වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔටෝ කූලර් එක ලගින් ලීක් වෙනවනම් හරියටම බලන්න ඕන ඔයිල් කූලර් එකේ බටේ හයිවෙන කනෙක්ටර් එක ගාවින් අයිනෙන්ද ලීක් වෙන්නේ කියල.. බොහෝ දුරට යට ටැංකිය ඔයිල් කූලර් එක ගාවින් පුපුරලා වෙන්න ඕන.. ඉස්සෙල්ලම ලයිට් එකක් අරගෙන වාහනේ යටට ගිහින් වතුර යන තැන හොඳට පිහදාල හොඳින් විපරමෙන් බලන්න හරියටම වතුර යන්නේ කොතනින්ද කියල..

    ඔය වතුර බෝතලේ රේඩියේටර් කටට තියනකොට තොදකරලා අල්ලගන්න ඕන කටින් වතුර ලීක් නැතිවෙන්න.. දැන් ඔය බුබුළු දාන එකට හේතුව හරියට කියන්න බැහැ බෝතලේ හොලවන නිසා.. මොකද වතුර බෝතලේට හුලන් බෝල එන්නේ බෝතලේ කට හෙලවෙන නිසා වෙන්නත් පුළුවනි.. යටින් ලීක් එකත් තියන නිසා එතනින් හුලන් අදිනවා වෙන්නත් පුළුවනි යට ටැංකියේ සක්ෂන් එක නිසා.. ලීක් එක හොයාගන්නේ නැතුව එතන හදන්නේ නැතුව වාහනේ දුවන්න එපා.. ඩීසල් එකක් නිසා ගෑස්කට් එක යන්න පුළුවනි..
    තැන්කූ පොලයියේ.. :):)
    ඕකා අද හවසත් ඕකේ කොහෙද යන ගමන් කිව්වා..:oo::oo:
    වතුර දමමින් හෙමින් හෙමින් යනවා කිව්වේ..
    කියන්න ඕනි බුවාට..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔටෝ කූලර් එක ලගින් ලීක් වෙනවනම් හරියටම බලන්න ඕන ඔයිල් කූලර් එකේ බටේ හයිවෙන කනෙක්ටර් එක ගාවින් අයිනෙන්ද ලීක් වෙන්නේ කියල.. බොහෝ දුරට යට ටැංකිය ඔයිල් කූලර් එක ගාවින් පුපුරලා වෙන්න ඕන.. ඉස්සෙල්ලම ලයිට් එකක් අරගෙන වාහනේ යටට ගිහින් වතුර යන තැන හොඳට පිහදාල හොඳින් විපරමෙන් බලන්න හරියටම වතුර යන්නේ කොතනින්ද කියල..

    ඔය වතුර බෝතලේ රේඩියේටර් කටට තියනකොට තොදකරලා අල්ලගන්න ඕන කටින් වතුර ලීක් නැතිවෙන්න.. දැන් ඔය බුබුළු දාන එකට හේතුව හරියට කියන්න බැහැ බෝතලේ හොලවන නිසා.. මොකද වතුර බෝතලේට හුලන් බෝල එන්නේ බෝතලේ කට හෙලවෙන නිසා වෙන්නත් පුළුවනි.. යටින් ලීක් එකත් තියන නිසා එතනින් හුලන් අදිනවා වෙන්නත් පුළුවනි යට ටැංකියේ සක්ෂන් එක නිසා.. ලීක් එක හොයාගන්නේ නැතුව එතන හදන්නේ නැතුව වාහනේ දුවන්න එපා.. ඩීසල් එකක් නිසා ගෑස්කට් එක යන්න පුළුවනි..

