වාහනේ accident උනාම මොකද කරන්නේ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වාහනේ accident උනාම මොකද කරන්නේ?

    මචන් මට දැනගන්න ඕනෙ මේ විස්තර ටික් හිතමුකො අපි වාහනේක පාරෙ යනකොට ,මොකක් හරි අනතුරක් උනා කියල.
    මෙතනදි ගන්න ඕනෙ පියවර ටික කියනවද?

    අනතුර උන තැනම වාහනේ නවත්තන් ඉන්න ඕනෙද?
    වාහනේ එහෙම නවත්තන් ඉන්න ගියාම පාර අවහිර වෙනවනේ. එතකොට වාහෙනේ එතනින් අයින් කරගත්තම insurance එකෙන් claim reject වෙන සීන් එක තියනවද?
    පොලිස් වාර්තාවක් ගන්න ඕනෙ නේ? ඒක කොහොමද ගන්නෙ?
    ලග පාතක පේන්න පොලිස් කාරයෙක්වත් නැත්තම් මොකද කරන්නෙ ?
    අනතුර වෙච්ච අනිත් වාහනෙ පොර එතනම ඉන්න ඕනෙ නේ අපේ insurance ඩයල් එක එනකොට ?

    මම නම් ජනශක්ති දාල තියෙන්නෙ.

    මෙහෙම දේවල් ටිකකුත් තියනවා

    අයියෝ සල්ලි....
    ..මම කලින් ජනශක්ති එකේ වැඩ කලා..එක නිසා මගේ අත්දැකීම් කියන්නම් මේවා ගැන ..

    claim reject වෙන්න බලපාන ගොඩක් හේතු තියෙනවා මචන්ලා .

    1 ) අනතුර උන තැ ..

    - .අනතුර උන විධිහ , එක දැනුම් දෙන්න ගිය වෙලාව , රියදුරා මාරු කරලද , බීලාද , වගේ දේවල් , අනතුර දැක්ක අය කියන දේවල් අනුව ..

    2) නීතිමය පැත්තෙන් ..

    - අනතුර උන වෙලාවේම පොලිසියට දැන්නුවද ...පොලිස් වාර්තාව දිනය තියෙන්න ඕනි අනතුර උන දවස දාලා ලියපු එකක් ..එහෙම නැතිව ඊයේ රෑ අනතුර වෙලා හෙට හෝ අනිද්දා ගිහිල්ලා ගත්තට හරියන්නේ නෑ ..මොකද ගොඩක් පොලිස් ස්ථාන වලින් insurance එකට කිව්වම පොලිස් වාර්තාව ලියලා දෙනවා අනතුර වෙලා දවස් 2-3 පස්සේ උනත් ..එත් නීතිය අනුව අනතුර උන වෙලාවේම පොලිසියට වාර්තා කරන්න ඕනි ..

    3) අනතුරේ ස්භාවය සහ අනෙකුත් දේවල් ..

    - මෙතැනදී අනතුර සහ රියදුරු කියපු දේවල් / පොලිස් වාර්තාවේ තියෙන දේවල් සසදනවා ...99% reject වෙන calim වලදී මම දැක්ක දෙයක් තමයි රියදුරු ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් කියන දේවල් වෙනස් වෙන එක ...සාමාන්‍යයෙන් අනතුර උන වෙලාවේ hotline call කරලා කියන්නේ ඇත්ත ..එත් පස්සේ එක වෙනස් කරනවා බොරු අනතුරක් නම් ...

