තැන්කූ පොලයියේ..ඔටෝ කූලර් එක ලගින් ලීක් වෙනවනම් හරියටම බලන්න ඕන ඔයිල් කූලර් එකේ බටේ හයිවෙන කනෙක්ටර් එක ගාවින් අයිනෙන්ද ලීක් වෙන්නේ කියල.. බොහෝ දුරට යට ටැංකිය ඔයිල් කූලර් එක ගාවින් පුපුරලා වෙන්න ඕන.. ඉස්සෙල්ලම ලයිට් එකක් අරගෙන වාහනේ යටට ගිහින් වතුර යන තැන හොඳට පිහදාල හොඳින් විපරමෙන් බලන්න හරියටම වතුර යන්නේ කොතනින්ද කියල..
ඔය වතුර බෝතලේ රේඩියේටර් කටට තියනකොට තොදකරලා අල්ලගන්න ඕන කටින් වතුර ලීක් නැතිවෙන්න.. දැන් ඔය බුබුළු දාන එකට හේතුව හරියට කියන්න බැහැ බෝතලේ හොලවන නිසා.. මොකද වතුර බෝතලේට හුලන් බෝල එන්නේ බෝතලේ කට හෙලවෙන නිසා වෙන්නත් පුළුවනි.. යටින් ලීක් එකත් තියන නිසා එතනින් හුලන් අදිනවා වෙන්නත් පුළුවනි යට ටැංකියේ සක්ෂන් එක නිසා.. ලීක් එක හොයාගන්නේ නැතුව එතන හදන්නේ නැතුව වාහනේ දුවන්න එපා.. ඩීසල් එකක් නිසා ගෑස්කට් එක යන්න පුළුවනි..


ඕකා අද හවසත් ඕකේ කොහෙද යන ගමන් කිව්වා..


වතුර දමමින් හෙමින් හෙමින් යනවා කිව්වේ..
කියන්න ඕනි බුවාට..