    ඔය වීඩියෝ කලේ දෙවනි පාර කරලයි. වැඩේ කියන්නෙ ඔය විදියට බුබුලු ගියා ඒ පාරත්. ඔයිට වඩා ලොකුවටම. බොතලෙ කට සීල් වෙලා තිබ්බෙ. Suction එකට ඇදිල ගිහින් වගේ.. යට ටැන්කියෙ දාරෙන් වගේ තමා එන්න අරන් තිබුනෙ. හැමවෙලාවෙම එන්නෙත් නැහැ. ඒ වෙලාවෙ ආවට පස්සෙ ආපහු ආවෙ නෑ. හැබැයි අද මන් OD OFF කරල ටිකක් ගියා පිකප් වෙන්නෙ නැති නිසා එන්ජිම කූල් වෙලාවෙ. ඒක හේතුවක් වෙන්න පුලුවන්ද. 60න් උඩ ගියෙ නෑ. 60 පහු වෙන්න කලින් ම පොඩ්ඩක් බ්‍රේක් පාගන ගමන් OD ON කලා. ඊට පස්සෙ තමා මෙහෙම උනේ අද නම්. හැබැයි කලින් දවසේ මෙහෙම උනේ ඔය වගෙ කරලා නෙමේ. නිකන් මයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ඔය බැලස්ට් එක හෙඩ් ලයිට් එක ඇතුලෙත් හයි කරන්න පුලුවන්ද. මම එළියෙන් බැලුවට හොයාගන්න බෑ. එකෙන් නේද එතකොට 35w ද කියල හරියටම බලාගන්න වෙන්නේ.

    තව එකක් හෙඩ් ඩිම් වෙනස් වෙන්නේ බල්බ් එකෙන් නෙමේද? හෙඩ් එකේදී ෆෝකස් එකත් අවුල්.

    තැන්ක්ස් මචන් උබ සැහෙන විස්තරයක් දාල. මම පස්සේ දැක්කේ උබේ නෙට් ස්ලෝ කතාවක් කියල තියෙනවා. :)

    බැලස්ට් එකේ ගහල තියන වොට් ගාන තමා දෙන්න පුලුවන් අවුට්පුට් එක. බැලස්ට් එක හෙඩ් ලයිට් එක ඇතුලෙ ඔබන්න් බෑ ඒක තරමක් ලොකු නිසා. රිෆ්ලෙක්ටර් එක පිටිපස්සෙන් වගේනම් දාන්න පුලුවන්..

    HID බල්බ් එක ඕෆ් කරලා ඔන් කරන්න බෑ එකපාරට එලිය හරිගානට එන්න ටික වෙලාවක් යනව. අනික ඒ වැඩේ දිගට කරන එක චයිනීස් බැලස්ට් වලට එච්චර හොඳ නෑ. (චටිනීස් HID දාලා දිගට හරහට ලයිට් ගැහුවොත් බඩු බනිස් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට)

    ඒ නිසා හෙඩ් ඩිම් කරන්නේ වෙන වෙන වැඩ වලින්. H4 බල්බ් එකටම දාන්න පුලුවන් එකේ කරන්නෙ බල්බ් එක ඉස්සරහට පස්සට අදින එක. ප්‍රොජෙක්ටර් ලෙන්ස් වල කරන්නෙ පතුරු කෑල්ලකින් බීම් එකෙන් බාගයක් කපන එක.:yes::)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    එහෙම උනොත් බැලස්ට් එක හොයන්න හෙඩ් ලයිට් එක පිටිපස්සෙන් ගලවල බලන්න වෙයි. රිෆ්ලෙක්ටර් එකට පිටිපස්සෙන් ඇත්තේ. ලයිට් දෙකට බැලස්ට් දෙකක් එනවා නේද?

    අපේ ඉලෙක්ට්‍රික් කරන පොර කිව්ව විදිහට මේකේ තියෙන්නේ ඔරිජිනල් ආව එකක්. බැලස්ට් මාරු කරලා වැඩේ නා ගන්න වෙයිද දන්නේ නෑ. කොහොමත් මෙහෙ ඇත්තේ චයිනීස් ඒවනේද බන්. 55w බැලස්ට් හොද ඒවා මෙහෙ ගන්න තියෙනවද. දැනට නම් ලයිට් ගහනවා කිසි අවුලක් නෑ එලිය නැති එක ඇරෙන්න. :baffled:

    මේකෙත් ඩිම් එකේදී බල්බ් එක කවර් වෙලා තියෙන්නේ. හෙඩ් කරපුගමන් ඒ කවර් එක ඉස්සරහට යනවා. සමහරවිට ඒකේ අවුලකටද දන්නේ නෑ ෆෝකස් අවුල් යන්නේ.

    t86vqa.jpg

    මේ පහළ ෆොටෝ එකේ තියෙන්නේ අර කිව්ව ඉස්සරහට පිටිපස්සට යන කෑල්ල.

