ඔව් මචං දැන් ඉස්සර තරම් එන්න වෙන්නෙ නෑ වැඩ ටිකක් වැඩි නිසා. ජීවිතේ නම් සාමාන්‍ය විදිහට ගලාගන යනවා මචං. උඹවත් ගොඩ දවසකින් දැක්කේ.
ඔහොම පොඩි පොඩි වැඩ එන එක සාමාන්‍යයි මචං. මොකද කලින් කෙනා ෆස්ට් ඕනර් උනත් මේන්ටේන් ඔක්කොම හරියටම කරලා නැති වෙන්න පුලුවන්. නමුත් ඔය එන ලෙඩ ටික හැදුවම බොහෝදුරට තත්වේ නිරවුල් වෙයි. fb15 කියන්නේ ලෙඩ දෙන වාත වෙන වාහනයක් නෙනෙයි. ඔය උඹ කියපු ප්‍රශ්න ටිකෙන් රේඩියේටර් එක, ස්ටාට් වෙන්නෙ නැති අව්ල කෙලින්ම කලින් කෙනාගේ මේන්ටේන් කිරීමේ අඩු පාඩු. දෙපාරක් සර්විස් කරපු එක නම් ඔය ගිනුමට දාන්න බෑ මචං වාහන සර්විස් කරන්න එපැයි. පැට්‍රල් වියදම උඹේ පැදිල්ලේ හැටියට තව අඩු කරගන්න පුලුවන්. එහෙම බැලුවොත් ඇත්තටම වාහනේ ප්‍රශ්න කියලා ඇවිත් තියන්නේ ටැපට් කවරේ කේස් එක, ෂොක් boot කේස් එක තමයි. ස්කෑන් කරපු වියදමත් ඕනි නම් වාහනේ අඩුපාඩු ගිණුමට දැම්මත් උඹට වියදම් වෙලා තියන්නේ බොහොම අඩු මුදලයිනේ. ෂොක් boot නම් මචං ඔච්චර ඉක්මනට කැඩුන හේතුව හොයන්න ඕනේ.
ඊළගට මචං උඹ ඉන්න වැරදි මතයක් තමයි fb15 එකේ බොනට් එක ලොකු නිසා සේෆ්ටි එක වැඩී කියන එක. මචං වාහනයක ආරක්ෂාව තීරණය වෙන එකම සාධකය ඒක නෙවෙයි. ඊට වඩා බලපාන සාධක තමයි ඝට්ටනයකදී ශක්තිය උරා ගැනීමේ හැකියාව. ඒක වැගන් ආර් එකේ වැඩී. ඒ වගේම ආරක්ෂාවට එයාබෑග් ඇතුළු ආරක්ෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය බලපානවා. ඔය ආරක්ෂ පද්ධතිය වැගන් ආර් එකේ නවීනයි. වැඩි විස්වාසයක් තියන්න පුලුවන්.
උඹ මම නම් සල්ලිත් ප්‍රශ්නයක් නැත්තං, ඉන්ෂුවරන්ස් එකට ගෙවන ගාන ගැන ප්‍රශ්නෙකුත් නැත්තං මම වැගන් ආර් එකට යනවා. ඒකේ පෙනුමට මම එච්චර ආස නෑ. පාං පෙට්ටිය වගේ. ඒ ගානට ටිකක් මිලත් වැඩී. පාට්ස් වල මිලත් අසාධාරනයි. නමුත් වාහනේ අලුත්, ගැරජ් ගානේ යන්න වෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි, ආරක්ෂාව හොදයි වගේ සාධක ගැන හිතලයි ඒ තීරණය ගන්නේ.
හොදට තේරුම් කරලා තියනවා 
රෙප් දෙන්න බෑලු.
ඔය හැම වාහනේම හරියට මෙන්ටේන් කරනවනම් ලෙඩ එන්නෙ නෑ. මොකද මම N16 ගන්නකොට හැමෝම කිවුව ගන්න එපා කියලා එත් දැන් අරන් අවුරුදු 2ක් 50000ක් දුවලා තියනවා. රෙපෙයාර් මුකුත් නැතුව හැබැයි වෙලාවට සර්විස් කරනවා.
දැන්නම් මේක පැද්දා ඇති වෙන එකකට යන්න ඕනෙ.

රෙප් දෙන්න බෑලු.
ඔය හැම වාහනේම හරියට මෙන්ටේන් කරනවනම් ලෙඩ එන්නෙ නෑ. මොකද මම N16 ගන්නකොට හැමෝම කිවුව ගන්න එපා කියලා එත් දැන් අරන් අවුරුදු 2ක් 50000ක් දුවලා තියනවා. රෙපෙයාර් මුකුත් නැතුව හැබැයි වෙලාවට සර්විස් කරනවා.
දැන්නම් මේක පැද්දා ඇති වෙන එකකට යන්න ඕනෙ.



