කිසි අවුලක් නෑ..
ඒ උනාට අපේ කට්ටිය හිතන් ඉන්නේ පොත ඩුප්ලිකේට් උනාම අවුල් කියලා...
පොතේ ඩිටෙල්ස් හරි නම්, ඕනර් හරි නම්, කලින් ඉන්ෂුවරන්ස් කම්පනියක (First Owner නම් එකත් අවුලක් නෑ..) නමට තිබිල නැත්තන් අවුලක් නෑ..
පොත ඩුප්ලිකේට් උනාම මාකට් නෑ කියලා ටොපියක් දීලනේ තියෙන්නේ අපෙ කට්ටියට කන්න..
අන්න ඒ නිසා දෙන්න ගියාම අමාරුයි..
අපිට නම් අදාලම නෑ..
ගොඩක් ගවර්මන්ට් ඔක්ෂන් වලින් ගන්න වාහන වල පොත Duplicate... (Thanks to superb Document storage facilities in government dept.)
එහෙමයි කියල ඒවාගේ පොත තියපු Cruiser, Defender, Patrol, Trooper, Pajero අඩුවට දෙනවද... නෑනේ...
අවුල්ම නම් RMV එකෙන් කොපි එකක් අරන් බලන්න පුළුවන් ඩුප්ලිකේට් කොපි එකෙයි, අන්තිම කොපි එකෙයි අංක සමානද කියල.. සමානයි නම් අවුලක් නැත.
වෙනස් නම් RMV එකේ එකෙක්ට කීයක් හරි දීල වාහනේ File එක චෙක් කරව ගන්න.. පොලිස් රිපෝර්ට් එකක් තියෙනවද කියලා..
පොත ඩුප්ලිකේට් උනාම තියෙන එකම අවුල One day Transfer දාගන්න එක.. වටේ යවනවා පොත ඩුප්ලිකේට් උනගමන්... One day දාන්නේ නැත්තන් ඒකත් අවුලක් නෑ..