    2iux2r4.jpg

    වෙලාවකට හිතෙනවා මේ මගුල ගලවල දාල නොර්මල් බල්බ් දෙකක් දාගන්න.
    රෑට එපා වෙනවා. ෆොග් ලයිට් වල එලිය වැඩියි හෙඩ් ලයිට් වලට වඩා. :oo:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mage car eke pitipasse ABS sensor 2ma gihin. Iye gihin da gaththa. 17000/= giya. Den saneepayi.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    බැලස්ට් එකේ ගහල තියන වොට් ගාන තමා දෙන්න පුලුවන් අවුට්පුට් එක. බැලස්ට් එක හෙඩ් ලයිට් එක ඇතුලෙ ඔබන්න් බෑ ඒක තරමක් ලොකු නිසා. රිෆ්ලෙක්ටර් එක පිටිපස්සෙන් වගේනම් දාන්න පුලුවන්..

    HID බල්බ් එක ඕෆ් කරලා ඔන් කරන්න බෑ එකපාරට එලිය හරිගානට එන්න ටික වෙලාවක් යනව. අනික ඒ වැඩේ දිගට කරන එක චයිනීස් බැලස්ට් වලට එච්චර හොඳ නෑ. (චටිනීස් HID දාලා දිගට හරහට ලයිට් ගැහුවොත් බඩු බනිස් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට)

    ඒ නිසා හෙඩ් ඩිම් කරන්නේ වෙන වෙන වැඩ වලින්. H4 බල්බ් එකටම දාන්න පුලුවන් එකේ කරන්නෙ බල්බ් එක ඉස්සරහට පස්සට අදින එක. ප්‍රොජෙක්ටර් ලෙන්ස් වල කරන්නෙ පතුරු කෑල්ලකින් බීම් එකෙන් බාගයක් කපන එක.:yes::)

    මචං කොරොල්ල 110 එකක එළිය වැඩි කරගන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද. කරන මොඩිෆිකේෂන් අවම වෙන විදිහට.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය වීඩියෝ කලේ දෙවනි පාර කරලයි. වැඩේ කියන්නෙ ඔය විදියට බුබුලු ගියා ඒ පාරත්. ඔයිට වඩා ලොකුවටම. බොතලෙ කට සීල් වෙලා තිබ්බෙ. Suction එකට ඇදිල ගිහින් වගේ.. යට ටැන්කියෙ දාරෙන් වගේ තමා එන්න අරන් තිබුනෙ. හැමවෙලාවෙම එන්නෙත් නැහැ. ඒ වෙලාවෙ ආවට පස්සෙ ආපහු ආවෙ නෑ. හැබැයි අද මන් OD OFF කරල ටිකක් ගියා පිකප් වෙන්නෙ නැති නිසා එන්ජිම කූල් වෙලාවෙ. ඒක හේතුවක් වෙන්න පුලුවන්ද. 60න් උඩ ගියෙ නෑ. 60 පහු වෙන්න කලින් ම පොඩ්ඩක් බ්‍රේක් පාගන ගමන් OD ON කලා. ඊට පස්සෙ තමා මෙහෙම උනේ අද නම්. හැබැයි කලින් දවසේ මෙහෙම උනේ ඔය වගෙ කරලා නෙමේ. නිකන් මයි.

