සිංහලු කරන්නේ මේකයි. අඩුවෙන් දුවපු වාහනගන්න බෑ ගණන් වැඩියි ජපානෙ. ඉතින් වැඩියෙන් දුවපුවා ගන්නවා. අරන් මයිලේජ් එක අඩු කරනවා. ඕක කරන්නෙ ඩිජිමාස්ටර් 3 කියන ටූල් එකෙන්. තව ටූල් ගොඩක් තියෙනවා. ඒත් සේරටම සපෝට් කරන්නේ ඕක. වාහනේකට රුපියල් 1000 ඉඳලා 15000ක් විතර වෙනකම් ගන්නවා. මේකයි සීන් එක. සිංහලු හොයන්නේ අඩුම ගාණට හොඳම වාහනයක්. එහෙම වාහන නෑ. හොඳ දේ කොහෙත් ගණන් වැඩියි. ඉතින් මයිලේජ් කරකෝනවා අඩු මයිලේජ් වාහන කියලා දෙන්න එන අයට. මෙව්වට නීති දැම්මෙ නෑ නම් මිනිස්සුන්ට ජරාව දෙන්නෙ කවුද හොඳ එව්වා දෙන්නේ කවුද හොයන්න බෑ. මෝඩ සිංහලුත් දැනගන්න ඕන ගාණ අඩුවට හොයාගෙන යද්දි නාස් ළණුව දානවා තමන්ටත් නොදැනිම කියලා. මයිලේජ් කැරකෙව්වත් හොයාගන්න පුළුවන් විදි තියෙනව.
මම මේ කිසි දෙයක් කරන්නේ නැත. නමුත් සබ්ජෙක්ට් එකගැන හොඳහැටි දනිමි.
ඉතිං උඹ මේ ගැන දන්නව නම් අපිව දැනුවත් කරපන්කෝ..
ඒකෙන් කවුරුහරි මේකෙන් බේරෙයිනේ...
මම මේ කිසි දෙයක් කරන්නේ නැත. නමුත් සබ්ජෙක්ට් එකගැන හොඳහැටි දනිමි.
මීට වඩා කියනව නම් ඉතින් සෑහෙන්න ලියන්න ඕන බං. දැන්බෑ. මේ ගැන දන්න උන් කියයි තව. කෙටියෙන් කියනව නම් ජායි ජැවික් බලපන් ඔන්ලයින් අනිවා. වාහනේ ඩීල ලෙවල් ස්කෑනර් එකකින් බලහන්. සෙන්සර් රීඩිං බලහන්. එන්ජිමේ කන්ඩිශන්. චැසි. ටයර්.ඉන්ටීරියර්. තව බලහන් මීටර් එක ගලෝලා ඇතුලේ පාස්සපු පාරවල්. ඒක නම් ඉතින් කරන්න වෙන්නේ වාහනේ ගත්තාම. අනික තමයි මීටර් අඩු කරන උන්ව අල්ලලා දියන්. 