    4 ) අනතුර සැක සහිත නම් ...//
    - පුද්ගලික රහස් පරීක්ෂකයෙක් දාලා පරීක්ෂණයක් කරනවා ..එයා යනවා අනතුර උන තැනට , ඒ ලග ඉන්න මිනිස්සු ගාවට , අනතුර දැකපු අයට , ෆිනෑන්ස් තියෙනවා නම් ඒවා හිග බලන්න ..රියදුරු මාරු කරලද බලන්න ..වගේ ගොඩක් දේවල් හොයලා බලනවා

    ..එහෙම කරලා තමයි සැක සහිත අනතුරු වලට වන්දි මුදල් ගෙවන්නේ...මේ photo එකේ තියෙනවා පොලිස් වාර්තාව සහ උසාවි තීන්දු පිළිගත්තේ නෑ කියලා ...පොලිස් වාර්තාව තියෙන්නේ අනතුර උනාට පස්සේ වෙන දවසක ගත්ත එකක් නම් එක reject ...උසාවි තීන්දුව දෙන්නේ පොලිස් වාර්තාව පදනම් කරගෙන පොලිසියේ කරුණු දැක්වීම මත ..එතකොට BMW තියෙන කෙනෙක්ට මම හිතන්නේ නෑ පොලිසියේ අය උදව් නොකරම හිටියා කියලා..උදව් නොකලත් පොලිසියට සහ උසාවියට ප්‍රශ්නයක් නෑ අනතුර උන වෙලාවේම පොලිස් වාර්තාව ගත්තේ නැත්තේ ඇයි කියලා ...උසාවිය තීන්දු දෙන්නේ අනතුර සහ එයින් උන හානිය මත දඩ හෝ දඩුවම් නියම කිරීමක් පමණි ...වන්දි දෙන්න කියලා නියෝග කරනවා අගතියට පත් උන පාර්ශවයක් ඉන්නවා නම් ..එක රක්ෂණයෙන් ගෙවනවා ..එත් ....අනතුර නියම ස්භාවික අනතුරක් නම් විතරක් පමණි ....අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject .....

    12108152_10153570277741259_106012437869381643_n.jpg

    11181935_10153570277796259_1415216755624324420_n.jpg

    12032247_10153572239586259_5395220189688656913_n.jpg

    11990549_10153574851126259_7971027093105733008_n.jpg

    11251048_10153572887286259_819896408569845985_n.jpg

    images

    images
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජනශක්ති නම් ඉතින් උඹට කරන්න තියෙන්නෙ දේවාලයක් ගාවට ගිහින් බැනර් එකක් දාල පොල් ගහන්න කට්ටිය එකතු කරන එක තමයි :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ එලවන වාහනය ආනුව තමා. මොන්ටේරො එකක් හරි ප්‍රාඩො එකක් හරි බීඇම්ඩබ්ලිව් (ෆුල් සෙඩන්, දැන් තියන හැච් බැක් නෙමෙයි ආහ් ) නම් බය නැතුව අනතුර උන තැනට පොඩ්ඩක් ලගින් වාහනේ නවත්තලා ටයි පොල්ල එහෙම දාගෙන ෆොන් එක කනේ ගහගෙන බැහැලා වරෙන්, තුවාල කාරයො ඉන්නවනම් තැති ගන්න එපා, ලග ඉන්න එවුන් "ස‍ර්, ඉන්න අපි මේ අයව හොස්පිටල් ගෙනියන්නම්" කියයි..

    ඇලියන් එකක්, ප්‍රිමියො එකක් එක්ස්ට්‍රිල් එකක් වෙසල් එකක් වගේ නම් නවත්තපන්, හැබැයි බහින්න එපා. වීදුරු වහගෙන ඇතුලට වෙලා ගෙදර උන්ටයි, ඉන්ශුවරන් එකටයි කතා කරහන්..

    ත්‍රීවීල් එකක්, වැලි ලොරියක්, බස් එකක් වගේ එකක් නම් ලගම තියන පොලිසියට පාගපන් පුතේ, තත්පරයක්වත් ඉන්න එපා. හිටියොත් ඉතින් යන්න වෙන්නේ කැඩුම් බිදුම් වෙදා ලගට තමා..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ජනශක්ති නම් ඉතින් උඹට කරන්න තියෙන්නෙ දේවාලයක් ගාවට ගිහින් බැනර් එකක් දාල පොල් ගහන්න කට්ටිය එකතු කරන එක තමයි :D

    ඇයි බන් ජනශක්ති ගත්තෙ? මොන වාසිය බලාගෙනද?