    තර්මොස්ටට් වෑල් එක අයින් කරලා නැත්තම් OD ඔන් ඕෆ් කියල ප්‍රශ්නයක් නැහැ , එන්ජිම අවම කාලයක් ඇතුලත නියම ගානට රත් වෙනවා.. මට තේරෙන විදිහට ගෑස්කට් එක ලීක්ද මන්ද.. යට ටැංකියේ දාරෙන් වතුර නිතරම යන්නෙත් නැත්ටම් , ඒ කියන්නේ වතුර ලයින් එක ඇතුලේ අනවශ්‍ය ප්‍රෙෂර් එකක් ඇති උනාම යනවා කියලයි.. එහෙම ප්‍රෙෂර් එකක් ඇතිවෙන්න හේතු දෙකක් තියෙනවා.. එකක් වාහනේ සිසිලන පද්ධතිය හරියට වැඩ කරන්නේ නැති උනාම.. දෙවැනි එක ගෑස්කට් එක ලීක් වෙනවනම්.. ඔයා හොයාගන්න ඕන මොකක්ද ඔතන තියන හේතුව කියල.. රේඩියේටර් එක බ්ලොක් නම් පුපුරන්නේ උඩ ටැංකිය ..එත් යට ටැංකිය ලීක් කියන්නේ වෙන ප්‍රශ්නයක් තියනව කියන එකයි..

    රේඩියේටර් එක හරියට කූල් වෙන්නේ නැති උනාම ඇතුලේ තියන වතුර නටන උෂ්නත්වෙට වඩා රත් වෙනවා. එතකොටත් ටැංකි පුපුරන්න පුළුවනි.. ගෑස්කට් එක ලීක් උනත් ටැංකි පුපුරන්න පුළුවනි.. එත් ගෑස්කට් එක යන්නනම් වෙනත් තුන්වෙනි හේතුවක් තිබිය යුතුයි...
     
    හෙට අරන් යනව පොල් අයියෙ. මරුම සීන් එක කියන්නෙ අද කොහෙවත් අරන් යන්න එපා කියල සින්හලෙන් කියල තියෙද්දි අද දවල් තව ලගකට ගිහින්. ඇවිත් කියනව ලීක් උනේ නෑ ලු. තාත්ත කියල බැලුවෙ නෑ ඇමතුවා. මන් අද බැලුව වතුර අඩු වෙලා තිබුනෙත් නැහැ කිව්ව වගේ. හැබැයි පොලයියේ AC එහෙම දැම්මොත් නම් ටක් ගාල හීටර් මීටරෙ නගිනවා. මේකෙ කෝර් එකත් තරමක් සවුත්තුයි. එක පාරක් හදල තියෙන්නෙ. එත් උන් කිව්වා වැඩි කල් දුවන්න බැරි වෙයි කියල. කිව්වත් වගේම හරි. මේකෙ කෝර් එකේ බට කිහිපයක් ලීක් වෙලා කපල පාස්සල තියෙන්නෙ. කිහිපයක් කියන්නෙ 3ක් විතර. හෙට මන් හිතුවෙ ඕන මගුලක් කියල රේඩියේටර් එකක් දාන එක හොදයි කියල. Reconditioned එකක් දාන එකද හොද, එකක් හදවන එකද හොද.... ඔයාගෙ උපදෙස් ටික මේ වෙලාවෙ කියන්න බැරි තරම් වටිනවා පොලයියේ. කියන්න බැරි උනා. මේකෙ තියෙන්නෙ හදල දාපු රේඩියේටර් එකක්. ටැංකි දෙකම යකඩෙන් තියෙන්නෙ ඒ නිසා.හෙට ක්ලාස් එකත් තියෙනවා. උදේ ගිහින් තත්වෙ බලලා ගෙදර අරන් යන්න කියල කියනවා. ඊට පස්සෙ එකක් ගෙනල්ලා හයි කර ගන්න බැරියැ. තව සීන් එකක්. මෙකෙ හිටපු ගමන් මලකඩ පාටට එනවා. අපි ගන්නකොට තිබ්බේ වතුර වඩියෙන් කූලන්ට් අඩුවෙන්. පස්සෙ ඔක්කොම අයින් කරල දැම්ම. එත්. හිටපු ගමන් දැන් මලකඩ පාටට එනවා. අතට අහුවෙන්න නම් මුකුත් අහු වෙන්නෙ නැහැ ඒව ඇල්ලුවට. උදව් කරනවට පින්
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කියන්න බැරි උනා. මේකෙ තියෙන්නෙ හදල දාපු රේඩියේටර් එකක්. ටැංකි දෙකම යකඩෙන් තියෙන්නෙ ඒ නිසා.හෙට ක්ලාස් එකත් තියෙනවා. උදේ ගිහින් තත්වෙ බලලා ගෙදර අරන් යන්න කියල කියනවා. ඊට පස්සෙ එකක් ගෙනල්ලා හයි කර ගන්න බැරියැ. තව සීන් එකක්. මෙකෙ හිටපු ගමන් මලකඩ පාටට එනවා. අපි ගන්නකොට තිබ්බේ වතුර වඩියෙන් කූලන්ට් අඩුවෙන්. පස්සෙ ඔක්කොම අයින් කරල දැම්ම. එත්. හිටපු ගමන් දැන් මලකඩ පාටට එනවා. අතට අහුවෙන්න නම් මුකුත් අහු වෙන්නෙ නැහැ ඒව ඇල්ලුවට. උදව් කරනවට පින්

