වාහනේ accident උනාම මොකද කරන්නේ?
මචන් මට දැනගන්න ඕනෙ මේ විස්තර ටික් හිතමුකො අපි වාහනේක පාරෙ යනකොට ,මොකක් හරි අනතුරක් උනා කියල.
මෙතනදි ගන්න ඕනෙ පියවර ටික කියනවද?
අනතුර උන තැනම වාහනේ නවත්තන් ඉන්න ඕනෙද?
වාහනේ එහෙම නවත්තන් ඉන්න ගියාම පාර අවහිර වෙනවනේ. එතකොට වාහෙනේ එතනින් අයින් කරගත්තම insurance එකෙන් claim reject වෙන සීන් එක තියනවද?
පොලිස් වාර්තාවක් ගන්න ඕනෙ නේ? ඒක කොහොමද ගන්නෙ?
ලග පාතක පේන්න පොලිස් කාරයෙක්වත් නැත්තම් මොකද කරන්නෙ ?
අනතුර වෙච්ච අනිත් වාහනෙ පොර එතනම ඉන්න ඕනෙ නේ අපේ insurance ඩයල් එක එනකොට ?
මම නම් ජනශක්ති දාල තියෙන්නෙ.
මෙහෙම දේවල් ටිකකුත් තියනවා
මචන් මට දැනගන්න ඕනෙ මේ විස්තර ටික් හිතමුකො අපි වාහනේක පාරෙ යනකොට ,මොකක් හරි අනතුරක් උනා කියල.
මෙතනදි ගන්න ඕනෙ පියවර ටික කියනවද?
අනතුර උන තැනම වාහනේ නවත්තන් ඉන්න ඕනෙද?
වාහනේ එහෙම නවත්තන් ඉන්න ගියාම පාර අවහිර වෙනවනේ. එතකොට වාහෙනේ එතනින් අයින් කරගත්තම insurance එකෙන් claim reject වෙන සීන් එක තියනවද?
පොලිස් වාර්තාවක් ගන්න ඕනෙ නේ? ඒක කොහොමද ගන්නෙ?
ලග පාතක පේන්න පොලිස් කාරයෙක්වත් නැත්තම් මොකද කරන්නෙ ?
අනතුර වෙච්ච අනිත් වාහනෙ පොර එතනම ඉන්න ඕනෙ නේ අපේ insurance ඩයල් එක එනකොට ?
මම නම් ජනශක්ති දාල තියෙන්නෙ.
මෙහෙම දේවල් ටිකකුත් තියනවා
අයියෝ සල්ලි....
..මම කලින් ජනශක්ති එකේ වැඩ කලා..එක නිසා මගේ අත්දැකීම් කියන්නම් මේවා ගැන ..
claim reject වෙන්න බලපාන ගොඩක් හේතු තියෙනවා මචන්ලා .
1 ) අනතුර උන තැ ..
- .අනතුර උන විධිහ , එක දැනුම් දෙන්න ගිය වෙලාව , රියදුරා මාරු කරලද , බීලාද , වගේ දේවල් , අනතුර දැක්ක අය කියන දේවල් අනුව ..
2) නීතිමය පැත්තෙන් ..
- අනතුර උන වෙලාවේම පොලිසියට දැන්නුවද ...පොලිස් වාර්තාව දිනය තියෙන්න ඕනි අනතුර උන දවස දාලා ලියපු එකක් ..එහෙම නැතිව ඊයේ රෑ අනතුර වෙලා හෙට හෝ අනිද්දා ගිහිල්ලා ගත්තට හරියන්නේ නෑ ..මොකද ගොඩක් පොලිස් ස්ථාන වලින් insurance එකට කිව්වම පොලිස් වාර්තාව ලියලා දෙනවා අනතුර වෙලා දවස් 2-3 පස්සේ උනත් ..එත් නීතිය අනුව අනතුර උන වෙලාවේම පොලිසියට වාර්තා කරන්න ඕනි ..
3) අනතුරේ ස්භාවය සහ අනෙකුත් දේවල් ..
- මෙතැනදී අනතුර සහ රියදුරු කියපු දේවල් / පොලිස් වාර්තාවේ තියෙන දේවල් සසදනවා ...99% reject වෙන calim වලදී මම දැක්ක දෙයක් තමයි රියදුරු ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් කියන දේවල් වෙනස් වෙන එක ...සාමාන්‍යයෙන් අනතුර උන වෙලාවේ hotline call කරලා කියන්නේ ඇත්ත ..එත් පස්සේ එක වෙනස් කරනවා බොරු අනතුරක් නම් ...
4 ) අනතුර සැක සහිත නම් ...//
- පුද්ගලික රහස් පරීක්ෂකයෙක් දාලා පරීක්ෂණයක් කරනවා ..එයා යනවා අනතුර උන තැනට , ඒ ලග ඉන්න මිනිස්සු ගාවට , අනතුර දැකපු අයට , ෆිනෑන්ස් තියෙනවා නම් ඒවා හිග බලන්න ..රියදුරු මාරු කරලද බලන්න ..වගේ ගොඩක් දේවල් හොයලා බලනවා
..එහෙම කරලා තමයි සැක සහිත අනතුරු වලට වන්දි මුදල් ගෙවන්නේ...මේ photo එකේ තියෙනවා පොලිස් වාර්තාව සහ උසාවි තීන්දු පිළිගත්තේ නෑ කියලා ...පොලිස් වාර්තාව තියෙන්නේ අනතුර උනාට පස්සේ වෙන දවසක ගත්ත එකක් නම් එක reject ...උසාවි තීන්දුව දෙන්නේ පොලිස් වාර්තාව පදනම් කරගෙන පොලිසියේ කරුණු දැක්වීම මත ..එතකොට BMW තියෙන කෙනෙක්ට මම හිතන්නේ නෑ පොලිසියේ අය උදව් නොකරම හිටියා කියලා..උදව් නොකලත් පොලිසියට සහ උසාවියට ප්‍රශ්නයක් නෑ අනතුර උන වෙලාවේම පොලිස් වාර්තාව ගත්තේ නැත්තේ ඇයි කියලා ...උසාවිය තීන්දු දෙන්නේ අනතුර සහ එයින් උන හානිය මත දඩ හෝ දඩුවම් නියම කිරීමක් පමණි ...වන්දි දෙන්න කියලා නියෝග කරනවා අගතියට පත් උන පාර්ශවයක් ඉන්නවා නම් ..එක රක්ෂණයෙන් ගෙවනවා ..එත් ....අනතුර නියම ස්භාවික අනතුරක් නම් විතරක් පමණි ....අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject .....