    හරි බන් මන් මාරු කරන්න් හිතන් ඉන්නෙ.
    මට කියහන්කෝ සාමාන්‍යයෙන් වෙන වැඩ පිලිවෙල.
    කරන්න ඕනෙ දේවල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ එලවන වාහනය ආනුව තමා. මොන්ටේරො එකක් හරි ප්‍රාඩො එකක් හරි බීඇම්ඩබ්ලිව් (ෆුල් සෙඩන්, දැන් තියන හැච් බැක් නෙමෙයි ආහ් ) නම් බය නැතුව අනතුර උන තැනට පොඩ්ඩක් ලගින් වාහනේ නවත්තලා ටයි පොල්ල එහෙම දාගෙන ෆොන් එක කනේ ගහගෙන බැහැලා වරෙන්, තුවාල කාරයො ඉන්නවනම් තැති ගන්න එපා, ලග ඉන්න එවුන් "ස‍ර්, ඉන්න අපි මේ අයව හොස්පිටල් ගෙනියන්නම්" කියයි..

    ඇලියන් එකක්, ප්‍රිමියො එකක් එක්ස්ට්‍රිල් එකක් වෙසල් එකක් වගේ නම් නවත්තපන්, හැබැයි බහින්න එපා. වීදුරු වහගෙන ඇතුලට වෙලා ගෙදර උන්ටයි, ඉන්ශුවරන් එකටයි කතා කරහන්..

    ත්‍රීවීල් එකක්, වැලි ලොරියක්, බස් එකක් වගේ එකක් නම් ලගම තියන පොලිසියට පාගපන් පුතේ, තත්පරයක්වත් ඉන්න එපා. හිටියොත් ඉතින් යන්න වෙන්නේ කැඩුම් බිදුම් වෙදා ලගට තමා..

    හ්ම්ම්... ශ්‍රී ලාංකික අපි හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ......:dull:
     
    අඩෝ එතකොට පොලීසියට කියන්න ඕනෙ නැද්ද? පොලිස් වාර්තාවක් කියල එකක් ගන්න ඕනෙ නේ?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හ්ම්ම්... ශ්‍රී ලාංකික අපි හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ......:dull:

    ඔව් බන් ලාංකිකයොත් එක්ක වැඩකරන විදිය ඉගෙන ගෙන ඉන්න එපැයි ඉස්සර වෙලා. :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ එලවන වාහනය ආනුව තමා. මොන්ටේරො එකක් හරි ප්‍රාඩො එකක් හරි බීඇම්ඩබ්ලිව් (ෆුල් සෙඩන්, දැන් තියන හැච් බැක් නෙමෙයි ආහ් ) නම් බය නැතුව අනතුර උන තැනට පොඩ්ඩක් ලගින් වාහනේ නවත්තලා ටයි පොල්ල එහෙම දාගෙන ෆොන් එක කනේ ගහගෙන බැහැලා වරෙන්, තුවාල කාරයො ඉන්නවනම් තැති ගන්න එපා, ලග ඉන්න එවුන් "ස‍ර්, ඉන්න අපි මේ අයව හොස්පිටල් ගෙනියන්නම්" කියයි..

    ඇලියන් එකක්, ප්‍රිමියො එකක් එක්ස්ට්‍රිල් එකක් වෙසල් එකක් වගේ නම් නවත්තපන්, හැබැයි බහින්න එපා. වීදුරු වහගෙන ඇතුලට වෙලා ගෙදර උන්ටයි, ඉන්ශුවරන් එකටයි කතා කරහන්..

    ත්‍රීවීල් එකක්, වැලි ලොරියක්, බස් එකක් වගේ එකක් නම් ලගම තියන පොලිසියට පාගපන් පුතේ, තත්පරයක්වත් ඉන්න එපා. හිටියොත් ඉතින් යන්න වෙන්නේ කැඩුම් බිදුම් වෙදා ලගට තමා..
    :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    Bike...? :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හ්ම්ම්... ශ්‍රී ලාංකික අපි හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ......:dull:

    අඩෝ එතකොට පොලීසියට කියන්න ඕනෙ නැද්ද? පොලිස් වාර්තාවක් කියල එකක් ගන්න ඕනෙ නේ?