    රීකන්ඩිෂන් එකක් දාන එක තමයි හොඳ කියල හිතෙන්නේ.. මලකඩ එනවා කියන්නේ කොතන හරි මලකඩ තියෙනවා කියන එකයි.. තෙර්මොස්ටට් එකත් ගලවල බලවන්න. මලකඩ ආවනම් වෑල් එක මලකඩ කුඩු එක්ක හිරවෙලා තියෙන්නත් පුළුවනි.. රේඩියේටර් එක දාන්න කලින් හොඳ බාස් කෙනෙකුට පෙන්නලා හරියටම ලෙඩේ හොයාගන්න.. වෑල් එක ගලවල දාල රේඩියේටර් ෆ්ලෂ් එකකුත් දාල ටිකක් දුවවන්න.. ඊටපස්සේ තියන මලකඩ ඔක්කොම කැඩිලා එලියට එයි.. රේඩියේටර් එකත් සුද්ද කරන්න හෝ අලුතෙන් දාන්න බලාගෙන වැඩේට අත ගහන්න.. එත් ගෑස්කට් එක හරියටම චෙක් කරගන්නේ නැතුව රේඩියේටර් එක දාන්න එපා.. ගෑස්කට් ලීක් එකක් තිබ්බොත් අලුත් රේඩියේටර් එක පුපුරන්න ඉඩ තියෙනව. දැන් ඔයාගේ ටැංකි දෙක පිත්තල නිසා තමයි ඔය ප්‍රශ්නෙත් එක්ක අයිනෙන් ලීක් වෙන්න පටන් ගත්තේ.. ඕක ප්ලාස්ටික් උනානම් අනිවාර්යෙන් පුපුරනවා.. මොනයම් හෝ හේතුවකින් ඇතුලේ අනවශ්‍ය ප්‍රෙෂර් එකක් ඇතිවෙනවා කියල තමයි දැනට තේරෙන්නේ..
     
    පොලයියේ ගැස්කට් බලා ගන්නෙ කොහොමද.. ඒක බලන්න විදියක් නැද්ද අපිටම.. ගලවලම බලන්න ඕනද. පොඩ්ඩක් ඒ ගැනත් විස්තරයක් කියනවද.අර ඔයා කිව්වෙ ගෑස්කට් යන්න නම් තුන්වෙනි හේතුවක් තියෙන්න ඕන කියල. ඒක තේරුනෙත් නැහැ මට. පොඩි උදාහරණයක් වගෙ දෙනවා නම් තේරුම් ගන්න පුලුවන් මට. නමුත් පොලයියෙ, මේ තත්ත්වෙන් කොහෙවත් යන්න විදියක් නැති නිසා රේඩියේටර් එකක් දාගන්න එක නේද හොද.. අලුතින් එකක් යකඩෙන් ගැහුවොත් මොකද... මේකෙ තර්මස්ටැට් එක තියෙනවාද කියලත් විස්වාසයක් නෑ. හෙට ගැලෙව්වාමම ඒකත් බලන්නම් මන්. අනිත් එක අර ෆ්ලශ් කරන එක කරන්න මොකක් හරි කෙමිකල් එකක්ද දාන්න ඕන. අලුත් එකක් හයි කරලා ඒව දැම්මට කමක් නැද්ද .
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියේ ගැස්කට් බලා ගන්නෙ කොහොමද.. ඒක බලන්න විදියක් නැද්ද අපිටම.. ගලවලම බලන්න ඕනද. පොඩ්ඩක් ඒ ගැනත් විස්තරයක් කියනවද.අර ඔයා කිව්වෙ ගෑස්කට් යන්න නම් තුන්වෙනි හේතුවක් තියෙන්න ඕන කියල. ඒක තේරුනෙත් නැහැ මට. පොඩි උදාහරණයක් වගෙ දෙනවා නම් තේරුම් ගන්න පුලුවන් මට. නමුත් පොලයියෙ, මේ තත්ත්වෙන් කොහෙවත් යන්න විදියක් නැති නිසා රේඩියේටර් එකක් දාගන්න එක නේද හොද.. අලුතින් එකක් යකඩෙන් ගැහුවොත් මොකද... මේකෙ තර්මස්ටැට් එක තියෙනවාද කියලත් විස්වාසයක් නෑ. හෙට ගැලෙව්වාමම ඒකත් බලන්නම් මන්. අනිත් එක අර ෆ්ලශ් කරන එක කරන්න මොකක් හරි කෙමිකල් එකක්ද දාන්න ඕන. අලුත් එකක් හයි කරලා ඒව දැම්මට කමක් නැද්ද .

