත පොලවෙ පය ගහන් ඉන්න උන්ට අමතක උනාට ඔය පොලවෙ ගස් ගල් වලට පවා ඒ වින්ද දුක මතක ඇති.
එහෙම රැක ගත්ත බිම තමයි අද මුන් කොටින්ට පාවලා දෙන්නෙ.
ඔය සාම්පූර් කදවුර බේර ගන්න අපේ කොල්ලො කීයක් වෙඩි කන්න ඇතිද. අද ඒ කදවුරු ගලවලා අපේ උන්ව බූස්සට ගාල් කරලා.
ඒ මදිවට ඇමරිකන් හමුදා වලට කදවුරුත් හදලා දීලා.
මේකට කියන්නෙ රට විකුනනවා නෙවෙයි නං වෙන මොකක්ද.?
ඇයි මේ කාලකන්නි හැතිකරේට මේ ටික තේරුම් ගන්ඩ තරම් මොලයක් නැත්තෙ.?
මේ රටට කරන විනාසෙ ගැන වේදනාව දැනෙන්නෙ අපිට විතරද නංගි.?"
... ...
ඒකට නම් මටත් උත්තර තිබුනෙ නෑ.