    ඔකොටම පොලිස් වාර්හා ඔනේ නැ බන්.. ගොඩින් බේරගන්න පුලුවන් ගොඩක් සීන්, හැබැයි මතක ඇතුව ලොයර් කෙනෙක් ලග ලියුමක් ලියපන් අදාල අනික් පාර්ශවයත් එක්ක. නැත්තම් ඇක්සිඩන්ට් එක වෙච්ච තැන ශේප් වෙලා, උන් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මොත් උබ හැප්පුවා කියලා. තොව උස්සන් යයි..

    පැටියා;19210247 said:
    :rofl::P

    බයික් එකක් නම් උබ වැරදි උනත් හරි උනත් උබට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැ.. එක්කො උබ සෙත්ත පොච්චි එහෙම නැත්තම් උබ හප්පපු එකා පදිකයෙක් නම් කතාව වෙනස්, නැතුව කාර්/වැන් බස් එකකට උබ අඩයක් උනානම්, කරන්න තරම් දෙයක් උබට ඉතුරු වෙන්නේ නැ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි බන් මන් මාරු කරන්න් හිතන් ඉන්නෙ.
    මට කියහන්කෝ සාමාන්‍යයෙන් වෙන වැඩ පිලිවෙල.
    කරන්න ඕනෙ දේවල්

    Full Insurance

    අපේ අතේ වරදකින් අනතුරක් සිදු වුනොත්,
    අපේ පාර්ශවයටත්,
    අනතුර සිදුවන පාර්ශවයටත් වන්දි මුදල් ගෙවයි.(උසාවි යා යුතුය)

    වෙන පාර්ශවයක වරදකින් අනතුරක් සිදු වුනොත්,
    අපේ පාර්ශවයට පමණක් වන්දි මුදල් ගෙවයි.

    Third party Insurance

    අපේ අතේ වරදකින් අනතුරක් සිදු වුනොත්,
    අනිත් පාර්ශවයේ ගමන්ගත් මගීන්ට අනතුරක් වී ඇත්නම් පමණක් වන්දි මුදල් ගෙවනු ලබයි.(උසාවි යා යුතුය)

    වෙන පාර්ශවයක වරදකින් අනතුරක් සිදු වුනොත්,
    කිසිවකුට තඹයක් හෝ නොගෙවයි.

    අනතුරක් සිදු වූ වහාම,

    1. ලඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.
    2. අදාළ රක්ෂණ සමාගමේ ක්ෂණික ඇමතුම් අංශයට කතා කර අනතුර කෙටියෙන් විස්තර කරන්න (මෙහි නිරවද්‍යතාවය ඉතා වැදගත් වේ. රක්ෂණ සමාගමේ නියෝජිතයා හට කරන විස්තර කිරීම සහ මෙම විස්තර කිරීම පරස්පර විරෝදී විය නොහැක. මෙම ඇමතුම පටිගත වේ.)
    3. එවිට ළගම සිටින නියෝජිතයෙකු ඔබ අනතුර සිදු වූ ස්ථානයට පැමිණෙනු ඇත.
    4. ඔහු ඔබගේ රියදුරු බලපත්‍රය ඉල්ලා විස්තර ලබාගෙන, අනතුර පිළිබද කෙටියෙන් විස්තරයක් අසයි, ඡායාරූප ලබාගනී.
    5. අනතුර සිදුවුන විට රිය පැදවූ රියදුරාට රියදුරු බලපත්‍රය නොමැති නම් හෝ බීමතින් සිටියේ නම් රක්ෂණ වන්දිය නොලැබේ.
    6. විරුද්ධ පාර්ශවයේ වරදකින් අනතුර සිදුවූයේ නම් ඔබට එම ස්ථානයේදීම කතා බහ කොට එම පාර්ශවයෙන්ද වන්දියක් ගෙන ඔබගේ රක්ෂණ සමාගමේ වන්දිය ද ලබා ගත හැක. (ඔබ විරුද්ධ පාර්ශවයේ රක්ෂණයෙන් වන්දි මුදල් ලබා ගනී නම් උසාවි යා යුතු අතර එවිට ඔබගේ රක්ෂණයෙන් වන්දි මුදල් ලබා ගත නොහැක)
    7. ඔබ පාර්ශවයේ වරදකින් අනතුර සිදුවුයේ නම්, අනිත් පාර්ශවය ඔබෙන් වන්දියක් ඉල්ලා සිටීනම් උසාවි ගොස් නඩු කියා ඔබගේ රක්ෂණයෙන් එම පාර්ශවයට වන්දිය අරන් දිය හැක. නඩු නොකියා ගොඩින් බේරා ගැනීමට අවශ්‍ය නම් අත යටින් මුදල් දී ඔබට ඔබගේ වාහනය ඔබගේ රක්ෂණයෙන් පාඩුවේ සාදා ගත හැක.