    බෝතලේ තියල බැලුවාම බුබුළු දාන එක ඒ තරම් හිතට හරි නැහැ.. ඒ හින්ද බාස් කෙනෙකුට කියන්න හරියටම බලන්න කියල.. රේඩියේටර් එක අලුතෙන් දාන්න කලින් ගාස්කට් එක බලාගන්න ඕන.

    රේඩියේටර් ටැංකිය යකඩෙන් ගහනවට වඩා හොඳම විදිහ පිත්තලෙන් ගහන එක.. රේඩියේටර් එක යකඩෙන් ගැහුවොත් මලකඩ කන්න ඉඩ තියෙනවා.. ගෑස්කට් ලීක්ද කියල හරියටම බලාගන්න වෙනම ස්මෝක් සෙන්සර් එකක් දාල කරන පරීක්ෂණයක් තියෙනවා.. එත් ඒ මැෂින් ලංකාවේ නැහැ.. බාස්ල එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා ගාස්කට් එක ගිහින්ද කියල.. ෆ්ලෂ් කරන්න වෙනම රේඩියේටර් ෆ්ලෂ් තියෙනවා කඩේ ගන්න.. හැබැයි රේඩියේටර් එකේ කෝර් එක හොඳ නැත්තම් ෆ්ලෂ් එක දාල දුවවද්දී කෝර් එක හිල්වෙන්න ඉඩ තියෙනවා.. ඒ හින්ද අලුතෙන් දාන්න හෝ රෙපෙයාර් කරන්න බලාගෙනම ෆ්ලෂ් එක දාන්න.. තියන මලක්ද ඉවරයක් වෙන්නම සුද්ද කරලා දාපු ෆ්ලෂ් එකත් 100% ක් ම ලයින් එකේ නැහැ කියල තහවුරු කරගෙන කූලන්ට් දාන්න වැඩේ ඉවර වෙලා. ෆ්ලෂ් එක ඉතුරු උනොත් දිගටම ලයින් එක කැපෙනවා වාහනේ දුවද්දී..

    මේ වීඩියෝ දෙක බලන්න.. යුටියුබ් එකේ තියෙනවා තව වීඩියෝ.. ඒවත් ටිකක් බලන්න..