    උත්තරේ ලැබුන නම් +rep දීපල්ලා :):):)

    :rolleyes:
     
    • Like
    Reactions: Sams.Ryo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මුලින්ම එවලෙම පොලිසියට කෝල් එකක් ගන්න.. 119 ගහල වුන දේ ඉන්න තැන කියන්න.

    ඉන්ශුවරන්ස් එකට කොල් කරන්න. වාහනේ පාර මැද නම් මොකද කරන්න ඕනෙ කියල උන්ගෙන් අහන්න.

    කොහොමත් පාර මැද නම් පොලිස් අය ටයර් මාක් තියල වාහනේ අයින් කරනව. හැබැයි එක එකාට හැප්පුන වාහනේ අදින්න තල්ලු දාන්න දෙන්න එපා. උන් නැති ඩැමේජ් හදනව.

    වාහන දෙකක් නම් හැප්පුනේ අනිත් කෙනා එක්ක කතා කරන්න. කලබල වෙන්න එපා. රන්ඩුවට බර යාලුවො ගෙන්න ගන්න එපා. නැති ප්‍රශ්න.
     
    පොලීසියට කතා කරන්න 119ට කෝල් කරාම හරි නේ. එහෙම කතා කරාම පොලිස් කාරයො අපි ඉන්න තැනට එනවද? :oo:
    thanks බන් +
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    bike නම් බන් ගොඩක් වෙලාවට insurance call කරනව අඩුයි මචන්. මාත් ගොඩක් වෙලාවට කරන්නෙ අනිත් එකත් එක්ක කතා කරල අලාබෙ ඉල්ලගන්නව අනිත් එකා වැරදියි නම්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    එහෙනම් තත්වය ටිකක් සෝචනීයයි. උබේ වැරැද්ද නම් ඉතින් කරන්න දෙයක් නැහැ දුවපන්, අනිවා කන්න වෙනවා වටේ ඉන්න ඔක්කොමගෙන්. මොකද බියික් එක්ක වාහන කාරයොයි පාරේ යන උනුයි පට්ටම මල. වැරැද්ද බයික් එකේ නෙමේ නම් ලේ ටික පිහාගෙන පලයන්. පුළුවන් නම් ටොක දාපන්, සල්ලි ඉල්ලාපන්. නැත්තම් insurance කතා කරලා බේරුමක් කරගනින්. හැබැයි පොලිසි යන්න එපා. උනුත් පුදුම මලක් තියෙන්න බයික් එක්ක.

    මේ ලගදී බයික් එකක් වැදුන වැන් එකක රාජගිරිය හන්දියේදී රොන් සයිඩ් දාන්න ගිහින්. කවුරුත් බැලුවේ නැහැ. අරුම අත පය පිහිදාගෙන හිටිය. වැන් කාරය බැහැල අවා ගැහුවද දන්නේ නැහැ.