    මේ දවස් ටිකේ ලිමිට් පැනල නිසා හරිම කට්ටක් කන්නෙ. දැනුත් 4n එකෙන් ඉන්නෙ. හැබැයි පොලයියේ අර ඔයා එව්ව වීඩියෝ වල වගේ බුබුලු දාන්නෙ නෑ පොඩ්ඩක් වත්. ලෙවල් එක ගානට තියෙනවා. රේස් කලොත් උතුරල යනවා. එකම බුබුලක් වත් එන්නෙ නැහැ. ඒ කියන්නෙ ගෑස්කට් බේරිලා කියන එකද.. ඔය ෆ්ලශ් කරන ඒවගේ ගනන් මිනුන්, නම් ගම් හොයාගෙන බලන්නන්කො මන්. ඕකෙ එන්ජින් එකේ වතුර යන ලයින් එකට හෝස් එකකින් වගේ වතුර යවලා, අනිත් පැත්තෙන් ගලන් යන විදියට කලොත් හරි යන්නෙ නැද්.. එන්ජින් ස්ටාට් කරන්නෙ නැතුව ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දවස් ටිකේ ලිමිට් පැනල නිසා හරිම කට්ටක් කන්නෙ. දැනුත් 4n එකෙන් ඉන්නෙ. හැබැයි පොලයියේ අර ඔයා එව්ව වීඩියෝ වල වගේ බුබුලු දාන්නෙ නෑ පොඩ්ඩක් වත්. ලෙවල් එක ගානට තියෙනවා. රේස් කලොත් උතුරල යනවා. එකම බුබුලක් වත් එන්නෙ නැහැ. ඒ කියන්නෙ ගෑස්කට් බේරිලා කියන එකද.. ඔය ෆ්ලශ් කරන ඒවගේ ගනන් මිනුන්, නම් ගම් හොයාගෙන බලන්නන්කො මන්. ඕකෙ එන්ජින් එකේ වතුර යන ලයින් එකට හෝස් එකකින් වගේ වතුර යවලා, අනිත් පැත්තෙන් ගලන් යන විදියට කලොත් හරි යන්නෙ නැද්.. එන්ජින් ස්ටාට් කරන්නෙ නැතුව ..

    එහෙම බුබුළු දාන්නේ නැත්තම් ගෑස්කට් එක බේරිලා ඇති.. ෆ්ලෂ් එක වැඩි ගානක් වෙන්නේ නැහැ.. පොඩි බෝතලයක් එන්නේ.. වාහන පාර්ට්ස් තියන කඩවල තියෙනවා.. වාහනේ ස්ටාර්ට් කරන්නේ නැතුව ඔයා කියන විදිහට කරලා වැඩක් නැහැ.. වාහනේ ස්ටාර්ට් එකේ තියල තමයි උඩ හෝර්ස් එකෙන් වතුර දාල යට එකෙන් යවන්න ඕන.. හීට් එක ගැන ඇහැ ගහගෙන කරන්න ඕන වැඩක්.. තර්මොස්ටට් එක බලවන්න අනිවාර්යෙන්.. මලකඩ තිබ්බ නිසා බොහෝදුරට හිර වෙලා ඇති..
     
    වතුර වැඩේ කරන්න පුලුවන් නම් හොදයි කවුරුත් හිටිය නම්. තනියෙන් මලාට කරන්න නරකයි. අනික හෙන වතුර පාරක් යවන්නත් එපයි. පොඩි හෝස් කෑල්ලෙන් එන වතුර පාරකින් එන්ජිම නිවන්න බෑ නෙහ්. හෙට ගියාම තර්මස්ටැට් එක බලන්නන්. ඔක්කොටම කලින් ඒක තියෙනවාද කියල බලන්න ඕන. නොතිබ්බොත් කෑල්ලක් හයි කරන්න ඕන නෙහ්. ඒකක් කීයක් විතර වෙනවාද. තියෙනවා නම් සුද්ද කරල බලල නැවත හයි කරන්න පුලුවන් නෙහ්. අර ෆ්ලශ් කරන එක රෙඩියෙටර් එකට හලල ස්ටාට් කරල තියන්න වගේද තියෙන්නෙ.. මට පොල් අයියගෙන් තව දෙයක් දැන ගන්න ඕන. මේකෙ හීටර් ගේජ් එක හරියට වැඩ ද කියල බලා ගන්නත් විදියක් කියනවද.. කොහොමද ඒක කරන්නෙ.. ඒකෙ අවුල් මුකුත් තියෙනවද කියල බලා ගන්නත් ඕන. කෝකටත් හොදයි නෙහ් ඒක.
     
    යතුර ඔන් කරලා හීටර් සෙන්සර් එකේ වයර් එක එන්ජිමට earth කරලා බලන්න ගේජ් එක කොනටම දුවනවද කියල..

    තර්මොස්ටට් එකනම් නොදැම්මා කියල ලොකුම අවුලක් නැහැ . ඒ හින්ද ඒක හොඳ තත්වේ නැත්තම් අයින් කරලා දාන්න..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    යතුර ඔන් කරලා හීටර් සෙන්සර් එකේ වයර් එක එන්ජිමට earth කරලා බලන්න ගේජ් එක කොනටම දුවනවද කියල..

    තර්මොස්ටට් එකනම් නොදැම්මා කියල ලොකුම අවුලක් නැහැ . ඒ හින්ද ඒක හොඳ තත්වේ නැත්තම් අයින් කරලා දාන්න..

    නිකම් වයර් එක අරන් එන්ජිමෙ කොහෙ හරි ගෑව නම් හරි නෙහ්. බලන්න ඕන සීන් එක කොරල.
    තර්මස්ටැට් එක එන්ජිමට ඕන කියනව නේද ඒ උනාට. එනජිමේ උශ්නත්වය වැඩි වෙනක්ම් වතුර එන එක නවත්තන් ඉන්නෙ ඒකෙන් නිසා. ඒක නැති උනා කියල අවුලක් නැද්ද ඉතින්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකම් වයර් එක අරන් එන්ජිමෙ කොහෙ හරි ගෑව නම් හරි නෙහ්. බලන්න ඕන සීන් එක කොරල.
    තර්මස්ටැට් එක එන්ජිමට ඕන කියනව නේද ඒ උනාට. එනජිමේ උශ්නත්වය වැඩි වෙනක්ම් වතුර එන එක නවත්තන් ඉන්නෙ ඒකෙන් නිසා. ඒක නැති උනා කියල අවුලක් නැද්ද ඉතින්..

    ඔව් නිකම් වයර් එක අරන් එන්ජිමේ ගාවන්න..

    ලංකාව වගේ රස්නේ රටක තර්මොස්ටට් එක වැඩකරන්නේ උදේ ස්ටාර්ට් කරාම විතරයි... නුවර එලිය වගේ පළාත් වලදී ටිකක් පාවිච්චි වෙනවා.. වියදම් කරන එක අවුලක් නැත්තම් දාන එක තමයි හොඳ.. අවම මුදලක් යොදවනවානම් පස්සේ මුදල් තියන වෙලාවක දැම්මත් ඇති..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔව් නිකම් වයර් එක අරන් එන්ජිමේ ගාවන්න..

    ලංකාව වගේ රස්නේ රටක තර්මොස්ටට් එක වැඩකරන්නේ උදේ ස්ටාර්ට් කරාම විතරයි... නුවර එලිය වගේ පළාත් වලදී ටිකක් පාවිච්චි වෙනවා.. වියදම් කරන එක අවුලක් නැත්තම් දාන එක තමයි හොඳ.. අවම මුදලක් යොදවනවානම් පස්සේ මුදල් තියන වෙලාවක දැම්මත් ඇති..

    මීටරෙ පිච්චෙන එකක් නෑ නේද.. මේක ඩීසල් ඔටෝ ගියර් නිසා උදේට හෙන කට්ටක්. ලෑල්ලට පාගන් යන සිරිතක් නෑ නෙහ් රත් වෙන්න කියල. එතකොට වාහනෙ පව්. මාත් හෙට යනව පොලයියේ තත්වෙ බලන්න. වාහනෙ අරන් හිමින් සැරෙ යන්නන් වැඩිය රත් නොවෙන්න. කොහොමත් reconditioned radiator එකක් දාන්න ගියොත් නම් 20ක් වත් වේවි අඩුම. හදන්න යන ගානත් එක්ක බලලා ඉවර වෙලා දෙකෙන් සාදාරන විදියට කර ගන්නයි අදහස. ඔය කෑල්ලක ගානත් නිකමට අහල බලන්න ඕන. බොහොම ස්තුතියි පොලයියේ. කටුවක් උනත්, අලුතින් ඉගෙන ගත්ත දේ බොහොමයි. ගොඩක් පින්. හෙට ගිහින් බලල තත්ත්වය කියන්නම්කො.
     
    Last edited:
    Status
    Not open for further replies.